Thursday, June 4, 2020

නොකියවූ හදවත... (මනමේ කුමරිය පිළිබඳ නවතම හෙළිදරව්ව)



අහෝ හිමියනි, අහෝ හිමියනි..!!
මෙවන් නපුරක් පැතුවෙ නැත මා
හීනෙනුත්..

කඩුවෙ කොපු අග ඔබට දෙන්නට
තිබුනෙ නැත මා 
තුන් හිතකවත්

මා චපල යැයි, "චපල" මා යැයි
තුඩින් තුඩ තෙපලයි ද ජනයා
පවතිනා තුරු 
මිහිකතත්

අහෝ හිමියනි, අහෝ හිමියනි..!!
මා චපල නැත, මා වැරදි නැත
බිඳී නැත අප 
සෙනෙහසත්

පිළිගන්න මා, පිළිගන්න මා
නොකියමී මම 
මුසාවක්

දුන්නෙ කඩුවයි ඔබේ දෑතට
අහෝ වැරදුනි පැත්ත හීමියනි
දෘෂ්ටිකත්වය විදුර හින්දා
දෙන්න මා හට 
සමාවක්..

~සෙන්නා / 04.06.2020

Sechszehn හෙවත් අසභ්‍ය‍ දර්ශණ

අගෝස්තු 26, 2024 නිවසක විසිත්ත කාමරයක දර්ශණයකි. වයස දහතුනක් පමණ වූ ළමයකු පුටුවක වාඩි වී ජංගම දුරකතනයකින් යමක් නරඹමින් සිටී. හැරමිටි වාරුවෙන්...

Search This Blog