2012 වෙසක් මස 24 වනදා
පිදුම
ලා රෝස පැහෙයෙන් යුතුව වැඩෙන කුරුඳු දල්ලක් සේ සෙමෙන් වැඩෙන කුරුන්ද නම් වූ ලපටි බ්ලොග් අඩවියේ උන්නතිය වෙනුවෙන්, සිය කාලය ශ්‍රමය වැයකරමින් කළ ඉමහත් සේවය අගය කරනු වස්, කෙසෙල් කොටුවේ චූටි එකා නොහොත් බුද්ධිට මෙම ලිපිය මෙසේ පිළිගන්වා සිටිමි.
~~~~~~~
ඒ 1934 වසරේ මාර්තු මාසයයි. තොටිල්ල මත සිට බෙරිහන් දෙන සිය පවුලේ නවතම සාමාජිකයා දෙස ඔහුගේ සොයුරියන් දෙදෙනා බලා සිටියේ ආදරය, විමතිය මිශ්‍ර හැඟීමකිනි. සිය ඇඳුම් තෙමා ගන්නා, කිසි දෙයක් තනිවම කර ගත නොහැකි, මේ අසරණ කුඩා ජීවියා, මතු දවසක, මානව සංහතියේම සිහිනයක් මල්ඵල ගන්වන පුරෝගාමියා වේ යැයි ඔහුගේ සොයුරියන් දෙදෙනා මොහොතකටවත් නොසිතූ බවනම් සහතිකය.
~~~~~~~
වසර හතක් සියල්ල යහපත්ව සිදු විය. සියලු දුක්කම්කටොළු ඇරබෙන්නේ, හිට්ලර්ගේ නාසි උමතුව ඔවුන්ගේ ගම්මානයත් ආක්‍රමණය කිරීමත් සමගය. සැබවින්ම එය දුෂ්කර කාල පරිච්ඡේදයකි. ඔවුන්ව සිය නිවසින් නෙරපන අතර ඔහුට සිය වැඩිමහලු සොයුරියන් දෙදෙනාව අහිමි වන්නෙ, ඔවුන්ව බලහත්කාරයෙන් වැඩ ගැනීම උදෙසා පෝලන්තයට රැගෙන යන බැවිනි. යුද්ධය අවසන් වන තෙක් තනා ගන්නා බිම් ගෙයක් වැනි නිවසක වසන ඔවුන් යුද්ධයෙන් පසුව Gziatsk වෙත සංක්‍රමණය වේ. වසර තුනක් වැනිවූ එම කාලය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතා දුෂ්කර කාලයකි. ඔහු සිය අධ්‍යාපනය ඇරබුවේද එම වසරේම ( 1941 ) වුවද, මෙම අනපේක්ෂිත සිද්ධි දාමයත් සමග එය කඩාකප්පල් වේ.
වාල්යගේ වාසනාව. තව වෙන මොනවද ! |
කැපෙන ජෝඩුව |
~~~~~~~
"Dear friends, both known and unknown to me, fellow Russians, and people of all countries and continents, in a few minutes a mighty spaceship will carry me into the far-away expanses of space. What can I say to you in these last minutes before the start? At this instant, the whole of my life seems to be condensed into one wonderful moment. Everything I have experienced and done till now has been in preparation for this moment. You must realize that it is hard to express my feeling now that the test for which we have been training long and passionately is at hand. I don't have to tell you what I felt when it was suggested that I should make this flight, the first in history. Was it joy? No, it was something more than that. Pride? No, it was not just pride. I felt great happiness. To be the first to enter the cosmos, to engage single handed in an unprecedented duel with nature - could anyone dream of anything greater than that? But immediately after that I thought of the tremendous responsibility I bore: to be the first to do what generations of people had dreamed of; to be the first to pave the way into space for mankind. This responsibility is not toward one person, not toward a few dozen, not toward a group. It is a responsibility toward all mankind - toward its present and its future. Am I happy as I set off on this space flight? Of course I'm happy. After all, in all times and epochs the greatest happiness for man has been to take part in new discoveries. It is a matter of minutes now before the start. I say to you, 'Until we meet again,' dear friends, just as people say to each other when setting out on a long journey. I would like very much to embrace you all, people known and unknown to me, close friends and strangers alike. See you soon!"
~~~~
දන්නා නොදන්නා මා හිතාදර මිතුරනී, රුසියානුවණී, සෑම දේශයකම සහ මහද්වීපයකම වසනා මිනිසුනී, තව නොබෝ වේලාවකින් දැවැන්ත අභ්‍යවකාශ යානයක් විසින් මා ඉමක් නොපෙනෙන ඒ අභ්‍යාවකාශය වෙත රැගෙන යාමට නියමිතයි. එහි ආරම්භයට කලින් ගෙවෙන මේ අවසන් නිමේෂයේ මා හට ඔබට පැවසිය හැක්කේ කුමක්ද ? මේ මොහොතේ, මාගේ මුලු මහත් ජීවිතයම එක සුවිශේෂී මොහොතකට කැටිවී ඇති සෙයක් පෙනේ. මේ දක්වා මා ලද සියලු අත්දැකීම් සහ කළ කී සියලු දෑ මෙම මොහොතට සූදානම් වීම සඳහා වේ. අප විසින් දීර්ඝ කාලයක් පුහුණුවීම් වල නිරතවූ මෙම පරීක්ෂණය කිරීමට යන මෙම මොහොතේ මාගේ හැඟීම් වචනයෙන් විස්තර කිරීම උගහට බව ඔබ සියලු දෙනාම තේරුම් ගත යුතුය. ඉතිහාසයේ ප්‍රථම වතාවට කිරීමට යන මෙම ගුවන් ගතවීමට මාව යෝජනා වූ විට මට දැනුණ දෑ පැවසීම අවශ්‍යය නොවේයැයි සිතමි. එය ප්‍රීතියක්ද ? නැත එය ඉන් ඔබ්බෙහි වූ දෙයකි. එය ආඩම්බරයක්ද ? නැත එය හුදු ආඩම්බරයකුත් නොවේ. එය මට ඉතාමත්ම සතුටක් දැනුණ මොහොතක් ලෙස හැඳින්විය හැකිය. සක්වලට මිහිමතින් අතුළු වන්නාවූ ප්‍රථමයා වීම, කිසිවෙකුටත් ඉන් එහා දෙයක් ගැන සිහින මැවිය හැකිද ? ඒක්ෂණයෙන් මට ඒ හා බද්ධවී ඇති අති විශාල වගකීමද දැනෙන්නට විය. පරම්පරා ගණනක් මිනිසුන් සිහින මැවූ කාර්යයක් ඉටු කරන්නාවූ පළමු වැන්නා වීම; මානව වර්ගයාව අභ්‍යාවකාශයට රැගෙන යැමට මග පිළිසකර කරන්නන්ගේ ප්‍රථමයා වීම; කෙතරම් නම් වගකීමක්ද ? එම වගකීම එක පුද්ගලයෙක් සඳහාවත්, කණඩායම් කිහිපයක් සඳහාවත් වූ වගකීමක් නොවේ, එය මුලු මහත් වර්තමාන හා අනාගත මානව වර්ගයාම සඳහා වූ වගකීමකි. මෙම කාර්යය පැවරීම ගැන මම සතුටින්ද ? සත්‍යය වශයෙන්ම ඔව්, එය මිනිසාට සර්වකාලිනවම ගවේෂණයක යෙදීමෙන් ලැබිය හැකි උපරිම සතුටක් ලෙස හැඟේ. තව විනාඩි කිහිපයයි ඉතිරිව ඇත්තේ, දන්නා නොදන්නා මිනිසුනි, මිත්‍රයිනී, ආගන්තුකයනී, මිනිසුන් සැමදාම දුර ගමනක් යන විට පවසනා පරිදි "නැවත අපි හමුවන තෙක් " යැයි පවසමින් මම නුබලාව වැළඳ ගනිමි. ඉක්මනින්ම නැවත හමුවෙමු !
1959 දී සෝවියට් දේශය එයට ප්‍රථම පියවර තැබීය. සෝවියට් ගුවන් හමුදාවේ භෞතචිකිත්සකයන්ට අනුව ඒ සඳහා වඩා යෝග්‍යය වූයේ ගුවන් හමුදාවේ නියමුවන්ය. ඔවුන්ගේ තර්කය නම්, ගුවන් නියමුවන් ප්‍රතිගුරුත්වයට නිරාවරණය වීමට දක්වන පළපුරුද්ද හා හැකියවත්, හදිසියකදී යානයෙන් එළියට පිනීමට ඔවුන් සතු පුහුණුවත්ය. ඇමෙරිකාව විසින් සිය Mercury Seven වැඩසටහන සඳහාද තෝරාගන තිබුණේ ගුවන් ක්ෂේත්‍රය හා සම්බන්ද අයවලුන්ය. වැඩසටහනට තෝරා ගන්නා අයවලුන් සඳහා තිබුය යුතු අනෙකුත් සුදුසුකම් වූයේ බුද්ධිමත් භාවය, ආතතිය කළමනාකරණය කොට ගත හැකිවීමේ මනා හැකියාව හා ශාරීරික යෝග්‍යතාවය වේ.
සෝවියට් අභ්‍යාවකාශ වැඩසටහනේ ප්‍රධාන සැලසුම්කරු වූ Sergei Korolev තීරණය වූයේ තෝරාගන්නා ගගනගාමීන් වයස 25ත් 30 ත් අතර විය යුතු වූ අතර පුරුෂයන් පමණක් විය යුතු බවයි. මීටර 1.75 කට වඩා නොඋස් විය යුතු අතර බර කිලෝ ග්‍රෑම් 72 ක නොඉක්මවිය යුතුය. අයදුම් කරුවන් සඳහා වූ මෙම නිර්නායකයන් 1959 ජූනි මස වන විට තීරණයකොට අවසන් කෙරුණ අතර සැප්තැම්බර් මස සිට ඇරඹුණේ යෝග්‍ය ගගනගාමීන් තෝරා ගැනීම සඳහා වූ සම්මුඛ පරික්ෂණ මාලාවයි. 200 කට අධික සංඛ්‍යාවක් මූලික පරීක්ෂණ වලට භාජනය කෙරිණ. ඔක්තෝබර් වන විට තේරී සිටි අයදුම් කරුවන්ට, අඩු පීඩනයට නිරාවරණය වීම, කේන්ද්‍රපසාරී පරික්ෂණය වැනි දුෂ්කර ශාරිරික යෝග්‍යතා පරීක්ෂණ වලට මුහුණ දීමට සිදු වූහ. ඔක්තෝබර් අග වන විට අයදුම් කරුවන් 20 දෙනෙකු තෝරා ගැනුණ අතර මෙම විසි දෙනාගෙන් පස් දෙනෙකුම අදාළ වයස් පරතරයෙන් පිටත වූවන්ය. එම නිසාම වයස් සීමාවන් ලිහිල් කිරීමට සිදු විය. නාසා ගගනගාමීන් මෙන් නොව මෙම තෝරා ගත් අයදුම් කරුවන් බොහොමයක් ඉතා අඩු පියාසර අත්දැකීම් ඇත්තන් වූහ. වැඩිම පියාසර අත්දැකීම් තිබුණු "බෙල්යායෙව්" හට තිබුණේ පියාසර පැය 900 ක පළපුරුද්ද පමණී. එහෙත්, ඇමෙරිකානු යානා මෙන් නොව සෝවියට ගගන යානා වැඩි ස්වයංක්‍රීයතාවයකින් යුක්ත වූහ. එම නිසා ගගනගාමියාගේ පළපුරුද්ද එතරම් සලකා නොබැලුණි.
1960 ජනවාරි 11 වන දින ගුවන් ගමන් පිළිබඳ ප්‍රධානියා වූ Konstantin Vershinin විසින් ගගනගාමීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ඇරඹීම සඳහා නිළ වශයෙන් අනුමැතිය දෙන ලදී. 250 දෙනෙකුගෙන් පමණ වූ කාර්යය මණඩලයකින් සැදුම් ලත් මෙම මධ්‍යස්ථානය ගගනගාමීන් පුහුණු කිරීම සඳහාම විශේෂයෙන් වෙන්වී තිබුනි. ඒවකට ප්‍රසිද්ධ ගුවන් නැවියෙකු වූ Nikolai Kamanin ව සුපරික්ෂණය සඳහා අනුයුක්ත කෙරිණ. මාර්තු මස වනවිට බොහොමයක් වු අයදුම් කරුවන් මධ්‍යස්ථානය වෙත වාර්තා කෙරුන අතර මාර්තු 07 වනදි Vershinin විසින් ඔවුන්ව පිළිගැනීමේ කතාවක්ද සමඟින් පිළිගන්නා ලදී. ජූනි මස මැද දී අයදුම්කරුවන් 20 දෙනාම එහි ස්ථානගත වූහ. මාර්තු මස සිට දෛනික ශාරිරික යෝග්‍යතා අංගද ඇතුලුව වැඩසටහනට අදාලවූ විවිධ විශයන් ඉගැන්වීම අරඹන ලදී. කෙසේවෙතත් මෙම මුල් මධ්‍යස්ථානයේ වූ අඩු පාඩු නිසා Star City යනුවෙන් හැඳින්වූ අලුත් පුහුණුවීම මධ්‍යස්ථානයකට 1960 ජුනි මස 29 වන දින ගගනගාමීන් සහ මධ්‍යස්ථානයේ කාර්යය මණඩලය මාරු කරන ලදී. මෙම නව ස්ථානය එතැන් සිට වසර පනහකට අධික කාලයක්ම රුසියානු ගගනගාමීන්ගේ පුහුණුවීමේ මහ ගෙදර විය.
~~~~~~~
ඒ නිරවි යුද සමයයි. ඇමෙරිකාව හා සෝවියට් දේශය අතර සීතල යුද්ධය පැවති අවධියයි. ප්‍රසිද්ධියේ නොකියවුණද දෙපිරිසම එකිනෙකාට කලින් අභ්‍යාවකාශය ජය ගැනීමේ උමතුවෙන් සිටි කාලයයි. " ලයිකා " බැල්ලව අභ්‍යාවකාශගත කිරීමෙන් හා ලොව ප්‍රථම චන්ද්‍රිකාව වූ " ස්පුට්නික් 1 " කක්ෂ ගත කිරීමෙන් සෝවියට් දේශය පියවරක් ඉදිරියෙන් සිටියේය. ඔවුන්ගේ ඊළඟ ඉලක්කය වූයේ මිනිසකු අභ්‍යාවකාශගත කොට නැවත ගෙන්වා ගැනීමයි.
1959 දී සෝවියට් දේශය එයට ප්‍රථම පියවර තැබීය. සෝවියට් ගුවන් හමුදාවේ භෞතචිකිත්සකයන්ට අනුව ඒ සඳහා වඩා යෝග්‍යය වූයේ ගුවන් හමුදාවේ නියමුවන්ය. ඔවුන්ගේ තර්කය නම්, ගුවන් නියමුවන් ප්‍රතිගුරුත්වයට නිරාවරණය වීමට දක්වන පළපුරුද්ද හා හැකියවත්, හදිසියකදී යානයෙන් එළියට පිනීමට ඔවුන් සතු පුහුණුවත්ය. ඇමෙරිකාව විසින් සිය Mercury Seven වැඩසටහන සඳහාද තෝරාගන තිබුණේ ගුවන් ක්ෂේත්‍රය හා සම්බන්ද අයවලුන්ය. වැඩසටහනට තෝරා ගන්නා අයවලුන් සඳහා තිබුය යුතු අනෙකුත් සුදුසුකම් වූයේ බුද්ධිමත් භාවය, ආතතිය කළමනාකරණය කොට ගත හැකිවීමේ මනා හැකියාව හා ශාරීරික යෝග්‍යතාවය වේ.
සෝවියට් අභ්‍යාවකාශ වැඩසටහනේ ප්‍රධාන සැලසුම්කරු වූ Sergei Korolev තීරණය වූයේ තෝරාගන්නා ගගනගාමීන් වයස 25ත් 30 ත් අතර විය යුතු වූ අතර පුරුෂයන් පමණක් විය යුතු බවයි. මීටර 1.75 කට වඩා නොඋස් විය යුතු අතර බර කිලෝ ග්‍රෑම් 72 ක නොඉක්මවිය යුතුය. අයදුම් කරුවන් සඳහා වූ මෙම නිර්නායකයන් 1959 ජූනි මස වන විට තීරණයකොට අවසන් කෙරුණ අතර සැප්තැම්බර් මස සිට ඇරඹුණේ යෝග්‍ය ගගනගාමීන් තෝරා ගැනීම සඳහා වූ සම්මුඛ පරික්ෂණ මාලාවයි. 200 කට අධික සංඛ්‍යාවක් මූලික පරීක්ෂණ වලට භාජනය කෙරිණ. ඔක්තෝබර් වන විට තේරී සිටි අයදුම් කරුවන්ට, අඩු පීඩනයට නිරාවරණය වීම, කේන්ද්‍රපසාරී පරික්ෂණය වැනි දුෂ්කර ශාරිරික යෝග්‍යතා පරීක්ෂණ වලට මුහුණ දීමට සිදු වූහ. ඔක්තෝබර් අග වන විට අයදුම් කරුවන් 20 දෙනෙකු තෝරා ගැනුණ අතර මෙම විසි දෙනාගෙන් පස් දෙනෙකුම අදාළ වයස් පරතරයෙන් පිටත වූවන්ය. එම නිසාම වයස් සීමාවන් ලිහිල් කිරීමට සිදු විය. නාසා ගගනගාමීන් මෙන් නොව මෙම තෝරා ගත් අයදුම් කරුවන් බොහොමයක් ඉතා අඩු පියාසර අත්දැකීම් ඇත්තන් වූහ. වැඩිම පියාසර අත්දැකීම් තිබුණු "බෙල්යායෙව්" හට තිබුණේ පියාසර පැය 900 ක පළපුරුද්ද පමණී. එහෙත්, ඇමෙරිකානු යානා මෙන් නොව සෝවියට ගගන යානා වැඩි ස්වයංක්‍රීයතාවයකින් යුක්ත වූහ. එම නිසා ගගනගාමියාගේ පළපුරුද්ද එතරම් සලකා නොබැලුණි.
1960 ජනවාරි 11 වන දින ගුවන් ගමන් පිළිබඳ ප්‍රධානියා වූ Konstantin Vershinin විසින් ගගනගාමීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ඇරඹීම සඳහා නිළ වශයෙන් අනුමැතිය දෙන ලදී. 250 දෙනෙකුගෙන් පමණ වූ කාර්යය මණඩලයකින් සැදුම් ලත් මෙම මධ්‍යස්ථානය ගගනගාමීන් පුහුණු කිරීම සඳහාම විශේෂයෙන් වෙන්වී තිබුනි. ඒවකට ප්‍රසිද්ධ ගුවන් නැවියෙකු වූ Nikolai Kamanin ව සුපරික්ෂණය සඳහා අනුයුක්ත කෙරිණ. මාර්තු මස වනවිට බොහොමයක් වු අයදුම් කරුවන් මධ්‍යස්ථානය වෙත වාර්තා කෙරුන අතර මාර්තු 07 වනදි Vershinin විසින් ඔවුන්ව පිළිගැනීමේ කතාවක්ද සමඟින් පිළිගන්නා ලදී. ජූනි මස මැද දී අයදුම්කරුවන් 20 දෙනාම එහි ස්ථානගත වූහ. මාර්තු මස සිට දෛනික ශාරිරික යෝග්‍යතා අංගද ඇතුලුව වැඩසටහනට අදාලවූ විවිධ විශයන් ඉගැන්වීම අරඹන ලදී. කෙසේවෙතත් මෙම මුල් මධ්‍යස්ථානයේ වූ අඩු පාඩු නිසා Star City යනුවෙන් හැඳින්වූ අලුත් පුහුණුවීම මධ්‍යස්ථානයකට 1960 ජුනි මස 29 වන දින ගගනගාමීන් සහ මධ්‍යස්ථානයේ කාර්යය මණඩලය මාරු කරන ලදී. මෙම නව ස්ථානය එතැන් සිට වසර පනහකට අධික කාලයක්ම රුසියානු ගගනගාමීන්ගේ පුහුණුවීමේ මහ ගෙදර විය.
~~~~~~~
සෑම පෙම් යුවලක් සේම යූරි සහ වාල්යා ද හැකි සෑම විටම එකිනෙකා හමුවීමට ලැබෙන සුලු ඉඩක් හෝ අතපසු කිරීමට සූදානම් නොවූහ. එහෙත්, අනෙකුත් පෙම්වතුන් මෙන් නොව, යූරි සහ වාල්යා, බොහෝවිට විවිධ මාතෘකා ඔස්සේ කතාබහ කල අතර, පොත්පත්, නාට්‍ය, චිත්‍රපට වැනි විශයන් ඔවුන්ගේ කතාබහට මාතෘකා විය. එපමණක් නොව, ලොව ප්‍රථම චන්ද්‍රිකාව වූ " ස්පුට්නික් 1 " හා මිනිසකු අභ්‍යාවකාශ ගත කිරීමට ඇති සැලැස්ම ගැනද ඔවුන්ගේ සාකච්ඡාවලට බඳුන් විය. දෛවය විසින් තමාට නියම කොට තිබූ කාර්යය ඉටු කිරීම උදෙසාම, මෙම අවධියේම යුරිගේ යටිසිතේ අභ්‍යාවකාශ වැඩසටහන හා සම්බන්ධ වීමේ උනන්දුවක්ද මෝදු වෙමින් පැවතුණි. ඒ 1957 නොවැම්බර් මාසයයි. අවුරුදු 23 ක්වූ යූරි, ඉහළම ගෞරව සහිතව උපාධිය සමත්වී සෝවියට් ගුවන් හමුදාවේ ලුතිනන් නිලයකින් පිදුම් ලැබීම සිදුවන්නෙ එලෙස කාලය ගෙවී යන අතරය. එම සුවිශේෂී දිනයේදීම යූරි හා වාල්යා අතිනත ගැනීම එම සුවිශේෂ බව දෙගුණ තෙගුණ කළේය.
යූරිගේ ප්‍රථම පත්වීම, ප්‍රහාරක යානා නියමුවකු ලෙස ආක්ටික් ප්‍රදේශයේ වූ සෝවියට් ගුවන් කඳවුරකටය. ඔහු එහි රාජකාරියෙහි නියුක්තව සිටින අතරවාරයේ 1959 දී සෝවියට දේශය විසින් චන්ද්‍රයාගේ දුරස්ථ ප්‍රදේශයන්ගේ ඡායාරූප ගැනීමට සමත් වූ " Luna 3 " යානය අභ්‍යාවකාශගත කරණ ලදී. මෙය යූරිගේ සිතෙහි පැවති ආශාව උත්සන්න කරවන උත්තේජනයක් විය.
" මම තවත් ප්‍රමාද නොවිය යුතුයි. මිනිසකුව අභ්‍යාවකාශගත කිරීම ඉක්මනින්ම සිදුවිය හැකියි. " ඒ යූරිගේ සිතුවිලිය.
මෙම සිතුවිල්ල ක්‍රියාත්මක කරමින්, යූරි විසින් සිය අයදුම් පත 1959 දෙසැම්බර් මස 09 වන දින ගගනගාමීන් පුහුණු මධ්‍යස්ථානයට බාර දුන් අතර සතියක් වැනි කෙටි කාලයක් ඇතුලත ඔහුව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොස්කවු නුවරට කැඳවීය. ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය ගගන යානාවකට සුදුසු මට්ටමේ බව වෛද්‍ය නිර්දේශයයි. සිය සිහිනයේ ප්‍රථම කඩඉම යූරි විසින් මෙසේ පැනගන්නා ලදී. ඉනික්බිතිව සිදුවන්නේ යූරි, වාල්යා හා ඔවුන්ගේ සිඟිති දියණිය " Star Town " යනුවෙන් හැඳින්වූ ගගනගාමින් වෙනුවෙන්ම වෙන්වූ නගරය වෙත සංක්‍රමණය වීමය.
ඉහත සඳහන් අති දුශ්කර තෝරා ගැනීමේ ක්‍රියාපටිපාටියකට පසුව 1960 මාර්තු 03 වන දින තෝරා ගත් 20 දෙනාගේ කණඩායමට ඇතුලු වීමට ඔහු වාසනාවන්ත විය. මෙලෙස, ඔහු අඩියෙන් අඩිය සිය ඉලක්කය වෙත ලඟා වෙමින් සිටියේය. මාර්තු 11 වන දින පුහුණුවීම් ඇරඹිණි. වසරක් වැනි කාලයක් පුරාවට පැවතුනු පුහුණු පාඨමාලාව ඇත්තෙන්ම එයට සහබාගී වූවනට අභියෝගයක්ම විය. අති දුශ්කර අභ්‍යාස මෙන්ම විශයට අදාල වූ බොහෝ කරුණු අධ්‍යනය කිරීමට ඔවුනට සිදුවිය. මුල් මාස නවය ගෙවෙන තෙක් ඔවුන්ගේ පුහුණුව කූටප්‍රාප්ත වන්නේ කවදාදැයි කිසිවකුත් දැන නොසිටියහ. මාස නවයක පුහුණුවෙන් පසු, ප්‍රථම අභ්‍යාවකාශ තරණයට 1961 අප්‍රේල් 12 වන දිනය නියම වී ඇති බව ඔවුනට දැනුම් දෙන ලදී.
~~~~~~~
Gromov Flight Research Institute හීදී ගගන යානයේ ආකෘතියක් නිර්මාණය කෙරුනේ ගගනගාමීන්ව පුහුණු කිරීම උදෙසාය. එය නමින් TDK-1 විය. විසි දෙනාවම ආකෘතිය මඟින් පුහුණු කිරීම ප්‍රායෝගික නොවූ බැවින් සහ පුහුණුව වේගවත් කිරීම සඳහා සය දෙනෙකුව පමණක් තෝරා ගැනීමට තීරණය විය. මුලින්ම තීරණය වූ සය දෙනා මෙසේය; Gagarin, Kartashov, Nikolayev, Popovich, Titov සහ Varlamov. ඔවුන් සයදෙනා විසිදෙනාගේ කණ්ඩායමේ වූ මිටිම සයදෙනාද වූහ. ඒ 1960 මැයි මාසයේ අවසානයයි.
ජූලි මස වන විට එසේ තෝරාගත් සයදෙනාගෙන් දෙදෙනෙකු වෛද්‍ය හේතූන් මත මාරු කරන ලදී. මුලින්ම, කේන්ද්‍රාපසාරී පරීක්ශණයේදී Kartashov ගේ ශරීර අභ්‍යන්තරයෙහි ඇතිවූ තුවාල හේතුකොටගෙන වෛද්‍ය නිර්දේශය මත ඔහුව ඉවත් කිරීමට තීරණය විය. ජූලි මස අවසානයේදී Varlamov කිමිදීමකදී සිය හිස තටාකයේ පතුලේ වැදීම නිසා හටගත් සංකූලතා හේතුකොටගෙන ඉවත් කෙරින. ජූලි අවසානයේ Vanguard Six ලෙසින් හැඳින්වූ නවතම සයදෙනා මෙසේය; Gagarin, Bykovskiy, Nelyubov, Nikolayev, Popovich සහ Titov.
1961 ජනවාරි වන විට සයදෙනා පුහුණුව නිම කොට තිබුනි. එයට ආකෘතියේ සිදුකළ පුහුණුවීම්ද, පැරෂුට් මඟින් කළ පුහුණුවීම්ද ඇතුලුව තවත් බොහෝ අංග එකතුව තිබුනි. ජනවාරි 17, තීරණාත්මක දිනයකි. ඒ ඔවුන්ගේ අවසන් පරික්ශණය පැවැත්වූ දිනයයි. එය ප්‍රායෝගික හා ලිඛිත යන දෙයාකාරයෙන්ම සිදු කෙරින. අවසන් ප්‍රතිපලය මත ගගනගාමීන්ව පහත අනුපිලිවලෙන් භාවිතා කිරීමට තෝරා ගැනින.
මතු සම්බන්ධයි........
තරු ඇල්ලූ මිනිසා - අවසාන කොටසට >>>
~~ සෙන්නා / 24.05.2012
යූරිගේ ප්‍රථම පත්වීම, ප්‍රහාරක යානා නියමුවකු ලෙස ආක්ටික් ප්‍රදේශයේ වූ සෝවියට් ගුවන් කඳවුරකටය. ඔහු එහි රාජකාරියෙහි නියුක්තව සිටින අතරවාරයේ 1959 දී සෝවියට දේශය විසින් චන්ද්‍රයාගේ දුරස්ථ ප්‍රදේශයන්ගේ ඡායාරූප ගැනීමට සමත් වූ " Luna 3 " යානය අභ්‍යාවකාශගත කරණ ලදී. මෙය යූරිගේ සිතෙහි පැවති ආශාව උත්සන්න කරවන උත්තේජනයක් විය.
" මම තවත් ප්‍රමාද නොවිය යුතුයි. මිනිසකුව අභ්‍යාවකාශගත කිරීම ඉක්මනින්ම සිදුවිය හැකියි. " ඒ යූරිගේ සිතුවිලිය.
අවසාන විසිදෙනා - උපුටා ගැනීම Wikipedia |
ඉහත සඳහන් අති දුශ්කර තෝරා ගැනීමේ ක්‍රියාපටිපාටියකට පසුව 1960 මාර්තු 03 වන දින තෝරා ගත් 20 දෙනාගේ කණඩායමට ඇතුලු වීමට ඔහු වාසනාවන්ත විය. මෙලෙස, ඔහු අඩියෙන් අඩිය සිය ඉලක්කය වෙත ලඟා වෙමින් සිටියේය. මාර්තු 11 වන දින පුහුණුවීම් ඇරඹිණි. වසරක් වැනි කාලයක් පුරාවට පැවතුනු පුහුණු පාඨමාලාව ඇත්තෙන්ම එයට සහබාගී වූවනට අභියෝගයක්ම විය. අති දුශ්කර අභ්‍යාස මෙන්ම විශයට අදාල වූ බොහෝ කරුණු අධ්‍යනය කිරීමට ඔවුනට සිදුවිය. මුල් මාස නවය ගෙවෙන තෙක් ඔවුන්ගේ පුහුණුව කූටප්‍රාප්ත වන්නේ කවදාදැයි කිසිවකුත් දැන නොසිටියහ. මාස නවයක පුහුණුවෙන් පසු, ප්‍රථම අභ්‍යාවකාශ තරණයට 1961 අප්‍රේල් 12 වන දිනය නියම වී ඇති බව ඔවුනට දැනුම් දෙන ලදී.
~~~~~~~
1961 ජනවාරි වන විට සයදෙනා පුහුණුව නිම කොට තිබුනි. එයට ආකෘතියේ සිදුකළ පුහුණුවීම්ද, පැරෂුට් මඟින් කළ පුහුණුවීම්ද ඇතුලුව තවත් බොහෝ අංග එකතුව තිබුනි. ජනවාරි 17, තීරණාත්මක දිනයකි. ඒ ඔවුන්ගේ අවසන් පරික්ශණය පැවැත්වූ දිනයයි. එය ප්‍රායෝගික හා ලිඛිත යන දෙයාකාරයෙන්ම සිදු කෙරින. අවසන් ප්‍රතිපලය මත ගගනගාමීන්ව පහත අනුපිලිවලෙන් භාවිතා කිරීමට තෝරා ගැනින.
- Yuri Gagarin
- Titov
- Nelyubov
- Nikolayev
- Bykovskiy
- Popovich
මතු සම්බන්ධයි........
තරු ඇල්ලූ මිනිසා - අවසාන කොටසට >>>
~~ සෙන්නා / 24.05.2012