2012 හේ දුරුතු මස 24 වන කුජදා
සියල්ල සන්සුන්, මහා කුණාටුවකට පෙර පවතින භයානක සන්සුන් කමකට එය සමාන කල හැකිය. කිසිඳු වෙනසකින් තොරව, වෙනදා මෙන්ම සූර්යයා ද නගරය එළිය කරමින් අහසේ දිදුලමින් තිබින. යුධ බිය පැවතුනද, ගුවන් ප්‍රහාරයක් පිළිබඳ අනතුරු ඇඟවීම ඉවත් වූයේ සුළු මොහොතොකට පෙර වුවද, නගර වැසියන් සිය සුපුරුදු දින චර්යාව වෙත යොමු වෙමින් සිටියහ. සමහරුන් ලහි ලහියේ සිය කාර්යාල බලා ගමන් කර්මින් සිටින අතර, දරුවන් පාසල් වෙත සේන්දු වෙමින් සිටියහ. ගෘහණියන් සිය සුපුරුදු කටයුතු වල නිරත වෙමින් සිටියාය. මේ කිසිවෙක් තමන් මේ ගතකරමින් සිටින්නේ සිය ජීවිතයේ අවසාන මොහොත බව හාන්කවිසියකුදු නොදැන සිටියහ. සිය හිසට අඩි 31000 පමණ උඩින් මරුවා ඉව අල්ලමින් සිටින බව ඔවුන් කිසිවෙකුත් නොදත්හ.
හරියටම උදෑසන 08:15 ට, එතෙක් මෙතෙක් මානව ඉතිහාසයේ, මිනිසා විසින් මිනිසා වෙත එල්ල කල දරුණුම ප්‍රහාරය ක්‍රියාත්මක විය. Colonel Paul W. Tibbets සැලසුම් කොට තිබූ පරිදිම බෝම්බය නිදහස් කලේය. කිලෝ 4400 ක් බරැති " පුංචි කොලුවා " යැයි නම් ලද යක්ෂයා නගර වැසියන් සොයා යන්නට විය. තත්පර 43 ක වැටීමකින් පසු පොලවට අඩි 1900 ක් ඉහල අහසේදී, ලෝක යුධ ඉතිහාසයේ ම්ලේච්චතම ප්‍රහාරය සනිටුහන් කරමින්, ප්‍රථම පරමාණු බෝම්බය පුපුරා යන්නේ නගරය සුන්නද්ධූලී කර දමමිනි. අහෝ හිරෝශීමා !!
බෝම්බය පතිත වූ තැන සිට, හැතැම්මක පමණ වටප්‍රමාණයකින් යුතූ ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ විය. එලිමහනේ සිටි අයවලුන් නිමේශයකින් වාෂ්පීකරණය වුහ, නැතිනම් අඟුරු බවට හැරුනි. ජනනය වූ උෂ්ණත්වය සෙල්ශියස් අංශක 4000 ද ඉක්මවූ අතර එයට හසුවු සියල්ල මොහොතකින් ද්‍රව බවට හෝ වාෂ්ප බවට පත්විය.
මියගිය සංඛ්‍යාවෙන් 60% ක් කෙලින්ම පිපුරුමට නිරාවරණය වීම නිසාද, 30% කඩාවැටුනු ගොඩනැගිලි වලට යට වීමෙන්ද, 10% විවිද හේතුන් නිසාද මියගිය බව දළ වශයෙන් ගනන් බලා ඇත. මුල් මාස හතර ඇතුලත හිරෝශීමා නගරයේ පමණක් 160,000 කට ආසන්න සංඛ්‍යාවක් මියගිය බවට ඇස්තමේන්තු කොට ඇත. සිද්ධවූ නියම ජීවිත හානි ප්‍රමාණය අදටද කිසිවකුත් විසින් ගනන් බලා නොමැත.
එය එතකින් නිමා නොවීය. ඉන් හරියටම දින තුනකට පසු,1945 අගෝස්තු 09 වන දින, නාගසාකි නගරයට දෙවන පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල වන්නේ 60000 ත් - 80000 ත් අතර ජීවිත ප්‍රමාණයක් ජපානයට අහිමි කරවමිනි. බෝම්බයේ ඇති බිහිසුනු බව එයින්ම මොනවට කියාපායි.
නාගසාකි නගරයට ප්‍රහාරය එල්ලවී දින හයකට පසු ජපානය සිය යටත්වීම ප්‍රකාශ කිරීමත් සමගම දෙවන ලෝක යුද්ධය නිළ වශයෙන් නිමාවට පත්විය.
පසු බිම:
1939 සැප්තැම්බර් 01 වන දින ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමෙන් ඇරඹුණු දෙවන මහා ලෝක සංග්‍රාමය, 1945 අගෝස්තු මස, ඉහත සඳහන් ඛේදවාචකයෙන් අවසන් වූ බව අප සියලු දෙනාම දන්නා කාරණයකි. මේ උත්සාහය, ජපානයේ හිරෝශීමා, නාගසාකි දෙනුවරට එල්ල වූ පරමාණු බෝම්බ ප්‍රහාර සහ එහි පසුබිම් කතාව, එයට බලපෑ හේතු, සැළසුම කල ආකාරය, සම්බන්ධ වූ පුද්ගලයන් සහ ප්‍රහාරය එල්ල කල ආකාරය පිළිබඳව සොයා බැලීමටයි.
යුරෝපයේදී ජර්මනිය විසින් මිත්‍ර පාර්ශික හමුදා සමඟ සටන් වදින විට, පැසිෆික් කලාපයේ ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර පාර්ශික රටවල් සමඟ සටන් වැදුනේ ජපාන අධිරාජ්‍යයයි. ලෝක යුද්ධය ආරම්භයට පෙරම ජපානය චීනය සහ අනෙකුත් රටවල් සමඟ සටන් වලට පැටලී සිටියද, ඔවුන් මහාපරිමාණ වශයෙන් යුද්ධයට පැටලෙන්නේ 1941 දෙසැම්බර් මස 7 වන දින ඇමෙරිකාවේ පර්ල් වරායට පහර දී ඇමරිකාවට මහත් විනාශයක් ගෙන දෙමිනි.
1945 මැයි මස 08 වන දින, ජර්මනිය විසින් මිත්‍ර පාර්ශික රටවල් සමඟ අත්සන් කල යටත් වීමේ නිවේදනයත් සමග දෙවන ලෝක යුද්ධය යුරෝපයේ නිළ වශයෙන් අවසන් වුවද පැසිෆික් කලාපයේ යුද්ධය දිගටම කෙරීගන ගියේය. 1945 ජූලි 26 වන දින අමෙරිකාව, එක්සත් රාජධානිය සහ චීනය එකතුව යටත්නොවුනහොත් ක්ෂණික සහ උපරිම විනාශයක් ජපානයට ගෙනදෙන්නේ යැයි තර්ජනය කරමින්, යටත් වීමේ අවසන් නිවේදනය නිකුත් කලද, ජපානය විසින් එය බැහැර කරන ලදී.
1945 මැයි මසදී ජර්මනිය යටත් වීමට පෙරම, ජපානය ආක්‍රමණය කිරීමේ ඩවුන්ෆෝල් මෙහෙයුම ( Operation Downfall ) සඳහා සැළසුම් සකස් වෙමින් පැවතුනි. මෙම මෙහෙයුම " ඔලිම්පික් " සහ " කොරොනෙට් " යනුවෙන් කොටස් දෙකකින් සමන්විත විය. ඔලිම්පික් මෙහෙයුම යටතේ ජපානයේ තෙවන විශාලම දූපත වූ " කයිෂු " දූපත අල්ලා ගැනීම අරමුණ විය. කොරොනෙට් මෙහෙයුම මගින් හොන්ශු දූපතේ ටෝකියෝ නගරයට ආසන්නයේ පිහිටි " කන්ටෝ " තැන්න අල්ලා ගැනීමට නියමිතව තිබිනි.
කෙසේ වෙතත්, ජපානය මෙම සැළැස්ම ඉතා නිවැරදි ලෙස අනුමානය කල අතර, ඒ අනුව යමින් ජපානය රැක ගැනීමේ " කෙට්සුගො " මෙහෙයුම සැළසුම් කරන ලදී. කයිෂු දිවයින රැකගැනීම සඳහා ජපානය සිය සියලු ශක්තිය එක් රැස් කරණුයේ ද්විතීය මෙහෙයුම් සඳහා සුළු සම්පත් ප්‍රමාණයක් ඉතිරි කරමිනි. ඉතා පළපුරුදු බලඇණි හතරක් මැන්චූරියාවේ සිට ජපානයට කැඳවන අතර, 1945 පෙබරවාරි සිට මැයි දක්වා කාලයේදී අළුතින් බළඇණි 45 ක් නිර්මාණය කරන ලදී.
මෙලෙස මිලියන 2.3 ක හමුදාවක් ජපානයේ ප්‍රධාන දූපත් රැක ගැනීමට යොදවන ලද අතර, තවත් මිලියන 4 ක නාවික සහ හමුදා බළඇණි විය. ඊට අමතරව මිලියන 28 ක සිවිල් ස්වෙච්චා බළඇණියක්ද විය.
මෙම පූර්ව සූදානම ඇමෙරිකානු බුද්ධි අංශ විසින් නිවැරදි ලෙසම අනාවරණය කර ගන්නා අතර, මෙම තත්ත්වය යටතේ ජපානය සමඟ යුධ වැදුනහොත්, ඉතා විශාල අමෙරිකානු ජීවිත වන්දියක් ගෙවීමට සිදුවෙනු ඇතැයි ගනන් බලනු ලැබේ. එය මිලියන් 1.7 ත් 4ත් අතර තුවාල කරුවන් පිරිසක් සමග ලක්ෂ 4ත් 8ත් අතර මරණ සංඛ්‍යාවක් විය හැකියැයි අනුමාන කරන ලදී.
ඇමෙරිකානු ජීවිත විනාශය අවම කරමින්, සතුරාට උපරිම විනාශයක් ගෙනදිය හැකි ආයුධයක් ගැන ඇමෙරිකානු හමුදා ප්‍රධානියාගේ අවදානය යොමු වීමට මෙම තත්ත්වයද ඉවහල් විය.
ප්‍රහාරයට මුල්වූ හේතු;
ඇමෙරිකාව පවසන පරිදි, ප්‍රහාරය එල්ල කිරීමේ එකම අභිප්‍රාය ජපානය යටත් කොට, දෙවන ලෝක සංග්‍රාමය හැකිතාක් කලින් අවසන් කොට ලෝකයට සාමය ගෙන ඒමයි. එම අර්ථයෙන් බලන කල මෙම භයානක යක්ෂයන් දෙදෙනා ලෝකයට සාමය කැන්දාගන ආ දේවදූතයන් දෙදෙනෙකි.
කෙසේ වෙතත් ඇමෙරිකානු පාර්ශවයෙන් එලිපිට නොකියවෙන කාරණාද ඇත.
දෙවන ලෝක සංග්‍රාමයේදී, ජර්මනිය පරාජය කිරීමට සෝවියට් දේශය දුන් දායකත්වය අති මහත්ය. එය යුද්ධය අවසානයේදී සෝවියට් දේශය ලෝක බලවතකු ලෙස පතල වීමට තුඩු දුන් කාරනයකි. ඇමෙරිකාවට මෙම තත්වය එතරම් ප්‍රියජනක නොවුනි. ඔවුනට අවැසි වූයේ යුද්ධය අවසානයේදී ඔවුන් ලෝක බලවතා ලෙස පෙනී සිටීමයි. එම නිසා ලෝකයට දැනෙන යමක් කොට යුද්දය අවසන් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් ඔවුනට විය.
එමෙන්ම සෝවියට් සමාජවාදය ලොවපුරා පැතිරේයැයි බියක්ද ඇමෙරිකාවට විය. නැගෙනහිර ජර්මනිය සමාජවාදී කඳවුරට එකතුවීම ( හෝ බලෙන් ඈදා ගැනීම ), නව ප්‍රවනතාවයක් සේ ලොව පුරා පැතිර යා හැකියයි ඔවුන් සිතුවා වන්නටද පුළුවන. එමනිසා සෝවියට් දේශය තැති ගන්වා තැබීමටද ඇමෙරිකාවට තදින්ම අවශ්‍යව තිබුනි.
තෙවනුව පර්ල් වරායට සිදුකල විනාශයට එකට එක කිරීමේ අවශ්‍යතාවයද අමතක කල නොහැකිය.
මේ සියල්ලටම වඩා ඇමෙරිකාවට වැදගත් කාරණය වූයේ, ඔවුන් විසින් නිශ්පාදිත පරමාණු බෝම්බ වල ක්‍රියාකරිත්වය සජීවී නියැදියක් මගින්ම පරික්ෂා කරවා ගැනීමයි. මෙය ඒ සඳහා ඔවුනට ලැබෙන අවසන් අවස්ථාවද වන්නේය. එම අවස්ථාව මග හරවා ගතහොත්, එක ප්‍රහාරයක් මගින් ලබාගත හැකිව තිබුනු බහුකාර්‍යය ප්‍රයෝජන අපතේ දැමීමක්ද විය. ඇමෙරිකාව එතරම් මෝඩ නැත.
මෙය මැනවින් සනාත කෙරෙන රහසිගත සාකච්චාවක් 1945 මැයි මසදී, ඇමෙරිකාවේ සැන් ප්‍රැන්සිස්කෝ නගරයේදී සිදු වින. එක්සත් ජාතීන්ගේ ප්‍රඤප්තිය සැකසීමට සැන් ප්‍රැන්සිස්කෝ නගරයට රැස්වූ අයවලුන්ගෙන් ඉහල පෙලේ ඇමෙරිකානු නිළදාරීන් පස්දෙනෙකු විසින් වෙනමම පැවැත්වූ රහසිගත සාකච්චාවකි. මෙම අවස්තාව වනවිට ජර්මනිය යටත්වී සිටි අතර ජපානයද යටත් වීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් තිබුනි. මෙහිදී කතාකල එක්සත් ජනපද රාජ්‍ය ලේකම් Edward Stettinius, Jr;
" අපිට ජර්මනියත් නැති උනා. දැන් ජපානයත් යටත් උනොත් අපිට සජීවී ජනගහනයක් මගින් බෝම්බය පරික්ෂා කිරීමට තියන අවස්ථාව නැතුව යනවා "
" නමුත් ලේඛම් තුමනී, කිසිවකුට මෙම ආයුධය සුළුකොට තැකිය නොහැකියි නේද ? " ඒ එම සාකච්චාවට සහබාගී වූ, තවත් අමෙරිකානු රජ්‍ය නිළධාරියෙක් වූ Alger Hiss.
" ඒ උනත්, අපේ මුළු පශ්චාත් යුධ සැළසුම් සියල්ල රඳාපවතින්නේ මෙම පරමාණු බෝම්බය මගින් ලෝකය ත්‍රස්ත කිරීමෙන් පමණයි. "
" එහෙනම් ඔබට ඒ ඉලක්කය සපුරා ගනිමින් ජපානයෙන් හොඳ පලියක් ගන්ඩ ලැබේවි. මම අදහස් කළේ මිලියන ගනනින් කරන පළිගැනීමක්. " එසේ විශාල සංහාරයක් ගැන ඉඟි පලකරන්නේ සාකච්චාවට සහභාගී වූ තවත් සාමාජිකයකු වූ John Foster Dulles.
" ඔව් ජපානෙන් අපි හොඳ පලියක් ගන්ඩ බලාපොරොත්තු වෙනවා, හැබැයි ඔවුන් බෝම්බය සම්පූර්ණ කිරීමට පෙර යටත් උනොත් අපිට ගන්ඩ පලියක් ඉතුරුවෙන්නේ නෑ. "
"එහෙනම් ඔබට බෝම්බය සම්පූරණ වෙනතුරු ඔවුන්ව යුද්ධයේ රඳවාගන ඉන්ඩ වෙනවා." ජෝන් ෆොස්ටෙර් ඩලස් පවසයි.
" ඒක ලෙහෙසියි, උත්තරය " කොන්දේසි විරහිත යටත් වීම " ඔවුන් ඒකට කිසිදිනක එකඟ වෙන්නෑ. ඔවුන් අධිරාජ්‍යයාව රැකගන්ඩ දිව්රලා ඉන්නෙ." රාජ්‍ය ලේකම් වරයා.
" හරියට හරි, තව මාස තුනක් ජපානය යුද්ධයේ රඳවාගන ඉන්ඩ. ඊට පස්සේ අපිට පුළුවන් මේ බෝම්බය ඔවුන්ට එරෙහිව පාවිච්චිකරලා මුළු ලෝකයම බියෙන් සලිත කරවලා මේ යුද්ධය අවසන් කරන්න. ඉන්පස්සේ මුළු ලෝකයම අපේ කැමැත්තට හිස නමාවි. "
. වැඩි තොරතුරු මේ සබැඳියෙන්...
aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

මේ හිරෝශීමාව වැනසූ, " පුංචි කොළුවා " හෙවත් Little Boy.
මේ නාගසාකිය වැනසූ " මහත මිනිසා " හෙවත් Fat Man
විනාශයේ රුදුරු බව.....
ප්‍රහාරයේ ප්‍රතිනිර්මාණයක්. උපුටා ගැනීම You Tube
මතු සම්බන්ධයි.....
පින්තූර : Google Images සහ Wikipedia
ලොවම ත්‍රස්ත කල " පුංචි කොළුවා " සහ " මහත මිනිසා " - දෙවන කොටසට
~~සෙන්නා / 24.01.2012