2012 මැදින් මස 30 වනදා,
මේ කතාව මට අහන්ඩ ලැබුණෙ, කොහොමවත් මම එහෙම කතාවක් අහන්ඩ හිටපු වෙලාවකවත්, එහෙම කතාවක් කියයි කියලා හිතපු පුද්ගලයෙකුගෙන්වත් නෙමේ. කොටින්ම මට ඒ මනුස්සයව එදායින් පස්සෙ හම්බෙලාවත් නැහැ. මේක විශ්වාස කරන්ඩ පුළුවන්ද, බැරිද කියලා අදටත් මට ගැටලුවක්. ඕනම දෙයක් වෙන්ඩ පුළුවන් මේ ලෝකේ මෙහෙම දේවල් නොව්නයි කියන්ඩත් බැහැ ඉතින්. නවීන විද්‍යාව ඔළුව උඩ තියන් ඉන්න මිනිහෙක් නම් කියයි;
" මොන විකාරයක්ද ? ඕක ඒ යකා හිතෙන් මවාගත්තු එකක්" කියලා.
මට ඉතින් ඔය විද්‍යාව ගැනවත්, මිනිස් මනස ගැනවත් ලොකු දැනුමක් නැති හින්දා මට ඉතින් එක පාරම බැහැර කරන්ඩත් බැහැ බැහැ වගේ. අනේ මංදා, මම කතාව කියන්නම්. ඕගොල්ලොත් බලන්ඩකො මේක වෙන්ඩ පුළුවන් දෙයක්ද කියලා. ඕක මට කියපු මනුස්සය නම් දහ අතේ දිවුරලා කිව්වා මේක තමන්ගෙ යාළුවෙකුට උණ ඇත්තම සිද්ධියක් කියලා.
~~~~~
පිටරටක වැඩ කරන කෙනෙක් දන්නවා අවුරුද්දකට සැරයක් හම්බෙන නිවාඩුවට ලංකාවට එන දවස කොච්චර ප්‍රීතිමත් එකක්ද කියලා. හිතම ප්‍රීතියෙන් පිරිලා තියෙන්නේ. දකින දකින හැම දේම නිකන් හරි ලස්සනට පේන්නේ. ඒ වෙලාවට ලෝකෙ කොච්චර ලස්සනද කියලා හිතෙනවා. ඒක මාරම හැඟීමක්, වචනයෙන් විස්තර කරන්ඩ බැහැ. විඳලම බලන්ඩ ඕනා. අපහු යන දවසට ඒකෙ අනිත් පැත්ත. මරන්ඩ ගෙනියන හරකා වගේ.
කටුනායකින් ගුවන් යානය ගොඩබානකම් පුදුම නොඉවසිල්ලකින් හිටියේ. නවත්තන්ඩත් ඉස්සෙල්ලා ආසන පටි ගලවලා මාව හිටෙව්වේ ඒ නොඉවසිල්ලමයි. එතකොට වෙලාව රෑ නමයා මාරට විතර ඇති. අවශ්‍යය කරන කටයුතු නිමවෙලා, තීරු බදු රහිත සාප්පුවෙත් ටිකක් වෙලා ගත කරලා එළියට එනකොට එකොළහමාරත් පහුවෙලා වගේ තමා මතක.
මෙදා සැරේ මම ගෙදර අයව පොඩ්ඩක් පුදුම කරවන්ඩ නොකියම ගෙදරට යන්ඩ තමා කල්පනාව. අඩු ගානේ මම එනවද කියලවත් ගෙදර අය තාම දන්නෙ නෑ. ඒක හින්දා මට සිද්ධ උනා කුලී රථයක පිහිට පතන්ඩ. ගමනට කුළිය ඇහුවම ඇත්තටම හිතුනා ගුවන් යානෙන්ම ගෙදරට යාගන්ඩ තිබුනනම් ඊට වඩා ලාබයි කියලා. තනිකරම කළ දුටු කල වල ඉහ ගැනීමේ න්‍යායාය තමා ඒ ගොල්ලො අනුගමනය කරන්නේ. රට ඉඳලා එන බව දන්න හින්දා ගානක් කඩා ගන්ඩ පුළුවන් කියලා දන්නවා. කොහොම හරි දෙපැත්තටම සාධාරණ ගානකට එකඟ වෙන්ඩ පුලුවන් උනා අන්තිමේදී. ඔය ගම්වලින් මැදපෙරදිග මෙහෙකාර සේවයට ගිය නූගත් ගැහැනු උදවියගෙන් එහෙම හොඳට ගාන කපනවා ඇතියි කියලත් මට හිතුනා. ඒ වගේ සමහරුන්ට මගදී එක එක අතවර වලට මුහුණ දෙන්ඩ උන කතාත් මම අහලා තිබුනා. ඒවට කාටද දොස් කියන්ඩ ඕනා කියලා මට තේරෙන්නෑ.
" මහත්තයා මාතර කොහෙටද යන්නෙ ? "
" ටවුන් එක කිට්ටුවටම. "
රියදුරාම මගෙ ගමන් මළු ටික අරන් රථයට පටව ගත්තා. වයස පනහක, හැටක විතර තලත්තෑනි මනුස්සයෙක්.
අන්තිමේදී පිටත් වුනා.
මමත් ඉස්සරහා වම් පැත්තෙ අසුනෙ හොඳට හරි බරි ගැහිලා වාඩි වුණේ ගුවන් ගමනට වැඩි වෙලාවක් මේකට යනවා කියලා දන්න නිසා.
ටික දුරක් යනකම් මම වට පිට බලමින් ගියේ සිද්ධ වෙලා තියන වෙනස ග්‍රහණය කරගන්ඩ. කියන්ඩ තරම් ලොකූ වෙනසක් තිබුණෙත් නැහැ. දත් තිස්දෙක එළියෙ දාගන, කණු උඩ එල්ලිලා ඉන්න මුහුණු ටික දැක්කම තමා මතක් උණේ ඡන්දයක් ඉවර උණේ මේ ළඟදි නේද කියලා. රටට සේවය කරන්ඩ කොච්චර කැපවෙලාද කියලා හිතාගත්තෑකි දැන්වීම් අලවලා කරලා තියන පරිසර හානිය දැක්කම. නොදෝමකින්..!!
ටිකක් වෙලා ගතවුනා. වාහනේ දැන් මීගමු පාරට වැටිලා කොළඹ පැත්තට යනවා. ඔන්න ඔය වෙලාවෙ තමයි මගේ අර කැත පුරුද්ද මතු උනේ. ශිඃ මේක මට නවත්ත ගන්ඩ බෑනේ. හොඳටම දන්නවා හොඳ නැහැ කියලා, ඒත් ඉතින් පුරුද්ද ලොකුයිනේ. දෙතුන් පාරක් නවත්තන්ඩ උත්සහ කළා, කොහෙද ! හැබැයි මේ පුරුද්ද, මේ කතාව අහගන්ඩ ඉවහල් උනා කියලා තමා දැන් මට හිතෙන්නේ. මොකද මෙච්චර වෙලා බමුණා වගේ බුම්මගන රෝදෙ කරකවපු එකා මාත් එක්ක කතාවට වැටුනෙ ඊට පස්සෙ තමා. ඔව් ඔව් එයා තමයි මට ඔය කතාව කිව්වෙ. ටැක්සි රියදුරා.
" මේ.. මම සිකරට් එකක් බිව්වට කමක් නැද්ද ? ඔයත් බොනවද එකක් ? " මම සිගරට් පැකට් එක දික්කරන ගමන්මයි ඇහුවේ.
" කමක් නැහැ මහත්තයා බොන්ඩ බොන්ඩ.. අහ් එහෙනම් මටත් එකක් දෙන්ඩකො. "
මමත් එකක් පත්තු කරන් රියදුරාටත් එකක් දුන්නා. මිනිහා සිගරට් එක දිහාට අමුතු බැල්මක් එහෙම දාලා තමා ඒක පත්තු කර ගත්තේ.
" රට සිකරට් ජාතියක් නේද මහත්තයා ? "
" ඔව් ඔය මම එහෙන් අරන් ආපු ඒවා වගයක්. "
" මහත්තයා මොන රටේ ඉඳලද එන්නේ ? "
" මැද පෙරදිග. " මම එහෙම කිව්වේ මම ගැන ඕනැවට වැඩි විස්තරයක් නොදෙන්ඩ හින්දයි. මම කොහොමත් මිනිස්සුන්ව එක පාරටම විශ්වාසෙට ගන්නෙ නැහැ. එකට කන බොන උන්වත් විශ්වාස කරන්ඩ බැරි අද කාලේ, මේ නොදන්න මනුස්සයෙක්ව කොහොම විශ්වාස කරන්ඩද! ඒක හින්දා මගේ තොරතුරු අවම වශයෙන් හෙළිකරපු එක තමා වුණේ.
" ඩ්‍රයිවර් මහත්තයා කොයි අහද, නැහ්.. මං කිව්වේ මොන පළාතෙද ? " අපේ පලාතට ආවේනික භාෂාව තේරෙන්නැතුව ඇති කියලයි මම දෙවෙනි කොටස එකතු කළේ.
" කුරුණෑගල මහත්තයෝ. ඒත් මම දැනට නම් කටුනායක බෝඩ් වෙලා තමා ඉන්නෙ. "
" නම මොකක්ද ? "
" ගුණවර්ධන කියලා තමා හැමෝම කතා කරන්නෙ. "
" හ්ම්ම් "
ක්‍රමක්‍රමයෙන් දැන් අපි අතර කතාව ගොඩ නැගෙනවා. රටේ ලෝකෙ දේවලුයි, ඡන්ද ගැනයි, බඩු මිළ ගැනයි, ක්‍රිකට් ගැනයි කතාව ඇදි ඇදී යනවා. ඔය අතරෙ අතරින් පතර සිගරට් එහෙමත් පිච්චෙනවා.
වෙලාව රෑ දොළහටත් කිට්ටු හින්දා පාරේ වාහන එහෙම අඩුයි. ඒක හින්දා අපේ වාහනේ සැළකිය යුතු වේගයකින් ඉදිරියට ඇදුනා. එක හන්දියකට කිට්ටු වෙනකොට කිසිම හේතුවක් නැතුව ගුණවර්ධන රථයේ වේගය බාල කළා.
" ඇයි ඒ ? "
එතකොට මනුස්සයා මට වම් පැත්තෙ තියන ගෑනු කෙනෙක්ගෙ පිළිමයක් ඇඟිල්ලෙන් පෙන්නලා ඇහුවා " දන්නවද මේ කව්ද කියලා ? "
" ඔව්, ඔය රුක්මණී දේවිගෙ පිළිමෙනෙ. " මම කිව්වා.
" මහත්තයා දන්නවද එයා මැරුනෙ කොහොමද කියලා ? "
" ඔව්, ඇක්සිඩන්ට් එකකින්නෙ. "
" ඔව් ඔව් එහෙම තමා, දැන් ඔතන හොල්මන් තියනවාලු. " යි කියලා මනුස්සය මම දිහා බැලුවා. මට ඒ වෙලාවෙ අමුතුම අවඥාසහගත හිනාවක් ආව කට කොනකට. මම ඒක මනුස්සයට නොපෙන්වා ඉන්ඩ උත්සහ කළාට හරි ගියේ නැහැ. ඇත්තටම මම ඒ වෙනකොට හොල්මන් එච්චර විශ්වාස කළේ නැහැ. ඇත්තටම මට එහෙම කරන්ඩ හේතුවක් වෙලා තිබුනේ නැහැ. මම කවදාවත් හොල්මනක් දැකල තිබුනෙත් නැහැ. එච්චර ඒවගේ දේවල් ගැන අහන්ඩ ලැබිලා තිබුනෙත් නැහැ. ඉතින් මම ඕවා නිකන් අවඥාවෙන් බැහැර කරන මානසික තත්ත්වෙක තමා ඒ වෙනකොට හිටියේ.
" ඇයි මහත්තයා හිනා වෙන්නේ ? ඒක විහිලුවක් නෙමෙ. අපේ ඩ්‍රයිවර්ලා දෙතුන් දෙනෙක්ම දැකලා තියනවා ඔතනින් පාර පනින සුදු ඇඳ ගත්තු ගෑනු කෙනෙක්. නිකන් පාවෙලා වගේලු යන්නේ පාර හරහා. එකපාරටම වාහනේ ඉස්සරහින් පනිනවා වගේලු පේන්නෙ. රෑ දොළහත් එකත් අතර තමා පේනවා කියන්නේ. "
මම පුදුම වෙලා මනුස්සයා දිහා බලාගන හිටියා.
" මම බොරුවක් නෙමේ කියන්නේ මහත්තයො. දැකලා බය වෙච්ච අය ඉන්නවා ඕන තරම්. ඒ වගේම ඇක්සිඩන්ටුත් හරියට වෙලා තියනවා. "
" ඩ්‍රයිවර් උන්නැහැ දැකලා තියනවද ? "
" මම නම් තාම දැකලා නැහැ. ඒත් කෝකටත් කියලා මෙතනින් මම රෑට යනවනම් ස්ලෝ කරනවා. "
" ඕක නිකන් කාගෙ හරි හිතලුවක් වෙන්ඩ බැරිද ? ඇත්තටම පාර පැනපු ගෑණු කෙනෙක් දැකලා හැඳුන එකක් වෙන්ඩ බැරිද ? " මම අවිශ්වාසය පළකරා.
" අනේ මංදා මහත්තයෝ. ඔය පිළිමෙ ඉස්සර තිබුනේ ටිකක් එහාට වෙන්ඩ, පාරෙන් අනිත් පැත්තෙ. හරියටම ඇක්සිඩන්ට් එකෙන් එයා මැරුණ තැන. ඉස්සර එතන හරියට ඇක්සිඩන්ට් වෙනවා. මාරාන්තික අනතුරු. පස්සෙ පස්සෙ මිනිස්සු ඇක්සිඩන් එකක් උනාම පිළිමෙට කළු තෙල් ගහන්ඩත් පටන් ගත්තා. පස්සෙ තමා පිළිමෙ මෙතනට ගෙනාවෙ. මෙතනට ගෙනාවට පස්සෙ අනතුරු ටිකක් අඩුයි කියනවා. ඒත් ඔය පාර පනින ගැනු කෙනාගෙ කතාව තියනව. ඕවා නිකන් බොරුම වෙන්ඩ බැහැනෙ මහත්තයො. "
මම කොච්චර හොල්මන් විශ්වාස කරන්නෑ කියලා හිත තද කරන් හිටියත්, මේ කතාව ඇහෙද්දි ඇඟේ හිරි ගඩු පිපෙනවා වගේ දෙයක් දැනුනා. ඒ ඇයි කියන්ඩ මට තේරෙන්නෑ. ඒත් මගේ හිත එකපාරටම මේ කතා පිළිගන්ඩ සූදානම් නැහැ. මේ මතෘකාව ගැන මගේ උනන්දුවත් ටික ටික වැඩි වේගන ආවා. මට තේරුනා මම පිළිගන්නැති බවක් පෙන්නුවොත් මේ මනුස්සයගෙන් තව තව කතා අහ ගත්තැකි කියලා.
වාහනේ ආයෙත් සුපුරුදු වේගයෙන් ඇදෙනවා. කඳාන පොලිසිය කියලා ගහපු බෝඩ් එක ලාවට වගෙ දැක්කා ලයිට් එළියෙන්. තාම ගමනේ ආරම්භය.
" මටනම් විශ්වාස කරන්ඩ අමාරුයි ඩ්‍රයිවර් උන්නැහැ. මම නම් හොල්මන් අවතාර පිළිගන්නෑ. හොල්මන් කියන්නේ හෙල්ලෙන මනස කියලා කියනවලුනෙ. "
මම මෙහෙම කිව්වම මිනිහ මහ අමුතු විදිහට මම දිහා බැලුවා. ඒ බැල්ම දැක්කම මට හිතුනේ මමත් මේ යන්නේ හොල්මනක් එක්කද කියලා. හොල්මනක් ඇවිත් මාවා මරන්ඩ අරගන යනවා ! ඒ සිතුවිල්ල මාව මොහොතකට ගැස්සුවා. ඒත් ඊ ලඟ නිමේශයේදී මම පියවි තත්ත්වෙට ආවෙ, " උඹට පිස්සුද යකෝ ? හොල්මන් සිගරට් බොනවද ? " කියලා මගෙ හිත මගෙන්ම ඇහුවාම තමා. ඒ ප්‍රශ්නෙ මගෙ මුවට මද හසක් නැංවූවා.
" මහත්තයා මට හිනා වෙනවා. මහත්තයට මම කියන්නම් ඔය කතාවම කියපු මගේ යාළුවෙකුට වෙච්ච දෙයක්. " එහෙම කියලා රියදුරා ටිකක් කල්පනාවට වැටුනා. මිනිහගෙ මූණ හැඟීම් බරවෙනවා මට පාරෙන් වැටුන ලයිට් එළියෙන් පවා බලා ගන්ඩ පුලුවන් වුණා. "
" ඔව් කියන්ඩ, යාළුවට මොකද වුණේ ? " දැන් මට මේ කතාව අහනකම් ඉවසිල්ලක් නැහැ.
" මේක වෙලා දැන් අවුරුදු තුනක් විතර වෙනවා මහත්තයෝ. මම මේ එයාර් පෝට් හයර් කිරිල්ල පටන් ගන්ඩ කලින් කළේ ත්‍රී වීල් එකක් එලෝපු එක. " මම මනුස්සයට තව සිගරට් එකක් දික්කළේ පොඩි උත්තේජනයක් දෙන්ඩ ඕනා නිසා. ගුවන් ගමනේ මහන්සියත් එක්ක, නිදිමතත් ලාවට වගේ තිබුනා. ඒත් ඒ සියල්ල යට කරන් මගේ කුතුහලය දැන් නැගිටගන එනවා.
" ඉතින් ! "
" මම ගෙවල් ගාව හන්දියක තමා ත්‍රී වීල් එක තියන් හිටියේ. මහත්තය දන්නවනේ ඉතින් ඕවයේ ඉතින් එක ත්‍රී වීල් එකක් නෙමේනෙ තියෙන්නෙ. අපෙත් හිටියා කට්ටිය දහ දොළොස් දෙනෙක්. "
" මම කියපු ඔය මගේ යාලුවත්, යාලුව කිව්වට පොඩි කොල්ලෙක්, බැඳලා තිබුනෙත් නැහැ. අපිත් එක්ක ඔය රස්සාවම තමා කළේ. නම නිලන්ත. "
" හරිම හිත හොඳ එකා මහත්තයො, දහිරියවන්ත කොල්ලා. තාත්තත් නැතුව මුලු ගෙදරම කටයුතු බලාගන බාල සහෝදරයන්ට ඉගැන්නුවෙත් ඉතින් ඔය රස්සාවෙන් හම්බෙන කීයකින් හරි තමා. ඒ වගේ තමා ඉතින් යකා වගේ, සාමාන්‍යයෙන් කාටවත් බය ඇති එකෙක් නෙමේ. ඕනම බාල්දියක් පෙරලුනොත් මිනිහ හැමෝට කලින් එතන ඇති. "
" ඉතින් ඉතින් "
" ඔහොම ඉන්නකොට දවසක් අපි අතර ඇති වුණා කතාවක් හොල්මන් ගැන. "
" ඉතින් ! "
" ඒ වෙලාවෙ එතන අපි හතර දෙනෙක් හිටියා, ඔය මම දැන් මහත්තයට ටිකකට කලින් කිව්වා වගේ අපි අහපු දැකපු දේවල් තමා අපි කතා වුණේ."
" "මොන පිස්සුද බන් හොල්මන් කියලා ජාතියක් නැහැ. ඕවා ඔක්කොම මනස් ගාත. මම මේ ලඟදි දැක්කා ටී වී එකෙත් කව්ද කියනවා ඔය හොල්මන් කියන්නේ හෙල්ලෙන මනස කියලා", මිනිහා කිව්වා. "
" ඔන්න බලන්ඩ මහත්තයෝ ඔය මහත්තයා දැන් ටිකකට කලින් කිව්වෙත් ඕකම නේද ? "
" ඔව් ඔව් " දැන් දැන් මගේ කුතුහලය හොඳටම ඇවිස්සීගෙන එන්නේ.
" අපි තුන්දෙනා, අපි දන්න, අහපු කතා ඔක්කොම කිව්වා. අරෙහෙ මෙහෙම වෙලා තියනවා, මෙහෙ මෙහෙම වෙලා තියනවා. මොන, පුතයා නෙමේ ඒවා අහන්නේ. ඌ කියන්නෙම ඒවා බොරු කියල. "
" ඔන්න ඔය වෙලාවෙ තමා අපිත් එක්ක හිටපු සාන්ත කියන එකාට නහුතෙට තද වුණේ. "හා උබ ඔච්චරම පිළිගන්නැත්තම් උඹට පුලුවන්ද රැයක් තනියම පරණ කනත්තෙ ඉන්ඩ ?" කියලා අහපි. "
" ඉතින්හ් ! මිනිහ හා කිව්වද ? ඇයි ඒකට පරණ කනත්ත කිව්වෙ ? "
" නැතුව ? මම කිව්වනෙ මිනිහගෙ හැටි. යකෙකුටවත් බය නැහැ. "
" "හරි මම ඉන්නම්, උඹලා කියපල්ලා මම කවද්ද ඉන්ඩ ඕනා කියලා. " ඔන්න උත්තරේ. "
" අපි තුන්දෙනා මූණෙන් මූණ බලා ගත්තා. අපි හිතුවෙ මූ කයිය ගැහුවට ඔහොම එකකට එකඟ වෙන එකක් නැහැ කියලා. හුඟක් මිනිස්සු එහෙමන. "
" ඇයි ඒකට පරණ කනත්ත කිව්වෙ ? " ඒ විශේෂණ පදය ගැන මට තිබුන කුතුහලය නිසාමයි ආයෙත් ඇහුවෙ.
ඔය කනත්ත කාලෙකට කලින් පාවිච්චි කරලා අතඇරලා දාපු එකක්. ගමේ කොනකට වෙන්ඩ තමා ඕක තියෙන්නෙ. පිටිපස්සෙන් ගඟ. ඉස්සරහින් තියන පාර කෙටිම පාරක් තමා ටවුන් එකට යන්ඩ ඕන නම්. ඒත් කාලයක් තිස්සෙ සිදුවෙච්ච අත්භූත සිද්ධි හින්දා මිනිස්සු ඔය පාර පාවිච්චියත් කනත්ත වගේම අතඇරලා දාලා තිබුනෙ. ඉඳලා හිටලා මිනිහෙක් දවල්ට ගියොත් මිසක්, රෑට නම් හදිස්සියකටවත් බලු බල්ලෙක්වත් යන්නෑ ඔය පාරෙන්.
" මොනවද අත්බූත සිද්ධි කිව්වෙ ? "
"සමහරු දැකලා තියනවා, හවසට සුදු ඇඳගෙන කනත්තෙ ඇවිදින ගෑනු කෙනෙක්ව. සමහරුන්ගෙ පස්සෙන් තඩි කළු බල්ලෙක් එලවන් ඇවිල්ලා තියනවා, සමහරුන්ට අස්සයෙක් දුවන සද්ද වගේ ඒවා ඇහිලා තියනවා, කීප දෙනෙක්ම එක එක ඒවට බය වෙලා තිබුනා ඔය කනත්ත ගාවදියි, පාරෙදියි. ඉතින් ඒ වගේ කනත්තක රැයක් ගත කරන්ඩ යනවා කිව්වම ඌට පිස්සුම වෙන්ඩ ඕනා. "
" එතකොට සාන්තයා කිව්වා "හරි හරි ඕක අල්ලලා දාමු අපි පිළිගන්නම් උඹ හොල්මන් වලට බය නැහැ කියලා. ", ඇත්තටම අපි ඔක්කොටම කියන්ඩ ඕනා වෙලා තිබ්බෙ ඒක. බොරුවට ඔට්ටු අල්ලන්ඩ ගිහින් මූට නස්පැත්තියක් උනොත් අපි ඉඳල මොකටද "
" එතකොට නිලන්තයා කිව්වා "නැහැ නැහැ.. දැන් උඹලා අභියෝග කළානේ, මම ඒක බාරගන්නවා. අනිද්දා මම ඔය කනත්තෙ මුලු රැම ගත කරනවා. බලමු හොල්මන් මට මොකක් කරයිද කියලා ""
" අපි දන්න දහිරිය දැම්මා ඌව නවත්තන්ඩ. මොන, ඒකා කිව්වොත් කිව්වා."
" විසි එක්වෙනිදත් ආවා, එදා තමයි කියපු දවස. එදා දවසෙම අපි ඒ ගැන වචනයක්වත් කතා නොකර ඉන්ඩ තමා කතාවෙලා හිටියේ, නිලන්තට අමතකවෙලා හරි, මිනිහා හිත වෙනස් කරගන හරි හිටියොත් එහෙම්ම මගෑරිලා යන්ඩ දෙන්ඩ. කොහෙද එදා උදේම මූ ඇවිල්ලා කතාව ඇදලා ගත්තෙ නැද්ද ! "
" කොහොමින් කොහොම හරි රැත් උනා කියමුකො. අන්තිම මොහොත දක්වාම වැඩේ නවත්ත ගන්ඩ තමා කට්ටියම බැලුවෙ. සාන්තයට තමා ගොඩක් ඕනා කම තිබ්බේ ඇයි ඉතින් උගෙ කට වැරදිච්ච නිසානෙ මේක උණේ. මොනවා හරි උනොත් හැමෝම ඌට දොස් කියන්ඩ ගනියි කියලා. මම නම් එදා රෑ වැඩේට සහබාගි උණේ නැහැ. කොල්ලො ටික මූව කනත්තට ඇරලවලා ඇවිල්ලා. උදේ කට්ටිය එනකම්ම කනත්තෙ ඉන්නවා කියලා තමා නිලන්ත කියලා තිබුනෙ. "
" ඉතින් මිනිහා ඇත්තටම හිටියද, නැද්ද කියලා දැන ගත්තෙ කොහොමද ? "
" ඉන්ඩකො කියනකම්. ඒකට අපිනම් ක්‍රමයක් යෙදුවෙ නැහැ. මොකද අපිට කිසිම සැකයක් තිබුනෙ නැහැ මිනිහා එහෙම බය ගුල්ලෙක් වගේ බොරුවක් කරලා මාරු වෙලා යයි කියලා. එහෙම ඕන නම් බලෙන්ම ඔහොම එකකට පැටලෙන් නෑනෙ. අනිත් එක අපි හැමෝටම ඕනා වෙලා තිබුනෙ මිනිහා එහෙම හරි මගෑරලා යනවනම් යන්ඩ දෙන්ඩ. මොකද මේකෙ තියන භයානක කම නිලන්ත ඇරෙන්ඩ අනිත් ඔක්කොවන්ටම හොඳටම දැනිලා තිබුනෙ. අපි කිසි කෙනෙකුට ඔතන වෙන ඔය සිද්ධි ගැන කිසි සැකයක් තිබුනෙ නැහැ. "
" ඉතින් ඊට පස්සෙ ? "
" ඉතින් කට්ටිය බිමට එළිය වැටෙද්දිම කනත්තට ගිහිල්ලා."
"යනකොට දැකපු දෙයින් කට්ටියගෙ ලේ වතුර වෙලා තිබුනා, මෙන්න මිනිහා ඉන්නවලු මිනී වලක් උඩ වැටිලා. "
" නෑ..හ්හ් " මගේ රෝම කූප කෙලින් වෙන බවක් තමා මට දැනුනෙ.
" ඒ මක් වෙලාද ? "
"සාන්ත ඔලුවෙ අතගහගන තිබුනා, මොකක්ද මං කරපු මේ අපරාදෙ මේකව මේකට පටලවලා කියලා. "
" හොඳට ලංවෙලා බලලා තියනවා සිහි නැති වෙලාවත්ද කියලා. නෑ හුස්ම ගන්නෙත් නැහැලු. කොල්ලො ටික සෑහෙන්ඩ අවුල් වෙලා. හිමීට නිලන්තව අනිත් පැත්තට හරවනකොටම... "
" ඔව් මොකද වුණේ.. " මට දැන් ඉවසිල්ලක් නොමැත.
" මේ යකා කෑගහගන හූ කියාගන නැගිටලා තියෙන්නෙ. අරුන් තුන්දෙනා පණ එපා කියලා දුවන්ඩ පටන් අරන්.. " ගුණවර්ධන කියමින් සිනාසෙයි.
" " හෝව් හෝව් කොහෙද තොපි දුවන්නෙ ? මේ මම මම" කිය කිය නිලන්තයා බඩ අල්ලන් හිනාවෙනවලු. " "
" අරුන් ටික නැවතිලා කුනුහරුප කියාගන තමයි ආයෙත් ඇවිත් තියෙන්නෙ. කන්ඩ කෙන්තිය මේ කරපු වැඩේට. "
" මොකද වෙලා තියෙන්නෙ ? " මමත් ටිකක් කේන්තියෙන් ඇහුවෙ. මහලොකු කතාවක් කියන්ඩ වගේ ඇවිල්ලා බොරුවට කුතුහලයත් අවුස්සමින් කරපු මේ කතාව ගැන මට ඒ වෙනකොට අප්‍රසාදයක් තමා ඇති වෙලා තිබුනෙ. " මේ යකා අතින් දාලා බොරු කියනවා " කියන නිගමනයට මම ඒ වෙනකොට ඇවිත් හිටියෙ.
" නිලන්තයා අරුන් ටිකව බොරුවට බය කරන්ඩ තමා එහෙම ඉඳලා තියෙන්නෙ. "
" ඒ කියන්නෙ මිනිහට මුකුත් වෙලා නැහැ. ඒ කියන්නෙ හොල්මන් කියන එක බොරුවක් කියලා තමා ඔප්පු වෙන්නෙ ? එහෙම නේද ? කෝ ඩ්‍රයිවර් උන්නැහේ මට කිව්වෙ හොල්මන් ඇත්ත කියලා ඔප්පු වෙන කතාවක් කියනවා කියලනෙ " ඒ මගේ නොරිස්සුම මිශ්‍ර වෙච්ච හඬ.
" ඉවසලා ඉන්ඩ මහත්තයො කතාව තාම ඉවර නැහැ. මම මේ වෙච්ච විදිහටමයි කියාගන යන්නෙ. "
" හරි හරි ඉතින් කියන්ඩකො. "
" කෝ බන් උඹලා කියපු හොල්මන් ? මම නම් එකෙක්වත් දැක්කෙ නැහැ කියලා තමා ඉතින් මිනිහ අන්තිමට කිව්වෙ."
" ඔන්න ඔහොම මුළු ගමක්ම කාලයක් බය වෙලා හිටපු ඔක්කොම හොල්මන් වලට කොලොප්පමකුත් කරලා තමා නිලන්තයා හොල්මන් නැහැ කියලා ඔප්පු කළේ. "
කට්ටියම මුකුත්ම කියන්ඩ ගියෙ නැහැ. මිනිහට දිනුම දීලා නිකන් හිටියා ඇරෙන්ඩ. ආයෙ මොකක් හරි කියලා තවත් විකාරයක් කරයි කියන බය හැමෝටම තිබුනා. නිලන්ත මොන සෙල්ලම් දාලා පෙන්නුවත් අනිත් අය කවුරුවත් ඉතින් තමන්ගෙ හිතේ තියන විශ්වාස එක පාරටම අතාරින්නෑනේ මහත්තයො. "
" ඊ ලඟට මොකද වුණේ ? " මට දැන් කතාව නීරස වීගන එන්නෙ. මේ යකා කියන තරම් මඟුලක් මේකෙ නැහැ කියලා තමා මට දැන් හිතෙන්නෙ.
" ඕක වුණේ බදාදා දවසක. ඊලඟ ඉරිදා උදේ, නිලන්තයගෙ ත්‍රී වීල් එක ඔය කනත්තට ටිකක් මෙහායින් පාරෙ අයිනෙ තියන විශාල සියඹලා ගහේ හැප්පිලා තිබිලා හම්බුනා. "
" නෑහ්හ්.... ඒ මොනවා වෙලාද ? " නැවතත් මගේ යටයමින් තිබූ කුතුහලය ඇවිස්සුනි.
" ත්‍රී වීල් එක ඉස්සරහ චප්ප වෙලා. නිලන්තව එලියට ගන්න කොටත් සිහි නැහැ. මිනිහට පිටින් පේන්ඩ නම් තුවාලයක් තිබුනෙ නැහැ. " ගුණවර්ධනගේ කට හඬ නැවතත් හැඟීම් බර වෙමින් තිබුනි.
" මොකද වෙලා තියෙන්නෙ ? "
" මිනිහා දවසක්ම හිටියා ඉස්පිරිතාලෙ සිහි නැතුව. පහුවදා තමයි සිහිය ආවෙ. ඊට පස්සෙ ටික ටික කතා කරන්ඩ ගත්තා. ඒත් නිතරම බය වෙලා වගේ තමා හිටියේ. හිටපු ගමන් නින්දෙන් කෑගහගන් නැගිටිනවා . "
" මොකක්ද වෙලා තියෙන්නෙ ? " කතාව නොකියමින් වටේ වැල්වටාරම් ගහමින් ඉන්න එක ගැන මට ඒ වෙනකොට රියදුරත් එක්ක කෝපයක් ඇති වෙමින් තිබුනෙ.
" සිහිය ඇවිත් හොඳට හිටපු වෙලාවක තමා අපි මිනිහගෙන් කතාව දැනගත්තෙ. "
" එදා සෙනසුරාදා රෑ, නිලන්ත හයර් එකක් ගිහිල්ලා එමින් ගමන්. වෙලාව රෑ එකොළහමාරට විතර ඇතිලු. මගදි ගෑනු කෙනෙක් අත දාලා තියනවා ත්‍රී වීල් එකට. පොඩි අත දරුවෙක්වත් වඩාගන. "
" මෝහිනීද ? " මම ඉස්සර විය. ඒ මෝහිනී ගැන කලින් අසා තිබුන බැවිනි.
" ඉන්ඩකො මහත්තයො කියනකම්. "
" ළමයට හදිසියේ අසනීප වෙලා, ඉස්පිරිතාලෙට බේත් ගන්ඩ ගිහිලා එන ගමන්ලු, බස් එක මගෑරුණා කියලා කිව්වලු. "
" ඉතින් ඉතින් "
" යන්ඩ ඕනා කියලා තියෙන්නේ අපේ ගමට අල්ලපු ගමට. ටවුන් එකේ ඉඳලා අර මම කලින් කියපු පාර තමා කෙටිම පාර. නිලන්තයා ඉතින් ඔය පාරෙන් තමා ඇවිත් තියෙන්නේ. " " ඕකෙ ඌම ඇරෙන්ඩ ඔය වෙලාවෙ වෙන එකෙක් නම් කීයටවත් යන්නෑ කියලා මට ඉර හඳ වගේ විශ්වාසයි. හොල්මන් නැහැ කියලා මිනිහම ඔප්පු කරලා තිබුන එකත් ඕකට බලපාන්ඩ ඇති. "
" ඔය කනත්ත හරියට එනකොටම නිලන්තට දැන් ඇහෙනවලු පිටි පස්සෙන නිකන් සිලි සිලි මල්ලක් පොඩි වෙනවා වගේ සද්ද්යක්. "
" ඉතින් ! " දැන් මගේ හද ගැස්මද වැඩි වෙමින් පවතී.
" මිනිහ හැරිලා බලල තියනවා නිකමට වගේ. ඒ දැකලා තියන දේ වෙන එකෙක් දැක්ක නම් එතනම මැරෙනවා මහත්තයෝ. මුගෙ හිත හයිය හින්දම ඔහොමවත් අල්ලලා හිටියා. "
" ඇයි මොකක්ද දැකලා තියෙන්නෙ.. ? "
" මූ පිටි පස්ස බලපුවම දැකලා තියෙන්නේ ගෑනි කොණ්ඩෙ කඩාගන දත් විලිස්සලා මූ දිහා බලලා තියනවා. ඇස් දෙක ලොවි ගෙඩි දෙකක් වගේ රතුම රතු පාටයිලු, ලොකූ වෙලාලු. දෙකොනෙන් මතු වෙච්ච උල් දත් වලින් ලේ පෙරෙනවලු. ඔඩොක්කුව දිහා බලපුවමයි දැකලා තියෙන්නේ ගෑනි අර ළමයව කනවලු. ඒ වෙනකොටත් ඔලුව නැහැල්ලු "
" නිකන් හිතලා බලන්ඩ මහත්තයෝ තමන්ගෙ පිටිපස්සෙන් අඩි දෙකක්වත් දුර නැතුව ඒ වගේ දෙයක් එකපාරටම දැක්කම මොන ජගතද බය නොවී තියෙන්නේ. මාව නම් එතනම මැරෙයි. "
එවිට මමත් සිතා බැලුවේ මම එවැනි දර්ශනයක් දුටුවහොත් මගේ ප්‍රතිචාරය කුමක් වෙයිදැයි කියාය. අනිවාරයයෙන්ම දරුණු තිගැස්මකට හෝ බයවීමක් විය හැකි බව හැඟුනේ එම සිතුවිල්ල පවා මසිත බියෙන් පුරවාලූ බැවිනි.
" මේ යකා බය වෙච්ච පාර සිහි නැතුව ගිහිල්ලා අර සියඹලා ගහේ වද්දගන. "
" උඹලා හරි මචන්, හොල්මන් අවතාර කියලා දෙයක් තියනවා, මම දැන් පිළිගන්නවා" කියලා ඌ ඇඳේ ඇල උනා. ඒ තමයි උගෙ අවසාන වචන මහත්තයො. "
" ඇයි මොකද වුණේ ? "
" දවස් දෙකයි හිටියේ, ඊලඟ දවසෙ මුලු ඇඟම නිල් වුනා, ඊට පහු වෙනිදා ඌ අපිව දාලා ගියා මහත්තයො." ගුණවර්ධන බෙහෙවින්ම හැඟුම් බර විය. ඉන් පසු සැහෙන දුරක් යනකම් අප දෙදෙනා අතර කතාවක් නොවීය.
ටිකකට පසු ගුණවර්ධන විසින්ම සිය හඬ අවදි කළේය.
" හොඳම වැඩේ කියන්නේ මහත්තයො, ත්‍රී වීල් එකේ සීට් එකේ තිබිලනේ ලේ වගයකුයි, පොඩි එකෙක්ගෙ සූප්පුවකුයි "
" නෑහ්හ්හ්..... !!! " ඒ මවිත වූ මාය.
" ඔන්න ඕක තමා මහත්තයෝ මම කිව්වේ හොල්මන් තියනවා කියලා. මහත්තයා තාමත් විශ්වාස කරන්නැද්ද ? "
" ගමේ මිනිස්සු නම් කියන්නේ හොල්මන් අවතාර සම්ච්චලයට ලක්කරපු හින්දම නිලන්තට මේ දඬුවම ලැබුනා කියලා. "
~~~~~
සැබැවින්ම මට අදටත් ඒ පිළිබඳ ඇත්තේ දෙගිඩියාවකි. හොල්මන් තිබෙන්නත් පුලුවන, නොතිබෙන්නත් පුලුවන. බුදු දහමෙත් ප්‍රේත ආත්ම වැනි දේවල් ගැන කියවෙන බැවින් හොල්මන් නැතැයි එක වරම අහක දැමිය නොහැකි යැයිද මට හිතේ. එහෙත් ඡායා මාත්‍රයකින්වත් එවන් වූ අත්දැකීමක් ලබා නැති බැවින් ඒ පිළිබඳව සැකයක් නැත්තේත් නොවේ.
මේ ගැන ඔයගොල්ලො මොනවද හිතන්නෙ ?
පසු සටහන ;
~ ඉහත සඳහන්, ත්‍රීරෝද රථය තුල සිදු වූවයි කියන සිද්ධිය මට ඇසීමට ලැබුනේ මගේ මිතුරකු වූ රොනල්ඩ් ඩයස් මහතා මාර්ගයෙනි. එය සිදුවූ ප්‍රදේශය හා කාලය ඔහු සඳහන් කළද දැන් එය මාගේ මතකයෙන් ගිලිහී ගොස්ය. මෙය එය අනුසාරයෙන් මා විසින් ගොතන ලද කතාවක් පමණී.
~ රුක්මණී දේවියගේ පිළිරුව පිළිබඳ දැක්වුනු අදහස් ඒ ශ්‍රේෂ්ඨ කලාකාරිණියට අපහාසයක් සිදුකිරීමේ අරමුණින් යෙදූවක් නොව, අදටත් ඒ ප්‍රදේශයේ ප්‍රචලිත මිත්‍යාවක් මාගේ කතාව ගොඩනැගීම සඳහා යොදා ගත්තා පමණී. ඒ පිළිබඳව කාට හෝ සිත්තැව්ලක් ඇතිවුවහොත් ඒ සම්බන්ධයෙන් උදක්ම සමාව ඉල්ලා සිටිමි.
පින්තූරය Google Images වෙතින්.
~~ සෙන්නා / 30.03.2012