අගෝස්තු 26, 2024
නිවසක විසිත්ත කාමරයක දර්ශණයකි. වයස දහතුනක් පමණ වූ ළමයකු පුටුවක වාඩි වී ජංගම දුරකතනයකින් යමක් නරඹමින් සිටී. හැරමිටි වාරුවෙන් අපහසු ගමනින් එන සීයා කෙනෙකු අපහසුවෙන් අසල වූ තවත් පුටුවකට බර දේ.
සීයා :ඈ බන් කොළුවො, මොකද උඹ ඔය පෝං එකේ සෑහෙන වෙලාවක් ඉඳන් කොරන්නෙ?
ළමයා : සීයට මේවා තේරෙන්නෑ.
සුළු මොහොතකින් සීයා නින්දට වැටෙයි. ටික වේලාවකින් සීයා ගැස්සී අවදි වන්නෙ ළමයාගේ ෆෝන් එකෙන් Sex Scene යන වචනය ඇසීමෙනි.
සීයා (කේන්තියෙන්) : ඈහ් මොනව ද උඹ ඔය බලන්නෙ?? බොලාගෙ තාත්තට මම කිව්වා බොට පෝං අරන් දෙන්න එපා කියලා. තෝ දැන් මේ පෝං එකෙන් බලන්නෙ Sex Scene නේද?
ළමයා : සීයා මේ මොනවා කියනව ද කියලා මං දන්නෑ. මම මේ ජර්මන් භාෂාවෙන් ගනින්න ඉගන ගන්නවා.. ජර්මන් භාෂාවෙන් Sechzehn කියන්නෙ දාසයට.
සීයා : (අහක බලාගෙන ලජ්ජාවෙන් තමන්ටම කොඳුරයි) ජරුමන් තමා අපි නොදන්න ජරුමන්...
නිමි.
පලි: කොරෝනා නිවාඩු සමයේ පුතාගේ Youtube නාලිකාව වෙනුවෙන් සැකසූ කෙටි වීඩීයෝවක පිට පතකි. වීඩියෝව පහතින් නැරඹිය හැකිය..
සෙන්නා / 26.08.2024