ඉස්සර අපි පොඩි කාලෙ අපේ ගමේ පිස්සෙක් හිටියා ඌට මොනා හරි කිව්වම තැන නොතැන නෑ අමු තිත්ත කුණුහරුපෙන් බනිනවා..අපිත් ඉතිං මාර ෆන් එකක් ගන්නෙ ඒ යකාව අවුස්සලා..
පව් අහිංසකයා පස්සෙ කාලෙක පාරෙම බල්ලෙක් වගේ මැරිලා ගියා...ඊට පස්සෙ අපේ ෆන් එකත් ඉවරයි..
ඊට බොහොම කාලෙකට පස්සෙ ඒ වගේම ආතල් එකක් සමාජ මාධ්‍ය වලින් ගන්න පුළුවන් බව හොයාගත්තා..
ඒක මරු..ඕගොල්ලොත් කරලා බලන්න, ආස හිතෙයි....🤣🤣🤣🤣
ලියුවේ:
සෙන්නා/28.07.2024
පලි; පළ කරණ විරෝධාකල්ප අදහස්වලට තැන නොතැන නොබලා අමු තිත්ත කුණුහරුපයෙන් පිළිතුරු සපයන දේශපාලන පක්ෂ වහලුන් උපහාසයට ලක් කරමින් මා විසින් Youtube හි දැමූ කමෙන්ටුවක් උපුටා මෙහි පළකළ කරණ ලදී.
මේකට අපට ආස හිතෙන්නෙ නෑ ඉඳගෙන.
ReplyDeleteමොකේටද ?
Deleteසමාජ මාධ්‍ය වලින් ආතල් ගන්නේ නැතුව අපි බ්ලොග් වලින් ආතල් ගමු ..
ReplyDeleteබ්ලොග්වල ඇනා්ලවත් ඒ තරම් කැත විධිහට කුණුහරුප කියන්නෑ.. සමහර එවුන් නමින්ම (බොරු නම් වෙන්න පුළුවන්) ඇවිත් අමු තිත්ත කුණුහරුප කියනවා..එක පක්ෂෙක වහල්ලු මේකට බොහොම දක්ෂයි...
Deleteමම facebook එකට අකමැති ඒකයි ! තේරුමක් නැති මිනිස්සු වෙනුවෙන් අපි අපේ වෙලාවයි , කේන්තියයි නාස්ති කරනවා
Deleteඒක ඇත්ත , ඒත් අපි යනවා පොඩි පෙට්‍රල්ටිකක් ගහන් එන්න
Deleteමේකත් නරකම සංකල්පයක් නෙමෙයි. නිකං ඉන්න අපට අහල ගියත් මැඳැයි වගේ, මෙහෙමවත් කරලා බලමු නේද?👌🙏💐😊
ReplyDeleteඕව් නේ...අඩුම ගානෙ හොඳ එකක් ලියා ගන්න අතර වාරෙ හිස්තැන් පුරවන්න වගෙත් හොඳයි....
Deleteහරිම වැරදියි , මූට අල්ලන් ගහමුද (වර්චුවල්)😀
ReplyDeleteඇයි අප්පා මේ අහිංසක මට ගහන්නෙ?🙂
Deleteපලවෙනි එක අර අහිංසකයට විහිළු කරපු එකට, දෙවෙනි එක ඇනෝ ලට ආයෙත් ගහන්න චාන්ස් එකක් හදල දෙන එකට , තුන් වෙනි එක - ෂෝට් බ්ලොග් පෝස්ට් ශානරය ය හොයා ගැනීම ගැන. මායි නිදියි මොකද කරන්නේ එතකොට 😀
Deleteතුන්වෙනි එකටනම් මාව අල්ල ගන්න එපා ඕන්.. ඕක මුලින් පටන් ගත්තෙ නයෙක්...
Deleteමේ තියෙන්නෙ... කොහොමද කමෙන්ට්ම 271 ක්.. :-)
https://chaprasanna.blogspot.com/2011/06/blog-post.html
හ්ම්...එහෙමත් කාලයක්.☹️
Deleteඑක අතකට ඕවට පසුතැවිල වැඩක් නෑ. ඕක තමයි සංසාරේ හැටි. ඒක පිලිඅරගෙන, දැන් අපි බ්ලොග් ශෝර්ට්ස් එක්ක පවුල් කමු.😋
ඇත්තටම ඒ කමෙන්ට්ස් දකිද්දි පපුව පිච්චිලා යනවා...කොච්චර සක්‍රීය කාලයක් ද ඒක...ලෝක සුබාවෙ තමා....
Deleteබිඳෙන් බිඳෙන් ජලේ
ReplyDeleteසෙමෙන් පිරෙයි කළේ
ටිකක් ලියන වෙලේ
Time ඉතිරි බොලේ
නොලියනවට වඩා
ටික ලිව්වත් හොඳා
හණ මිටියම හොඳා
මට- පුරුද්ද නිසා
කොහොම කොහොම හරි ලියන එක නම් හොඳා තමා නිදී..
Deleteඅවුස්සන එකනම් ලේසියි.
ReplyDeleteඒත් ක්‍රියේටිව් හෝ විටී එකක් තේරුම් ගන්න අය අවමයි.
පැරඩි සීරියස් අරං බනින හෝ හොඳ කියන උන්නම් අපිට හාස්‍යය සපයනවා
ඒක නම් ඇත්ත.... :-)
Delete++++++++++++
Deleteතමුනනාන්සේ යූබටේ පෙම් සුව විඳින්නේ කිමද?
ReplyDeleteහප්පා මුන්නැහේව දැක්ක කල්.. මොන අවලමකද බන් මකබෑවිලා හිටියෙ?
Deleteමම ඉතින් යූබටේ විතරයි පාවිච්චිය.. අනිත් ඔක්කොම මල කෝලං වලින් අයින් වුනා..
වෙලාවකට බුකිාය ඉන්න උංගෙන් නං ආතල් ගන්නව වැඩේ කියන්නෙ උංට ආතල් දරාගන්න බැරි එකයි. සිං ගාල රිපොට් ගහනව 😂😂😂
ReplyDeleteඒවා එහෙම තමා. උන් අනිත් උන්ට කුණුහරුප කිව්වට, උන්ට ආපිට වදිනකොට කාලා ඉන්න බෑ.. :-)
Delete