Tuesday, January 21, 2020

පිට වූ හඬ පටය.....

21.01.2020

පිට වූ හඬ පටය.....

හෙලෝ අසඩක්, මමයි රංජන්....
හොරුන් අල්ලන ඇමති මම වෙමි..

නුඹත් හොරෙකිය දනිමි ඒ බව
නාල්ලමි මම කළොත් මේ දෙය

අබෂ්විල්ලී බලන් ඉන්නේ 
දරුවා එනතුරු මාළිගාවට
දරුවා හැදුවේ ගෲෂා අම්මා
දනිමි ඒකිව කුඩා කල සිට

නැතොත් දරුවා මැරෙයි ඒකී
දනිමි හොඳටම ඒවගත් මම
කරලා දෙනු මැන යමක් මේ ගැන
උඹට විතරයි ඒක පුළුවන්

හෙලෝ රංජන්, මමයි අසඩක්
යුක්ති පසදින උතුමා මම වෙමි

හොරුන් අල්ලන ඇමති ඔබ වේ
මමත් හොරෙකිය නාල්ලනු මැන

තියනු දරුවව රවුම මැද්දෙන්
කියනු ගෲෂට අතාරින්නට
ඉතිරි කාරිය මගේ කාරිය
අබෂ්විල්ලිත් පරාදයි මට

සෙන්නා / 21.01.2020

6 comments:

  1. හාල සීයයි
    ලූණු එකසිය හැටයි
    තක්කාලි හාර සීයයි
    බත් කටට ලූණු සම්බල සැරයි
    මෝහනය වූ රටම
    රංජගේ අංජනම බලා ඉඳියි
    ටොයි බයි රස රහසේම මඟුල් කයි

    ReplyDelete
    Replies
    1. ජීවන වියදම සමනය කරණ රංජගේ අංජනම.. ;-)

      Delete
  2. හොඳයි. දැන් ලියවෙන්නේ නැතිය?

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

හඳුන්කූරු වෙළෙන්දිය

  ජුනි 15, 2024 අ පගෙ මුල්ම නැවතුම වූයේ ඇම්බැක්කේ දේවාලයයි. එය කලින් සැළසුම් කළ ගමනානතයක් නොව හදිසියේ මගදී දුටු නාමපුවරුවක් ඔස්සේ ලඟා වූ නැව...

Search This Blog