Thursday, June 4, 2020

නොකියවූ හදවත... (මනමේ කුමරිය පිළිබඳ නවතම හෙළිදරව්ව)



අහෝ හිමියනි, අහෝ හිමියනි..!!
මෙවන් නපුරක් පැතුවෙ නැත මා
හීනෙනුත්..

කඩුවෙ කොපු අග ඔබට දෙන්නට
තිබුනෙ නැත මා 
තුන් හිතකවත්

මා චපල යැයි, "චපල" මා යැයි
තුඩින් තුඩ තෙපලයි ද ජනයා
පවතිනා තුරු 
මිහිකතත්

අහෝ හිමියනි, අහෝ හිමියනි..!!
මා චපල නැත, මා වැරදි නැත
බිඳී නැත අප 
සෙනෙහසත්

පිළිගන්න මා, පිළිගන්න මා
නොකියමී මම 
මුසාවක්

දුන්නෙ කඩුවයි ඔබේ දෑතට
අහෝ වැරදුනි පැත්ත හීමියනි
දෘෂ්ටිකත්වය විදුර හින්දා
දෙන්න මා හට 
සමාවක්..

~සෙන්නා / 04.06.2020

මීටර් සියයක හැඟීම්

කැකිරාව කියලා ඇහුන ගමං මට මතක් වෙන්නෙ මීටර් සියය. මුදලිහාමි සපත්තුත් නැතුව දුවලා දිනපු තරඟෙ ගැන. ලොකු මහත්තයා එක්ක කොළඹ ගිය හැටි. හැබැයි මේ ...

Search This Blog