2024 හේ මාස හතක් ඉවර වූ දා
අදින් දවස් තුනකට, ම්ම්ම් නෑ හතරකට කලින් මම පුද්ගලික් බසයකින් කොළඹ කොටුවෙ ඉදන් ගෙදර ආවා. බසයට ගොඩවූ වේලාව රාති අටයි විසි පහ. පහත තියෙන්නෙ මා කළ නිරීක්ෂණ.
3. ගමන් ආරම්බ කළ පසු තොට ළඟට පැමිණෙන තෙක්ම සෙමින් පැමිණීම.
5. කොන්දොස්තර වරයාගෙ අතිශය වනචර හැසිරීම සහ වාග් විලාශය.
6. ගමන ආරම්භ කිරීමට පෙර, තොට ළගින් මෙහා මගීන්ට බැසීමටයයි විධාන කිරීම.
7. එම අණට අකීකරු වූ එක් මගියෙක්ගෙන් වත්තල දක්වා මුදල් ගැනීම.
8. ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීම.
9. අධික ශබ්දයකින් යුතුව ගීත වාධනය කිරීම.
10. ගමන් අතරතුරදී මගීන් සමග ඉන්ධන පිරවීමට පිරවුම් හලකට යාම.
11. බසයෙන් බැසීමට නිසි පරිධි බස් රථය නතර නොකිරීම.
පැමිණිලි ඇතොත් දැණුම් දෙන්නයැයි මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරයෙන් ඇලවූ ස්ටිකරයක් ද බස් එකේ අලවා තිබුනා. බසයෙන් බැස, එහි අංකයත් මතක තබාගෙන, පැමිණිලි කිරීමට දුරකතනය අතටත් ගත් පසු, ඵලය සමග ගැටීමෙන් පලක් නොමැති බව තේරුම් ගිය බැවින් නිහඬ වුනා. මේ, මිනිසුන්ගේ ආදායමින් සහ වියදමින් යන දෙයාකාරයෙන්ම බදු අයකරණා රටක මගී ප්‍රවාහන සේවයේ එක් තිත්ත පැත්තකි. මෙම අවිනීත හැසිරීම මේ රථයට පමණක් විශේෂ වූ තත්ත්වයක් ද නොවේ. බොහොමයක් වූ පුද්ගලික බස්වල අඩු වැඩි වශයෙන් ඉහත සඳහන් දුර්වලතා දකින්නට පුළුවන. ඒවා ගැන සොයාබැලීමට සිටින බළධාරීන් සහ නිළධාරීන් සුව නින්දේ විය යුතුය.
ලියුවේ:
සෙන්නා / 31.07.2024.