Monday, April 21, 2014

ගොදුරක්වූ දඩයම්කරු නොහොත් වෘත්තීමය කැපවීම...

2014ක්වූ බක් මස 21වෙනිදා



ඒ, සිකුරාදා හවස එක්තරා පුද්ගලයෙක් ගාලු කො‍ටුවේ ඇවිදිමින් සිටියා. අපි ඔහුට සෙබ්කා කියමු. විශාල ගස් වලින් ආවරණය වෙලා තිබුණ ගාලු කො‍ටුව සෙබ්කාගේ හිත නොගත්තා කිව්වොත් බොරුවක් වගේම ඒ වෙලාවෙ ඔහු හිටියේ තනියමයි කිව්වොත් ඒකත් බොරුවක්. සිහිල් සුවය විඳිමින් සෙමින් සෙමින් ඇවිද ගිය සෙබ්කාගේ අවධානය අමුතු දසුනකට යොමු වුණා. මුලු ලෝකයම අමතක කරදමා සිය වෘත්තියෙහි, භාවනාවකට සමවැදුණු භාවනායෝගියෙක් සේ යෙදී සිටිය ඒ අපූරු තරුණයා සෙබ්කාගේ හිත ඒක්ෂණයෙන් පැහැර ගැනීමේ උපරිම ප්‍රතිඵලය වුණේ සෙබ්කාගේ අතේ තිබුණ කැමරාව "සට" "සට" අනුකරණයෙන් ක්‍රියාත්මක වීමයි. කැමරාව ක්‍රියාත්මක වෙමින් තිබූ ඒ නිමේෂයේම සෙබ්කාගේ මුවෙහි මද හසක් නැගුණා. ඒ, ගොදුරකට කුරුමානම් අල්ලමින් සිටින විලෝපීයෙකු මතට කඩා පනින තවත් විලෝපීයකුගේ දසුනක් ඔහුගේ මනසේ ඇඳී යාම නිසයි.







රාජකාරිය දේවකාරියකි.






මුළු ලොවම අමතක කර








සාර්ථකත්වය මනිමින්




O

O

O

O


O


O



මේ සියලු උත්සහයන් මේ සඳහාය. ඔහු සිය ගනුදෙනුකරුවනට සාධාරණයක් ඉෂ්ට කරන්නට ඇත්ද ?? 

                                                                                                                                                                 

Coming soon....

¥ සි ජීවිතයේ අවසාන නිමේෂයත් අන් අයගේ යහපත වෙනුවෙන්ම වැය කොට, අනතුර පෙනි පෙනීත් එයින් පලා නොගිය දුම්රිය රියදුරෙක්. 
¥ සිය ආත්මාර්ථකාමී පරමාර්ථයන් උදෙසාම වගකීමකින් තොරව ක්‍රියා කළ කාන්තාවක්. 
¥ සිය වෘත්තිය පිළිබඳ නිසි දැනුමකින් යුක්ත නොවූ තවත් දුම්රිය රියදුරෙක් සහ සහායකයෙක්. 
¥ සිදුවූ කිසිත් නොදැන සිය ජීවිත වලින් වන්දි ගෙවූ ජීවිත 56ක්....

සිනමා පටයක්ද ? ප්‍රබන්ධයක්ද ?  ප්‍රබන්ධ පරදන සත්‍ය කතාවක්ද ?

61 comments:

  1. හෑ...........................මොකක්ද මෙතන වෙන්න යන්නේ. ඉස්සරහට එන්න තියන හැඳින්වීම් ටික කියෙව්වට පස්සේ කුතුහලය බොහොම වැඩිවුනා. ඉකමනට දෙන්න අපිට කියවන්න.

    මට අහන්ඩවත් බැරිවුනා එදා කීයටද ආපහු ගෙදර ගියේ කියලා. අපේ උන්දෑ මගේ බෙල්ල කෑවා දවල්ට කන්ඩ නොදී යැව්වා කියලා.

    ReplyDelete
    Replies
    1. කුතුහලය ඔහොමම රඳවාගෙන සිටින්න.. යථාකාලයේදී සංසිදුවනු ලැබේ....

      ආ ඒක අවුලක් නෑ විචාරක මහතා. කොහොමත් කෑමට ඉන්න පුළුවන්කමක් තිබුනේ නෑනෙ ඒ වෙලාවෙ. එදා හවසම අපි ආවා. සංග්‍රහා වලට නැවතත් ස්තූති කළා කියලා විචාරක තුමියට කියන්න.

      Delete
  2. මේ වගේ දෙයක් කරද්දී ඉතින් ඔය වගේ හුඟක් දේවල් කරන්න වෙනවා.. ෆොටෝ ගන්නවා කියන එකත් ඉතින් ලේසි වැඩක් නෙමෙයි නේ..

    ReplyDelete
    Replies
    1. මමනම් ඔය ඔහොම එකෙක්ව දැක්කමයි.. ඒකයි මට ඒක විශේෂයක් වුනේ...

      Delete
  3. ලාවට ඉඟියක් දැනෙනවා නම් තමයි. බලමු හරි යයිද කියල. හරියටම අනුමාන කරන කෙනාට තෑගි නැද්ද සෙන්නෝ :)

    ReplyDelete
    Replies
    1. උඹ හිතන්නේ සෙන්න මේ දෙන්න යන්නේ සුපිරි බේගලයක්වත් කියලාද?හරියට උඹේ පන්නයේ වගේ...:D

      Delete
    2. චන්දන,

      අනුමානය වරදින්න තියන සම්භාවිතාව අති ඉහලයි.. :D

      @ මනෝජ්,
      බේගලයක් වුනානම් කොච්චර හොඳද... චන්දනට දැන් නම රෙජිස්ටර් නේද ?

      Delete
  4. දුම් රිය අනතුරක්! තම රැකියාව උදෙසා එතන සිටි තරුණයෙක්!! ඔහු අතවූ කැමරාවෙන් සියල්ල වාර්තාවෙන්නේ නොසිතූ විලසින්....සිත් සීතල කරවනා ජායාරූප සමූහයක්...සත්‍ය කතාවක්!!!

    දැන් කියමු බලන්ට කීවෙනි තෑග්ගද ලැබෙන්නේ කියලා....:D

    ReplyDelete
  5. පින්තූර දෙකක් බොඳ කරලා දාලද නැතිනම් ෆෝකස් වෙලා නැතුවද? අර කතාව කියවන්න සැදී පැහැදී ඉන්නෙ ඕං.

    ReplyDelete
    Replies
    1. ඒවා ඔටෝ බොඳ වෙලා. හැබැයි ඒක මගෙ වැඩේට අයිඩියල්... ටිකක් කල් යයි ඩූඩ්. ඉක්මනට දාන්නම්කෝ...

      Delete
  6. මේක කතාවට හොද ප්‍රෙව්ශයක් වේවි කියල හිතනවා.. දැං කවද්ද ඕක දාන්නේ...

    ReplyDelete
    Replies
    1. මේක කතාවටනම් කොහෙත්ම සම්බන්ධයක් නෑ.. ලියලා ඉවර වුනාම දාන්නම් ඈ.. :-)

      Delete
  7. ඒ කියන්නේ අපිට කට අරන් ටිකක් බලන් ඉන්න වෙනවා.:D
    හරි එහෙනම් බලමුකෝ..:)

    ReplyDelete
    Replies
    1. වහගෙන හිටියොත් ඉන්න බැරි වෙයිද ? :D

      Delete
  8. බොට වචනයක් වැරදිලා මනොජයෝ,''කටට අරන්'' කියල හදපන්.හෙහ් හෙහ් .

    ReplyDelete
    Replies
    1. කටට අරන් මොනවයි හැලපයියේ ඒ :D :D :D

      Delete
    2. මොනවද කියල මම දන්නෙ කොහොමෙයි උඹනෙ ලියැව්වේ,දන්නෙම නැත්නං අර ජෝඩුවගෙන් වත් අහගනින්.

      Delete
    3. ජෝඩුවගෙන් අහලා දැන ගන්නේ මක්කටයි සෙන්නයියාගෙන් අහලා බලමුකෝ ඒ මොනවයි කියලා.?:D

      Delete
    4. යකෝ මං දන්නෙ කොහොමද ? බොලාම කියලා දැන් කියනවා මගෙන් අහමුලු... මේ අහිංසක මාව අල්ලගන්න එපා ඕවට.. හරිය ! :D

      Delete
  9. ආ මේ ජෝඩුවක් නේද,කවද්ද ඉතුරු හරිය දාන්නෙ.

    ReplyDelete
    Replies
    1. ජෝඩුවක් තමා එයාගෙ ගොදුර... මේකෙනම් ඉතුරු ටිකක් නැත...

      Delete
  10. බලමු බලමු.
    දැං අර කැමරාකාරයගෙ ෆොටෝ ගන්න උගේ පස්සෙං හිටපු එකා කවුද?

    ReplyDelete
    Replies
    1. ඔය ලියලා තියෙන්නෙ සෙබ්කා කියලා... :D

      Delete
  11. අනේ මංද...
    ෆොටෝ ගන්න අය ඔහොම නිදාගෙන ගන්නවද පෙරලිල එහෙම...
    වෙන රටක නං ඇති ඒත් ලංකාවෙ

    ReplyDelete
    Replies
    1. ගාලු කොටුව තියෙන්නෙ ලංකාවෙනම්, ලංකාවෙත් එහෙම අය ඉන්නවා. මා ළඟ සාක්ෂි තිබේ...

      Delete
  12. සෙන්නා......උඹ ඡායාරූප සහිත ලොකු කතාවකට මුල පුරන්න වගේ යන්නේ.

    ReplyDelete
    Replies
    1. අනේ නෑ බන්.. උඹලා කමින් සූන්, දැන් පෙන්වනවා එක්ක පටලෝගෙන...

      Delete
  13. machan mail eka poddak ewapan
    m4n4ge@gmail.com

    ReplyDelete
  14. සෙන්නා මාමේ තෑග්ග එවන්ඩ. කියන්න යන්නේ මොකක්ද කියලා හොයාගත්තා.. මෙතන දැම්මොත් අනිත් අයගෙ කුතුහලේ නැතිවෙන හින්දා මේල් එකක් එව්වා..

    …දැන් අද පෝස්ටුවට කමෙන්ටුව. දැන් මනමාල ජෝඩු ඔය වගේ තැනින් තැන යනවනෙ පොටෝ ගහන්න. ඒ වගේම අර ප්‍රිශූට් කියලා විකාරයකුත් තියෙනවනෙ.. අනේ ඉතින් පොටෝ සාප්පු වල ඇත්තන්ට නම් හොඳයි ඉතින්.. එකම පොටෝ එකටත් පොටෝ සොප් වලින් වැඩ දාලා ලස්ස ගණන් ගන්නවනෙ.. මගේ යාළුවෙක්ගෙ යාලුවෙක් බැඳලා දැන් ළමයා ඉපදෙන්නත් ඔන්න මෙන්නලු.. ඌට තාම ඇල්බම් එකට ගෙවන්න ඕන ගාන හොයාගන්න බැරුව ඇල්බම් එක හම්බෙලා නෑ.. අයියෝ සල්ලි.. ඔය කොයි කොයි විදිහට හරවලා ගත්තත් එකම හරකයි එළදෙනයිනෙ.. :D

    ReplyDelete
    Replies
    1. අන්න එහෙමයි අනිත් අය ගැන හිතන මිනිස්සු කටයුතු කරන්නෙ.... :-)

      මගේ අවධානයට ලක්වුනේ ඔහුගේ තියන කැපවීම... අනිත් ඔක්කොම ඉතින් හරිම තමා.. අපේ ඇල්බමුත් ඔන්න ඔය ඇඳක් යට තියනවා මම මේ ළඟකදි දැක්කා... හෙහ් හෙහ්...

      Delete
  15. වෙඩින් ෆොටෝ වලින් වාර්තාකරණයට එහා ගිය කෘතීම රඟපෑමක් නිරුපනය්ය කරන එක දැන් කලාව උනාට එක ගැලපෙන්නේ නැහැ. මංගල දිනයේ හිතමිතුරන් සමග සතුට සමරලා මගුල් කන්න වත් වෙලාවක් නැහැ මේ රඟපෑම් නිසා.

    ReplyDelete
    Replies
    1. ඔය කියලා තියන ඔක්කොම ඇත්ත තමා... උඹ කොහෙද මකබෑවිලා හිටියේ.. ?

      Delete
    2. ///කෘතීම රඟපෑමක් නිරුපනය්ය කරන එක දැන් කලාව///

      ගන්ගාරාම වෙඩින් සෙන්න දෑකල ඈතිනෙ

      Delete
    3. හපොයි ඔව් මම දිනපතා දකිනවා. අදත් දැක්කා...

      Delete
  16. මරු ෆොටෝ ගැහිල්ල... සෙබ්කා නිකන් සෙන්නා වගේ ගතියක් දැනෙන්නේ මොකද.. :)

    ReplyDelete
    Replies
    1. ඔය පොඩි පොඩියට දැනෙන ගති ගනන් ගන්න එපා පැතුම්.. :)

      Delete
  17. අප්පට සිරි සෙන්නා කමිං කෑල්ලකුත් එල්ලලා...ඒ කථා ටික ලගදිම ලියවෙයි නේද..

    ReplyDelete
    Replies
    1. ළඟදිම දෙනවා.. මේක මේ කම්මැලිකම පරද්දන්න ගහපු පොඩි ගැටයක්...

      Delete
  18. කැමරාකරු විසින් අධ්‍යක්ෂණය කරන චිත්රපටයක් තමයි වෙඩින් කියන්නේ. එයාලගේ ශිල්පෙ පෙන්වන්න අර මිනිස්සුන්ගේ සල්ලියි, වෙලාවයි කනවා. සාමාන්‍ය මිනිස්සුන්ට ෆොටෝ වල ඉහල තාක්ෂණික අංගයන් වැදගත් නෑ කියලා එයාලා දන්නේ නෑ. දන්නා වැඩ ටික ඔක්කොම එක පාර දානවා.

    බලාගෙන ඉමු සෙන්නා මොකටද එන්න හදන්නේ කියල.

    ReplyDelete
    Replies
    1. ආ 50ට සුබ පැතුම් !!!

      Delete
    2. අමරසිරි කළංසූරියගේ පුතා දුමින්ද කියන කෙනා ඔවැනි ඡායාරූප ශිල්පියෙක්. ඔහු මෑතකදි කියා තිබුනා ඔය විකාරය ගැන. මනාලියන් අවසානයේ මේ තෙරපුම සහ විකාරය දරා ගන්න බැරුව හඬා වැටුනු අවස්තා දැකලා තියෙනවාලු.

      Delete
    3. ඕවානම් එහෙම තමා සුදීක. වැඩේ කියන්නේ ඕක එපා කියලා කොච්චර කිව්වත් කව් රුවත් අහන්නැති එකනෙ. කරලම ඉවරල වෙලා තමා කියන්නේ අපරාදේ කියලා. අපිත් එහෙමයි..

      50ට තව කල්තියනවා... :D

      @ අරූ,

      මමත් අහලා තියනවා ඔහොම කේස් එකක් ගැන..

      Delete
  19. කැපවීම උපරිමයිනේ :)

    ReplyDelete
    Replies
    1. වෙලාවකට හිතෙනවා වැඩිද මංදා කියලත්...

      Delete
  20. පෝස්ට් එක කියවලා ඊට පස්සේ කොමෙන්ට් ටික කියෙව්වම හිතාගෙන් හිටපු එක ටපලුනා ..දැන් කමින් සූන් ...දානකන් බලන් ඉන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. චුට්ටක් ඉවසලා ඉමුකො එහෙනම් ඉවාන් පවුලූෂා...

      Delete
  21. ඔහොම කැපවෙලා, පෙරලිලා, බඩගාලා ගත්තට උණුසුම නැතිවෙලා යද්දි ඔය ඇල්බම් අන්තිමට තියෙන්නෙ අර සෙන්නා කිව්ව වගේ කොහේ හරි ඇඳක පල්ලක හරි අල්මාරියක් අස්සෙ හරි නිතර දකින්න ලැබෙන්නෙ නැති තැනක තමයි...
    ෂහ්.. මරු coming soon එව්ව ටිකක් තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා ඕවා හදලා ඉතින් කොහෙ හරි මුල්ලක තියලා තියනවා.... :)

      බලන් ඉන්නකො එහෙනම් කමිං සූන් එනකම්....

      Delete
  22. අදයි ආවේ මේකතං මගෙත් ආසම පිස්සුව, පොාටෝග්‍රැපි, අම්මා බනිනවා මේක එක්ක ගමනක් ගියාම මේක ගන්නේ ගිය මිනිස්සු නෙවේ ගස් ගල් කියිලා :D, අදයි ආවේ මේ පැත්තට, අපූරු අඩවියක්, අපේ පැත්තෙත් ඇවිත් යන්න එන්න :D

    ReplyDelete
    Replies
    1. සොඳුරු මිනිසා හෙන පරණ මිනිසෙක් වුනාට මම කවදාවත් දැකලා තිබුන්නෑනෙ, මේ සිංහල බ්ලොග් අවකාශෙදි. ඒ පැත්තට ඔලුව දැම්මා. කියවන්න පස්සෙ එන්නම්. බ්ලොග් රෝලට දාගෙන එහෙම...

      Delete
  23. උන් දෙන්නට ඕනි දෙයක් නිදහසේ කොරගනින් කියල ඒ කොරන එව්වා ටිකක් ඔය විදියට බඩගාල හරි බුදියගෙන හරි ගත්තනම් ඉවරයිනේ. හරියට අර කැලේ සත්තු ගන්නවා වගේ උන්ට බාධා නොකර.

    "සි"යනු හතරකින් සැදුම්ලත් කතාන්ගයක්ද? කතාංග හතරක්ද? හතරක්නම් හතරවැන්න, කසාද බැඳ දරුවෙක් මල්ලෙක් හදාගත් පසුවවත් බැලීමට හැකියාවක් ඇත්ද යන්න කෙටියෙන් පැහැදිලි කර දෙනු මැන.

    හාප් සෙන්චූරියටත් මගේ මෙව්වා එක.

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම තමා කෙරෙන්න කෙරෙන්න ඕනා..

      අඩුම ගානේ දරුවෙක් මල්ලෙක්ටවත් කියවන්න හම්බෙයිනෙ.. ඒ මදෑ... :D

      හාප් සෙන්චුරියට තව කල් තිපේ... මෙව්වා එකට ඉස්තූතිය..

      Delete
  24. සෙබ්කා සහ සෙන්න දෙදෙනෙකු නොවේ . ..
    අහ් ලිපි 50ක් ලියලා කියලා දැක්කා . . සුභ පැතුම් හොඳේ . .
    "ඔහු සිය ගනුදෙනුකරුවනට සාධාරණයක් ඉෂ්ට කරන්නට ඇත්ද?"
    ඔහුගේ උත්සාහය නම් හරිම අගෙයි ඒත් එකේ පලයක් තියෙනවද කියලා කියන්න පුලුවන් වෙන්නේ නම් අර ජෝඩුවට විතරයි මහිතේ . .

    ReplyDelete
  25. << සෙබ්කා සහ සෙන්න දෙදෙනෙකු නොවේ . .. >> :D

    තාම ලිපි 50ක් නෑ දුකා, පෝස්ට් 50ක්නම් ඇති... පෝස්ට් ගාන ගැන මගේ එච්චර තැකීමක් නෑ.. ලිපි 50නම් හීනියට සමරන්න ඕනා කියලා හිතෙනවා..

    ඒක ඇත්ත. ඔය බිම පෙරලිලා, මඩ නාගෙන ගත්තත් ඕන්නම් අවුරුද්දයි, වැඩිම වුනොත් දෙකයි.. ඊට පස්සේ කොහේ හරි මුල්ලක තමා නේද ?

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත බන් . . ඊට පස්සේ ඕක දැක්කාමත් මල පනිනවා මොකට එච්චර වියදම් කලාද කියලා හිකිස්

      Delete
  26. අපේ එක්කෙනත් ඔහොමයි ෆොටෝ ගන්නේ...හැබැයි මල්වලයි කෘමින්ගෙයි තමයි ෆොටෝ ගන්නේ...

    අර කමින් සූන් එක කමින් සූන් වෙනවනම් බොහොම හොඳයි...

    ReplyDelete
    Replies
    1. කමින් සූන් යථාර්තයක් කරන්න වෙහෙසෙමින්.....

      ඇත්තටම කමින් සූන් එකක් දාන එක බ්ලොග් කම්මැලිකම කඩාගන්න හොඳ බේතක් කියලා මට වැටහුනා ඕන්...කට්ටිය බලන් ඉන්නවා කියන හැගීම ලියන්න උත්තේජනයක් සපයනවා.. මේක හොඳ බේතක් වගේ...

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog