Thursday, April 27, 2017

එබෝලා රෝගියා | සිව්වන කොටස - අසාධ්‍යය වීම

2016 බක් මස 21 වනදා


"ඇයි මොකද ? ප්‍රශ්ණයක්ද ?" පරිගණකයට හිස රුවාගෙන සිටි නෝල්, එක්වරම වැරෙන් සිය නළලතට දකුණතේ අල්ලෙන් ගසා ගන්නවා දු‍ටු නියෝජ්‍ය මෙහෙයුම් කළමනාකාර මාර්ක් මිත්වෙන්ඩර් ඇසීය. සිය දහ අට අවුරුදු වෘත්තීය අත්දැකීම්, පවතින වර්තමානය තත්ත්වය හා ගලපා ගත් විට, කපිතාන් ජෝන් ක්ලේටන්ගෙන් ලැබී ඇති මෙම පණිවිඩය ‍රැගෙන එන හිරිහැරයේ ප්‍රමාණය වටහා ගැනීමට නෝල්ට අපහසු නොවීය. කපිතාන්වරයා ලිපියෙන් මතුකර තිබූ බරපතලතාවය හේතුවෙන් යුහුසුළුව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවයක් මතු වී තිබුණි.

"නැවේ උණ කාරයෙක් ඉන්නවා කියන්නෙ. කියන විධිහට ඔන්න මෙන්න වගේ."

"නෑහ්.. මොන නැවේද ?"

"චැලෙන්ජ් ඔෆ් ද ඕෂන්"

"හත්වලාමයි !! ලේගෝස් ඉඳල නේද එන්නේ ? එබෝලද දන්නෙත් නෑ!" මාර්ක් ඇසුවේ නළල ‍රැලි කරමිනි. තමන් එය නොදන්නවායි කීමට මෙන් තොල පෙරළා දෙවුර සැලූ නෝල් නැවතත් පරිගණකයට යොමු වූයේ ඊළඟට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සිත වෙහෙසවමිනි. නැවෙහි සියලු කාර්‍ය මණ්ඩලය සුවෙන් සිටිනවා යනුවෙන් වරායපතිවරයාට(1) හා වරාය සෞඛ්‍ය බලධාරිනට ඊයේ සිදු කළ දැනුම් දීම වෙනස් කිරීම, මුලින්ම කළ යුතුයැයි නෝල් තීරණය කෙළේය. ඒ අනුව වරායපතිවරයාට හා පර්යන්තයට යවන ලද විද්‍යුත් ලිපියට ඉහළින් යෑවූ තවත් ලිපියකින් නෝල් වර්තමාන තත්ත්වය වාර්තාකර සිටියේය. සෞඛ්‍ය බලධාරින් විද්‍යුත් තැපැල් සේවාවන් පරිහරණය නොකෙළෙන් ඔවුන් වෙත නැවතත් දෘඪ ලිපියකින් ඒ බව දන්වා සිටීමට නෝල්ට සිදු විය.

+++++

සාදය නිමවීය. එක් අයෙකුට හැර අන් සියල්ලන්ටම පාහේ එය ප්‍රීතිජනක අවස්ථාවක් විය. සාදයෙන් අනතුරුව සිය කුටියට වැදුණු කපිතාන් ජෝන් ක්ලේටන් කළයුතු අත්‍යවශ්‍යය කාර්යයන් කිහිපයක නිරත වීමෙන් පසු, සයනයට වූයේය. ගතෙහි වූ වෙහෙස විනාඩි පහක් ගත වීමටත් පෙර ඔහු කෙරෙහි නිදි දෙව්දුව ‍රැගෙන ඒමට සමත් වූ නමුදු ඒ සමඟින් නාදවූ දුරකථනය ඔහු නැවතත් පියවී ලෝකයට ගෙනවිත් අතහැරීය.

"මොකාද මේ කරදරකාරයා"යි සිතින් බණිමින් සයනයෙන් බැස ගත් ඔහු, නිදි මත සහ මද්‍යසාරයෙන් ඇති කළ මතෙහි සංකලනයකින් ඇති කරවනු ලැබ, නැවෙහි පැද්දීම මගින් තීවෘ කරනු ලැබූ දෙපසට වැනීමකින් යුක්තව දුරකථනය වෙත ගොස් එයට පිළිවදන් දුනි.

"කැප්ටන්....."

"කැප්ටන්, මම චීෆ් ඔ‍ෆිසර්, AB(2) ඉම්රාන්ට අසනීපයි. තත්ත්වය ටිකක් අසාධ්‍යයි වගේ..."

"ඇයි මොකද වෙලා තියෙන්නෙ ? මොකක්ද අසනීපය ?"

"කැප්ටන්, තදින් උණ තියනවා. උණ විකාරයෙන් දොඩවනවා."

"හරි ඔහොම ඉන්න, මම එන්නම්"

එයින් මොහොතකින් පසු කපිතාන් ජෝන් තවත් කිහිප දෙනෙකු සමඟ ඉම්රාන්ගේ කුටියෙහි සිටිනු දක්නා ලදී. ඉම්රාන් සිටියේ සිහියත්, අසිහියත් අතර තත්ත්වයකය. තද උණෙන් පෙළුණු ඔහුගේ මුහුණ සුදු මැලි වී තිබුණි. අසල සිටි කිසිවකුටත් තේරුම් ගැනීමට අපහසු වදන් මාලාවක් ඔහුගේ මුවින් නික්මුණු අතර විඳිමින් තිබූ වේදනාව මුහුණෙන් පිටතට දිස් වූයේය. නොනවතින කෙඳිරියක් සමඟින් ඔහු දෙපසට පෙරළෙමින්, දඟලමින් සිටියේය. කපිතාන් ජෝන් ක්ලේටන්, තමාට හිමිව තිබූ සීමිත වෛද්‍ය පුහුණුව(3) උපයෝගී කරගනිමින් රෝගියාව පරික්ෂා කර බැලීය. වැළඳී තිබූ රෝගය නිශ්චය කිරීමට තරම් ඔහුගේ දැනුම ප්‍රමාණවත් නොවූ අතර රෝගියාගේ තත්ත්වය අයහපත් යැයි හැඟී ගියෙන් ඔහු බාහිර සහය ලබා ගැනීමට තීරණය කෙළේය. රෝමයෙහි පිහිටා ඇති ජාත්‍යන්තර ගුවන් විදුලි වෛද්‍ය මධ්‍යස්ථානය (C.I.R.M)(4) ඇමතූ කපිතාන් ජෝන්, රෝගියාගේ තත්ත්වය වාර්තා කර සිටි අතර, ඔවුන්ගේ උපදෙස් අනුව යමින් ප්‍රතිකාර ක්‍රියාත්මක වුණි. ප්‍රථම බෙහෙත් වඩියෙන් අඩ හෝරාවක් යෑමට මත්තෙන් මද අස්වැසිල්ලක් ලැබූ ඉම්රාන්, ගැඹුරු නින්දකට පිවිසුනෙන් කපිතාන් ජෝන්ගේ ‍රැඳී සිටීම තවදුරටත් අවශ්‍ය නොවූ හෙයින් ඔහු එතනින් සිය කුටිය බලා නික්මුණි. රෝගියා අසල වරකට එක් අයෙකු බැගින් හුවමාරු ක්‍රමයට නතර වීමට ඉම්රාන්ගේ සගයන් ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වූයේ ඔවුන් සතු අන්‍යෝන්‍ය සුහදතාවය පෙන්වමිනි.

කාලය දින තුනක් ඉදිරියට ගලා යන විට ඉම්රාන්ගේ තත්ත්වය යහපත් අතට පෙරළෙමින් තිබුණද තෙවන දිනයේ සිට නැවතත් වෙනසක් සිදු වෙමින් පැවතුණි. ආහාර ගැනීම මුළුමනින්ම ප්‍රතික්ෂේප කෙළෙන් ඔහුගේ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් දුර්වල වන්නට වුණි. ඒ සමඟම ශ්වසන දුර්වලතාවයක්ද පෙන්නුම් කෙරුණි. වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලද උපදෙස් අනුව යමින් කපිතාන් ජෝන් විසින් ඉම්රාන් හට සේලයින් ද, කෘතිම ශ්වසනයද සැපයීය. නෞකාවෙහි සිදු කළ යුතු අනේක විද කාර්‍යයන් තිබුණද, කපිතාන් ජෝන් ඇතුළු කාර්‍යය මණ්ඩලය ඉම්රාන් කෙරෙහි අවධානයෙන් පසු වීම අත්හළේ නොමැත. සෑම විටම එක් අයෙකු නිතරම ඔහු අසල ගැවසෙමින් ඔහුගේ තත්ත්වය පරික්ෂාකර බැලීමට අමතක නොකළේය.

ලේගෝස් වලින් නික්මී සත්වන දින වන විට ඉම්රාන්ගේ තත්ත්වය තව තවත් නරක දෙසටම හැරෙමින් තිබුණි. මෙම කාලය පුරාවටම උණ බැසයාමක් නොවුණි. කොන්ටෙයාන්ස් වෙත තවත් දින දෙකක ගමනක් තිබුණි. රෝගියාගේ වත්මන් තත්ත්වය අණුව නිසි පරික්ෂාකිරීමක් හා ප්‍රතිකාර නොමැතිව එතරම් කාලයක් ඉම්රාන්ගේ ජීවිතය රඳවා ගත හැකිවේදැයි සැකයක් කපිතාන් ජෝන්ගේ සිතට වද දෙන්නට වූයේය. රෝගියාගේ ප්‍රගතියක් නොදු‍ටු තැන ඔහු තත්ත්වය සිය ප්‍රධාන කාර්‍යාලයට සහ කොන්ටෙයාන්ස් නියෝජිත වූ නෝල් වෙත දන්වා සිටියේය.


09.04.2015
සුබ දවසක් හිතවත් මහත්වරුනි !

AB ඉම්රාන් දින හතරක් තිස්සේ උණෙන් පෙළෙමින් අසාධ්‍ය තත්ත්වයෙන් පසු වන බව මෙයින් දන්වා සිටිමි. ජාත්‍යන්තර වෛද්‍ය මධ්‍යස්ථානයේ උපදෙස් අනුව යමින් ප්‍රතිකාර කළද මේ දක්වා ප්‍රගතියක් දක්නට නොමැත. කොන්ටෙයාන්ස් වෙත හැකි විගස ළඟා වීම සඳහා නැවෙහි වේගය වැඩි කිරීමේ අවසරය පතමි.

හිතවත් නෝල්,

නෞකාව පැමිණි විගස ගාල් කිරීමටත්, හැකි උපරිම විගසින් රෝගියාව රෝහල් ගත කිරීම සඳහා වූ කටයුතුත් සම්පාදනය කරන්න. අපතේ යන සෑම විනාඩියකින්ම ඔහුට ජීවිතය ඈත්කරවන බව සලකන්න. මෙය ඉතා හදිසි අවස්ථාවකි.

රෝගියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා නැවෙහි සියලු කාර්‍යය මණ්ඩලය දිවා රෑ වෙහෙසෙමින්, කළ යුතු සියල්ල කරමින් සිටිති.

ඔහුගේ විස්තර පහත පරිධි වේ.

නම : මොහොමඩ් ඉම්රාන් (අංක 13)
ජාතිය : ඉන්දුනීසියානු
ගමන් බලපත් අංකය : A8838126
තනතුර : AB

පිළිතුරු අපේක්ෂාවෙන්.

ස්තූතියි

කපිතාන් ජෝන් ක්ලේටන්
චැලෙන්ජ් ඔෆ් ද ඕෂන් නෞකාව

+++++

නෝල් විසින් නෞකාවේ තත්ත්වය වාර්තාකරමින් යැවූ විද්‍යුත් ලිපියට, වරායපතිවරයාගෙන් ඇමතීම්, සුබපැතීම්, අත්සන් කිසිත් නොමැති තනි ඉරේ පිළිතුරක් ලැබුණි.

"කරුණාකර නෞකාව ගාල් කිරීමට ප්‍රථම, වරාය සෞඛ්‍ය ඒකකයේ නිශ්කාෂණය ලබා ගන්න."

මෙලෙස පිළිතුරු සපයන්නන්, තනතුරින් හිස උදුම්මවාගත් හිස් මිනිසුන් ලෙස නෝල් සැලකීය. උස්තැන් දැක හැකිලෙන්නේත්, මිටි තැන් දැක පුප්පන්නේත් මෙවැනි හිස් මිනිසුන්යැයි නෝල් සිතීය. මේ එවන් මිනිසුන් පිළිබඳ වද වීමට කාලය නොවේය. වහ වහා ලිපියක් සැකසූ නෝල් එය සිය සහායකයෙකු වූ ප්‍රින්ස් මගින් වරාය වෛද්‍යවරයා වෙතට යැවුණේ අදාළ නිශ්කාෂණය ලබා ගැනීම උදෙසාය.


+++++

කාර්‍යයබහුල ප්‍රධාන මාවතක් අසල ඇති තනි මහල් ගොඩනැගිල්ලකි. මෑතකදී නිමවා අවසන් කළ ගොඩනැගිල්ල සිය නවතාවය ප්‍රදර්ශනය කෙරෙමින් බැබළුනද, ගොඩනැගිල්ල පිහිටි ඉඩමෙහි ප්‍රවේශ ද්වාරය ගොඩනැගිල්ලට නොගැලපෙන තරමටම අබලන් වූයේය. එහි පියන් හරින විට නගන කිරි කිරි හඬ කිසිවකු වත්තට ඇතුල් වන්නේයැයි ගොඩනැගිල්ල තුළ සිටි අයවලුන්ට සෑමවිටම සන්නිවේදනය කරවූයේය. කෙසේවෙතත් මෙහි නිතරම යන එන මිනිසුන්ගෙන් ගහණ වූ බැවින් මෙම පියන් ද්විත්වය බොහෝ විට දෙපසට හැර දමා තිබුණි. දකුණු පස ද්වාර පියන සවිකර තිබූ කණුව අසලින්ම ඉහළට නැගුණු යකඩ බට දෙකකින් අරා සිටින සාමාන්‍යය ප්‍රමාණයේ නාමපුවරුවකි. එහි පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක නමක් ලියවී තිබූ අතර වෛද්‍ය ෆොක්ස් ඉමෝටලියන් ලෙස එයට පහතින් පොඩි අකුරින් ලියවී තිබුණි. වරහන් තුළ ඔහුගේ සුදුසුකම් සඳහන්ව තිබුණි. එතනින් ඇතුල් වී ආලින්දයට ගොඩවූ විට එහි රෝගින්ට වාඩිවීම සඳහා වූ ආසන පේළියකි. එහි කාමර දෙකක් වූ අතර විශාල කාමරය රෝගීන් පරික්ෂා කිරීම සඳහා වූ අතර කුඩා කාමරය ඖෂධ නිකුත්කිරීම සඳහා වෙන්වී තිබුණි.

වෙලාව උදෑසන දහයත් පසු වී තිබුණි. උදෑසන හතට ඇරඹු රෝගීන් බැලීමෙහි කාර්යයෙයි වෛද්‍ය ඉමෝටලියන් තවමත් මහත් උනන්දුවෙන් නියුක්තව සිටිනු දක්නා හැකිය හැකි විය.රාජකාරියට වාර්තා කිරීම පමා වී තිබුණද, පැමිණ සිටින රෝගීන් ආපසු හරවා යැවීමට සූදානම් ඔහු නොවේය. පරික්ෂාකරමින් සිටින රෝගියාගේ රුධිර පීඩනය මැන බැලීමට අදාළ පටිය රෝගියාගේ අත වටේ දවටා, වෛද්‍ය නළාව කනේ රුවා ගත්තා පමණි, ඔහුගේ ජංගම දුරකථනය නාද වන්නට වීය. "පොඩ්ඩක් ඉන්න" යි කියමින් නළාව කණෙන් ඉවත් කළ වෛද්‍ය ඉමෝටලියන් "හේලෝ" යි දුරකථනයට ඇමතීය.

"ඩොක්ටර්, මම ප්‍රින්ස් කතාකරන්නේ"

"ඔව් ප්‍රින්ස්, කියන්න"

"ඩොක්ටර් මම හෙල්ත් ඔ‍ෆිස් එකේ ඉන්නෙ, ඩොක්ටර් දැන් එනවද?"

"තව ටිකක් වෙලා යයි ප්‍රින්ස්, ඇයි හදිස්සියක්ද?"

"ඔව් පොඩි හදිස්සියක්. අපේ නැවක් එනවා එකොළොස් වෙනිදා, ඒකෙ ඉන්නවා උණ කාරයෙක්. නැව එන්නේ නයිජීරියා ඉඳලා හින්දා, හාබර් මාස්ටර් කියනවා, පෝර්ට් හෙල්ත් ක්ලියරන්ස් එක ගන්න කියලා."

"එහෙමද ? එන්නේ නයිජීරියා ඉඳල නම් ප්‍රශ්නයක් තියනවා තමා. ඩොක්ටර් එඩ්වර්ඩ් ඉන්න ඕනා. නැද්ද ?"

"කව්රුත් නෑ ඩොක්ටර්. රවුන්ඩ්ස් ගිහින්ද දන්නෑ!"

 "හරි කමක් නෑ. මම තව පැයකින් එනවා ප්‍රින්ස්. ඔයාට එතකොට එන්න පුළුවන්ද?"

"හරි ඩොක්ටර් මම එහෙම කරන්නම්" දුරකථනය විසන්ධි වීය. 

හනික ඉතිරිව සිටි රෝගීන් පරීක්ෂාකර අවසන් කළ වෛද්‍ය ඉමෝටලියන් වහ වහා වරාය බල පිටත් වුයේ ‍රැකියාවට ඇති කැපවීමක් නිසා නොව ‍රැකියාවට ප්‍රශ්නයක් වේයැයි හැඟුණු බැවිනි. අමතර ආදායම් ඇති, රාජකාරී වේලාවන්හීදීත් පුද්ගලික ප්‍රතිකාර කිරීම මගින් මුදල් ඉපයිය හැකි මෙවන් ‍රැකියාවක් අහිමි කර ගැනීමට තරම් අඥානයෙකු නොවේය වෛද්‍ය ඉමෝටලියන්. ඔහු සිය වරාය කාර්‍යාලයට පැමිණෙන විටත්, ප්‍රින්ස් වෛද්‍යවරයා බලාපොරොත්තුවෙන් එතුළ අසුන්ගෙන සිටියේය.

"එන්න ප්‍රින්ස්. ඔයා ගිහින් නෙමේද ආවේ?"

"නෑ ඩොක්ටර්, මම හිටියා. බැරිවෙලා හරි අනිත් ඩොක්ටර්වත් ආවොත් මේක දෙන්න කියලා."

"කෝ ගන්න බලන්න." ප්‍රින්ස් අත තිබූ නෝල් විසින් එවන ලද ලිපිය ‍සියතට ගනිමින්ම ඔහු සිය අසුනට බරවිය. ලිපිය කියවූ වෛද්‍යවරයා පෑනේ පිට පැත්තෙන් සිය නිකටට තට්‍ටු දමමින් මද වේලාවක් කල්පනාවක නිමග්න වීය. මෙම අවස්ථාවෙහි කිසියම් මූල්‍යමය වටිනාකමක් ජනිත කරගැනීමෙහි හැකියාවක් පවතින බව සිය සහජ ඉව ඔස්සේ වටහා ගැනීමට ලිපිය දෙවරක් කියවීමට ඔහුට අවැසි නොවුණි. සිය වෛද්‍ය මධ්‍යස්ථානය වටා නිසි පරිදි ඉඳි කළ තාප්පයක් හා ප්‍රවේශ ද්වාරයක් ඉඳි කළ යුතු නොවන්නේදැයි නැවතත් ඔහු මෙනෙහි කළේ දෙතොල අග ‍රැදි මද සිනාවක්ද සමඟිනි. වෛද්‍යවරයා දෙස ඉමහත් උවමනාවෙන් බලා සිටි ප්‍රින්ස්, මෙම සිනහව වැරදි ලෙස කියැවීමේ ප්‍රතිඵලයක් ලෙස, අපහසුවකින් තොරව මේ දැන්ම වෛද්‍යවරයාගේ අනුමැතිය ගත හැකි වේයැයි උපකල්පනය කෙළේය.

"හ්ම්ම්..මට පේන විදිහට නම් අවුලක් නෑ. මොකද දැන් නයිජීරියා එබෝලා ලිස්ට් එකෙන් අයින් කරලා තියෙන්නෙ. මෙයාට එබෝලා නොවෙන්නත් පුළුවන්. ඒත් පරිස්සම් වෙන එක හොඳයි. මට මේක ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඔ‍ෆිස් එකත් එක්ක ටිකක් චෙක් කරන්න ඕන. මම එහෙට මේක යොමු කරලා ඕගොල්ලන්ට උත්තරයක් දෙන්නම්. කවදද නැව එන්නේ?"

"අනිද්දා, එකොළොස්වෙනිදා රෑ."

"හරි මම ඊට කලින් කියන්නම්."

"ඩොක්ටර්, නැවට කලින් ගිහින් ලෙඩාව බලන්න ඕනද? එහෙම වුණොත් අපිට බෝට් එකක් ඇරෙන්ජ් කරලා තියාගන්න වෙනවා."

"ඒක තීරණය වෙන්නේ ලෙඩාගෙ රෝගය අනුව ප්‍රින්ස්. මේ කියන රෝග ලක්ෂණ අනුව මට නම් පේන්නෑ මෙයාට එබෝලා තියන වගක්. මම හිතන්නැ මේකෙදි එහෙම කරන්න වෙයි කියලා. කෝකටත් මම චෙක් කරලම කියන්නම්."



ලියුවේ;
සෙන්නා / 21.04.2016



පාද සටහන්
1. වරායපතිවරයා = Habour Master - මොහු වරායෙහි ප්‍රධානියෙකු වන අතර වරාය සීමාව ඇතුළත සිදුකෙරෙන සියලු නෞකා ගමන් කටයුතු මොහුගේ අධීක්ෂණය හා අනුමැතිය යටතේ සිදුවිය යුතුය. එම ගමන් කටයුතු ආරාක්ෂාකාරීව මෙහෙයවීම මොහු යටතේ ඇති කාර්‍යය මණ්ඩලයේ වගකීමයි. එම කාර්‍යයන් සඳහා යොදවා ඇති සේවකයන් සෘජුවම මොහු යටතට පත් වන අතර, නෞකා ගමන් පාලක මධ්‍යස්ථානය ද (Port Control) වරායපතිවරයා ගේ අණසක යටතේ ක්‍රියාත්මක වේ. මෙම තනතුර සඳහා කලින් යාත්‍රාකොට අත්දැකීම් සහිත කපිතාන්වරයෙකු පත් කිරීම ලොව පිළිගත් සම්ප්‍රදායෙකි.

2. AB = Able Seaman (වෙළඳ නෞකාවක ඇති තනතුරකි.)

3. ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කෙරෙන වෙළද නෞකා වල වෛද්‍යවරයෙකු නොමැත. එබැවින් සෑම කපිතාන් වරයෙකුටම ඒ සම්බන්ධ සුළු දැනුමක් සපයන අතර ආසන්නම වරායකට නෞකාව ළඟා වන තුරු අවැසි ප්‍රතිකාර සපයමින් රෝගියාගේ ජීවිතය ආරක්ෂාකර ගැනීමට අවැසි සියලු උත්සහයන් ඔහු විසින් ගත යුතුය.

4. කපිතාන් වරයාට රෝගියෙකු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අපහසු අවස්ථාවක මෙම ආයතනය ඔස්සේ නොමිලේ උපදෙස් ලබා ගත හැකිය. මෙය පැය විසිහතර පුරා, මුහුදු යාත්‍රා වෙනුවෙන් නොමිලේ ක්‍රියාත්මක වන සේවාවකි. වැඩි විස්තර මෙතනින් කියවන්න.

49 comments:

  1. පරන ටිකත් කියවන්න ඕනේ
    ලියලා තියන විදිහනම් එල ද බ්‍රා

    ReplyDelete
  2. දෘඩ ලිපියකින් කියන යෙදුමෙන් කියන්න උත්සාහ කලේ හර්ඩ් කොපි කියන එක වෙන්න ඇති. එය //කඩදාසි පිටපතකින්// කියා යෙදුවොත් කොහොමද?

    ඔබේ කතාව වරායක් නැවක් කියන පරිසරයට එක්ක යන්නේ අපූරුවට...

    ජය!

    ReplyDelete
    Replies
    1. ඩීන් අයියා,

      මම මෙතන අදහස් කළේ විද්‍යුත් ලිපියේම හාර්ඩ් කොපියක් නෙමේ, ලෙටර් හෙඩ් එකක සකසපු වෙනමම ලිපියක්.

      ස්තූතියි දිරියට.

      ජයම වේවා !

      Delete
    2. ලිපියක් තැපැල් කලා කිව්වොත් අවුල්ද?

      Delete
    3. රූ,
      ඉස්සරනම් ඕකේ අවුලක් නෑ.. දැන් ඉතින් ලිපි ජාති දෙකයිනෙ.. අනිත් එක මේක තැපැල් කිරීමකුත් නෙමේ ගිහින් භාර දීමක්.. මට හිතෙන්නෙ "දෘඩ" කියනවට වැඩිය "සාමාන්‍ය" කිව්වනම් හොඳයි වගේ නේද ?

      Delete
  3. කලින් කොටස් තුනම් කියෙව්වේ ෆෝන් එකෙන් දුකසේ. අද තමයි නිවී සැනසිල්ලේ කියෙව්වේ.සෙන්න ලියපු හොඳ කතාව වෙන්නයි යන්නේ මේක.

    ReplyDelete
    Replies
    1. ෆෝන් එකෙන් කියවන එකනම් දුකක් තමා...

      ඒකත් එහෙමද බින්දි.. බලමු හොඳ එක වෙයිද කියලා...ස්තූතියි

      Delete
    2. ෆෝන් එකෙන් කියවන එක දුකක් වෙලා තිබුනා.දැන්නම් හැබැයි එහෙම නැහැ.

      Delete
    3. i have the same issue. too hard to comment. but i still loves senna's bothale stroies as best.

      Delete
    4. "i have the same issue. too hard to comment."

      Rangi, did you mean any technical issue ? Many thanks for appreciation Bothale stories. Shall try to publish few more episodes if i could recollect some incidents took place....

      Delete
  4. ඈ බං.. මට මේ ඔක්කෝම එක හුස්මට කියවන්නයි ඕන..

    ReplyDelete
    Replies
    1. ‍තෝව මැරෙයි යකෝ....එතකොට ටෙක්ස්ලට මොකෑ වෙන්නෙ ?

      Delete
  5. මා හිතනවා ඔබේ අතීත රාජකාරි අත්දැකීම් මේ කතාව ලියන්නට යම් මූල බීජයන් සැපයුවා කියා. කතාවේ රසය අඩු නොවන පරිදි ඉදිරියට ගෙනයාම, බෙහෙවින් අගය කරනවා. වෙළඳ නෞකාවක රාජකාරි ඉතා බරපතල බව, මේ කතාවෙන් පැහැදිලි වෙනවා.

    ReplyDelete
    Replies
    1. නෑ මයි කියන්න බෑ විචාරක මහතා...

      යුද්ධ කරණ තරම් බරපතල නෑ...ඒවත් එක්ක බැලුවම මේවා නතිං.

      ස්තූතියි අගය කිරීමට....

      Delete
  6. අද කතාව පොඩ්ඩක් කරකෝලා අත ඇරියා වගේ උනා සෙන්නයියේ. කලින් කොටසේ නව කොන්ටෙයාස් ආවනේ කිසිම අවුලක් නැතුව. ඔහොම උණ කාරයෙක් ඉන්න බවක් දැනුනෙවත් නෑ නේ. සමහරවිට ඊ ළඟ කොටසෙන් උත්තර ලැබෙනවා ඇති. අද මගින් නවත්තලා ගියා නේද එක පාරටම ?

    ReplyDelete
    Replies
    1. සයුරි ඒ අතීත කතාවක්නෙ... නැවත් වෙන එකක්... මේක අර නෝට්ස් ලියාගෙන කියවිය යුතු වර්ගයේ කතාවක් :)

      Delete
    2. සයුරි, ඒ ඇවිල්ලා කලම්බු එක්ස්ප්‍රස් නැව. මේක චැලෙන්ජ් ඔෆ් ද ඕෂන්.

      ඒ නෝල් ආධුනිකයෙක් කාලේ.
      මේ නෝල් මැනේජර් කාලේ

      ඒ ක්‍රිව 2000
      මේ ක්‍රිව 2015

      දින වනවානු, නැව්වල නම් ටිකක් අවධානනේ බැලුවනම් හරි. ඒත් පැටලෙනවානම් තිසර කිව්ව එක කරන්න.

      සතූතියි කියවලා අදහස් කිව්වට...

      Delete
    3. "අද මගින් නවත්තලා ගියා නේද එක පාරටම ?"

      ඔව් සයුරි, පෝස්ට් එක දිග වැඩි වෙන එක වලක්වන්න මෙතනින් නවත්වන්න වුනා...රසවිඳීමට බාධාවක් වුනානම් සමාව භජනය කෙරෙත්වා !

      Delete
    4. ///ඒ නෝල් ආධුනිකයෙක් කාලේ.
      මේ නෝල් මැනේජර් කාලේ

      ඒ ක්‍රිව 2000
      මේ ක්‍රිව 2015 ///

      හුකා කිව්වලු...
      මමත් "බට එළි" එකක් වගේනේ මේක කියවල තියෙන්නේ...
      ආපහු හැරේන්, මුල සිට කියවව්... ;(

      Delete
    5. ලොක්කා, සඳහන් වන සෑම දිනයක්ම ඉතාම වැදගත්.

      මොකක්ද බන් බට එළි කියන්නේ?

      Delete
  7. එල මචං... ඔහොම යං...
    කතාව කම්ප්ලෙක්ස් වේගන එනවා (මම නං කැමතියි )...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං...දැන්නම් බයත් හිතෙනවා... බලාපොරොත්තු වෙන අවසානයක් දෙන්න බැරිවෙයිද කියලා....

      Delete
  8. ඔය යන්නේ නැව යනවාට වඩා ලස්සනට කතාව.
    දොස්තර ගාන කපා ගන්න පුලුවන්නම් කොන්දොස්තර වැඩේ වුනත් කරයි වගේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්.

      බලාගෙන ඉන්නකො......

      Delete
  9. දැන ෙනාහිටි ෙගාඩක් ෙද්වල් දැනගත්තා..ස්තුතියි ෙසන්නා..
    රසය ෙනාඅඩුව තිෙයනවා.. ඊළඟ ෙකාටසත් ඉක්මනට දාන්න..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රූ... හැකි විගස ඊළඟ කොටස දාන්නම්... මමත් හිතුවට වැඩිය මේක ඇදෙනවා වගේ.....

      Delete
  10. දැන් අමාරු රෝගියෙක් ඉන්නවා කියලා දැනගෙනත් ඒ රෝගියව නැව ඩොක් කරලා තියෙන රටේ රෝහලකට යොමු කරන්නේ නැද්ද? ඒ ලෙඩාව අරගෙනම යන්න ඕනෙ කියලා සම්මුතියක් තියෙනවද? දැන් අසාධ්‍ය රෝගියෙක් නම් එහෙම කරන්න බෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඩූඩ්,

      නැව කොහේ හරි පෝර්ට් එකක බර්ත් (ඩොක්) කරලනම් තියෙන්නේ, අසාධ්‍ය රෝගියෙක් හිටියොත් අනිවාර්යයෙන්ම ඒ පොර්ට් එකේදි ලෙඩාව බස්සනවා. මේකෙ වැඩේ නැව දැන් මුහුද මැද්දේ තියෙන්නේ, ලඟම පෝර් එක කොන්ටෙයාන්ස්, ඉතින් එහෙට යන්නම වෙනවා. ඊට කලින් වෙන ආසන්න පෝර්ට් එකක් තිබුනොත්, ලෙඩාට අසාධ්‍යනම් ඒ පෝර්ට් එකට යන්න ඕනා. ප්‍රයරිටි එක කොහොම හරි ජීවිතය බේරගන්න එක.

      Delete
  11. සෙන්නා මේක ඉස්තරම්. නවතාවයක් තියෙනවා හැම කොටසකම. පොඩි දෙයක් Clearance කියන එකට නිෂ්කාෂණය කියනවට වඩා අනුමැතිය කිව්වොත් හොඳ නැද්ද ? නිෂ්කාෂණය කියන එක ටෙක්නිකල් වචනයක්(බැංකු වලත් ඕක තියෙනවනේ චෙක්පත් වලට).

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුදීක අදහසට. නිශ්කාෂණය කියන එක අපිත් භාවිතා කෙරෙණ වචනයක්. මේකත් ඉතින් ටිකක් ටෙක්නිකල් ටයිප් එකේ කතාවක් හින්දා මම හිතුවා එහෙම්මය යොදන්න....

      Delete
  12. මාස ගණන් මුහුදේ තියෙන නැව් වල දොස්තර කෙනෙක් නැත්තේ ඇයි?.. කොටස් දෙකම දාපු ගමන් කියෙව්වා කොමෙන්ට් එකක් දාන්න බැරි වුණා..

    ReplyDelete
    Replies
    1. පැතුම්, මේවා කන්ටේනර් නැව්.. මාස ගනන් මුහුදේ තියෙන්නෑ...පොර්ට්ස් දෙකක් අතර පරතරය උපරිම දවස් 10ක් වෙයි. ඉතින් දොස්තර කෙනෙක් තියාගන්නේ නෑ...හදිසියක් වුනොත් ළඟම තියන පොර්ට් එකකට අල්ලනවා...

      කියෙව්වට ස්තූතියි පැතුම්.

      Delete
  13. නොදන්නා බොහෝ දේ පෙන්වා දුන් කතා මාලාවක් !

    ReplyDelete
  14. කියවීමට අගනා සටහනක්

    ReplyDelete
  15. රෝගියා මැරෙයි බං.... ඉක්මනට ලියපංකො...

    ReplyDelete
    Replies
    1. තිසර,

      පමාවට සමාව ඉල්ලමි. නොවැලැක්විය හැකි හේතුවක් නිසා තව පොඩි කාලයක් ගතවේවි. අනෙක් කොටස දාන්න. අනික ඒක සිදුවීම බහුල එකක්. බොහොම ඉවසිල්ලෙන් ලියන්න ඕනා....

      Delete
  16. ඔක්කොම කොටස් ටික එක සැරේටම කියෙව්වා.... ලස්සන කතාවක් සෙන්නා.... අනිත් කොටස් ටිකත් ඉක්මනටම දාන්න.....

    ReplyDelete
  17. නියම කථා කීමේ හැකියාවක්.

    ReplyDelete
  18. ගුඩ් ලක්.. ආසාවෙන් කියවන්න පුලුවන් විදියට ලියැවෙනවා.. අලුත් ෆීල්ඩ් එකක තොරතුරැ දැනගන්නත් ලැබුනා.. ඉක්මනින් ලියාගෙන යන්න ලැබේවා..

    ReplyDelete
  19. නොකියවා කමෙන්ට් කරා වගේ.. ඕං දවස් හතරක් තිස්සේ එක හුස්මට කියවනවා.. උඹ මේ කතාවට දළ සටහනක්.. කාල රාමුවක් සකස් කරගත්තද?? මට නං හිතෙන්නේ උඹ නොසෑහෙන්න මහන්සි වෙච්චි ලොකු ප්‍රොෙජෙක්ට් එකක් කියලායි.. මට නං බෑ බං ඔය තරං මහන්සි වෙන්න.. කැප වෙන්න.. වෙල්ඩන්.. දැන් ඉතිං එබෝලාද නැද්ද බලන්න වෙනවා නේ.. මේක හරියට ෆිල්ම් එකක් වගේ බං.. සිරාවට

    ReplyDelete
    Replies
    1. අවුරුද්දක් තිස්සේ ලියුවේ ඒකනෙ බන්. ස්තූතියි අගය කළාට..

      Delete
    2. මොකා. අවුරුද්දක් තිස්සේ එක කතාවයි ලිව්වේ.. වැඩක් නෑ.. හැක්.. උඹගේ මහන්සිය උඹ ඒකෙන් ලබන තෘප්තිය ගැන මට හිතාගන්න පුලුවන් බං.

      Delete
  20. ඔන්න ආයෙම කොටස් හතරම කියෝලා අපි රෙඩි.. වෛද්‍ය ෆොක්ස්.. මරු නම.. හැක් ..

    ReplyDelete
    Replies
    1. රායිට් එහෙනම් ඔහොම්මම අදිමු ඉතුරු ටිකත්...ෆොක්ස් මෝල්ඩර්ව මතකද?

      Delete
    2. /// ෆොක්ස් මෝල්ඩර්ව මතකද? ///
      Dan suttakata kalin baluwaa...

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog