Saturday, January 7, 2012

" Los - 33 " හෙවත් පණපිටින් මිහිදන් වූ 33 න් දෙනාගේ කතාව....


දුරුතු 07, 2012 / ශනිදා



මොහොතක් සිතන්න...සුළු මොහොතකට, ඔබව පණ පිටින් වැළලී ඇතැයි සිතන්න.. නැවත කිසිදා ගැලවිය නොහැකි ලෙස, පණ පිටින් වැළලී ඇතැයි සිතන්න. බාහිර ලෝකය සමඟ පැවති සියළු සබඳතා බිඳ දමමින්, අදුරු බිම් ගෙයක් තුල, යලි කිසිදා හිරු එළිය නොදකින ලෙස, කිසිඳු ගැලවීමක් නොමැති ලෙස වැළලී ඇතැයි සිතන්න. තව මොහොතකින්, දිනකින් හෝ දෙකකින්.. හුස්ම ගැනීමට නොහැකිව, ආහාර ජලය නොමැතිව, හාමතේ, පිපාසාවෙන්, හුස්ම හිරවීමෙන් හිමිවන ඒ වේදනා බර මරණය..... දැනුනාද ඔබට ? එසේනම්, එයට සැබැවින්ම මුහුණ දුන් ඔවුන්, එය කෙසේ අත්විඳින්නට ඇත්ද ? ඔවුන්ගේ සිතුවිලි කෙසේ වන්නට ඇත්ද ?

ක්ෂණිකව ලබන මරණය මෙන් නොව තව මොහොතකින් මැරෙණවා යැයි දැනෙමින් ලබන මරණයේ වේදනාව කෙතරම්ද ? පීඩාව කෙතරම්ද ?

ඒ මරණය ඔවුන්ට හිමිද ?

ඔවුන් ඒ මරණයෙන් ගැලවේද ?

Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ 

ඒ 2010 අගෝස්තු 05 වනදා, සුපුරුදු දොරට තට්ටු කිරීම ඇසෙන විට, Lilianett Ramirez මහත්මිය විසින් වෙනදා ලෙසින්ම සිය සැමියා වූ Mario Gomez සඳහා රාත්‍රී ආහාරය පිළියල කරමින් සිටියාය. ඇය විසින් දොර හැරියේ සිය සැමියා පිළිගැනීමට වුවද, දොර අසල සිටගන සිටියේ ඇය හොඳින් හඳුනන, පතලෙහි කලමණාකාරවරයෙකි. 

" ලිලී මහත්මිය, පතලේ පොඩි අනතුරක් වෙලා තියනවා, හැබැයි කලබල වෙන්ඩ දෙයක් නැහැ, අපි අදාල යන්ත්‍ර සූත්‍ර ඔක්කොම ගෙනත් තියෙන්නේ, හෙට උදේ වෙනකොට ඒ ගොල්ලන්ව බේර ගන්ඩ පුළුවන් "

පතලේ සිරවූ අය අතරින්, වයසින් වැඩිම තැනත්තා වූ 63 හැවිරිදි Mario Gomez ගේ බිරිඳ වූ Lilianett Ramirez සිද්ධිය දැනගනු ලබන්නේ මේ ආකාරයටය.

Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ 

දිනය : 2010 අගෝස්තු 05
වේලාව : ප.ව. 02.00 යි
ස්ථානය : චිලී හී, Mina San José  තඹ හා රන් ආකරය.

Mina San José  පතල         
එම භයානක පිපිරුම් හඬ ඇසෙන විට, පතලේ ට්‍රක් රථ රියදුරකු වූ 57 හැවිරිදි Villegas සිය ට්‍රක් රථයට පතලින් කඩාගත් ගල් කැබලි පටවා අවසන් කරමින් සිටියේය. පතල් කම්කරුවනට එවැනි පිපිරුම් ශබ්ධ අරුමයක් නොවන හෙයින්, ඒ මොහොතේදී ඔහු ඒ ගැන එතරම් තැකීමක් නොකළේය.

තම කාර්යය අවසන් කළ Villegas සිය රථයද සමගින්, වලයාකාර, බෑවුම් මාර්ගය ඔස්සේ ඉහලට ගමන් කරමින් සිටින අතර තුර, සිය සහෝදර කම්කරුවන් දෙදෙනෙකු වන, Frank Lobos හා Mario Gomez පතලේ පහලට ගමන් කරමින් සිටිනු දුටු අතර, ඔහු විසින් තමන් විසින් අසන්නට යෙදුන ශබ්දය පිළිබඳව ඔවුන්ව දැනුවත් කළද, ඔවුන් දිගටම පහලට ගමන් කොට අඳුරේ නොපෙනී ගියහ.

පතලේ විවරයට ආසන්නවන විටම, පසු පසින් පැමිණි දැවන්ත දූලි වලාවක් විසින් Villegas ව වසා ගත් අතර, සියල්ල නොපෙනී ගියේය.

" ඩයිනමයිට් පිපුරුමකදී ඇතිවනාකාරයේ කම්පන තරංග මට දැනුනා. රථයේ එන්ජිමද නතර වීමට ආසන්න වූවා " පසුව සිය මතකය අවදි කරමින් Villegas පවසා සිටියේය.

හැකි උපරිම වේගයෙන් පතලෙන් පිට වූ  Villegas ආපසු හැරී බලන විට දුටුවේ, ගිනිකන්දක් පිපිරීමෙදී ඇතිවනාකාරයේ මහා දූලි වලාවක් අහසට නැගෙමින් තිබෙන අයුරුය.. ඒ අවාසනාවන්ත ඉරණමට ගොදුරු නොවී, පතලෙන් පැනගත් අවසන් කම්කරුවා වූයේ Villegas ය.

පතලට පිවිසෙන එකම පිවිසුම් මාර්ගය වූ, වලයාකාර, බෑවුම් මාර්ගයේ මගකින් ඇතිවූ කඩා වැටීමක් හේතු කොටගෙන, පතලලේ පිවිසුම් මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා තිබුනේ, පතලට වාතාශ්‍රය ගෙනයන පද්ධතියද අහුරා දමමින් හා පතල් කම්කරුවන් 33 දෙනෙකු පතල තුල සිරකර දමමිනි.

Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ 

උණුසුම්, හිරකරවන සුළු, අපිරිසිදු කුඩා කාමරයක් තුල, දහදිය, දූවිලි සහ තෙල් ගතියද සමඟින්, නෑමට, සේදීමට හෝ නිසි සනීපාරක්ෂක පහසුකම් නොමැතිව, කුසගින්දරින් සහ පිපාසයෙන් දැවෙමින්, බාහිර ලෝකයෙන් උදව් ලැබුනොත් මිස, ගැලවීමක් නොමැති බව දැන දැන, එසේ භාහිර ලෝකයාට තමාව ගලවා ගැනීමට හැකිවේදෝයි නොදැන, තවත් 32 නෙක් සමඟ සිරවී සිටීමේ අත්දැකීමක් ඔබට සිහියට නගා ගත හැකිද ?

Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ 

Mina San José තඹ හා රන් ආකරය පිහිටා ඇත්තේ දකුණු ඇමෙරිකාවේ චිලි හී, කොපියාපෝ නගරයට කි.මි. 45 පමන උතුරට වන්නට වූ, Atacama කාන්තාරයේය. මෙම පතල කරවනු ලබන්නේ, අනාරක්ෂිතව පතල් හෑරීම පිලිබඳ අපකීර්තිමත් ඉතිහාසයක් ඇති Compañía Minera San Esteban හෙවත් CMSE සමාගම විසිනි. මෙම පතලෙහි මීට පෙරද නිසි ආරක්ක විධිවිධාන පිළිනොපැදීම හේතුකොටගෙන අනතුරු හා මරණ වාර්තා වී තිබුනි. පසුගිය වසර 12 ඇතුලත, නිසි ආරක්ෂක විධිවිධාන නොපිළිපැදීම හා උල්ලංඝනය  හේතුකොටගෙන, මෙම පතලේ පුද්ගල මරණ 08 ක් වාර්තා වී ඇති අතර, 42 වතාවක් දඩ නියම වී ඇත.

2007 දී සිදුවූ, අනතුරක් හා මරණයක් හේතුකොටගෙන පතල තාවකාලිකව වසා දමන අතර 2008 නැවත ඇරඹුවද, ආරක්ෂක විදිවිධාන කෙරෙහි සමාගම විසින් එතරම් සැලකිල්ලක් නොදක්වනු ලබයි. 


මෙම තත්ත්වය නිසාම, මෙම පත්ලෙහි ගෙවීම්, කලාපයේ අනිකුත් පතල් වලට වඩා ඉහල මට්ටමක පවතින අතර, කම්කරුවන් ජීවිත අවදානම දරමින් ඉහල වැටුපට ආකර්ශණය වන බවක් පෙනෙන්නට තිබේ.


පතලෙහි කඩාවැටීම සිදුවන විට කණ්ඩායම් දෙකක් එහි සේවය කරමින් සිටි අතර, පිවිසුම ආසන්නයේ සේවය කරමින් සිටි කණ්ඩායම, කිසිදු අනතුරකින් තොරව වහා ඉවත් වීමට හැකි වූවද, පහල කොටසේ සේවය කරමින් සිටි 33 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට ඒ වාසනාව හිමි නොවුනි. ඔවුන් ඉතා අවාසනාවන්ත ලෙස, භාහිර ලෝකය සමඟ තිබූ සියලු සබඳතා සිදීයමින් මීටර 700 පමණ ගැඹුරෙහි කිසිඳු හව්හරණයක් නොමැතිව සිරවී ගියහ.

පතලෙහි සිරවූ 33 දෙනා, මුලින්ම පතලට වාතාශ්‍රය ගෙනයන පද්ධතිය මගින් ගැලවීමට උත්සහා කලද, ඒ සඳහා අවශ්‍යය වන හිනිමං සවි කොට නොතිබූ හෙයින් එම අදහස අත් හැර දැමීමට සිදුවිය. 2007 දී සිදුවූ අනතුරින් පසු වසා දමා තිබූ පතල නැවත ආරම්භ කිරීමේදී මෙම ආරක්ශක ක්‍රියාමාර්ග ගත යුතුව තිබුනද, ඉහත සඳහන් වූ පරිදි, පත්ලෙහි හිමිකරුවන් ඒ ගැන එතරම් අවධානයක් යොමුකල බවක් දක්නට නොතිබුනි. කෙසේ වෙතත් එම මාර්ගයද සම්පූර්ණයෙන්ම වැසී ගොස් තිබුන බැවින්, නිසි උපාංග තිබුනද, ඔවුනට එම මාර්ගය සිය නිදහස වෙනුවෙන් බාවිතා කළ නොහැකි තත්ත්වයක් විය. බාහිරින් උදව් ලැබුනොත් මිස තමන්ට මෙයින් ගැලවීමක් නොමැති බව සියල්ලන්ටම සක් සුදක් සේ පැහැදිලි කාරණයක් විය.

තමන් මුහුණදී සිටින තත්ත්වයෙහි බරපතල කම වටහා ගත්, 54 හැවිරිදි වැඩ පරීක්ෂක Luis Urzua, 33 දෙනාගෙන් යුතු කණ්ඩායම, පතලෙහි ගලවා ගැනීමේ කුටීරය ( Mine rescue chamber ) වෙතට යොමු කරවන ලදී. මෙතැන් පටන්, Luis Urzua ට කණ්ඩායමේ නායකයා වශයෙන් පිළිගැනීමක් ඇතිවන අතර, අනෙකුත් සගයන්, ඔහුගේ නියමයන් පිළිපැදීමට නිරායාසයෙන් යොමුවිය. කණ්ඩායම මනා ලෙස සංවිධානය කරණු ලබන Luis Urzua  පවතින සීමිත සම්පත් බාවිතා කරමින්, භාහිර ලෝකයෙන් උදව් ලැබෙන තෙක් සියළු දෙනාගේම ජීවිත රැකෙන පරිධි ඒවා භාවිතා කරන ආකාරයද සැලසුම් කරන ලදී. මෙහිදී, සියලුම කම්කරුවන් තම රැකියාවෙහි පවතින මෙම අවධානම් ස්වභාවය මනා ලෙස අවබෝධ කොටගෙන සිටීම, කටයුතු සැළසුම් කිරීමට Luis Urzua ට මනා පහසුවක් විය. එසේ නොවන්නට තත්ත්වය වඩාත් බැරෑරුම් වීමට ඉඩ තිබුනි.

එකව වැඩකිරීම් මිස වෙනයම් විකල්පයක් මේ මර උගුලෙන් ගැලවීම්ට නොමැති බව අවබෝධ කොටගත් සියල්ලෝ, එකාවන්ව, අප්‍රමාණ කැපකිරීම වලින් යුතුව කටයුතු කරන්නට වූහ. කුඩා කණ්ඩායම් වශයෙන්, ගැලවීමේ අන් මගක් ඇත්දයි නිරන්තරවම ගවේශනය කල අතර සමහරු පතලේ කල කැනීම් මගින් වතුර ලබා ගැනීමට කටයුතු කරන ලදී. පවත්නා සීමිත ආහාර ප්‍රමාණය, දිගුකාලයක් ජීවිත රැකගැනීමට අවශ්‍ය අයුරින් බාවිතා කිරීම අත්‍යාවශ්‍යය විය. ඔවුන්ගේ අහාරය වූයේ දින දෙකකට වරක් ගනු ලැබූ, ටූනා හැඳි දෙකක ප්‍රමාණයක්, බිස්කට් එකක් හා පුංචි කිරි කෝප්පයක් පමණක් විය.

මෙහිදී ඔවුන්ට තාවකාලිකව සිය ජීවිත රැක ගැනීමට ඉවහල් වූ ස්වාභාවික කාරනා කිහිපයක්ද විය. ගල් අඟුරු පතල් වල මෙන් නොව, තඹ හා රන් ආකර වල මීතෙන් වායුව නොනිපදවෙන අතර විශාල අම්ලකර වායු කුහරද වේ. මෙම තත්ත්වය පතල තුල සිරවූවකුට ජීවිතය රැක ගැනීමට මහෝපකාරී වේ. එසේම ගල් අඟුරු පතල් මෙන් නොව තඹ හා රන් ආකර තෙත් ගතියකින් යුක්ත වන අතර, පානීය ජලය සපයා ගැනීමට එය ඉවහල් වේ. කෙසේ නමුත් මෙලෙස ජීවිතය රැක ගත හැක්කේ ඉතා සීමිත කාලයකට පමණක් වන අතර, පිටවීමට මගක් හමු නොවුනහොත් පතල තුලම මිය යාමට සිදුවීම ඒකාන්තය.

මානසික ශක්තිය පවත්වා ගැනීමද අත්‍යවශ්‍යය කාරණයක් විය. කණ්ඩායමේ බහුතරයක් කතොලිකයන් වූ අතර, Mario Gómez හා José Henríquez  එක්ව තාවකාලික දේවස්ථානයක් සදා යාඤ්ඥා මෙහෙයවල් පවත්වන්නට යෙදුනි. පොදු මිනිස් ගතිය ඉස්මතු වෙමින්, මෙහෙදී සියළු දෙනාම මුළු හදින්ම තම ගැලවීම උදෙසා දෙවියන් යදින්නට විය.

මේ සියල්ලෙන් ඔවුන් බලාපොරොත්තු වූයේ, බාහිරින් උදව් පැමිණෙන තුරු ජීවිතය පවත්වා ගැනීමය. ශාරීරික හා මානසික සුවය පවත්වා ගැනීමය.

නමුත් දවසින් දවස ගෙවෙන විට, බලාපොරොත්තුද කෙමින් සිදී යන තත්ත්වයක් ඇතිවෙමින් පැවතුනි. පැය දින වලට පෙරලුනි, දිනයෙන් දිනය ගෙවෙමින් කාලය ගෙවීගියද බලාපොරොත්තුවේ සංඥාවක් හෝ නොලැබුනි..

2010 අගෝස්තු 22 වන දින අළුයම, හරියටම පතල කඩා වැටුනු දිනෙන් දින 17කට පසු, ඒ මිහිරි ශබ්ධය ඔවුන්ගේ කන වැකුනි.

Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ 
පණිවිඩය කන වැටුනු සැනින්, බොහොමයක් ගැහැණුන් මෙන් සිහිසුන්ව ඇද නොවැටුන ලිලි මහත්මිය, තමාට වහාම එම ස්ථානයට යායුතු බව, කළමණාකාරවරයාට තදින්ම දන්වා සිටියාය. ඔහු කෙතරම් විරුද්ධ වුවද, ඔහුට නොවේ ඇයගේ මතය වෙනස් කල හැකි වූයේ. ඇය තමා පතල් කම්කරුවකුට ඔබින ගහැණියක් බව කදිමට පෙන්වා සිටියාය.

ලිලී මහත්මිය ඇතුලු, සිරවූ කම්කරුවන්ගේ පවුල්වල උදවිය, ආරංචි ලැබෙන පිළිවෙල අනුව, පතල කරා රොක් වන්නට විය.

අනතුර සිදුවන විට ඉක්වදෝරයේ සංචාරයක නිරතවෙමින් සිටි චිලි හී පතල් හා කැනීම් කටයුතු බාර අමාත්‍ය වරයා, වහා සිය සංචාරය අවලංගු කොට, අදාල ස්ථානයට ලඟා විය. ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා ඇටකාමා ප්‍රදේශයේ, විශේෂ ගලවා ගැනීමේ කණ්ඩායමක් කැඳවූ අතර රාත්‍රී 9.00 ට පමණ ඔවුන් පතලට ඇතුළු විය. පසුදින උදයේ ඔවුන් දහදියෙන් නෑවී, හිස් අතින් පතලෙන් පිට වූයේ, කිසිඳු සාර්ථකත්වයක් ලබා නොගමිනි.

මේ වන විට, කම්කරුවන්ගේ ඥාතීන් සහ මාධ්‍ය කරුවන්, ක්‍රමක්‍රමයෙන්, එම ස්ථානයට ලඟා වෙමින් සිටියේ පතලේ කලමණාකාරිත්වයෙන් තම හිතවතුන් ගැන ප්‍රශ්ණ කරමිනි. මේ අතර සහෝදර කම්කරුවන් පිරිසක්, සිය ජීවිතයද අවදානමට දමනින්, සිරවූ පිරිස බේරා ගැනීම සඳහා ස්වෙච්චාවෙන් ඉදිරිපත් වෙමින්ද සිටියහ.

ගලවා ගැනීමේ කණ්ඩායම විසින් ඇතුල්වීමට දරන දෙවන උත්සාහයද අසාර්ථක වීමෙන් පසු, චිලී රජය විසින් තමන්ගේම කැණීම් සමාගම ගලවාගැනීමේ මෙහෙයුම සඳහා යොදාගැනීමට තීරණය කරයි. ලොව විශාලතම තඹ නිපදවන්නා වන, චිලී රජයට අයත්, Codelco සමාගම ගලවා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වන්නේ එලෙසිනි. Codelco සමාගමේ අති දක්ෂ විශේෂඥයන් දෙදෙනෙකු වන Andre Sougarret හා Rene Aguilar, ගලවා ගැනීමේ කාර්යය සඳහා පූර්ණ කාලීන වශයෙන් අනුයුක්ත කෙරේ. ඇත්ත වශයෙන්ම කිවහොත් පතලේ සිරවී සිටි 33 දෙනාගේ ජීවිත රඳා පැවතියේ ඔවුන්ගේ දෑතේය.

Codelco සමාගමද, පතලෙහි ප්‍රධාන පිවිසුම හරහා සිරවී සිටි අය වෙත ලඟාවීමට සතිදෙකක කාලයක් පමණ උත්සහා කලද, සියළු උත්සාහයන් අත්හැර දැමීමට සිදුවන්නේ, තවදුරටත් පතලෙහි කඩාවැටීම් සිදුවන්නට වූ බැවිනි. ගලවා ගැනීමේ මෙහෙයුමට යොදා ගත් රථ වාහන හා ගිලන් රථ එම ස්ථානයෙන් පිටව යන්නේ, ඥාතීන්ගේ සිත් සතන් තුල ගිනි දැල් අව්ළුවමිනි.

නමුත් Codelco සමාගම උත්සහාය ලෙහෙසියෙන් අත්හැර දැමීමට සූදානම් නැත. ඔවුන් සතුව දෙවන සැලැස්මක්ද විය.

මේ වන විට බොහෝ දෙනාගේ අදහස වූයේ පතලේ සිරවූවන් මියගොස් ඇති බවයි. සති දෙකකට වඩා කාලයක්, 33 දෙනෙකුට, සම්පූර්ණයෙන් වැසීගිය පතලක් තුල, ජීවය පවත්වා ගත හැක්කේනම් එය ආශ්චර්යක් මිස වෙන කුමක්ද ? කෙසේ වෙතත්,  Codelco සමාගමේ පතල් පිළිබඳ ඒකාබද්ධ කලමණාකාර වරයා වූ Fidel Báez  මහතා ඔවුන් මිය ගොස් ඇතයි සිතන්නට මැලිවිය. ඔහුට සවන ඉන්ද්‍රියකින් මෙන් ඔවුන් තවමත් ජීවතුන් අතරයයි හැඟුනි.

ප්‍රධාන පිවිසුමෙන් පතලට ඇතුල්වීම අසාර්ථක වූ පසු, Codelco සමාගම තීරණය කරනුයේ විදුම් යන්ත්‍ර මගින් සිරවූ කම්කරුවන් අතැයි අනුමාන කල ස්ථාන ඉලක්ක කොටගෙන ඔවුන් හා සම්බන්ධතාවයක් ඇතිකරගත හැකි ආකාරයේ සිදුරු විදීමයි. මේ සඳහා සුදුසු විදුම් යන්ත්‍ර නවයක් ඉක්මනින්ම ලබා ගත හැකි ලෙස පතල අවට කලාපයෙන් සොයාගත හැකි බව සිදුකල වැඩිදුර සොයාබැලීම් වලදී හෙලිවන අතර එම යන්ත්‍ර නවයම වහා එම ස්ථානයට ගෙන්වා ගැනීමට තීරණය වේ.

පතලේ සිරවීමෙන් පසු, සියළු දෙනාම ගලවා ගැනීමේ කුටීරය වෙතට යන්නට ඇතැයි උපකල්පනය කරමින්, විදුම් යන්ත්‍ර නවයම චාපයක ආකාරයකට ස්ථාන ගත කොට එම ඉලක්කය එල්ලේ සෙ.මි. 14 සිදුරු නවයක් විදින්නට ආරම්භ කෙරුනේ, එකක් හෝ කම්කරුවන් සමඟ සබඳතාවයක් ගොඩනගාගැනීමට ඉවහල් වේ යැයි බලාපොරොත්තු ඇතිවය.

කෙසේ වෙතත් මෙය නිසි සැලස්මකට අනුව කල දෙයක් නොව, හුදෙක් අහම්බයකින් හෝ වාසනාවක් බලාපොරොත්තුවෙන් කල කාර්යයක්ම පමණක් විය. අවසානයේදී විදුම් 15ක් සිදු කළ අතර සැබැවින්ම එය අඳුරේ අතපත ගෑමක් විය. සමහර විදුම් යන්ත්‍ර අතර මගදී ක්‍රියා විරහිත වූ අතර යන්ත්‍ර දෙකක් මීටර 500 ට වඩා විදීමට අපොහොසත් විය. සමහර විදුම් අනපේක්ශිත දෝනා හමුවීමෙන් අවසන් විය.

මේ අතර අප හොඳින් දන්නා ලිලී මහත්මිය ඇතුළු පතලේ සිරවූවන්ගේ ඥාතීන්ද, මාධ්‍ය කරුවන්ද, ඕනෑම මොහොතක යම් සුබ ආරංචියක් ඒදෝයි බලාපොරොත්තුවෙන් පතල අවට කඳවුරු බැඳගෙන සිටියහ. එය බලාපොරොත්තුවේ කඳවුර හෙවත් Camp Hope විය. මුලින් මුලින් ඥාතීන් පතල අවට රැස්වී, සිය මෝටර් රථ වලම දවසරින්නට වූ අතර, පසුව පැය දින වෙමින්, දින සති වෙමින්, බලාසිටින කාලය වැඩිවන විට ඔවුන් තාවකාලිකව කඳවුරු බැඳගන්නට වූහ. පසුව චිලී රජයම මැදිහත් වී ඔවුනට අවැසි දෑ සම්පාදනය කරදෙන තත්ත්වයටම එය පත්විය. ඇත්ත වශයෙන්ම පත්කර ගත්හ. මේ තත්ත්වය මත, රජයට ගලවා ගැනීමේ මෙහෙයුම අතර මග අත්හැර දැමීමට කිසිඳු ඉඩ ප්‍රස්ථාවක් නම් නොවීය.

Camp Hope

2010 අගෝස්තු 22 වන දින පාන්දර 0300 ත් 0400 ත් අතර කලයේදී, ගලවා ගැනීමේ කණ්ඩායම, පළමු බලාපොරොත්තුවේ ගිනිසිළුව දුටුහ.

Schramm T685 විදුම් යන්ත්‍රය, මීටර 700 ක් වඩා ගැඹුරේදී, හිස් අවකාශයකට ඇතුලු විය. පීඩනය නැතිව ගිය බැවින් එය තහවුරු කරගැනීමට ඔවුනට හැකි විය. විදුම් යන්ත්‍රය ක්‍රියා විරහිත කොට, පහතට බස්සවන ලදී. දුරින් කෙරෙන් තට්ටු දැමීමක්, විදුම් යන්ත්‍රයේ පහත කෙලවරින් සවේදනය කෙරිනි.

පසුව විදුම් යන්ත්‍රය ඉහලට එසවූ අතර, දුටු දෙයින් සියල්ලෝම අමන්නාදන්දයට පත්වී, ප්‍රීති ඝෝෂා කළහ.

" ඔවුන් ජීවතුන් අතර " මුවින් මුවට මන්තරයක් මෙන් ගලා යන්නට විය.

Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ 


විදුම් යන්ත්‍රයේ කෙලවරෙහි ඇමිණුනු ලිපි දෙකකි. දෙකම ලියා තිබුනේ ලිලී මහත්මියගේ සැමියා වූ Mario Gomez මහතාය. එකක් ලිලී මහත්මියට වූ අතර, අනෙක පහත සඳහන් පොදු පණිවිඩය විය.


"Estamos bien en el refugio los 33,” or “we are fine in the refuge, The 33 ”


මෙම ආරංචියත් සමගම මුළු රටම උත්සවශ්‍රීයෙන් ඇලලී ගිය අතර, සියල්ලෝම මේ ප්‍රීතිජනක ආරංචිය ප්‍රීතියෙන් සමරන්නට විය. 2010 අගෝස්තු 05  වන දින, සිය හිතවතුන් මිස අන්කිසිවකු නොදන්නා අයවළුන් ලෙස පතලට බට මේ කම්කරුවන් 33 දෙනා, මේ සමගම ලොවම දන්නා වීරයන් වූහ. මෙතෙක් චිලී හී මාධ්‍ය අවධානය පමණක් දිනාගන සිටි මෙම සිද්ධිය, මුළු ලෝකයේම අවධානයට පාත්‍ර වන ලදී. ලෝකයේ සියළුම දැවැන්තයයි සළකන ලද සියළුම මාධ්‍යය මොහොතකින් පතල අවට කඳවුරු බැදගෙන, ගලවා ගැනීමේ මෙහෙයුම සජීවිව ප්‍රචාරය කරන්නට විය.


ගලවා ගැනීමේ මෙහෙයුම සැලසුම් කරන්නන්ට අනුව, සිරවූ කම්කරුවන් ව ගොඩ ගැනීම බලාපොරොත්තු වන තරම් ක්ෂණිකව කල නොහැකි කාර්යයක් වූ අතර ඒ සඳහා අඩුම තරමින් තවත් මාස හතරක් කාලයක්වත් ගතවේ යැයි අනුමාන කරන ලද්දේ, ඔවුන්ව පන පිටින් සොයා ගැනීමේ සතුට මද වශයෙන් හීන කරමිනි.


කෙසේ වෙතත් ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා සියළු දෙනාම වහ වහා සූදානම් විය. මූලික සැලසුම වූයේ, සෙ.මී. 70 සිදුරු තුනක් වෙන් වෙන් ස්ථාන ඉලක්ක කොටගෙන විදීමටයි. එසේ සිදුරු තුනක් විදීමේ අරමුණ වූයේ, යම් හෙයකින් එකකට හෝ අතර මගදී නොසිතූ බාධාවක් සිදු වුවහොත් අනෙක් ඒවායින් ඉලක්කය සපුරා ගැනීම අරමුණු කොටගෙනය. එය A, B, සහ C සැලසුම ( Plan A,B & C ) යනුවෙන් වෙන් වෙන්ව නම් කරන ලදී.


Plan A, Strata 950 ( මීටර 700 ක ගැඹුරක් ඉලක්ක කොටගෙන අංශක 90 ක ආනතියකින් විදින ලදී. )
Cementation Canada Inc., නම් කැනේඩියානු සමාගමට අයත් Strata 950 විදුම් යන්ත්‍රය, අනතුර සිදුවන අවස්ථාවේ චිලී හී සන්තියාගෝ නගරයට මදක් ඔබ්බෙන් වෙනත් කාර්යයක නිරතව සිටියේය. ගලවා ගැනීමේ සැලසුම ක්‍රියාත්මක කිරීමට අවැසි සුදුසුම යන්ත්‍රයක් වූ මෙය, වහාම ගලවා ගැනීමේ වැඩ බිමට කැඳවන ලදී. මුලින්ම විදීම ආරම්භ කල යන්ත්‍රය මෙය වේ. 2010 අගෝස්තු 30 වන දින, ගලවා ගැනීමේ කුටිය ඉලක්ක කරගෙන විදීම ආරම්භ කරන ලදී. කාර්යය අධීක්ෂණය කිරීම සඳහා, විශේෂඥ පරීක්ශකවරයකු වූ Glen Fallon ගෙන්වූ අතර, විදීමේ කාර්යය, ඔහුගේ අධීක්ෂණය යටතේ සිදු විය. 

මුලින්ම සෙ.මි. 38 නියමු සිදුරක් විදීමට නියමිත වූ අතර, ඉන් පසුව එය පුද්ගලයකුට ගමන් කලහැකි තරම් වන සෙ.මි. 72 ක සිදුරක් දක්වා මහත් කිරීම Plan A හී සැලසුම විය. මෙය අංශක 90 ආනතියකින් යුතුව පතලේ ගලවා ගැනීමේ කුටීරය දක්වා විදින ලදී.


Plan B, Schramm T130XD මීටර 638 ක ගැඹුරක් ඉලක්ක කොටගෙන අංශක 82 ක ආනතියකින් විදින ලදී. )
මුලින්ම විදින ලද සිදුරු තුනකින් දෙකක් පතල තුල වූවන් හට ආහාර, ජලය සහ අනෙකුත් අවැසි දෑ සැපයීමට යොදා ගත් අතර තෙවන සිදුර, Plan B යටතේ Schramm T130XD මගින් සෙ.මි. 71 ක් දක්වා මහත් කිරීමට තීරය විය. මෙය පතලේ පහල වැඩ බිම ඉලක්ක කොටගෙන අංශක 82 ආනතියකින් යුතුව විදින ලදී. Plan B, අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක විය. මුලින්ම විදින ලද සෙ.මි. 14 සිදුර, සෙ.මි. 30 දක්වා මහත් කිරීම පලමු අදියර යටතේ සිදුවූ අතර, සෙ.මි. 30 සිට 71 දක්වා මහත් කිරීම දෙවන අදියරේදී කිරීමට සැලසුම් කෙරින. කලින් විද තිබූ නියමු සිදුරක් ඔස්සේ විදීමට සිදුවීම, Plan B හට අත්වූ එකතරා වාසියක් විය. එය ඔවුන්ගේ කාර්යය යම්තාක් දුරකට පහසු කළේයයි කිව හැකිය.


Schramm T130XD විදුම් යන්ත්‍රය, සැප්තැම්බර් 04 වන දින වැඩබිමට ලඟාවූ අතර, සැප්තැම්බර් 17 වන දින වන විට පළමු අදියර අවසන් විය. මෙහිදී, විදීමේදී පතල තුලට වැටෙන අබලි ද්‍රව්ය පතල තුල සිරවූවන් විසින්ම සාමූහිකව ක්‍රියා කොට ඉවත් කරමින්, සිය ගැලවීම උදෙසා අනලස්ව ක්‍රියා කරන්නට වූහ.


Plan B විදුම් යන්ත්‍රය
Plan C, RIG-421 ( මීටර 597 ක ගැඹුරක් ඉලක්ක කොටගෙන අංශක 85 ක ආනතියකින් විදින ලදී. )
Precision Drilling Corporation අයත් වූ මෙම විදුම් යන්ත්‍රය, වැඩ බිමට ලඟා වූයේ සැප්තැම්බර් මස 19 වන දීය. මේ යටතේ, පතලේ පිවිසුම් මාර්ගයේ කඩාවැටුන කොටසට යටින් ඉලක්ක කරගෙන අංශක 85 ක ආනතියකින් විදීමට සැලසුම් කරන ලදී.

මෙසේ විදිනයක් තුනක් උපයෝගී කරගන, දිවා රෑ නොබලා පැය 24 පුරාම අකණ්ඩව විදීම සිදුකරගන යන ලදී. 2010 ඔක්තෝබර් 09 වන දින Plan B යටතේ වූ Schramm T130XD  විදිනය අරමුණ සාක්ෂාත් කර ගනිමින් අදාල ඉලක්කය වෙත ලඟා වුනි. ඒ ඒ විදිනයන් ලඟාවීමට සමත් වූ දුර ප්‍රමාණයන් පහත වගුවෙන් දැක්වේ.




මෙම විදීමට සමගාමීව, පතලේ සිරවූවන්ගේ ශාරිරික හා මානසික සෞඛ්‍ය නංවා සිටිම සඳහා බොහෝ කාර්යයන් සිදුවෙමින් පැවතින. චිලී රජය, ඇමෙරිකාවේ NASA ආයතනයෙන්ද  ඒ සඳහා විශේෂ උපදෙස් ලබා ගත්තේය. මානසික වෛද්‍යවරුන්ගේ නිර්දේශයන් මත, ඥාතීන් හට ඔවුන් සමග සම්බන්දතා පවත්වා ගැනීමට ඉඩ ප්‍රස්ථා ලබා දුන්නේය. ඒ ගැන සඳහන් කරමින් ලිලි මහත්මිය සිනාසෙමින් පවසා සිටියේ " අප විවාහවී වසර 30ක් උවද, නැවතත් නව යොවුන් පෙම්වතුන් සේ ලිපි හුවමාරු කර ගනිමින් සිටිනවා " යි යනුවෙනි.


මේ අතර, වීඩියෝ කැමරා පතල තුලට යවමින් ඔවුන්ගේ දර්ශන පටිගත කිරීමක්ද සිදුවිය. පතල තුල වූ උණුසුම් වාතාවරණය හේතුකොටගෙන, ඔවුන් බොහෝ දෙනෙක් උඩුකය නිරුවත්ව සිටිනු දක්නා ලද අතර විය යුතු පරිදිම රැවුල්ද වැවී තිබුනි. වරින් වර මෙසේ යම් යම් වැඩසටහන් සම්පාදනය කිරීම ඔවුන්ගේ මානසික මට්ටම ඉහලින් තබා ගැනීමට ඉවහල් විය.





මෙසේ කටයුතු සිදුවෙමින් පවතින අතරතුර, පතලේ සිරවූ සමහර කම්කරුවනට ගහෙන් වැටුනු මිනිහාට ගොනා අනින්නා හා සමාන දෙයක්ද සිදුවිය. ඒ ඔවුන්ගේ රහසිගත ජීවිත හෙලිදරවු වීමෙනි. සමහර කම්කරුවන් පවුල් එකකට වඩා නඩත්තු කොට තිබූ අතර, සමහරුන් විවාහක නමුත් රහසිගත පෙම් සබඳතාද විය. අනතුර දැනගත් සියල්ලො බලාපොරොත්තුවේ කඳවුරට විත් ඔවුන් ගැන සොයා බැලීම් සහ අයිතිවාසිකම් පාන්නට විය. සමහරුන්ගේ කලින් වෙන්වූ බිරින්ඳෑවරුන්ද ඒ අතර විය. සමහරු ආදරය නිසා එසේ කළ අතර, සමහරු වැටුප හෝ ලැබුනු විශාල ආධාර මුදල් ලබාගැනීම සඳහා එසේ කරන ලදී. මෙම තත්ත්වය කඳවුර තුල ගැටුම් ඇතිකරවන ලද අතර ඒවා බේරුම් කිරීම සඳහා බලධාරිණට නිතර නිතර මැදිහත් වන්නට විය.


Ariel Ticona ගේ බිරිඳ, ඔහු පතලේ සිරවී සිටින විටම ඔවුන්ගේ තෙවෙනි දරුවා මෙලොවට බිහිකිරීමට නියමිතව සිටි අතර ඔහු විසින් දරුවාට " Esperanza " හෙවත් " බලාපොරොත්තුව " යයි නම් තබන ලෙස ඉල්ලා සිටී.

මේ අතර තවත් දෙයක් සිදුවෙමින් පැවතුනි. ඒ සිරවූවන් ගොඩ ගැනිම සඳහා පතලට විදින සිදුර හරහා යැවිය හැකි කැප්සියුලයක් නිර්මාය කිරීමයි. චිලී නාවික හමුදාව විසින් NASA හී උපදෙස් මත මෙවැනි කැප්සියුල තුනක් නිර්මානය කරන ලදී. ඒවා Fenix 1,2, සහ 3 වශයෙන් නම් කරන ලදී. පළමු කැප්සියුලය ඥාතීන්ට හා මාධ්‍ය කරුවන්ට, ඔවුන්ගේ නිරීක්ශණය සහ දැනගැනීම  සඳහා පෙන්වන ලදී.


ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා යොදා ගන්න ලද්දේ Fenix 2 කැප්සියුලය වූ අතර, එය සෙ.මි. 51 ක පමණ වටප්‍රමණයකින් යුක්තවීම නිසා, සෙ.මි. 71 වු සිදුර තුල පැති බිත්ති හා ඝට්ටනයක් සිදු නොවන ආකාරයට ධාවනය කිරීමට යෝග්‍ය විය.


මෙම සියලුම කැප්සියුලයන්, අම්ලකර වායු සැපයුම්, ආලෝකය, හඬ සහ රූප සබඳතා වලින්ද, ආරක්ශිත වහලයකින් හා හදිසි සිර වීමක් සිදුවුහොත් මගියාටම විවුර්ත කරගන නැවතත් පහතට බැසිය හැකි විවරයකින්ද සමන්විත විය.

Fenix 2
2010 ඔක්තෝබර් 09 වන දින Plan B සිදුර විද අවසන් වූවද, ගලවා ගැනීමේ මෙහෙයුම ආරම් කිරීමට පෙර කලයුතු තවත් දේ විය. විදින ලද සිදුර තුල කැප්සියුලය ගමන් කිරීමේදී, ගල් කඩා වැටී කැප්සියුලය සිරවීම වැලක්වීමට, සිදුරේ ඉහත කොටස වානේ නළ මගින් ආවරණය කිරීමට යෝජනා විය.  ඊට පසු, කැප්සියුලය මෙහෙයවන යන්ත්‍රයට ( Winching rig ) විශාල කොන්ක්‍රීට් පාදමක්ද දමන ලදී. අවසානයේ මෙහෙයුම් යන්ත්‍රය හා කැප්සියුලය නිසිපරිදි ක්‍රියාකරනවාදැයි පරික්ෂා කිරීමද අවැසි විය.


පතලේ දළ රූප සටහනක්
මේ අතර, පතලේ වූ කම්කරුවන්ට, NASA ආයතනය මගින් සැපයු විශේෂ දියර ආහාරයක් ගොඩට ගැනීමට පැය හයකට පෙර සැපයූ අතර, ලේ ගමනාගමනයේ අවහිරතා ඇති නොවීම සඳහා ඇස්ප්‍රීන්ද දෙන ලදී. එසේම ගොඩට ඒමෙදී පැලදීමට ඒ සඳහා විශේෂයෙන් නිපදවූ අව් කන්ණාඩිද ලබා දුන්නේය. ඒ දීර්ඝ කාලයක් හිරු එළියට මුහුන නොදී, එක වරම එයට නිරාවරණය වීම යෝග්‍ය නොවන බැවිනි. ගලවා ගැනීමේ මෙහෙයුම රාත්‍රී කාලයේදී සැලසුම් කිරීමට එක් හේතුවක් වූයේද එයයි.


සිරවී සිටින අයගෙන්, හොඳම මානසික සහ ශාරීරික සෞඛ්‍යයෙන් සිටි පුද්ගලයින්ව මුලින්ම ගැනීමට යෝජනා විය. එයට හේතු වූයේ යම් හෙයකින් මුල්ම අවස්ථාවල අතරමග සිරවීමක් සිදුවුවහොත් ඒ සඳහා කලබල වීමකින් තොරව ක්‍රියාකල හැකි වීම අත්‍යවශ්‍ය වීමයි. ඒ අනුව 31 හැවිරිදි Florencio Ávalos මුලින්ම ගොඩට ගැනීමට යෝජනා විය.


දෙවනුවට ගොඩ ගැනීමට යෝජනා වූයේ යම් යම් ශාරීරික අපහසුතා හෝ අසනීප තිබුනු අය සහ වයසින් වැඩි අයවලුන්වය. මෙහෙයුමේ අවදානම්ම කාර්යය මෙය විය.  තෙවනුව, මානසික ශක්තියෙන් හා දරා ගැනීමේ ශක්තියෙන් වැඩිම අයව ගොඩට ගැනීමට යෝජනා විය. නියම නායකයකුගේ ලක්ෂණ පෙන්නුම් කරමින්, Luis Urzúa පවසා සිටියේ තමා ගොඩට යනුයේ අන් සියල්ලන්ම ගොඩට ගිය පසුව බවයි.

2010 ඔක්තෝබර් 12 වන දින රාත්‍රියේ, සියල්ල සූදානම්. හරියටම රාත්‍රී 11:18 ට Codelco හී පළපුරුදු ගලවා ගැනීම්කරුවකු වූ Manuel González පතලට බැසීම අරන ලදී. ගොඩ සිටි සියලු දෙනාම මේ මොහොතේදී චිලී ජාතික ගීතය ගයන්නට වූහරාත්‍රී 11:36 Manuel González පතලට බැස සිරවූ කම්කරුවන් හා සම්බන්ධ විය. පසුව වරින් වර තවත් ගලවා ගැනීම්කරුවන් පස් දෙනෙකුද ඔහුගේ උදව්වට පතලට බසින ලදී.

Manuel González පතලට පැමිණි මොහොත
චිලී හී ජනාධිපති, Sebastián Piñera ද පළමු කම්කරුවාගේ සිට අවසාන කම්කරුවා දක්වා ගොඩ ගන්නාතුරු එම ස්ථානයේ රැදී සිටියේය. බොලිවියානු ජනාධිපති වරයාද ( එක් කම්කරුවකු බොලිවියානු ජාතිකයෙකි ) එයට සහභාගී වීමට සිටියද පසුව වෙනත් හේතුවක් නිසා ඔහුට පැමිණීමට නොහැකි විය.


මුළු ලොවෙහිම අවධානය මේ මොහොතේ මෙම පතල වෙත යොමුව පැවතුනි. ගනන් බැලීම වලට අනුව, ඒ මොහොතේ බිලියනයක වැඩි පිරිසක් මේ විශ්මිත ගලවා ගැනීමේ මෙහෙයුම සජීවීව රූපවාහිනියෙන් නරබමින් සිටියහ. එවන් වූ අවදානයක් සමගින් ප්‍රථම කම්කරුවා වූ Florencio Ávalos  හරියට 2010 ඔක්තෝබර් 13 වන දින 00:11 ට, දින 69 ක් මරුවා සමග කල සෙල්ලම ජයගෙන නැවතත් මිහිමත පා තැබුයේ මුළු ලොවක් සතුටු කදුලේ ගිල්ලවමිනි.


ඉන්පසු පැය තිස්තුනක් පුරාවට, Fenix 2 ඉහල පහල යමින් සියළු කම්කරුවන් හා ගලවා ගැනීමේ කන්ඩායම මිහිමතට ගෙන එන ලදී. Fenix 2 ගමන් වාර 39ක් හා කි.මි. 50 කට ආසන්න දුරක් ඉහල පහල ගමන් කරන ලදී. එසේ පැමිනිමේ විස්තර පහත වගුවෙන් බලා ගත හැකිය.



Order Rescued
Miner's name
Age
Rescue time (CLDT)
Cycle time
1
Florencio Ávalos
31
13 October 00:11
0:51
2
Mario Sepúlveda
40
13 October 01:10
1:00
3
Juan Andrés Illanes
52
13 October 02:07
0:57
4
Carlos Mamani
24
13 October 03:11
1:04
5
Jimmy Sánchez
19
13 October 04:11
1:00
6
Osmán Araya
30
13 October 05:35
1:24
7
José Ojeda
46
13 October 06:22
0:47
8
Claudio Yáñez
34
13 October 07:04
0:42
9
Mario Gómez
63*
13 October 08:00
0:56
10
Álex Vega
31
13 October 08:53
0:53
11
Jorge Galleguillos
56
13 October 09:31
0:38
12
Edison Peña
34
13 October 10:13
0:42
13
Carlos Barrios
27
13 October 10:55
0:42
14
Víctor Zamora
33
13 October 11:32
0:37
15
Víctor Segovia
48
13 October 12:08
0:36
16
Daniel Herrera
27
13 October 12:50
0:42
17
Omar Reygadas
56
13 October 13:39
0:49
18
Esteban Rojas
44
13 October 14:49
1:10
19
Pablo Rojas
45
13 October 15:28
0:39
20
Darío Segovia
48
13 October 15:59
0:31
21
Yonni Barrios
50
13 October 16:31
0:32
22
Samuel Ávalos
43
13 October 17:04
0:33
23
Carlos Bugueño
27
13 October 17:33
0:29
24
José Henríquez
54
13 October 17:59
0:26
25
RenáÁvalos
29
13 October 18:24
0:25
26
Claudio Acuña
44
13 October 18:51
0:27
27
53
13 October 19:18
0:27
28
Richard Villarroel
27
13 October 19:45
0:27
29
Juan Carlos Aguilar
49
13 October 20:13
0:28
30
Raúl Bustos
40
13 October 20:37
0:24
31
Pedro Cortez
26
13 October 21:02
0:25
32
Ariel Ticona
29
13 October 21:30
0:28
33
Luis Urzúa
54
13 October 21:55
0:25





සිරවූ 33න් දෙනාගෙන්, අවසානයටම පතලින් පිටවෙන්නේ සිරවූ දා සිට නියම නායකයකු ලෙසින් කණ්ඩායම මෙහෙයවූ Luis Urzúa ය. චිලී ජනාධිපති Sebastián Piñera විසින් ඔහුව ඉතා උණුසුම් ලෙස පිලිගනු ලබන්නේය.

Luis Urzúa ගොඩට පැමිණි මොහොත
" ජනාධිපතිතුමනී, මාගේ වැඩ මුරය දැන් අවසන්, මා එය ඔබට පැවරීමට කැමතියි " Luis Urzúa විහිලුවක් කරමින් පවසයි.


" මම ඉතා කැමැත්තෙන් ඔබගේ වැඩ මුරය බාරගනිමි. ඔබ එය නිසි ලෙස සම්පූර්ණ කොට නියම නායකයකු ලෙස සමුගෙන යනවා " ජනාධිපති වරයාද පිලිවදන් දේ.  " මෙයින් පසු, ඔබ එදා සිටි කෙනා නොවේ, චිලියද එසෙමය " යි ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටී..


මෙසේ ගොඩට ගත් කම්කරුවන්, පතල අසල තාවකලික රෝහලකට යොමු කළ අතර, ඉන්පසු හතර දෙනා බැගින් කොපියාපෝ හී රෝහලකට ගුවනින් ගෙනයන ලදී.


අවසාන සිරවූ කම්කරුවා වූ Luis Urzúa ද ගොඩට පැමිණි පසු, ගලවා ගැනීමේ කණ්ඩායම, මෙහෙයුම සාර්ථකව අවසන් කල බවට පුවරුවක් පතල තුල සිට රූපවාහිනී ඔස්සේ ප්‍රදර්ශනය කරන ලදී.






ගලවාගැනීම් කරුවන්ගේ විස්තර පහත පරිධි වේ.

Rescue workers who descended 
Order Descended
Rescue worker
Affiliation
Descent time (CLDT)
Extraction time (CLDT)
Time spent inside mine
Cycle time
Down trip no.
1.
Manuel González
12 Oct 23:18
14 Oct 00:32
25:14
0:27
1
2.
Roberto Ríos, Sgt
13 Oct 00:16
14 Oct 00:05
23:49
0:23
2
3.
Patricio Robledo, Cpl
13 Oct 01:18
13 Oct 23:42
22:24
0:25
3
4.
Jorge Bustamante
13 Oct 10:22
13 Oct 23:17
12:55
0:24
13
5.
Patricio Sepúlveda, Cpl
GOPE (national police medic)
13 Oct 12:14
13 Oct 22:53
10:39
0:23
16
6.
Pedro Rivero
Carola Mine
13 Oct 19:23
13 Oct 22:30
3:07
0:35
28



අවසානයට පතලින් පිටවන්නේ මුලින්ම පතලට බට ගලවාගැනීම් කරුවා වූ Manuel González ය. පැයක පමණ කාලයක් හුදකලාව, කැප්සියුලය පැමිණෙන තුරු පතලේ පසුවූ කාලය තුල ඔහුගේ හිතේ ඇතිවූ සිතුවිලි ගැන දන්නේ ඔහුම පමණී. අවසානයේදී, ඔහුද ගොඩට පැමිණි පසු, චිලී ජනාධිපතිවරයා විසින් සංකේතාත්මකව පතල වසා දමන ලදී.


සතුටු දායක අවාසනයක් ඇති චිත්‍රපටියක සේ මෙසේ අවසානයේදී සියල්ලෝ සතුටින් විසිර ගියද, මෙය චිත්‍රපටියක් නොව මිහි රගමඬල තුල සැබවින්ම රඟ දක්වන ලද ත්‍රාසය, දුක, සතුට ඇතුලත් සැබෑම නාටකයක් වේ.


දින 69 පුරාවට, ජීවිත 33 ක් සමඟ, මරුවා විසින්  කල භයානක සෙල්ලම, අප්‍රතිහත ධෛර්යය, කැපවීම, උනන්දුව, නොපසුබස්නා අධිෂ්ඨානය ඇති මිනිසුන් සමූහයක් ඉදිරියේදී මෙසේ පරාජයට පත්වූ බව ඉතා සතුටින් දැනුම් දෙමින්, සතියක් පුරාවට ඉඩ ලැබෙන පරිදි අන්තර්ජාලයේ සැරිසරමින් සම්පාදනය කල මෙම ලිපියට මෙසේ නැවතීමේ තිත තබමි.


නැවතත් ලබන සෙනසුරාදා අළුත් ලිපියක් සමඟින් හමුවන තුරු.... සියල්ලන්ටම ජය !!!!!!!!!!!


මූලාශ්‍ර :

http://en.wikipedia.org/wiki/Chilean_miners
http://www.thestar.com/news/world/chile/article/873382
http://www.livescience.com/11169-chile-collapse-facts-amazing-survival-story.html
http://www.bbc.co.uk/news/world-latin-america-11489439
http://www.cbc.ca/news/world/story/2010/10/12/chile-mine-rescue.html
http://www.guardian.co.uk/world/2011/jul/17/chilean-miners-one-year-on
http://www.dailymail.co.uk/sciencetech/article-1305894/So-Chilean-miners-survive-months-half-mile-underground.html
http://www2.macleans.ca/2010/10/05/voices-from-the-underground/
http://www.google.ae/search?q=los+33+mineros&hl=en&prmd=imvns&tbm=isch&tbo=u&source=univ&sa=X&ei=S9oCT8nBL4KI8gOW8c3XAQ&ved=0CFcQsAQ&biw=1024&bih=653


ලියුවේ;
~~සෙන්නා / 07.01.2012

44 comments:

  1. මචන් ලෙසටම ලියලා තියෙනවා.මේ ගැන අහල තිබුනත් මෙච්චර වැදගත් ලිපියක් කියවන්න ලැබුනේ නැහැ.පලවෙනි දවසේ ඉඳල අන්තිම දවස වෙනකන් සියලු සිද්දීන් එකින ඒක ගැලපීම හොඳටම තියෙනවා.

    ජයෙන් ජය!!..

    ReplyDelete
  2. අසරණයා.. ස්තූතියි මචන්.... උඹටත් ජය වේවා !!

    ReplyDelete
  3. මේ වගේ ලිපියක් ලියන්නත් අප්‍රතිහත දහිරියක් තියෙන්න ඕනා..ඒකට හිස නමා ආචාරය...ලිපිය කොච්චර දිග වුනත් අකුරක් නෑර කියෙව්වා...ඔයාට සතුටු ඇති අකුරක් නෑර කියෙව්වා කියන එකට...බ්ලොග් ලියන්නෙකුට අනිත් කෙනෙක් තමුන්ගේ බ්ලොග් කියවනවා කියලා අහන එක තරං සතුටක් නෑ...

    මේ ගැන කෙටියෙන් දැනගෙන හිටියත් ළඟ හිටියා වගේ විස්තරයක් කියෙව්වේ අදයි....

    බොහොම ස්තුතියි...හරවත් වැදගත් යමක් සිංහල බ්ලොග් අවකාසයට එකතු කිරීම පිළිබඳ මාගේ ප්‍රණාමය...

    මගේ අදහස නම් මෙවැනි ලිපි එකතු කිරීමෙන් තමයි අන්තර්ජාලය තුල සිංහල භාවිතය වැඩි කල යුත්තේ...

    ReplyDelete
  4. බොහොම ස්තූතියි හරී....

    මට ඇත්තටම හරිම සතුටුයි... ඔබ ලිපිය අකුරක් නෑර කියෙව්වා කියන එක ගැන. මට ලිපිය පල කරාට පස්සේ තමා හිතුනේ දිග වැඩියි නේද කියලා.. එක්කෙනෙක් හරි කියවලා යම්කිසිදෙයක් ඒකෙන් ලබා ගත්තනම් මට ඒ ඇති... ඇත්තටම සෑහෙන්ඩ මහන්සි උනා මේ ලිපියට.

    නැවතත් ස්තූතියි පැමිණීම සහ කියවීම පිළිබඳව..

    ජය !!

    ReplyDelete
  5. හරිම අගෙයි ! හරිම අගෙයි!!
    කොයි තරම් මහන්සිවෙලා කරුනු හොයල තියෙනවද කියල හිතාගන්න පුලුවන්. මට මතක විදිහට මේ සිද්ධිය ගැන සිංහලෙන් මේ තරම් විස්තරාත්මක සටහනක් කියවන්න තිබුනෙ නෑ මේ තරම් කාලෙකට (මම නිවැරදිනම්- වැරදිනම් කරුනාකර නිවැරදි කරන්න )
    ඔබ තුමාට බොහොම ස්තූතියි මෙය ලියා පලකලාට.

    ReplyDelete
  6. පට්ට..කියන්න වචන නෑ..නියමෙට ලියලා තියෙනවා... :)

    ReplyDelete
  7. පළවෙනි වතාවට මේ පැත්තට ආවෙ. තවම කියෙව්වෙ සේපාල ඒකනායක පිලිබඳ ලිපියයි, මේ ලිපියයි පමණයි. කියවපු ලිපි දෙක හිතට ඇල්ලුව. නැවත ඇවිල්ල අනිත් ඒවත් කියවල බලන්නම්.

    සේපාල ඒකනායක හිර ගෙදර ඉන්දැද්දි නාට්‍යක් නිපදවීම හෝ එවැනි වෙනත් කලා කටයුත්තකට සම්භන්ද වූ බවත්, ජවිපෙ සමග මොනයම් ආකාරයක හෝ සම්භන්ද කමක් ඇති කර ගත් බවටත් තොරතුරු තිබේද?

    රාජිව ඝාන්ධිට රයිෆලයෙන් පහර දුන් නාවික භටයා ගැනත් ලිපියක් ලියන්න පුළුවන් නම් අගෙයි.

    ReplyDelete
  8. ගොඩක් වටින කතාවක්..හරිම සතුටක් වගේම අනුවේදනීය බවකුත් තියෙනවා..වෙනස්ම බ්ලොග් අඩවියක්... වැදගත් ලිපි තියෙනවා හිමීට බලන්නම්

    ReplyDelete
  9. සිද්ධි එකිනෙකට ගලපලා උපරිමෙන් නියමෙටම ලියලා තිබෙනවා. ඔබ හොඳ සිද්ධි වාර්තාකරුවෙක් වගේ :)

    ReplyDelete
  10. වැලිමැඩියා,

    බොහොම ස්තූතියි අගය කිරීම පිළිබඳව. සිංහලෙන් මේ ගැන හොඳට ලියවෙච්චි වෙන ලිපිත් ඇති මයෙ හිතේ.. මටනම් එකක්වත් හම්බුනේ නැහැ හැබැයි කරුණු අධ්‍යණය කරනකොට.. හැබැයි මම කාලෙකට කලින්, ඔය සිද්ධිය වෙච්ච දවස්වල පතරෙන් එකක් කියෙව්වා.. ඒකෙ මතකයනුත් මගේ ලිපියට එකතුවෙලා තියනවා..

    ස්තූතියි නැවතත් මේ පැත්තට ගොඩවීම හා අගය කිරීම සම්බන්ධයෙන්.

    ReplyDelete
  11. විකියා,

    සාදරයෙන් පිළිගන්නවා, කුරුන්දට.. ස්තූතියි.. දුන්නු හයියට..

    ReplyDelete
  12. ඔබා අයියේ....

    බොහොම සාදරයෙන් පිළිගන්නවා කුරුන්දට.. ඔය ලිපි දෙක තමා මම ටිකක් මහන්සිවෙලා දැනුම වෙනුවෙන්.. ලියපු ලිපි දෙක.. අනිත්වානම් සරළ වින්දනය උදෙසා.. හිතට ඇල්ලුවානම්.. මට ඒ ඇති..

    සේපාල ඒකනායක හිරේ ඉද්දී " ඌට සහ තොට " කියලා පොතක් ලියුවා කියලානම් තොරතුරු තියනවා. ජේවීපී සම්බන්දයක් ගැනනම් මට මතකයක් නැහැ.. හැබැයි.. 94 දී, පරක්කු නෝනාව බලයට ගේන්ඩ බැහැලා වැඩ කරලා තියනවා.. හැබැයි.. පැකේජ් කොරන්ඩ ගත්තට පස්සේ පොරට එපා උන බවක් තමා තතු දත්තෝ පවසන්නේ...

    ස්තූතියි දුන්න ඔත්තුවට... විස්තර හොයා ගන්න පුළුවන් උනොත් අනිවාර්යයෙන්ම ලියනවා ඒ ගැන ලිපියක්.. හැබැයි ඕකට දේශපාලනය ගෑවිලා තියන හින්දා සීරුවට කරුනු හොයලා, ඉතාම නිවැරදි කරුනු සමග සම්බරව ලියන්ඩ වෙනවා.. නැත්නම් කට්ටිය මාව හිටුවා පස් ගහයි. :-)

    නැවතවතාවක් ස්තූතියි මේ පැත්තේ ඇවිල්ල කරපු ගව්රවයට.. ඉඩ තියන වෙලාවක ඇවිල්ලා දෙකක් කියලා ගියොත් හරිම අගෙයි.

    ජය !!

    ReplyDelete
  13. කුමාරිහාමි,

    බොහොම තුති වලව්වෙන් නික්මිලා අපේ දුක සැප බලලා යන්ඩ ආවට. තාම එච්චර වැදගත් ලිපි නැහැ. යාන්තම් පහක් හයක් විතරයි.. ඉස්සරහට බලමු...

    ගොඩක් ස්තූතියි ආයෙත් මෙහෙට ඇවිල්ලා දුන්නු ශක්තියට.. ඉඩ කඩ තියන වෙලාවක කුරුන්ද පැත්තේ ඇවිදලා යන්ඩ එන්න.

    ජය !!

    ReplyDelete
  14. හසිත,

    කුරුන්දට මුල්ම කමෙන්ට් එක දාපු ඔබ, නැවත පැමිණීම මට හරිම ඉහලයි.. ඔක්කොම ලිපි ටික කියවලා කමෙන්ට් කරල තිබ්බා. බොහොම ස්තූතියි.. හැම දේකටම.

    මම හොඳ සිද්ධි වාර්තාකරුවෙක්ද කියලා නම් මම දන්නේ නැහැ.. හිතට එන විදිහට ලියාගන යනවා.. තව බොහොම අඩුපාඩු තියන බවක් මට පේනවා.. ස්තූතියි ප්‍රසංසාවට.

    ReplyDelete
  15. නියමයි ඈ විස්තරේ...තව තව ලියන්න මේ වගේ ඒවා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන්... බලමු...

      Delete
  16. ඔච්චරම දුරට ඔය කතාව ගැන විස්තරයක් කියව්වේ අදමයි.... ගොඩක් විස්තර සහිතව ලියල තියෙනවා ....නියමයි
    තව ඒවා දාන්න......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හර්ෂන..

      විස්තර හොයන වැඩේ ටිකක් අමාරුයි..රස්සාව කරන්නත් එපැයි..

      පුලුපුළුවන් වෙලාවට හිමීට දාන්නම්..

      Delete
  17. මේ පාර අප්ඩේට් වෙලා

    ReplyDelete
    Replies
    1. ඔව් නේද ? ඇති යන්තම්... :-)

      Delete
  18. Senna- ඔව් බං කලින් සෙට්වුනේ නැහැ. අසරණයා පට්ට සපෝට් දෙන්නේ :)

    Senna උබ හිරවෙලා හිටියා වගේ සජීවීව ලියල තියෙනවා. අන්තිම ටික කියවන්න කලින් කමෙන්ට් කලේ. නිදහසේ බලන්ට ඕනේ..

    ජය !

    ReplyDelete
    Replies
    1. ඔව් බන්.. අසරණය කියනකම් මට ඕක ක්ලික් උනේ නෑ... තාම ඉතින් ඔය කැටයම් ගැන එච්චර දන්නේනෑනේ...

      අසරණයා ඉතින් හැමදාම මට සරණක් වෙච්ච එකෙක් තමා..

      Delete
  19. කුතුහලය ඇතිකරවන ලෙස බොහෝම අගේට කල ඉදිරිපත් කිරීමක්. මේ සිද්ධිය වූ කාලයේ නිතිපතා ඒ ගැන කියවූ අවස්ථාවේ දැනුන හැඟීම මෙම පොස්ට් එක පුරාම දැනුනා. ඔබට මගේ ආචාරය සොයුර. ඔබේ හැකියාව තුළින් සිංහල බ්ලොග් අවකාශය තවත් වර්ණවත් කරන්න, ජය!

    පළමු පොස්ට් එක බ්ලොග් රෝලේ දුටුවේ නැහැ. පසුගිය ටිකේ මග හැරුණු පොස්ට් කියවන්නත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ගල්මල්,

      ස්තූතියි පැමිණීම සහ ප්‍රසන්සාව වෙනුවෙන්. මම ලිපි ලියනකොට කුතුහලය රැක ගැනීම ගැන බොහොම අවදානය යොමු කරනවා.. ඒ සාර්ථකව කියවන්නන්ට දැනේනම් මගේ උත්සාහය මදක් හෝ සාරථකැයි සිතිය හැකියි.

      ඔබගේ ප්‍රකාශය බොහෝ දිරි ගන්නවන සුළුයි.. ඉදිරියටත් ඉඩ ලැබෙන පමණින් හොඳ යමක් සිංහල බ්ලොග් අවකාශයට දායාද කිරීමට බලා පොරොත්තු වෙමි.

      ඉඩ ලැබෙන පරිදි මෙසේ පැමින යමක් කියා ගියහොත් ඉදිරියට යාමට ලොකු හයියක්මැයි.

      ඔබටත් ජය !!

      Delete
  20. ලිපිය ගැන කියන්න වචන නැහැ සෙන්නා...කොහොම ස්තුති කරන්නද මන්දා මේ විස්තර අපිට කිව්වට..

    ReplyDelete
    Replies
    1. ස්තූතිය අනවශ්‍යයි සයුරි.. ලිපිය කියවලා යම් දෙයක් ගත්තානම් මට ඒ ඇති.

      ඔයාට ස්තූතියි මේ පැත්තට ආවාට.

      Delete
    2. ආයේ නැහැ සෙන්නා නියමෙටම තියෙනවා ...

      Delete
  21. thank you so much Senna.... You are a really really good news reporter. This is the best post i have ever read. Thanks again.... :)

    ReplyDelete
    Replies
    1. many thanks Sammani.. is this post is sooo good ? if you have got something from that.. it's a pleasure for me..

      many thanks for this brilliant encouragement.

      Delete
  22. ඔයාගේ මේ හෑකියාවට හරි සතුටු හිතුනා.ඉස්සරහට කරගන යන්න.

    ReplyDelete
    Replies
    1. nidha,

      බොහොම ස්තූතියි..

      සෑම සාර්ථක මිනිහෙක් පිටි පස්සෙන්ම ගැහැණියකුත් ඉන්නවලුනෙ. හැමදාම වගේ ඔයාගේ දිරිගැන්වීම මට ලොකු ශක්තියක්.

      Delete
  23. මේක ඒ දවස්වල මමත් රූපවාහිනියෙන් නැරඹුවා. මෙච්චර විස්තර දැන ගත්තෙ අද! ලියලා තියෙන විදිහ නිසා මේක තොරතුරු ගොන්නට වඩා වෙනස් ම ආකර්ෂණීය බවක් තියෙනවා. ස්තුතියි

    ReplyDelete
  24. මම ටීවී එකෙන් බැලුවට වඩා සිද්දිය ගොඩාක් ආකර්ශණීය විදිහට ලියල තියනවා.එලම කිරි.....දිගටම ලියමු.ජයවේවා.....!

    ReplyDelete
  25. Yonni Barrios Rojas ගැන ගොසිප් එක මම මෙහෙම ලියන්නම්
    http://beartoons.com/2010/10/13/editorial-cartoon-yonni-barrios-wife-and-mistress/

    ReplyDelete
    Replies
    1. මිනිහගෙ නමෙයි අවුල තිබිල තියෙන්නෙ. "යොනි" කියල නම දැම්ම කෙනාගෙ වරද . මම ඔය සිද්දිය දිගටම CNN එකෙං බැලුව

      Delete
    2. ෂඃ මම මෙච්චර මේ ගැන තොරතුරු හෙව්වා මට මෙහෙම එකක් හම්බුනෙ නෑනෙ.. ස්තූතියි කවිකාරි ඒ ගැන කිව්වට.. නමේ තමයි වැරැද්ද.... :-)

      Delete
    3. ඒ මම ඒ කාලෙ CNN/ AL JAZEERA/BBC බලපු නිසා. සාමාන්ය‍යෙන් මම බ්‍රේකිං නිවුස් බලනවා. කතාව දිගට යනවා නම් දිගටම බලනවා. ඒකනෙ මගෙ පුතා මට අල් ජසීරා කියන්නෙ

      Delete
    4. හෙහ් පුත්‍රයා මරු නමක්නෙ අම්මට දාලා තියෙන්නෙ..

      ජයම පතමි !!!!

      Delete
  26. අංගසම්පූර්ණ ඉතාමත්ම විශ්ෂ්ඨ ලිපියක්...මේ තොරතුරැ රැස් කරගන්න කොතරම් මහන්සි වෙන්න ඇතිද කියලා සිරාට හිතා ගන්න පුලුවන්... ඉතාමත්ම සංවේදී මේ කථාව සිරා එදා නැරඹුවේද කදුලු පිරි දෑසිනි...අදද එසේමය ඒ අප ජාති කුල ආගම් ලෙස වෙනස් වුවද පොදු මිනිස්කමේ බැම්මෙන් බැදී සිටිනා නිසාවෙනි... ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා.. පරණ කතාවක් කියෙව්වට..

      Delete
  27. මාත් පතල ඇතුලේ ඉඳන් මේක කියෙව්වේ. සෙන්නා ලස්සනට ලියල තියනවා. කලින් බොහොම කෙටි විස්තරයක් කියෙව්වා පත්තරේකින්. මේ ලිපිය තුලින් සිද්ධිය සවිස්තරාත්මකව දැනෙන විදිහට ලිව්වට ස්තුතියි. මේ වගේ ලිපියක් ලියන්න කොච්චර මහන්සියක් වෙන්න ඕනද කියන එක මට හිතා ගන්න පුලුවන්.
    Luis Urzúa. ඔහු නම් නියමම නායකයෙක්.

    ජයවේවා සෙන්නා..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන.. අගය කිරීමටටයි, පරණ ලිපියක් කියවලා කමෙන්ට් එකක් දාපු එකටයි..

      චන්දනටත් ජය වේවා !

      Delete
  28. මයිල් ඉස්මයිල් වෙලා කියෙව්වේ මේ ලිපිය. අප්පේ ඒ මිනිස්සුන්ට මොනවා හිතෙන්න ඇද්ද?

    ReplyDelete
  29. ලියලා කාලෙකට පස්සෙ කියවන්න ලැබුණත්. ඉතා විශිෂ්ට විදියට පෙළගස්වලා ලියපු ලිපියක්.

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog