Saturday, January 14, 2012

අපූරු තෝල්කයා


දුරුතු 14, 2012 / ශනිදා



ගිය සතියේ පතල් අස්සේ රිංගලා කට්ටියට මහන්සිත් නැතැයි.. ඒක හින්දා ටිකක් හිනා යන කතාවක් ලියන්ඩ හිතුනා. හිනා යයිද දන්නෙ නම් නෑ.

සුද්දා අපේ රට පාලනය කරන කාලේ වෙච්ච අලකලන්චියක් මේක. කට්ටිය ලංකාව අතෑරලා යන්ඩ ඔන්න මෙන්න කියලා වෙච්ච දෙයක් කියලා හිතමුකො.

ඔය අදිරාජ්‍යවාදීන් බලහත් කාරයෙන් රටවල් අල්ලගන පාලනය කරනකොට ඉතින් නිකම්ම දෙගොල්ලන්ගේ ගති සිරිත්, නම් ගම් එහෙම එහෙට මෙහෙට මාරු වෙනවනේ.. වැඩියෙන්ම වෙන්නේ ඉතින් පාලනය කරන උන්ගේ දේවල් යටත්කරගත්තු රටවල් වල අයට කාන්දු වෙන එකනේ.

ඔයවගේ ඉතින් සුද්දන්ගේ නම් එහෙම අපේ අයට ඇවිත් තියනවානේ. ඒ සමහරු වරදාන වලට රට ජාතිය පාවලා දීලා අරගත්තු ඒවා. සමහරු ඉතින් ඔය ආදර පලහිලව් වලට ගිහින්, සුද්දන්ව කරකාර බැදගෙන ඒ ගොල්ලන්ගේ නම් අරගන. තවත් සමහරුන්ට ඉතින් මේ සිංහල නම් කැතයි කියලා හිතිලා ගිහින් බලෙන්ම ඉල්ලලා දාගත්තු නම් එහෙමත් තියනවානේ. 

මේ කියන තැනත්තී හිටියේ දකුණු ප්‍රදේශයේ මුහුදුබඩ පලාතක කියමුකෝ. නම Margaret Hill. මෙයාටත් ඉතින් ඔය මම උඩින් කියපු මොකක් හරි හේතුවක් හින්දා සුද්දන්ගේ වාස ගමක් එක්කම නමක් තියනවා. අනේ ඉතින් ඒ උනාට ගෑනිට ඉංග්‍රීසි නම් මෙලෝ මලදානයක් බෑ. දෙයියනේ කියලා දරු මල්ලෝ ටික බලාගන, ස්වාමි පුරුසයත් එක්ක දැහැමෙන් සෙමෙන් කල් ගෙවනවා.

මෙයා ඉතින් ගමේ කා එක්කත් හොඳින් ඉන්නවා. හැමෝගෙම දුකට සැපට පිහිට වෙනවා. කව්රු හරි උදව්වක් ඉල්ලුවොත් ඉතින් පුලුවන් කමක් තියනවානම් බෑ කියන්නෑ. බොක්කේ තියන දේ හරි අරගන දෙනවා. ඒ තමයි මාගරට් ගේ හැටි. ඒ වගේම ගෑනී එක එකාගේ සීනි කිරන්ඩ යන්නෙත් නෑ. එකී නොකී බොහොමයක් හේතු හින්දා මාගරට්ට ගමේ කා අතරත් පොඩි ගෞරවයක් තිබුනා. ඒක හින්දා ගමේ හැමෝම මෙයත් එක්ක හොඳයි. කව්රුත් කවදාවත් එයා ගැන වරදක් එහෙමනම් කියන්නෑ. ඒ වගේම ඉතින් ආගමට දහමට හරි ලැදියි. හැම ඉරිදාම පල්ලි යන එකනම් වරද්දන්නෑ.

ඔන්න ඔහොම ඉන්නකොට තමා මේ මරාලය මාගරට්ගේ ඔළුවට කඩන් වැටෙන්නේ. අනේ ඉතින් ඕක මේ ලෝකේ හැටියක්නේ. කව්රු හරි තමන්ගේ පාඩුවේ, කාටවත් කරදරයක් නැතුව ඉන්නවානම්, උන්ටම තමා කොහේ හරි යන හෙනයක් පාත් වෙන්නේ.

එදත් මාගරට් සුපුරුදු පරිදි පල්ලි ගිහින් එනවා. බොහෝ වෙලාවට මාගරට් පල්ලි ගිහින් එවෙන්නේ තනියම. ඒ කියන්නේ දරුවෝ ටික දහම් පාසල් යනවා, ස්වාමිපුරුසයා ඉතින් හුගක් වෙලාවට පල්ලි යැවෙන්නෑ. ජීවන බර අදිනවා.

අනිත් ගෑණු ඉතින් පල්ලි ගිහින් එන්නේ කදේ දාගන, අනුන්ගේ ඕපදූපයක් එහෙම කියෝගන. පල්ලි ගිහින් දෙයියන්ට කියපුවා, පොරොන්දු වෙච්චා, ඔක්කොම ඉවරයි.. ඒවා එහෙම්ම පල්ලිය ඇතුලෙම තියලා ඇවිල්ලා. හැබැයි මාගරට් තනියමම තමා එවෙන්නේ. එයාට ඕනා ඉක්මනට ගෙදර ඇවිල්ලා ස්වාමි පුරුෂයටයි, ළමයින්ටයි දවල් කෑම ටික හදන එක තමා.

පල්ලියේ ඉඳලා මාගරට්ලෑ ගෙදරට එන පාරේ හැතැම්ම බාගයක් විතර කොටසක් තියනවා, දෙපැත්තම කැලෑව. තාම කැලේ එලිවෙලා වැඩිය ගෙවල් දොරවල් එහෙම හැදිලා නැහැ. ඔය හරියේ දවල්ටත් කව්රුවත් තනියම යන්ඩ ටිකක් බයයි. හැබැයි මාගරට්ට ඔවයෙ එච්චර ගානක් නැහැ. හිත හයිය ගෑනී.

ඔය කැලේ ටිකක් ඇතුලට වෙන්ඩ තියනවා ලෑලි වලින් හදපු පොඩි ගෙයක්. ගමට අලුතෙන් ආපු කට්ටියක් ඉඩම් කෑල්ලක් අල්ලගන හදපු ගෙයක්. මාගරට් නම් ඔය ගෙදර ඉන්නේ කව්දෝ කියලවත් තාම දන්නේ නැහැ.

මාගරට් ඉතින් පල්ලියෙ ඉඳන් දැන් තනියම එනවා. අහල පහලක කව්රුවක්වත්ම නැහැ. අනිත් අය ඉතින් කදේ දාගන හිමීට ගාටනවා. අර ගෙදරට හැරෙන අඩි පාර ලඟ ඉන්නවා ගෑනු මනුස්සයෙක් හිටගන. බොහෝම හොඳ හිනාවක් එහෙම දාගන.

"නෝනට නේද මාගරට් කියන්නේ ? අපිනම් මේ ලඟදි මෙහාට ආවේ. නෝනා ගැනනම් ගමේ හැමෝම හොඳ කියනවා අහලා තියනවා, ඒකමයි මේ අඳුර ගත්තොත් හොඳයි කියලා, එනවා දැකලා පාරට ආවේ."

මාගරටුත් ඉතින් සුපුරුදු පරිදි බොහොම සුහදව කතා කරනවා, කාගෙවත් හිත් රිදවලා පුරුද්දක් නැති නිසා. කොහොමෙන් කොහොම හරි අර මනුස්සයා ආරාධනා කරනවා මාගරට්ට ගෙදරට ගොඩ වැදිලා යන්ඩ එන්න කියලා. බොහොම පෙරැත්තයකින් පස්සේ මාගරට් ඉක්මනට යන්ඩ ඕනා බව කියන ගමන් ඒ ගෙදරට යන්නේ අර මනුස්සයාගේ හිත රිදෙයි කියලා.

මාගරට් ඉතින් එහෙට ගොඩවැදිලා, ටික වෙලාවක් ඉඳලා, තේ එකක් එහෙම බීලා පිට වෙනවා ගෙදර යන්ඩ. මාගරට් පාරට එනකොටම ඉතින් පස්සෙන් ආපු කට්ටිය ඒ වෙලේ තමා එතනින් යන්නේ. එයත් ඉතින් ඒගොල්ලො එක්කම ඉතුරු ටික දුර ගෙවලා දානවා.

ඔන්න වැඩේ පත්තු වෙන්නේ එදා හවස. ගම පුරාම ලැව්ගින්නක් වගේ පැතිර යනවා අර ගෙදර මිනිහෙක්ව මරලා දාලා කියලා. වෙලා තියෙන්නේ උදේලු. ඔය මාගරට්ලා පල්ලි ගිහින් එන වෙලාවෙම වගේලු. අනේ ඉතින් අර අම්මණ්ඩිලා ටික කියනවා මාගරට් එදා උදේ ඒ පැත්තේ ඉඳන් එනවා දැක්කා කියලා.මාගරට්ව සැකපිට අත්අඩංගුවට ගන්නවා. කාට කියන්ඩද ? සුද්දගෙ නීතියනේ.

ඉතින් ඔය ඔක්කොම වැල්වටාරම් කිව්වේ, ඇයි දැන් මේ මාගරට් විත්ති කූඩුවේ හිටගන ඉන්නේ කියන එක පැහැදිලි වෙන්ඩයි. මට කියන්ඩ ඕනා කතාවට එන්නේ දැන් තමා.

ඔන්න දැන් නඩුව යනවා. විනිශ්චකාරතුමා සුද්දෙක්. සිංහල බෑ. ඉතින් තෝලකයෙකුත් ඉන්නවා සුපුරුදු පරිදි පරිවර්තනය කරන්ඩ.

මාගරට්ගේ නම කියලා කතාකලා විත්තිකූඩුවට. මෙන්න මෙතනදි තමා විනිශ්ච්කාරතුමා හොල්මන් වෙන්නේ.

"යකෝ මේ ගෑනිට කොහෙන්ද ඉංග්‍රීසි නමක් ? " එතුමා හිතනවා. හිතන්නේ ඉංග්‍රීසියෙන්. මම දන්නෑ එවා ඉංග්‍රීසියෙන් ලියන්ඩ.


දැන් එතුමා කල්පනා කරනවා, මෙයාට කොහොමද මේ නම එන්ඩ ඇත්තේ ? තාත්තගෙන්ද, ස්වාමිපුරුෂයාගෙන්ද ? ඉංග්‍රීසිත් බැරි මේ ගමේ ගොඩේ ගෑනිට කොහෙන්ද මේ අපේ නමක්. එතුමාට ප්‍රශ්ණ වැලයි. ඉතින් කුතුහලය පාලනය කර ගන්ඩ බැරි උන විනිශ්චකාර තුමා නඩුව පැත්තකින් තියලා මෙන්න මෙහෙම අහනවා.

" You, become a HILL before married or after married ? "


අනේ ඒ ඔලමොට්ටල තෝල්කයා ඕක පරිවර්තනය කලේ මෙන්න මෙහෙමයි;

                                   Ѝ




                                   Ѝ




                                   Ѝ


                                   Ѝ


                                   Ѝ


                                   Ѝ


                                   Ѝ

"යුශ්මතිය හිල් වූයේ විවාහයට පෙරද ? පසුද ? "


උසාවිය නිශ්ශබ්ධ වෙනු !


එහෙනම් ගිහිල්ල එන්නම්. හැමෝටම ජය !!
-------------------------------------------------------------------------------------------------------------

පසු සටහන :

ඔය උසාවියේ කතාව මට කිව්වේ ‍යෂින් රජීව පෙරේරා. ඇත්ත කතාවක්ලු. ස්තූතිය එයාට. අනිත් ඔක්කොම , කතාවක් වශයෙන් ඉදිරිපත් කරන්ඩ ඕනා නිසා මගේ හිතේ මැවිච්ච මනස්ගාත. නම් ගම්, ප්‍රදේශ, දින වකවානු ඔක්කොම මනඃකල්පිතයි.

~~සෙන්නා / 14.01.2012


46 comments:

  1. හරිම අසාධාරනයි..ලස්සන කතාවක් කියන් ඇවිත්..හිල් කතාවක් කිව්වා..මාගරට්ට මොනාද උනේ කියලා ඊලඟ දවසේ කියන්න..ආයිත් එනවා බලන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුමාරිහාමි..

      ඒ කතාව ලස්සනද ? බලමු එහෙනම් ඒ වගේ එකක් ඉස්සරහට් ලියන්ඩ පුලුවන් වෙයිද කියලා.. නිකම් රහස් පරික්ශක එකක් වගේ එකක්.. මාගරට්ට වෙච්ච දේ නම් මම දන්නෙත් නෑ..

      ඔන්න මට දැන් කුමාරිහාමිගෙ වලව්ව තියන දේශය ටික ටික චැනල් වේගන එන්නේ.

      Delete
  2. විවහට පෙරත් හිල් වෙලා තිබුනා ස්වාමිනි.. හේ හේ.පට්ට කතාව..

    ReplyDelete
    Replies
    1. හිකිස්.. එහෙමද ස්වාමිනී.. අපිනම් ඕවා නොදනී...

      ස්තුතියි මචන් අසරණයා හැමදාම වගේ මේ පැත්තට ගොඩ උනාට..

      Delete
  3. එළ හැබැයි අන්තිම මූ කෑවා......

    ReplyDelete
  4. චමින්ද, සාදරයෙන් පිළිගන්නවා කුරුන්දට..

    මම ගම කාලද ඒ කියන්නෙ ?

    ReplyDelete
  5. Hill una hatiy, nadu theenduwa dunna hatiy hoyaganna eka ape vadakda?

    ReplyDelete
    Replies
    1. තරහා ගිහින්ද මන්දා ? නිවෙන්න සොයුර..

      ස්තූතියි කුරුන්දට ගොඩවැදුනාට.

      Delete
  6. අදයි මේ පැත්තට ගොඩ වුනේ..ලස්සන කතාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇවිත් අපිව බලලා ගියාට.

      Delete
  7. Tharahata neme, naduwa balagana inna ekek vidiyata ahawwe.Me seethala kale gatha HILL wena ela kathawakne, Dayabara Soura!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවා..

      සිංහලෙන් ටයිප් කරන්ඩ පුලුවන් මෙන්න මේක පාවිච්චි කරලා..

      http://unicode.malindaprasad.com/

      ජය !!

      Delete
  8. බලනකොට වැරැද්ද තියෙන්නෙ තෝලකයා අත නොවෙයි.. නමේනෙ‍...
    නියම කතාව...

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමයි... ස්තූතියි වැලිමඩියා.. මෙහෙට ගොඩ උනාට.

      Delete
  9. හිකිස් නියම කථාව.

    මුලින්ම පඳුර වටේ තලාපු හරියත් හොඳයි කියල කියන්නම ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... කිව්වා... ඔබා අයියේ..

      පඳුර වටේ තලපු එකත් හොඳද ? දැන් කට්ටියට හරි කුතුහලේ මාගරට්ට මොකද උනේ කියලා.. මාත් මේ පණ දාගන කල්පනා කරන්නේ ඒක තමා.. හරියට කල්පනා උනොත් කට්ටියට රහස් පරික්ෂක කතාවක් කියවන්ඩ ලැබෙයි.. බලමු...

      Delete
  10. මම කල්පනා කොළේ පෙර කිවුවොත් මාගරට් මහතා මොකක් කොරයිද කියලා ....එළ කතාව

    ReplyDelete
  11. ඒකත් හොඳ ප්‍රශ්ණයක්...

    සාදරයෙන් පිළිගන්නවා ගැටයා මේ පැත්තට..

    ReplyDelete
  12. මම ඉස්සෙල්ලා පාරකුත් ඇවිත් ගියා. මම ආවෙ ඇත්ත කතාවක් කියවන්න.

    කමක් නෑ ඊලඟ පාර එන්නම්කො...

    ReplyDelete
  13. හරී,

    බලාපොරොත්තු කඩකරන්ඩ වීම ගැන උදක්ම සමාව ඉල්ලමි.

    දිගටම ඇත්ත කතා ලියන එක ප්‍රායෝගිකව ටිකක් අමාරු කාරණයක් හරී.. කරුණු සොයා බලා නිවරදිව ඉදිරිපත් කිරීමත් අවශ්‍යයිනේ... රස්සාව කරන්ඩත් එපැයි..

    ඉඩ ලැබෙන පරිදි එවැනි කතා ලියවෙන බවට පොරොන්දුවක් දෙන්නම්. ( දැනුත් එකක් ගැන හිතමින් ඉන්නේ, සමහර විට ලබන සතියේ පල කිරීමට හැකිවේවි.)

    ReplyDelete
    Replies
    1. අයියෝ සීරියස් ගන්න එපා...මම නිකමට වගේ කිව්වෙ...මම පිළිගන්නවා ඒකෙ තියෙන අමාරු කම ඒකනෙ මමත් මේ පාර නිකම් කතාවක් දැම්මේ...හිත රිදුනානම් සමාවෙන්න...

      Delete
    2. අයියෝ මොන පිස්සුද ? එහෙමත් හිත රිදෙනවද...? එතන කොහෙත්ම සමාව ඉල්ලන්ඩ දෙයක් නැහැ හරී... ඇත්තටම ඒක මට පොඩි උත්තේජනයක්..
      ස්තූතියි !

      Delete
  14. එළ කතාව!

    මේ ඔයා අය අයර්ටන් සෙන්නගෙ නෑයෙක්ද?

    ReplyDelete
    Replies
    1. හිහි.. එයා අපේ බාප්පගෙ පුතා....

      සාදරයෙන් පිළිගන්නවා ඉන්දික කුරුන්දට...

      Delete
  15. හික් හික් හික් එළ කථාව....උසාවියේ උං කෑ ගහන්න ඇති....ඇත්තටම කොහොමද හිල් උනේ දන්නෑ නේද.....හික්හික්

    ReplyDelete
    Replies
    1. ඒව නම් මම් නොදනී... හිහ්

      Delete
    2. එයත් බණ්ඩාරගේ වැඩක් ස්වාමිනි..හික් හික්..

      Delete
    3. මේ අසරනයාට සමාවෙන්න සාමීනී......හික් හික් හික්

      Delete
  16. ඔය පරිවර්තන, ටයිප් සෙටින් වැඩවලදී වෙන වැරදි අනන්තයි අප්‍රමාණයි.... මතකනේ කාලයක් ප්‍රශ්න පත්‍රවල තිබුණු ප්‍රශ්න :)

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්... ඒ ගැනනම් කතාකරලා වැඩක් නැහැ..

      ස්තූතියි හසිත..

      Delete
  17. බඳින්ට කලියෙන් ඉඳන්ම හිල් තිබ්බා සුවාමිනි.. බැන්දට පස්සෙත් මහත්තයා කැමති උනේ නෑ හිල් මාරු කරනවට..

    ReplyDelete
    Replies
    1. ලහියා,

      ස්තූතියි මේ පැත්තටත් ගොඩ උනාට.. කියපු එකනම් තේරුනා මදිද මංදා...

      Delete
    2. විවාහයෙන් පසු නම මාරු කරනවට කැමති උනේ නැහැලු.. ( නම = Hill)

      Delete
  18. මුලින්ම මට මේ පැත්තෙට ගොඩවෙන්න පරක්කු වුනාට සමාවෙන්න ඕන යාළු :( ........

    හි..හි..මේ නඩුවත් කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ නඩුතීන්දුව වගේ වෙයිද මන්ද?

    ReplyDelete
  19. මොන පරක්කුවක්ද ? ස්තූතියි ආවට...

    ඔව් ඉතින් ඔය සුළු දේ පරිවර්තනය කලේ ඔහොමනම්, නඩු තීන්දුව කොහොම පරිවර්තනය කලාද දන්නෑ...

    ReplyDelete
  20. ඔන්න මාත් ආවා..පුන්චි කුමාරිහාමිගෙන් තමා පාර හොයා ගත්තේ..ආයෙත් එන්නම්

    ReplyDelete
  21. සාදරයෙන් පිළිගන්නවා මන්දකිණී. මාත් එන්නම් ඒ පැත්තේ ගොඩ වෙලා යන්ඩ..

    ReplyDelete
  22. අර මුලින් පටන් ගත්තු විදියට කියාගෙන ගියා නම් මේකෙන් ඔයාට ලස්සන කතාවක් ගොතන්න තිබ්බා... මේ වෙනස නරක නෑ... මම නම් කැමතියි.... ඒත් අර වටින ලිපි ටික නම් නොලිය ඉන්න එපා...

    ReplyDelete
    Replies
    1. මියුරු,

      ඒකෙන් ලස්සන කතාවක් එයි ඉස්සරහට..

      අපෝ නෑ ඒවා නවත්තන්නෑ.. ඔන්න ඊයෙත් එකක් දැම්මා..

      ස්තූතියි පැමිණීමට.

      Delete
  23. අඩේ මේක මෙහෙම ඉවර වෙයි කියලා හිතුනෙම නෑ සුපිරියි පණ යන්න හිනා...දැන් යන්න ඕනේ ආපහු අළුත් කොටස කියවන්න

    ReplyDelete
  24. කමෝන් සෙන්නා... මල්ටි බැරල් එකක්..

    ReplyDelete
  25. විලිලැජ්ජා වේ සන්තෝසේ බෑ .............නියම කතාව ........

    ReplyDelete
  26. What day isn't today?

    ReplyDelete
  27. උසාවියට අපහස කිරීම වෙනුවෙන් යුෂ්මතාව බරපතල වැඩ සහිතව සතියක් හිරේට යොමු කරනවා

    ReplyDelete
  28. මම හිතුවෙ ‍තෝල්කයා "කන්දක් වුනේ බඳින්න කලින්ද බැන්දට පස්සෙද" කියල පරිවර්තනය කරයි කියල. ඊට වැඩිය ජොලි උත්තරයක් නෙ ‍තෝල්කය දීල තියෙන්නෙ.

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog