Saturday, June 10, 2017

උපමාව සහ උපමේය..............

"හරි ඊළඟ ප්‍රශ්ණෙ කියවන්න."

(Vi). පහත දැක්වෙන ජේදයේ...

"ජේදයේ නෙමේ ජේ(චේ)දයේ.."

 "ඡේදයේ සඳහන් උපමාව ලියන්න.

"දවල් ඉර අව්ව වනය මත වැටී ගියාට පසු, ගස් මුදුන්වල සුළඟ හැපී ඇති වන හඬ හා වියළි අතු එකෙනෙක ගැටීමෙන් නගින හඬත් හැර අන් කිසිම ශබ්ධයක් වන ගැබ තුළින් අසන්නට නොලැබේ. එහෙත් වන සත්තු, ගස් යට පඳුරු අතර රිංගමින් එබිකම් පාමින් ඉතා සන්සුන්ව සේයාවන් මෙන් ඔබ මොබ හැසිරෙති."

"හරි .. කියන්න බලන්න මොකක් ද ඕකෙ තියන උපමාව කියලා."

"මේකෙ උපමාවක් නෑනෙ!"

"නැත්තෙ මොකද තියනවා. උපමාවක් හොයන්න කිව්වම මෙහෙමයි කරන්න ඕනා පුතා. හරි ලේසියි. "මෙන්", "ලෙස", "වගේ", "වැනි" ඔන්න ඔය වගේ වචන වලට ඉස්සරහා තියන වචනෙ තමා උපමාව වෙන්නෙ. දැන් මෙහෙම බලන්නකෝ..."

"අලියා, කළු ගලක් මෙන් කළු පාටය."

"එතකොට ඕකේ "කළු ගලක්" තමා උපමාව. ඒකනෙ මෙන් කියන එකට ඉස්සරහින් තියෙන්නෙ. එතකොට "අලියා" තමා උපමේය. තේරුණා ද?"

"ඔව්.."

'හ්ම් එහෙනම් ඔය ඡේදය ආයෙ කියවලා කියන්න බලන්න උපමාව මොකක් ද කියලා.."

" දවල් ඉර අව්ව වනය මත වැටී ගියාට පසු,  ....................................................එබිකම් පාමින් ඉතා සන්සුන්ව සේයාවන් මෙන් ඔබ මොබ හැසිරෙති."

"හරි, හොයා ගත්ත ද මොකක් ද උපමාව කියලා?"

"ඔව්"

"මොකක් ද?"

"ගැටී."



(අවවාදය : පොඩි උන් එක්ක ගනු දෙනු පරිස්සමින්....)

ලියුවේ:
සෙන්නා / 10.06.2017


24 comments:

  1. I smile because you are my child. I laugh because there's nothing I can do about that.

    ReplyDelete
  2. මෙවැනි අවස්ථාවල ටොක්කක් වැනි යමක් කොල්ලාගේ හිසමත "ගැටී"මට සැලැස්වීමෙන් උගේ මොළය පෑදිය හැකිය....

    ReplyDelete
    Replies
    1. ටොක්ක සාර්තක ක්‍රමයක් නෙමේ...

      Delete
  3. ඉතිං බං ඒ දරුව කියපු දේ හරියට වටහ ගෙන තියෙනව නේ. හෙහ් හෙහ්....

    ආයෙ කල්පනා කරල බැලුවම සිංහල වගේ භාෂාවක් හරියට ඉගෙන ගන්නව කියන්නෙ එකාතකින් පනයන වැඩක්. අපිත් ඕක විහාභ වෙනුවෙන් කළා ඇරෙන්න දන්න සිංහලයක් නෑ බං.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම හුඟක් සිංහල ඉගන ගත්තේ බ්ලොග් කෙරුවාවෙන්.. වැරදි දැක්කම පෙන්නලා දීලා විචාරකලා වගේ අය කළේ ලොකු සේවයක්...

      Delete
  4. ඉගැන්වීම; විශේෂයෙන් යමක් තේරුම් බේරුම් කරදීම ආදියට ස්ටෑන්ඩර් ෆෝමැට් එකක් ෆලෝකරනවාට වඩා ඩයිනමික් වෙන තරමට හොඳයි. විශේෂයෙන් පොඩි ළමයින් සමඟ කටයුතු කිරීමේ දී.

    මෙහෙම කතාවක් තියෙනවා: Teaching is an Art not a Science

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඩීන් අයියා...මට කලා හැකියාවන් කොහොමත් පිහිටලා නෑ...

      Delete
    2. Teaching is Learning කියලා අපිට උගන්වපු සර් කෙනෙක් කිව්වා. සහතික ඇත්ත. අපි යමක් හරියට දන්නවාද කියළා තේරුම් ගන්න පුළුවන්, කාට හරි ඒක කියලා දෙන්න ගියාම.

      Delete
  5. මදැයි අදහස ගැටී තියෙන අන්දම.

    සිංහල තව එකෙකුට කියල දෙනකොට තමයි හිතෙන්නෙ අපි ඒක කොහොම ඉගෙන ගත්තද කියල. හැක්..

    ReplyDelete
    Replies
    1. සිංහල මහ පණ යන භාෂාවක් තමා..

      Delete
  6. අඩේ පොඩි එකාට විතරක් නෙමේ මටත් මේකේ ඉලවු උපමාව හොයා ගන්න අමාරුයි නොව.

    ReplyDelete
    Replies
    1. මෙන් කියන වචනෙට ඉස්සරහින් තියන වචනෙ තමා උපමාව... :D

      Delete
  7. ඕක සෙන්නා සහ පොඩි සෙන්නා අතර වෙච්ච සංවාදයක්ද? මොනවා උනත් පොඩි එකා දක්සයා. සිංහල වෙන්ටැති ලෝකේ තියන අමාරුම බාසාව.

    ReplyDelete
  8. අපිට පේන්නැති දේවල් පොඩි එවුන්ට පේනවා. මොකද එවුන් කිසි දෙයක් ඔලුවේ තියාගෙන නෙවෙයි හිතන්නේ.

    ReplyDelete
  9. ඔය ඡේදය තියෙන්න‍ෙ සුදුගෝනා පොතේ නේද?

    ReplyDelete
  10. Man oba thumage blog1 aga idan mulata kiyawana gaman meka hithune,
    Man dakka kalayak meka noliya idala thiyenawa. Ane ehema ka epa.
    Obe liwima hari rasawath. Digatama liyanna.

    ReplyDelete
  11. Man oba thumage blog1 aga idan mulata kiyawana gaman meka hithune,
    Man dakka kalayak meka noliya idala thiyenawa. Ane ehema ka epa.
    Obe liwima hari rasawath. Digatama liyanna.

    ReplyDelete
  12. කිව්වත් වගේ ෆ්‍රේම් එකෙන් පිට පැනලා හිතන්න බැරි තරම් අපි ඉගෙනීමෙන් කුරුවල් වෙලා ඩෝහ් හෙ හෙ හේ

    සුද්දෝ නම් නිතරම තින්ක් අවුට් ඔෆ් බොක්ස් කියලා ළමයින්ට කියනවාලුනේ :D

    ReplyDelete
  13. කුරුඳු අවාරෙ ද?

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog