Sunday, October 27, 2013

නොමිනිසුන් මැද මිනිසත්ව......

2013 වප් මස 27 වනදා

මාජය පිරිහිලා කියන එක තමා අද පොදු මතය. ඉස්සරහට තවත් පිරිහෙයි කියලත් සමහරු අනුමාන කරනවා. ඒ කියන්නෙ අපේ ආච්චි, සීයලෑගෙ කාලෙ තිබුණ ගුණයහපත්කම්, සාමාජීය ආචාර ධර්ම මේ වෙනකොට සැලකිය යුතු මට්ටමකින් පිරිහිලා කියන එක තමා කියවෙන්නෙ. සමස්තය සලකලා බැලුවම හා එදිනෙදා ඇහෙන ප්‍රවෘත්ති බැලුවාම ඒ කතාව බොරුයි කියලා ප්‍රතික්ෂේප කරන්නත් හැකියාවක් නෑ. වර්තමාන සමාජයේ, අපිත් ඇතුළුව අති බහුතරය ආර්ථික රැල්ලේ ගසාගෙන යමින් අසීමිත තරගකාරිත්වයක වෙලිලා ඉන්න නිසා සෑමවිටම උත්සහා කරන්නෙ තමන්ගෙ ඉලක්කයන් සපුරා ගන්න මිසක්, අන් අය වෙනුවෙන් කැපවෙන්නවත්, පොදු යහපත උදෙසා සියා කාලය ශ්‍රමය මිඩංගු කරන්නවත් කිසි කෙනෙකුට හැකියාවක්වත්, උවමනාවක්වත් නෑ. ඒත් ඔය තත්ත්වයට ව්‍යතිරේකයන් ඇත්තේම නැද්ද ? නෑ, තියනවා. මේ කියන්න යන්නෙ ඒ වගේ මනුස්සයෙක් ගැන. ඇත්තෙන්ම මේක ඔහුගේ උතුම් සේවයට කරණ ඉතාම සුළු ඇගයීමක් කිව්වත් නිවැරැදයි. පුද්ගලිකව මම ඔහුව අඳුනන්නෙවත්, නම, ගම ආදී විස්තර කිසිත් දන්නේවත් නෑ. මම දැකලා තියෙන්නෙ ඔහු කරන උතුම් කාර්‍යය විතරයි.

+++++++

අපේ ගමේ ඉස්කෝලෙ ප්‍රධාන ගේට්ටුව තියෙන්නෙ රේල් පාරක් ඉස්සරහා. ගමේ ඉස්කෝලෙ කිව්වට මේක ළමයි දෙදහක් විතර ඉගන ගන්න ජාතික පාසලක්. එතකොට ඔය දෙදාහෙන් 95%කට ආසන්න ගාණක් උදේ හවා ඔය රේල් පාර උඩින් තමා යන්න එන්න ඕනා. අපි පොඩි කාලෙ ඉස්කෝලෙ යනකොටත්, මේ මෑතක් වෙනකම්මත් ඔය තත්ත්වය ඔහොම්මම තමයි. ඒ කියන්නෙ අනාරක්ෂිත දුම්රිය  හරස් මාර්ගයක් හරහා තමා ළමයින්ට ගමන් කරන්න වෙලා තිබුණෙ. හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහත්මයා අනාරක්ෂිත ගේට්ටු හැම එකකටම උණ බම්බු ගේට්ටු දාපු කාලෙනම් ඔතනට බම්බු ගේට්ටුවක් වැටිලා තිබුණට කාලයත් එක්ක ඒ බම්බු දිරලා ගිහින් ආයෙත් පරණ පුරුදු තත්ත්වයටම ආවා. ඒ කියන්නෙ ආනාරක්ෂිත හරස් මාර්‍ගය. අපි ඉස්කෝලෙට සමුදීලා එනකනුත් තත්ත්වය එහෙම්මම තමා. ඊට පස්සෙ මීට අවුරුදු හය හතකට කලින් ඔතෙන්ට සවි කළා සීනුවක් විතරක්. ඒක කෝච්චියක් එනකොට ටෑන් ටෑන් ගාලා වදිනවා. හැබැයි ගේට්ටුවක් නෑ.

තත්ත්වය් ඔහොම තියනකොට ඔතෙනට එනවා මම මේ කියන මනුස්සයා. එයාගෙ දරුවෙක් හරි මුණුබුරෙක් හරිත් ඉස්කෝලෙ ඉගන ගන්නවාලු. උදේ හයා මාරට එතනට එන මේ මනුස්සයා කෝච්චියක් එන ගානෙ ළමයින්ව රේල් පාර ගාව නවත්ව ගන්නවා. ඒ විතරක් නෙමේ වාහන වලටත් සංඥා දෙනවා, හරහා යන්න ආරක්ෂිතද නැද්ද කියලා. එයාගෙ වැඩ අවසන් කරලා යන්නෙ උදේ අටට විතර. ඒ ගිහින් ආයෙත් එනවා දවල් එකොළහා මාර වෙනකොට.

අවුරුදු ගාණක් මේ මනුස්සයා කිසිම ප්‍රතිලාභයක් නොලබා, අනුන් වෙනුවෙන් මෙහෙම කාලය ශ්‍රමය මිඩංගු කරනවා. ඔය අතරෙදි තමයි ඉස්කෝලෙ ළමයෙක් ඒ ආසන්නයේ තියන දුම්රිය පළේදි කෝච්චියට දිවි දෙන්නෙ. එතකොට තනි රේල් පාර, දෙකක් කරපු අලුත. ෆ්ලැට්ෆෝම් දෙකකුත් වැටිලා. හැබැයි ෆ්ලැට්ෆෝම් හරහා යන්න ගුවන් පාලමක් නෑ. ඉස්කෝලෙ ඇරිලා ළමයි ටික ඔක්කොම වෙනදා පුරුදු ෆ්ලැට්ෆෝම් එකේ ඉන්නවා කෝච්චිය එනකම්. හදිසියෙම දුම්රිය ස්ථානාධිපති කියනවා කෝච්චිය එන්නෙ අනිත් ෆ්ලැට්ෆෝම් එකට කියලා. දැන් මොකද කරන්නෙ ! කෝච්චියත් ළඟ ළඟම එනවා. වෙන විකල්පයක් නෑ මේ ෆ්ලැට්ෆෝම් එකෙන් රේල් පාරට බැහැලා, රේල් පාර හරහා ගිහින් අනිත් එකට නගිනවා හැර. නැත්නම් ඉතින් ඊළඟ කෝච්චිය එනකම් ඉන්න වෙනවා. ඔක්කොම ළමයි ඒ ක්‍රියාන්විතය ජය ගන්න සමත් වුණත්, එක ළමයෙක් අසමත් වෙනවා. අනිත් ෆ්ලැත්ෆෝම් එකට නගින්න ඕන්න මෙන්න තියලා කෝච්චිය අර ළමයව යට කරගෙන යනවා.

ඒ  ළමයගෙ ජීවිත පරිත්‍යාගය තමයි බළධාරින්ගෙ ඇස ඇරවන්නෙ, මෙතෙනට ගුවන් පාලමක් අවශ්‍යයයි කියන කාරණය සම්බන්ධයෙන්. ඒ එක්කම වගේ කලින් කියපු දුම්රිය හරස් මාර්‍ගයට ගේට්ටුවකුත් වැටෙනවා. ඒ කියන්නෙ අර මනුස්සයට තමන් කරපු සේවය නවත්වල දාන්න පුළුවන්. ඒත් ඔහු එහෙම කරන්නෑ. හැමදාම එනවා. මමත් හැමදාම උදේට වැඩට යනකොට ඔහුව දකින වාරයක් පාසා කල්පනා කරන්වා ඇයි මේ මනුස්සයා තාම එන්නෙ, දැන් ගේට්ටුව තියනවනෙ කියලා. ඒ කට උත්තරේ මට හම්බුනේ මේ ඊයෙ පෙරේදා දවසක කෝච්චියක් යනකම් රේල් ගේට්ටුව ගාව හිටගෙන ඉන්න වුණාම. මම ගත්තා අතේ තිබුණ ෆෝන් එකෙන් පින්තූරයක්. උත්තරේ එතන තියනවා.

මේ සටහන තියන්න මම ඒ උතුම් මිනිසාගෙන් අවසරයක් ගත්තේනම් නැ. මේ වගේ සටහනක් තියන්න එහෙම අවසරයක් අවශ්‍යය නැතිව ඇති නේද ?




+++++++

මීට අවුරුදු හයකට කලින් අද වගේ ඔක්තෝබර් 27 වෙනිදාවක ඔයා ඉපදෙනකොට හරිම චූටියි. දැන් ඔයාට අවුරුදු හයක් වගේම ඉපදෙනවට හිටියට වඩා උස මහතයි. ඉස්සරහට තව තවත් ලොකු වෙයි. කොච්චර ලොකු වුනත් පොලවෙ පය ගහලා ඉන්න ඉගන ගන්න. ඔය උඩ ඉන්න සීයා වගේ හැකි හැම වෙලාවකම අනුන්ට උදව් කරන්නත් පුරුදු වෙන්න. මේක අද නොකියෙව්වට  ඔයා කවදා හරි කියවයි. එදාට, ගන්න පුළුවන් ආදර්ශයක් අරගෙන හොඳ මිනිහෙක් වෙන්න, ලොකු මිනිහෙක් නෙමේ. අම්මගෙයි, තාත්තගෙයි පැතුම එච්චරයි. සුබ උපන් දිනයක් වේවා !!





~~ සෙන්නා / 27.10.2013

69 comments:

  1. අද වෙනදේවල් බැලුවාම, ඇහුවාම, ඔයාගේ පෝස්ට් එක සනීපෙට හමපු සුලඟක් ඇවිත් ඇඟේ ගෑවිලා ගියා වගේ.
    පුතා ඔයා හිතන විදියෙම හොඳ කෙනෙක් වෙයි කියලා අවංකවම ප්‍රාර්ථනා කරනවා සෙන්නෝ.

    චූටි පුතාට සුබ උපන් දිනයක්!!!

    උම්ම්ම්ම්ම්මා... :)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි, බොහොම ස්තූතියි උදෙන්ම ඇවිත් පුත්‍රයාට සුබ පැතුවට. හැමදාම අහන්න ලැබෙන්නෙ නරක පුවත් නිසා මේ වගේ ඒවා අහන්න ලැබෙන එක සිතට සතුටක් තමා නේද.

      Delete
  2. පොඩ්ඩට සුබ උපන් දිනක් !!!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇනෝ .

      Delete
  3. මුලින්ම පුංචි මල්ලීට සුභම සුභ උපන් දිනයක් ප්‍රාර්තනා කරනවා.. ඒ වගේම හොඳට ඉගෙනගෙන යහපත් මනුස්සයෙක් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා..

    වැදගත් මිනිස්සු ඉගෙනගත්තු ඉස්කෝලෙකට වගෙයි මල්ලි යන්නෙ. ;)

    රේල් පාර ගාව මනුස්සයාව මට හමුවෙලා නෑනෙ. ඒ කවුද? අර ළමයා හැප්පිලා මැරෙනවා දැකපු කම්පනයට ඒ ළමයගෙ යාළුවත් මැරුනලු නේද? ඇත්ත බොරු නම් මන්දා?

    ReplyDelete
    Replies
    1. හරි අයියට ස්තූතියිලු. ඔව් ඔව් වැදගත් මිනිස්සු ඉගනගත්තු ඉස්කෝලයක්ලු තමා ඒක..

      හරී සතියෙ දවසක උදේ හතට විතර ඇවිත් බලන්නකො. ඒ මනුස්සයා ඉන්නවා. ගිය සිකුරාදත් මට හම්බුනා. ඒ ළමයගෙ යාලුවා මැරුනද කියලනම් මට ආරන්චියක් නෑ. ඒත් ඒ ළමයට පිස්සු හැදුනා කියලානම් දැන ගන්න ලැබුනා. පස්සෙ මළාද දන්නෑ එහෙනම්.

      Delete
  4. අඩේ සෙන්නයියගේ පුතාට සුභ උපන්දිනයක් පතනවා
    ඇත්තටම ලාබයක් බලන් වැඩ කරන්නේ නැති මිනිස්සු මේ ලෝකේ අඩුයි. හැමීම බලන්නේ තමන්ගේ මඩිය ටහර කරගන්න. අපි අපේ ලමයින්ටවත් උගන්වන්න ඕනේ මේ ලෝකෙට වැඩදායි ලෙස ජීවත් වන්න.

    ReplyDelete
    Replies
    1. කෝරළේ බොහොම ස්තූතියි. එහෙම තමා බන් වෙන්න ඕනා. ඒත් දැන් වෙන්නෙ රුයිතෙට.

      Delete
  5. විචාරක සීයාගෙන් අනාගත පුරවැසියාට උණුසුම් සුබපැතුම්.

    සෙන්නා, අපේ ගෙදර ඉඳලා කිලෝමීටර් 13 ක් එහා තියන යාන්ගල්මෝදර කියන ස්ථානයේ මහා භයානක දුම්රිය - බස් අනතුරක් වුනා. 2005 දි. මගේ බිරිඳ එදා ඊට කලින් ගිය බස් ඒකෙන් එතන පසුකර ගොස් විනාඩියකින් සිදුවුනේ මේ අනතුර. 40 ක් විතර මැරුණා. මම කියන්න ඔනෙනෑ ඔයා දන්නවා මේ අනතුර ගැන. එදාට පහුවදා හෝ ඊටත් පහුවදා 'මාමා' කයිය ගැහුවා එතනට ගුවන් පාලමක් දෙනවා කියලා. තවම ඒ ගැන කිසිදෙයක් කරලා නැහැ. අර නෙළුම් පොකුණේ උඩ පාලම් ඇඳි වගේ පෙනෙන කෑලි ටිකවත් ගලවලා ගෙනත් හයිකරනවානම් මාමාගේ මාමාටත් පින්සිද්ද වෙනවා.

    ReplyDelete
    Replies
    1. විචාරක සීයා, බොහොම ස්තූතියි..

      ඔව් මට මතකයි ඔය කියන අනතුර.. සමහර විට බිලි ගාන මදිද දන්නෑ.. මේකනම් අනතුර වෙච්ච ගමන් හැදුවා. ඒත් ප්‍රමිතිය අන්තිම බාලයි. ඊ ලඟ අනතුර වෙන්නෙ ඔය පාලම කඩන් වැටිලා. අඩු ගානෙ ඒක ලෙවල් එකටවත් හදලා නෑ.. එක පැත්තක් උසයි...හරියවත් සාක්කියට දානවම මම ඕන්නම්..

      Delete
    2. ඔව් කතාව ඇත්ත. මම ඒකට නැග්ගෙත් බයෙන් බයෙන්. අගල් දෙකක් විතර කොන්ක්‍රීට් එකක්. ඉස්කෝලෙ එහෙම ඇරෙන වෙලාවක ලමයි ගොඩක් නැග්ගොත් කඩාවැටෙන්න බැරිකමක් නෑ.

      Delete
  6. පොඩි එකාට සුබ උපන්දිනයක්... රටට බණ කිය කියා උපදෙස් දෙන මිනිස්සු අතරේ .. ක්‍රියාවෙන් මේ වගේ වැඩක් කරන මිනිස්සු එන්න එන්න දැන් අඩුවෙනවා... කවද හරි පුතා මේ දේවල් දැකල මේ ගති ගුණ පුරුදු වෙයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුම්. ඇත්තෙන්ම මේ ජාතියෙ මිනිස්සු හරිම අඩුයි. ඒකමයි මට ඒ ගැන සටහනක් තියන්න ඕනා කියලා හිතුනෙ..

      Delete
  7. සෙන්නා පැටියට සුභ උපන්දිනයක්. මේවගේ පෝස්ට් එකක් ඔයාට කවදාහරි බලන්න ලියපු තාත්තගේ පැතුම ඉ‍ටු වේවා.

    ජීවිතාශාව නැති කරනවට වඩා, මේ වගේ ජීවිතාශාව ඇති කරන පෝස්ට් කියවන්න මම හරි කැමතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩූඩේ...පුතා කවදා හරි කියවලා අදර්ශයක් ගනියි කියන බලාපොරොත්තුවෙනුත් තමා ලියුවෙ.

      ජීවිතාශාව නැති කරන කිව්වෙ ??

      Delete
    2. හා හා. උඹ කලබල වෙනවනේ. දැන් පත්තරයක් අරං බලාපං තියෙන මිනී මැරුම්, දූෂණ, කප්පම් ගැනිලි සංඛ්‍යාව. ඒවා කියෙව්වාම ජීවිතාශාව නැතිවෙනවා. නමුත් මේවගේ ආටිකල් එකක් කියෙව්වම හිතෙනවා ලෝකේ අපි හිතන තරම්ම නරකත් නෑ කියලා. ඒකයි.

      Delete
    3. ඒක මිසක්.. ම්ං බය වෙලා :D

      Delete
    4. හෙන්රිගේ කතාව හරි. ඉස්සර සෙනසුරාදට අපේ දිහා කට්ටිය ලෝක වෙන්ව. මොකද ඉරිදා පත්තර ටික අරන් ඇවිත් නිසා. මේ පාර යද්දී බුදුසරණ විතරයි. දැන් ගෙදර පත්තර ගන්නේ නැත්තේ සල්ලි දීලා හිත නරක කරගන්න බැරි නිසාලු.

      Delete
  8. මුලින්ම ඔන්න මමත් චූටි පුතාට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා !

    මට මතකයි සෙන්නා පුතා ඇඳපු චිත්‍ර මේ බ්ලොග් එකේ දැම්මා. ඇත්තටම පුතා දක්‍ෂයෙක්. ඉතිං පුතාගෙ අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවෙලා වාසනාවන්ත අනාගතයක් උරුමවෙන්න කියල මම නැවතත් සුබපතනවා.


    අනිත් දේවල් ගැන නම් කතාකරල වැඩක් නෑ සෙන්නා. මම නම් අන්තෙටම කලකිරිල ඉන්නෙ.

    අනෙක අපේ රටේ බලධාරීන්ට නම් ඇස් ඇරෙන්න කොහොමටත් කීප දෙනෙක්ගෙවත් ජීවිත නිරපරාදෙ නැති නාස්ති වෙන්න ඕන. ඔය දුම්රිය හරස්මාර්ගවල ගේට්ටු සවිකිරීම ගැන අපේ රටේ කිහිප දෙනෙක්ම අඩුවියදම් (පිටරටින් ගෙන්වන්න වැයවන මුදලට සාපේක්‍ෂව) නව නිපැයුම් කරල තිබුනනේ. ඒවයෙ ප්‍රශ්න තියෙනව වෙන්න පුළුවන්. ඉතිං කළයුතු වෙන්නෙ ඔවුන් සමඟ එකතුවෙල ඒ නිපැයුම් තන තවත් වැඩිදියුණු කරගන්න එක. ඒ උනාට කරන්නෙ ඒව අල්ලල කුණුකූඩෙට දාලා ඒ මිනිස්සුත් අධෛර්යට පත්කරන එක.

    මේ කාලෙ තමන්ගෙ වැඩ ඇරගෙන අනුන්ට උදව් කරන්න යන්නෙ කවුද? එහෙම ලෝකෙක නිහඬ සේවයක් කරන ඒ යහපත් මිනිසාට මගේ උත්තමාචාරය !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුබ පැතුමට.

      කලකිරෙනවන දේවල් එමටයි බන්.. ඒ අතරින් මේ වගේ දෙයක්වත් බලලා හිත හදාගෙන ඉස්සරහට යමු.

      Delete
  9. ඒ චූටි පුතා වගේම, මේ චූටි පුතාගෙත් උපන්දිනය හෙට ;)

    සුභ පැතුම්..

    අර වගේ උතුම් මනුස්සයෙක් ගේ රාජකාරියක් මම දැක්කා වත්තල පැත්තෙ (හරියට මතක නැහැ. ඇතුල් පැත්තක) වාහන දෙක් මාරු වෙන්න බැරි විදිහට තියෙන, කන්දක් තියෙන, පාලමක මාරූ වීම් ස්ථානයක්. ඔහු තමා වාහන දෙපැත්තෙන් නවත්තමින් පිලිවෙලකට යවන්නේ. මම ගහපු පොටෝ කෑල්ලක් ඇති. විස්තර මදි නිසා මම දැම්මෙ නැහැ.

    ඔහොම මිනිස්සු තමා අපි අගය කරන්න ඕනෙ. ස්තුති සෙන්නා..

    ReplyDelete
    Replies
    1. සෑමා, සුබ පැතුමට ස්තූතියි කියමින් ඔන්න කලින්ම උඹටත් සුබ පතනවා එහෙනම්..

      ඔව් බන් මෙහෙම නිහඬ සේවයන් කරන තව කී දෙනෙක් ඇත්ද අපි නොදන්න.. ඒ මනුස්සයා ගැනත් ලියපන්, විස්තර ටිකක් හොයලා..

      Delete
  10. පොඩ්ඩාට සුබ උපන්දිනක් වෙවා..!!

    ReplyDelete
    Replies
    1. වීයා ගොඩාක් ස්තූතියි මචන්..

      Delete
  11. පොඩි සෙන්නාට සුභම සුභ අනාගතයක් පතමි. හොඳ මිනිහෙක් වෙන එක තමයි ලොකුම හොඳකම...සෙන්නා අපේ දුව ඕ ලෙවල් ඉවරවෙච්ච කාලේ (මීට වසර 9 පෙර ) මගෙන් ඇහුවා එයා කවුරු වෙන්නද ඕන කියලා....මම කිව්වා මට ඔයා කවුරු වෙන්නවත් කලින් දකින්න ඕන හොඳ මනුස්සයෙක් හැටියට කියලා....අද අපිට ආඩම්බරයි....සමාජය ඇය පිලිබඳ දක්වන ආකල්පය ඉහලයි. එම වටිනාකම හැම තැනකම කැපී පෙනෙනවා. උඹේ ලිපියට එකතුවක් පමණයි මේ ටික.

    ReplyDelete
    Replies
    1. අරූ, බොහොම වටිනා එකතු කිරීමක්.. පුතා යම් දවසක මේක කියෙව්වොත්, අරූ මේ කියලා තියන එකත් දකීවි. ඒක හොඳ මග පෙන්වීමක්.. බොහොම ස්තූතියි.

      Delete
  12. පුතාට සුබම සුබ උපන්දිනයක් වෙවා . . හොද පනිවිඩයක් වැදගත් දවස්ක බෙදාදීම ගැනත් ඉස්තුති. . .

    ReplyDelete
    Replies
    1. මගියා, උඹටත් බොහෝම ස්තූතියි...

      Delete
  13. පොඩ්ඩට සුභ උපදිනයක් පතනවා අයියේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලයා. මට ඒ පැත්තට එබිකම් කරන්න ලැබුන්නෑ බොහොම කාලෙකින්. අහිතක් නෑ කියලා දන්නවා ඉඳලා ඉඳලා දාන පෝස්ට් එකත දුවලා ඇවිත් කමෙන්ට් එකක් දාලා යන නිසා. ඉක්මනින් එන්නම්.

      Delete
  14. පොඩි සෙන්නා ටිකක් ආඩම්බර කාරයෙක්ද

    ReplyDelete
    Replies
    1. එහෙම නෑ මම හිතන්නෙ..තාම කියන්න අමාරුයි..

      Delete
  15. ගුරු සිත නොරිදවා
    වෙලාව නොවරදවා
    බැති පෙම් උපදවා
    අකුරකු උගණී කුමරු සොඳවා

    මට මතක් වුණේ ඔන්න ඔය කවිය. ඊයේ මුල පරිච්චේදය කියවනකොට, ගෙදර ගෙනත් කරන්න ගත්ත වැඩක් මතක් වෙලා ඒක පටන් ගත්තා. ඊයේ දවසටම කියවන්න ලැබුණේ නෑ. ඒකෙ තිබ්බ ප්‍රමාද දෝෂයේ තරම තේරුනේ අද. Better Late than Never කියනවනේ. ඔන්න මගෙනුත් පුංචි පුතාට

    සුබ උපන් දිනයක් වේවා !!!

    දැනුමෙන් මෙන්ම ගුණ දහමින් යුත් උතුම් පුරවැසියෙක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. අමතක වුණා. අර මනුස්සයටත් දීර්ඝායු වේවා !!!

      Delete
    2. මදෑ වෙච්ච වැඩේ. :D බොහොම ස්තූතියි සුධීක.

      Delete
  16. පුතාට සුබ උපන්දිනයක් වේවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බින්ධි.

      Delete
    2. බින්දි කියලා ලියන්නේ ඔහොම නෙමෙයි මෙහෙම “බින්දි“ :D

      Delete
    3. මමත් කිව්වා බින්දිට.... :D

      Delete
  17. අගේට කාරණා කියාදී ඇත. පුංචි සෙන්නට සුභම සුභ උපන්දිනයක්...

    ReplyDelete
    Replies
    1. එසේද ?? ස්තූතියි දේශක මාමේ..

      Delete
  18. පොඩි සෙන්නට හැපි බර්ත්ඩේ.....

    අපේ අම්මලගේ ක‌ෙඩ් ඉස්සරහත් ඉතිං ඔය වගේම පාරක් තියෙනව... දැං අලුතින් ගේට්ටුවක් දාලා... හැබැයි අර අලුතින් ගේට්ටු රස්සාවට පත්කරලා ඉන්න අය ගැන නං කඩේ කෙල්ලො ටික කතන්දර කෝටියක් විතර කියනව.. මෙහෙම තැනක කියන්න බැරි තරං.. හි හි...

    මොනා නැතත් ඒ කට්ටිය රස්සාව හරියට කරනවා... ඒකත් මදෑ ඉතිං... ස්ටේෂන් වල තියෙන ගුවන් පාලං ගැන නං කියල වැඩක් නෑ සෙන්න...

    ReplyDelete
    Replies
    1. හැබෑටම මොනාද ඒ ගොල්ලන්ට කියන්නෙ ??

      ස්තූතියි හිරූ, සුබ පැතුමට..

      Delete
  19. චූටි පුතාට සුභ උපන්දිනයක්..
    හැම දෙමව්පියෙකුගේ ආශාව වෙන්නේ සෙන්නා කියන එකම තමා..ස්තුතියි වටිනා මිනිසෙක් ගැන විස්තර බෙදාගත්තට..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රූ. සෙන්නාත් සැමගෙන් එකෙක්නෙ...

      Delete
  20. ආනේ....අපේ සෙන්න පැටියට හයක් වෙලා.
    සුභ උපන්දිනයක් වේවා පැටියෝ...!!
    ලොකු මිනිසෙක් නොවී....
    ලොවට වැඩදායක ....
    හොද මිනිසකු වෙයන් පුතේ....
    අම්මි,තාත්ති ඇතුළු සියලු දෙනා...
    පතන ලෙසට.......!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි මාමා..

      Delete
  21. පොඩ්ඩාට සුබම සුබ උපන්දිනයක් වේවා.

    අර මනුස්සයා තාමත් එතනට යන්නේ පොඩි එවුන් ගේට්ටුව අස්සෙන් ඒවි කියලා නේද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සයුරි.

      ඔව් පොඩි උනුයි, මහ උනුයි දෙගොල්ලොම. දන්නවනෙ අපේ අයගෙ විනය.

      Delete
  22. පොඩ්ඩට පරක්කු වෙලා හරි සුභ උපන් දිනයක් පතනවා...අර වගේ උතුම් මිනිසෙකු දකින්නට ලැබීමත් සතුටක්...අපි මේ වගේ මිනිස්සු මේ සමාජයෙන් තුරන් වෙලා ගිහිල්ලා කියලා හිතුවට...උවමනාවෙන් බැලුවොත් නැත්තෙමත් නෑ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා. ඇත්තෙන්ම ඔව්, තවම ඉන්නවා. හැබැයි අඩුයි...

      Delete
  23. දවසක් පරක්කු වෙලා හරි පුංචි පුතාට සුභ උපන් දිනයක් පතනවා. මිනිසත්කම හදුනන මිනිසුන් අතර ජීවත්වන්නට ලැබීම ඇත්තෙන්ම සතුටට කරුනක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පුංචි කුමාරිහාමි. අපි තවමත් වාසනාවන්තයි කියලා හිතෙනවා.

      Delete
  24. සෙන්නෝ ඔන්න දවසක්ම ප්‍රමාද වුණා.

    පුත්‍ර රත්නයට ශුභම ශුභ උපන්දිනයක් වේවා !

    ඒ එක්කම පුතාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියා හඳවතින්ම පතනෙමි.

    නිතර අහන්න දකින්න ලැබෙන, නොමිනිසුන් අතින් සිදුවන කාලකන්නි දේවල් අතර අර වගේ උතුම් මිනිසුන් පිළිබඳවත් තවම අහන්න ලැබීමට තරම්; අපි පින් කරලා තියෙනවා වගේ නේද සෙන්නෝ...

    ReplyDelete
    Replies
    1. ගමේ හිතවතා,

      ස්තූතියි බොහොම. ඔව් බන් තවමත් අපි වාසනාවන්තයි...

      Delete
  25. //මීට අවුරුදු හයකට කලින් අද වගේ ඔක්තෝබර් 27 // පුතා 27 වෙනිදා ද ඉපදුනේ. සංතෝශයි! කාරණා දෙකක් කියන්න තියෙනවා.

    01. පුතාට සුබ උපන්දිනයක්.

    02. කෙහෙල්කොටුවේ චූටි මහත්තයත් ඔක්තෝබර් 27 ඉපදිලා තියෙන්නේ. එතකොට කතන්දරකාරයා ඔක්තෝබර් 27 ඉපදිලා තියෙන්නේ. ඒ වගේම තරුවා ඔක්තෝබර් 27 ඉපදිලා තියෙන්නේ..... කාටද ආඩම්බර. සෙන්නට නිකමට හිතෙන්නේ නැද්ද, අපේ මහරජතුමා හයිවේ එක ඕපන් කරන්නත් ඔක්තෝබර් 27 තෝරාගත්තේ ඔය කාරණා 4 හන්දා කියලා?

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙමද ? දන්නවනම් කෝල් කරලම විස් කොරණවනෙ.. ඔන්න එහෙනම් චූටි මහත්තයට පමාවූ උපන්දින සුබ පැතුම්..

      අනිවාර්යයෙන් ඕක වෙන්න ඕනා හේතුව.....:D

      Delete
  26. අපූරු කතාවක් සෙන්නා.....පොඩි එකාට මමත් සුබ උපන් දිනයක් පැතුවයි කියාපං...:)

    ReplyDelete
    Replies
    1. රවී අයියා, බොහොම සතුටුයි මේ අහ ආවට. ඔන්න මම පොඩි එකාට කමෙන්ට් එක පෙන්නලා කියවන්නම දුන්නා..

      Delete
  27. අර මනුස්සයා ගැන කියවද්දි නම් ඇහට කඳුලක් ආව. මෙහෙම මිනිස්සුත් මේ සමාජයයේ ඉතුරු වෙලා ඉන්නවා කියල දැන ගන්න ලැබුන එකම සැනසීමක්.

    පරක්කු වෙලා උනත්, පුංචි පුතාටත් සුබ පැතුම්... :)

    ReplyDelete
    Replies
    1. අනිත් අයට ඒ සැනසීම දෙන්න ඔයාටත් පුළුවන්..

      ස්තූතියි සුබ පැතුමට..

      Delete
  28. මේ ටිකේ බ්ලොග් වලට එන්න බැරිවුනා. post දෙකම හරියට හිතට වදිනවා. පලමු එක නම් හිතට කඳුලක් ගෙනාවා. එහෙම සංවේදී මිනිස්සු ගැන දැන ගන්න ලැබීම ආස්වාදයක්.

    දෙවෙනි පොස්ට් එකත් හරිheart warming. තාත්ත කෙනෙක්ගේ තම පුතා වෙනුවෙන් ඇතිවන අවංක බලාපොරොත්තු මට මැවිල පේනවා. ඔබේ පුතා ඔබ බලාපොරොත්තු වන ලෙසම හොඳ මනුස්සයෙක් වේවා, සෙන්නා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිල මානෙල්.. මටත් ඒ පැත්තෙ එන්න බැරිවුනා.. දැන් බ්ලොග් කියවන්නෙ අර කවුද උණු කිරිබත් කෑවා වගේ...

      Delete
  29. මෙහෙම මිනිස්සු අතලොස්සක් තාමත් අප අතර ඉන්නවා. මම පුවත්පතකත් දැක්කා මේ වගේම කතාවක්..
    ඔබේ පුතා ඔබ වගේ හොඳ මිනිහෙක් වේවි.. ඒ ගැන සැකයක් නෑ. එසේම වේවා කියා මම පතනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සරත් අයියා... අතරින් පතර තමා ඉන්නෙ. හරිම දුර්ලබයි..

      Delete
  30. අහිතක් හිතන්නැත්නම් ඇත්තක් කියන්නම්... සින්ඩි හතර පහකම ඉන්නවා, ඒත් පෝස්ට් එකක් බ්ලොග් රෝල් වල අප්ඩේට් වුනේ නැත්නම් සදා සොත්ති තමා....

    ReplyDelete
  31. අනික් අයට වල කපන්න දන්න මහ නරුම මිනිස්සු ඉන්න මේ සමාජයේ, මෙහෙම මිනිස්සුත් ඉන්නවා. එකම මදැයි...
    පුතා හොඳ මනුස්සයෙක් වෙයි කවද හරි. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බුද්ධි.. මම ඒත් බැලුවා කෙහෙල් කොටුවෙ එකා පින්තූරෙ මාරු කරලා ආයෙත් කමෙන්ට් කරලද කියලා . :D

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog