2012 උඳුවප් 16 වනදා
අද වැඩිය කියවන්ඩ නෑ.. පින්තූර විතරයි. කම්මැලි පෝස්ට්...ළමයෙක් ලෝකය දකින්නෙ කොහොමද කියලා බලන්ඩකො.
සමහර ඒවානම් වටහා ගන්න අමාරුයි. ළමා මනස කියවීමේ විශේෂඥයො ඉන්නවනම් දෙන්න පුළුවන් ඒවා ගැන විශ්ලේෂණ හෝ විචාර.
වැඩි කතා මොකටද.. ඔහොම්ම යමු පල්ලෙහෑට...
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhtYkqGvzwTkblpYzP4ijs85sQae2GJb6Dgja8yisBm_iyARXnjIG1AyeicIF3XtdW6cc4uXb6ivAfgMZrbUMKLi3HxhB6cD0PGsQqUHq0LMTb9p-7L1pNtXqGGyUFFTxTL7swaFBj6ysU-/s640/Fruits.jpg) |
1. කඩල-පළතුරු... |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMMjx5GwBk7tmxF-bQAyNqfCq9XnsHplkoXz04s-Ygc-GKeduqjBvdgJi7nZItW74KTylZ4uIERZQu91h3ydpNFYjF8IUnssNfQchT32WSesBYhDwusjZP2YJlAzEYdJdMuYqrMkdOc08Z/s640/Nikila+%2526+flower.jpg) |
2. මල හා ළමයා... |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjuy27iUXAYHPKATf52kh0vCNu6-9GnK1LQoFOBo0EQQyIGgx-JdKpz_gH4k7xt5QGm4lh3MviD9uUt39aZaX32wmjORTyZSeSJGQmv-twI0Jqr-irid3q5oqaA_58bv-DkdUVddwr6R1I_/s640/Nikla+paint+1.jpg) |
3. දෙන්න බලන්න විශ්ලේෂණයක්... |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiGyJIlr3c9JNXeQ_6jM8qyORs-uDuL0kS6e9UJuedJZ8KKJveEx1HQJV3yWGcxQ5zzZ6yiuFGvZ3AF9naDMrUtpzMG9PTlETE2IcxLaju0s1jEWcWeCI1GMA9lp-Ah0du4yv_LQwvVeU15/s640/Nikla+paint+10.jpg) |
4. අල්ල භාවිතයෙන් ඇඳපු කුරුල්ලෙක්. පෙර පාසලෙන් උගත් දෙයක්.. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEik65nhw6WomkPvqDbXPiKT_UeN4n6u-y090-G9kKUP8SYZdNsA-ZPru1wJioWZUODNvaaNwCLalUMOwhSVHEkrlw4kGKzd9CAQwVfzSXZ2AiuuaJjMnHpkOQy-qIpN8_xLbalf_MNSEijK/s640/Nikla+paint+11.jpg) |
5. උදය |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgs6eLebn3NnTafzKxejw-uLInixsqKrpucUQYbbp5f14UlZOl2x-ZGTzxyYcT-iIDlooto1MIzq6kYh4Arcu6Jf9ZdW3s4NLLAtRw04szDEAashS2GP5cGw1ZLVo_-_fA0TSK0Ipj2LFDh/s640/Nikla+paint+12.jpg) |
6. සත්තු වත්ත |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhTzdMelYHdLG5jrUfJJz3W9rTHhNs-ITTvNQVDCxSdrYIet-r38KOMTbq4Js5tCgAMD-UrJhQFKEN0vnXWefNJmAKcPv_BGY3qsm8Ha8YLZsl4bXP9TWXlaSHK6bLUWCzDncE79cRq7Xx1/s640/Nikla+paint+13.jpg) |
7. අපට උදව් කරන්නෝ |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhTzdMelYHdLG5jrUfJJz3W9rTHhNs-ITTvNQVDCxSdrYIet-r38KOMTbq4Js5tCgAMD-UrJhQFKEN0vnXWefNJmAKcPv_BGY3qsm8Ha8YLZsl4bXP9TWXlaSHK6bLUWCzDncE79cRq7Xx1/s640/Nikla+paint+13.jpg) |
7. අපට උදව් කරන්නෝ |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEibpOXu2m1F3O_qhNAX-X4-WPQMp9fCLfQa5hwFGJdjY1FOelY0uUSI1OkSUTcN8BrDDCbd_FF1XMJK2apYOmI-bxfchYrclL2QUfN6tRGq12KiiUKEL2kjbiqWWyJf2Gw9K9YHE41sAfAy/s640/Nikla+paint+14.jpg) |
8. පියුම් මාමා |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEin9T_OblJrRovN8wpSnKHAbq_q1tk-SNCsfr4arVqb9htJSYuqqkHhJ0Mzn9dswS8B1LiUJPkAZhXdfqw8W-fNcinJlJ122OCz4NmErJ6jKkOeB1I5JcD-F9IwOuII19GXG9PBERP9TGaz/s640/Nikla+paint+15.jpg) |
9. අල්ල භාවිතයෙන් ඇඳපු මාළුවෙක්...උගත්තේ පෙර පාසලෙන් |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh5_4lJcXCe2ZolAXxyrQJT2cqe5qFHqRWyiMsMe1aP89duIiAoRDCgdXptiKGdZoLcK57YCbhHQ5AHuklpfMWq5ZXGAophn3OphK9ffPQaMUTLQIBXQcjtujqEdHtZafPoDSVU0PCvJd19/s640/Nikla+paint+16.jpg) |
10. කොළ වගයක් වගේ... |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi0FuPz34mdcCMAyqOlPAY0Cevf1HBf3Y_6t8tTv2X-ItosXM7NEZKIJYl34XzEs0do4U6U3x3nMmPTDw8Uj8Qrjmw12gFU_dbngCrCh9kh4hFuCXLtJ5-BF5MFm7U-jTUE2uiIaKHPmG5o/s640/Nikla+paint+17.jpg) |
11. මේකත් හිතා ගන්න අමාරුයි.. | ප.ලි. බස් එකේ ඉස්කෝලෙ යනවා කියලා සිත්තරා කියනවා. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhKjyWz06D_9nGneW1ZB_LRguQiq6BpArxoVQctj8EasJnogrYPLmAS_y_f56_71d66ivSTy00QOoyJ18FTp7cwNicgHF-Fc3ayG8Ni9VjeFpxDHhWvAsMRwwiSvoScmeGM-iEZmJ_Y-8VE/s640/Nikla+paint+18.jpg) |
12. මේකත් පෙර පාසලෙන් උගත් දෙයක්.. තේරුම් ගන්න අමාරුයි. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhpOTuXWZLmO8QNROPwg4g1ytDVXiUlhu8QAow9ntfY1HfCsEpi2nN-2SsbJ8wi0B2VkEDIBkO5zGXb-Sw2nJv5hev2uxL7kAbTJXqqkmLKV72N-zDngnMWHznxdT2H0kSV_CC8ISQwk5Ez/s640/Nikla+paint+19.jpg) |
13. මේකත් එහෙමයි |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZ-8fbYOjCcoRuDVcK6R1cMowO-3iKOopCd8AjPZJbu0zOPDJsODYOWPGm7Kxybw68tToynLbFt9w4gYt50Kzby0WHacDSH45kS81XGPzQl1Ujn8f8IWZ3wDKfPD905bx5EDIwhsE0HEm9/s640/Nikla+paint+2.jpg) |
14. මේකත් එහෙමයි | ප.ලි. මේ "පලතුරු"ලු මම චිත්‍රෙ අනිත් පැත්තට දාලා තියෙන්නෙ හෙහ්.. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhRDrha_YOQtRnrRYaW9j9oJf-D682-PZPKfqlu69iie_BqABGtjjiFpouQGVqqHMXlKy-ZR7Qy1y62Mp2Rj6UyZwNetkyL6N4TRZBPPSLOXJRkeGBHTjTKTAjBe0QcwYIQTb0oPUWTO6GZ/s640/Nikla+paint+20.jpg) |
15. මෙයාව දන්නවද ? මකුළු පැංචා.. කොහොමද හිනාව |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjKOG7GMAk6cMEnBroSaQlpvoI1F6GYkwtgJ2aSLZwPLRG0LWMFbuJo7yOzpPorji7y5-NCtJtyoqnECdv36hEuFJu3Cw6cb7amwhMAod6ab1PD_0UINJ3UflAKXYkbhj9yT1SuQ23818QN/s640/Nikla+paint+21.jpg) |
16. මෙයානම් කැරපොත්තෙක් වගේ.. | ප.ලි. මෙයා මාලුවෙක් කියලා සිත්තරා කියනවා. මෝරෙක්ලු |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEheeprjmU1qAbv29oJJz3J7Eaml2a5TOLOb0KThLVpsDmTIBMJXx1gq5382Ty1laE_coas_WDUdHb__2kF5gLpy2dVeeNL2UDbQd4oZ0aPahObVi20YNI1_TBODbL82p0mNtCh0-C-fpswD/s640/Nikla+paint+22.jpg) |
17. මේකත් මොකක් හරි දර්ශනයක්. තේරුම් ගන්න අමාරුයි. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg0YVVvyU1L9Z76mKX1ynNfRWQ7s2Y8j-DKPFbQj_4VbJG1DcupKx_9m05AjdvkCoGWh3D8y_MmbdMz3pdcF5RLGoXa1Z8OfKqtADPnks0Hu_e2yZxnDB0a95xe9iBoKhZVkOaMpprofwJA/s640/Nikla+paint+23.jpg) |
18. කැලයක් වගේ.. |
19. ගොවියා. ඔය දුඹුරු පාට එක මොකක් කියලද හිතන්නෙ ?
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjR7CEZBKbPCfxHBdqyF7YJ90Tm13N_L6TNvn1_lhhnrsLZyP7LqfzHq88DkJf-2zrNjkB6hmXn0DzXlqoiYjZ9KmFf0HSeOns98DH7QvbrEJvCUpiQC6wRI9w2vhs-pPdEZSyS79fZ28RY/s640/Nikla+paint+25.jpg) |
20. මකුළුවා සමඟ දිවියා |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgMc4gXOKHtJEsEUkdTKa6vbAUI-hz1v8K4lfiRlZKWcCSIxlWZG-2ahh3gEwO3rcNeQRYJQVsDCX82GWZ55iN5WhO4Biiz21xup652qcxx76x0l_5F-17IB0HtJhbE-IX9xM79kM2XINJL/s640/Nikla+paint+26.jpg) |
21. හරකා |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgIoGnHGhmIKIzLha8a21FpQ9_65o3CBi4Hg5_WwTlbgaCQ-wqAJtFM5eGqWMn7nd04pz4maFU4wqq5CeGmV5fzMnxf17cT7EEPDMsrqchDonS9ZPMm0WlglvWsRrtSdwDNUakaXtuJMUfx/s640/Nikla+paint+28.jpg) |
22. කුකුළා ගස් උඩ. මෙයාව හොඳයි " සැවුලෙකුගේ විලාපය " චිත්‍රයට |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjtJzcPey0oswAJcSmXIKtrxq8JBLJl9piXbKD45T9iLA7Y49iHO5LfcvlkXjoO2F3i2hdwLH1yEOAc6aICX0aykcRGxYmXIGqN5SPGCB-8l6IaKrs3Fy-6wcjsagG5ezIyfT0b4o8yFN_q/s640/Nikla+paint+3.jpg) |
23. මොකක් වෙන්න පුළුවන්ද ? |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhYJXuoQyN7jxJqR7GOSSNygyY4VtKmVVcbWsBQ10nHH9_KHQlUVVvTLt_i_7Ku1-SvGrnP1mHoZ9J_ZbTOpb6w-d7DMQZA-jGQcuHi6Gh7qcIToHK-esdMG_xo6qfjQlTcv8TbuvYkxfF2/s640/Nikla+paint+4.jpg) |
24. මේකත් ගැටළුවක්.. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjr3bWy7VKyWZPDwJy8TgysmstvklC2CBzRijcAbh1lp3VZZDb_JVjj82SxwauU70scz6YOm4TiION3EerXGNtzGGgC-mEVSbmJ7sMbCdvN1yDRN6qBJ1VLAGl3vLxuli1fUwtWr3z6l7r4/s640/Nikla+paint+5.jpg) |
25. පළතුරුද ? |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhPxfveNc9EK05IPcN2cmkz5HeZXqo0tDlFVWWtlqj-DQf2Kpci9WapQQ-7ex7L35g7Ic404OcY7hYht2wiwNnt8gsb_wAArrBhXA7nQnIzzTWxNs6yE07e-yTrbpqqXiGtfo6ZXXdq5Euu/s640/Nikla+paint+6.jpg) |
26. මේකත් අභිරහසක්.. | ප.ලි. මේක මල් වත්තක්ලු |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjBfSjZHJPiLI3Tdx-BH57LnBXhirnPmfImUZHekCcVXkwUVDRRmMF0HogH_YbS4YH7vbLRfWH5HvGfvngd4HWe50ZQruYf05Q75YcKo_ixf1k_YS7tMAzWrH4EFOAn5od1D_ms3hzezAUU/s640/Nikla+paint+7.jpg) |
27. සත්තු. උඩින්ම ඉන්න එකානම් වල් ඌරෙක් වගේ.. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-GDLaf7-dzDm1PMuvh4F8o6NKnP6nv2O92QzxYcM3Z4lh_rUfhzNfLgwbr4j8P_a8HOwSojCOhxfzX1W7zGuGeYdRSkhuLysJeHViNc8KpLfLSgLM2oHm7To7oIs-kP7k1mgHfIFuZxon/s640/Nikla+paint+8.jpg) |
28. කුරුල්ලෝ.. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgGTKAWyk2Vp_-DfxS2UzBwzDyfljIeRrOXRkJN7ALW7dz7KuCk8KTDtN21ehgPreZkuoxFakIBMXVASFjm0XkgHX0ZGNkgScs9jsEA8SF135KAxvDKJvvgaadL79h1CrT3GWgVKxR0A2lS/s640/Nikla+paint+9.jpg) |
29. කුරුළු කූඩුවක්ද ? Nest කියලනම් ලියලා තියනවා.. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEikXexNP8r0pjt9jrOpu-Qqz3KVmKGmnd-gj0jYRVTvim7Z6b_BJaw67VfY2Ji9tCZkxt7WwueqiUb7AowAeLQATY89L2Wx8_noLuxt0I9FtHNmQCtEWPZal8Gg4TNaN5aFnCm9s3BC_pMs/s640/Robot.jpg) |
30. රොබෝ කෙනෙක්.. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiK1QzKmORg3F21CZaelIiMDrKxDjb1M2oNKXyZUKJaLGSMt_aS2knVShHA2ExiQNCipLqZ4rJMMcMQdZ6d16zYmg6nRqj5W7tzkTogJh2PvQzZ43829T61W_s4wULJAwpBeuBTw-GsHbfG/s640/Sal+mal+yaya.jpg) |
31. සල් මල් යාය |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj09LfvUTnO6-Yzp8ao82JsLBpw4oonGoyL-0DuahJr32zAQq1QI5aPQ8ipRsgCXTtkd4Kl2-4XeAjRBaqMZhJhQl1LXkvm84MUSxf6oNarZnt7VkQylG0YJCbHCuLGBk5uQEbgDFWlsJlp/s640/Sun_moon.jpg) |
32. ඉර හඳ එකවර දෙපස නැගේ.. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhfylPvoTQ2t1v7AkssfjSkAvCzBpHVGlbDqjE5rbXuekiiMgPE1i68suZwSZGgAlRgzIe3KqbzeUtiIpStx-6Vts2JeZ-4cbcgJaJuTBVbIXAXI-fRsS-wKvHwA68EaT953yzuS-tGpGr2/s640/Train.jpg) |
33. දුම්රියක්.. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdjksk0Bsk7DLe0KPA5d01F5CwwslyxYXTD0GFC4SwNl0dlPkAv-dIWycGezPyPky8JI67Kec_m595fshVoe_XTYs6xbU0PAjW1FmP7TaNvOcBpS9O2wlZxHFfrwKCXfhKIs6retmH16iN/s640/Unknown.jpg) |
34. විලක් වගේ... |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAmSQ60UyE3Lvh1nx_OG02DPONUACKZpBdWBngO0TdTLWWCp4b9k278gvnjzO3aSAGOD52R-P8HriBVrS7c8BP1UHJkaFBrrdXG8AaAFXFLPqtAaoOuK6MOSLDW7xb_0Jw9RxsmTwzygBs/s640/Wool+cutting.jpg) |
35. බැටළුවන්ගෙ ලොම් කපන්නෙ මෙහෙමයි.. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEii0EiqjRtJ7K8BgLYvB25_arcEfNlYG855VqiCCPgjTFWIkAUolIi2N3yQqybmlJEnlj8C7o4yUdOh1nlt5aqmWNkq8WDo_X05omohr2QmxH9_TewDMWgX2sgUy1pgk37kSezKSP7448xX/s640/dino.jpg) |
36. ඩයිනෝසිරස් මහතා | ප.ලි. මේක සිත්තරා පාට කරලා විතරයි. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiur72pmM0FpZEea8QK2TzsRh4o4AYbQiViEp-N39S0kfIs16qkoZDNyDK5Z0xZh0SlYm_3cHyvK6ovqhZec7QS78dfcwAKzf79mU7Hu1cg4X6J4ULJDR57iV_7Ccnaj7wuwckUQuA8-nrd/s640/flower.jpg) |
37. මලක් වගේ.. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBIwYdZPDUX0wvHy6akNye7IqNy0Oti0rw0sE-4BMvnvvA2L8OkKosgEPX0NrkaCWcVCwr7w-nSE6soNB_3kpP5at7E0WX_QFLSGZsCY3iEifyAWpbIoQBBj-h6ruBzTTfbM-MkvnrldCc/s640/new+rata.jpg) |
38. ආශ්චර්යයෙන් පසු... |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjmRYEjFhV8M7EtP1wtSt1T_SS8kMnQQ0A6JvZ9hvTamRgQyUGjMu8OREILae16LqGNSewHu2rUQBapwSLzV3NgyeM4Jq0rjJykY8iw4_rC7VQoC8360hIoqnkYETaCau6ODqvW_ZPsAgbU/s640/unknown2.jpg) |
39. මේකත් අභිරහසක්. පුළුවන් අය විසදන්න.. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjXfsw1apwbYOCkWBT82jhKzG9DdnnhZOrAF8X-UWffV8JjZMVOuj-bra1WJXsZjwrRmwwwnTZozGgyDdkodyyNxlcC3Ab-eqvK6G3UVznCLTR9swrvna-IvIpD__fOSdAsXuHHDtyGBrBN/s640/unknown3.jpg) |
40. දොරක් තියන කළු ගලක්ද මන්දා.. | ප.ලි. මේක කන්දක්ලු |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh3dCYijmCKiz1bxGZiWWKPeMqYY_5PkxhhSyQM6WWOaFierl-Nhe9CPN9ziCVBoBRr6ihSI81-k6e61cEyC3hP2QyaijvQEWYIXQ3IhXa-Gvd9T27B2YOK4Iza4Lxa8nT99kFBQuYBsjHD/s640/Nikla+paint+27.jpg) |
41. මාළු ටැංකිය |
මේ ඉන්නෙ සිත්තරා...............
"පොඩි සෙන්නා"
බ්ලොග් ලියන, කියවන නැන්දා, මාමලා හිතුන දෙයක් කියලා යන්ඩකො. සිත්තරා ලියන්ඩ පුරුදු වෙච්ච දවසක පිළිතුරු හම්බෙයි..
~~ සෙන්නා / 16.12.2012
26 ට මම කියන්නේ පෙරහැර ගිය පසු කියල.
ReplyDeleteසුදීක, සිත්තරා කියනවා ඒක මල්වත්තක් කියලා...
Deleteසුන්දර ළමා ලෝකෙ තවත් එක් පැත්තක් නොවැ මේ.......
ReplyDeleteඒක හරි උදාර.
Deleteමුලින්ම කොලු පැටියට....යහපත් අනාගතයක් වේවා...!
ReplyDeleteලමා ලෝකය හිතාගන්න බැරි තරම් සුන්දර තැනක් මචං..!
අනික එයාල හිතන දේ මටනම් කොහෙත්ම හිතාගන්න බෑ.
කොහොම උනත් චිත්‍ර ඇඳීමෙන් ලමා මනස දියුනු වෙනව කියනවනෙ.
ප්‍රශ්ණයක් තියේ....ඉන්න ගෙදර බිත්ති ටික බේරගන්න පුලුවන්ද...අපේ ගෙදර නම් කුරුටු ගී,චිත්‍ර කලාගාරයක් වගේ බිත්ති පුරාම...හිකිස්..!
මටත් තියෙනව කතාවක් ලියන්න පෝස්ට් එකකින්ම දාන්නම්
ස්තූතියි වීයා.
Deleteමෙයා නම් එච්චරම බිත්ති වල කුරුටු ගාලා නෑ.. ඒත් ඕන දෙයක් අඳින්න ඉඩ දීලා තියෙන්නෙ.. වැඩියෙන්ම අදින්නෙ කොල වල තමා..
පෝස්ට් එක දැක්කා.. කියවන්ඩ එන්නම්..
අමුතුම පෝස්ට් එකක්.. මම නම් මුලදිම දැනගත්තා මේ පුතණ්ඩියාගේ වැඩ වෙන්නැති කියලා..
ReplyDelete10. මේ චිත්‍රය ඇඳලා තියෙන්නෙ වේලිච්ච කොළ උඩ පාට ගාලා නේද?
11. බස් එකේ ඉස්කෝලෙ යනවා වෙන්නැති
19. උදැල්ල
20.මකුළුවයි දිමියයි වෙන්නැති. දිවියාට කොහෙද ඔච්චර කකුල්.. අනික මකුළුවයි දිමියයි සම්බන්ධ වුනාට දිවියා කොහෙද?
අපිත් පොඩි කාලෙ ඔය වගේ චිත්‍ර ඇන්දනෙ.. බිත්තිවලයි හැමතැනම.. ඔය චිත්‍ර වලින් පේන්නෙම ඉතින් පොඩි ඈයො හිතන විදිහ තමයි..
පොඩි මල්ලීට සුභ අනාගතයක්! 2013දි ඉස්කෝලෙ නේද?
පොඩි මල්ලීට සුභ අනාගතයක්
Deleteඋඹ බබාද
10. මේ චිත්‍රය ඇඳලා තියෙන්නෙ වේලිච්ච කොළ උඩ පාට ගාලා නේද?
Deleteඑහෙම වෙන්ඩ ඕනා.. ඕක පෙර පාසලේදි කරපු එකක්.
11. බස් එකේ ඉස්කෝලෙ යනවා වෙන්නැති
නිවැරදි පිළිතුර බවට සිත්තරා සහතික කළා.
19. උදැල්ල
නැවතත් නිවැරදි පිළිතුර. ඔබට හිමි තෑගි බවුසරය යථා කාලයේදී නිවසටම ලැබෙනු ඇත.
20.මකුළුවයි දිමියයි වෙන්නැති. දිවියාට කොහෙද ඔච්චර කකුල්.. අනික මකුළුවයි දිමියයි සම්බන්ධ වුනාට දිවියා කොහෙද?
මටත් දැන් හිතෙනවා දිමියා වෙන්ඩ ඇති කියලා. මම මුලින්ම දැක්කෙ දිවියා වගේ.. සිත්තරාගෙන් අහලා බලන්න ඕනා.
ශෑහ්... මට බ්ලොග් ලියන අයියලව අමතක වුනානෙ.. මම කියන්නම්කො හරි අයියා සුබ අනාගතයක් පැතුවා කියලා.. ඔව් ඔව් හරී අයියගෙ ඉස්කෝලෙට තමා යන්න යන්නෙ..
@ ලක්මාල් කන්දෙවිදානෙ මහතා,
නැතුව නැතුව.. :-)
හුරු බුහුටි කොලු පැට්ටෙක් නෙව. පිංතූර ටිකත් ලස්සනයි කිව්වා කියලා කියන්නකෝ එහෙනම්. පුතාට සුභ අනාගතයක්!
ReplyDeleteස්තූතියි අකමා... මම කියන්ඩ ඕනා නෑ.. මිනිහා අකුරු අමුණ අමුණ කියවනවා.. දැම්මම බ්ලොග් කියවන්නෙක් වෙලා.. හෙහ් හෙහ්...
Deleteඅම්මෝ අපේ ගෙදරත් හැම තැනම ඇදලා අපේ බඩ්ඩ
ReplyDeleteමරුනෙ...
Deleteඅම්මෝ... පුංචි උන් ලෝකය දකින විදිහ කොහොමද කියලා හිතන්නද කියන්නේ. අනේ අම්මෝ. හැබැයි අර දහතුන චිත්‍රය නම් සමණලයෙක් කියලයි මම කියන්නේ, ඒක තමයි ලේසිම. ඒ වගේම ගොවියට වඩා උදැල්ල ලොකුවෙන්නේ ඇයි කියලා හිතන්න ගියාම මට පිස්සු හැදුණා. මාළු ටැංකිය පැත්තට අදින්නේ නැතුව උඩ ඉදන් බලනකොට පේන විදිහට ඇදලා තියෙන්නේ. ඒක ටිකක් වෙනස් දෙයක්.
ReplyDeleteකොහොම වුණ්ත් පොඩ්ඩට සුබම සුබ අනාගතයක් කියපන් සෙන්නා.
ස්තූතියි රතූ...
Deleteමාළු ටැංකියෙ වැඩේනම් මටත් උඹ කිව්වම තමා මීටර් වුනේ...ඒක අමුතුම ඈන්ගල් එකක් තමා..
ළමා ලෝකයේ මේ සිතුවම් මානව විද්‍යාඥ යසියා මහතාගේ විශ්ලේෂණයට අනුව මෙසේය,(පිටින් පේන දේට වඩා අභ්‍යන්තර අදහස)
ReplyDelete1.පලතුරු ගහේ තියන් කන්නෙ සත්තු, ඒව බිමට කැඩුවම නරක් වෙනවා.
2.මල් කඩන්නෙ නරක ගෑණු ළමයි.(දිග කොණ්ඩයක් පේන්නෙ)
3.අපේ ගෙදර මට පේන හැටි.
4.දැන් මගේ ජීවිතේ මේ කුරුල්ල වගේ නිදහස්
5.විප්ලව දිනයක උදෑසන
6.අපේ මොන්ටිසෝරිය
7.සතර පෙර නිමිති (මලක්, ඇඳක්,මිනී පෙට්ටියක්,ගහක්)
{ජීවිතේ මල් කෙල්ලෙක් සෙට් උනාම. ඊට පස්සෙ ඇඳක් ඕන වෙනව. ඊට පස්සෙ මිණී පෙට්ටිය. අන්තිමට මැරිච්ච තැන්වල ගසුත් පල වෙනව)
8.යල් පැනගිය සන්නිවේදන සහකරු
9.ස්මාර්ට් 5 ෆිශ්
10.යථාර්තය (පිටින් පිම්බිල පේන හැමදේම ඇතුලෙන් කටු විතරයි)
11.ස්කූල් බස් එක (ෆුඩ්බෝඩ් යන්න පොඩි වැඩි නිසා රෝදෙ උඩ යනව)
12.එක්සත් ජනතා නිදහස් සන්ධානය JVP එකට කරපු බලු වැඩේ.(වටෙන්ම කොටු වෙලා)
13.ලෝකයේ හැම දෙයක්ම සමමිතිකයි.
14.මං ලයින් කරන කෑල්ල (තාත්ත දැක්කොත් චාටර් නිසා මූණ වහනව)
15.කෙල්ලෙක් දා ගන්න මකුළුවෙක් වගේ හෙමින් සීරුවෙ දැල දාන්න ඕන
16.අල්ලපු ගෙදර අංකල්
17.ලෝක විනාසය සිත්තරෙකුගේ ඇසින්
18.අපේ ගෙදර මිදුල
19.ගොවියා සහ වංගෙඩිය
20.අපේ අම්මයි තාත්තයි වලි දා ගත්තම
21.අම්මට තාත්තව පේන්නෙ මෙහෙමලු
22.තාත්තා අම්මව කසාද බඳින්න ඉස්සර
23.ලව් කිරීමේ විපාක
24.පිටසක්වල ජීවීන්
25.කෙහෙල් ජාති
26.විභාගෙ පේල් උනොත් මෙහෙම එල්ලෙන්න තමයි වෙන්නෙ පවුලටම
27.තාත්ත අම්මට බනින්නෙ මේ නම කියල
28.කිරිල්ලියො සොයන කුරුල්ලෝ
29.මමත් ලොකු උනාම මෙහෙම ලස්සන කූඩුවක් හදනවා
30.අපේ තාත්තත් මෙහෙමයි. රිමෝට් එක තියෙන්නෙ අම්ම ගාව
31.අමර එන්න නයන එන්න මල් කඩන්න
32.අපේ තට්ටු 7 ගේ (තාත්ත කියන විදියට)
33.උඩින් යන ප්‍රයිවෙට් බස් එකක්
34.මගේ හිතත් මේ වගේ ගැඹුරුයි
35.බැටළුවො මිනිස්සුන්ගෙ ලොං කපන්නෙ මෙහෙමයි
36.අපේ තාත්තා (ලෝකෙට පේන්නෙ මෙහෙමයි)
37.කෙල්ලට දෙන්න මරු
38.සාටක පරපුරේ කොල්ලෙක්(බෙල්ලෙ රතුපාට සාටකේ)
39.කෙල්ලෝ, වැඳිරියො වගේ අනුන් කරන දේ කරනවා, පූසො වගේ හුරතල් වෙනවා, සමනල්ලු වගේ ලස්සනයි, ගෙම්බියෝ වගේ වෙන එකෙක් ගාවට පනිනවා.
40.කෙල්ලන්ට අළුත් කොණ්ඩා මෝස්තරයක්.(පිටිපස්සෙ තීරුවක් ඉවත් කළ යුතුය)
41.මමත් මේ මාලු වගේ කොටු වෙලා ගෙදරට
ආතල් එකට හොඳෙ.. පොඩි එකා ෂෝයි.
Deleteදැන් ඉඳන්ම ශිෂ්‍යත්ව පංති යවන්නෙපා :P අපේ පැත්තෙ සමහරු එහෙමයි.දුකේ බෑ
ආතල් එකට වුනත් උඹ මේ ටික ටයිප් කරාට තෑගි දෙන්න වටිනව බං. මට දැන් මේ කොටන එකත් එපාවෙල තියෙන්නෙ.
Deleteමුන්ට කමෙන්ට් කොටන්නත් එපාවෙලා.. අපි බ්ලොග් කොටන්ඩ ඕන මුන්ට කියවන්ඩ..
Deleteහික් .... හික් .....
Deleteහරී ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
Deleteහයියෝ බන්.. යසිත්.. හිනා කාලා පණ ගියා බන්... උඹ සෑහෙන කට්ටක් කන්ඩ ඇති නේද මේ කමෙන්ට් එක කොටන්න.. වෙච්ච මහන්සියට ස්තූතියි.. අපොයි නෑ බන්.. කිසිම පන්තියකට නොයවන්න කියලා මම හිතන් ඉන්නෙ.
DeleteDDT.
ඒකනෙ බන්.. ඌ කොටපු එක බලන්න මම උඩට පහලට ගිහින් මට පිස්සු හැදුනා.. එතකොට කොටන්න කොච්චර අමාරු වෙන්න ඇත්ද..
හරී,
හා හා කට වරද්ද ගන්නවා නෙමේ..
බුද්ධි,
වැටකුත් ගහලා තියෙන්නෙ.. :-)
හික්ස්...
Deleteපොඩි ළමයි ලෝකය දිහා ජීවිතය දිහා බලන්නේ හරිම සරලව. එකයි එයාලගේ ලෝකේ ලස්සන
ReplyDeleteකෝරා,
Deleteඒක අත්ත බන්.. හැමදාම ඒ සරල කමේම ඉන්න තියනවනම් !
මට තේරුන විදියට නම් කොල්ලා වැඩිපුර ඇඳලා තියෙන්නේ එයා දකින දේවල වලට වඩා එයා අහපු දේවල් වගේ... අර ගොවියා ඇඳලා තියෙන විදියෙන් හිතන්නකෝ... එයාගේ හිතේ තියෙන්නෙ ගොවියයි උදැල්ලයි... ගොවියා කියන එක එයාගේ හිතේ මැවිලා තියෙන්නේ උදැල්ලෙන්... ඒකයි එයා උදැල්ල ලොකුවට අඳින්නේ... සමහර ඒවට නම් කවුරුහරි කියලා දීපු ගතියකුත් තියෙනවා... ඒත් එයා තනියමම ඇඳපු ඒවයින් තේරෙන්නේ එයා හයිලයිට් කරන්නේ එයාගේ හිතේ තියෙන වැදගත්ම දේ .. කුරුළු කූඩුව බලන්නකෝ.. එක කුරුල්ලෙක් කූඩුවේ ඉන්නවා.. අනිත් එකා කන්න අරං එනවා... එයා දැකපු දේකට වඩා එයා අහපු දෙයක් වෙන්න ඕනේ..
ReplyDeleteහැබැයි මෙයා හෙන කලබලකාරයෙක් කියලත් තේරෙනවා සෙන්නා... කොහොමහරි ඉක්මණට ඉවර කරන්න දඟලනවා ඇති... ඒත් කමක් නෑ.. චිත්‍ර අඳින එක තමයි පොඩි කලබලකාරයෝ සන්සුන් කරන්න තියෙන හොඳම දේ...
හැබෑට පොඩි එවුන්ගේ චිත්‍ර වල අබිරහස් විසදන්න නම් අපිටත් ඒ ලෝකෙට යන්න වෙනවා සෙන්නා... ඒක කලබලේට කරන්න බෑ...
කාලෙකට පස්සේ හිතට ලොකු සතුටක් දැනුන පෝස්ට් එකක්... මගේ මාමලා නැන්දලා ටිකගේ පොඩි එවුන් ටික මතක් උනා මට... ඔය වගේ තමා.. අපේ ගෙදර ආවාම මගේ කාමරේ බිත්ති ටිකේ චිත්‍ර අඳින එක තමයි කරන්නේ.. මට අවුරුදු 25ක් වෙනකම්ම මගේ කාමරේ එහෙම තමයි තිබ්බේ... ඕනේ තරම් කාමරෙ දෙකේම බිත්ති වනසන්න ඉඩ දීලා ඉදලා තමයි අපේ තාත්තා බිත්ති පේන්ට් කළේ...
සුභ අනාගතයක් පුංචි චිත්‍ර ශිල්පියට...
මෙන්න ළමා මනස පිළිබඳ විශ්ලේශක වරියක්....
Deleteසමහර ඒවා අහපු ඒවා, සමහර ඒවා දැකපු ඒවා.. ටීවී එකෙන් දැකපුවත් ඇති මයෙ හිතේ..
උඹ හරියටම හරි හිරූ, මිනිහා දඩි බිඩිස්.. හොඳ හැකියාවක් තියනවා වගේ නිරීක්ෂණ හා නිගමන වලට..
// කාලෙකට පස්සේ හිතට ලොකු සතුටක් දැනුන පෝස්ට් එකක්... //
මේ පෝස්ට් එකෙන් මෙහෙම ප්‍රතිඵලයක් ලැබෙයි කියලා මට නිකන්වත් හිතුන්නෑ.. කාගෙ හරි හිතක් සතුටු කරන්න ලැබෙන එක පිණක්..
ස්තූතියි සුබ පැතුවට..
සෙන්නා පුතා ගැන දිග විස්තරයක් ලිව්වට වඩා වටිනව මේ චිත්‍ර ටික දැම්ම එක, කොයි තරම් අපූරුද. අපිත් පොඩි කාලෙ ඔය වගේ අඳින්න ඇති, අපේ අක්කගෙ පුතාල නම් පොඩි කාලෙ ඔය විදියට චිත්‍ර ඇඳල තියෙනව, සමහරක්ව තේරුම් ගන්න අමාරුයි, පස්සෙ දවසක ඇහුවම එයාලටත් මතක නෑ ඇන්දෙ මොකක්ද කියල.
ReplyDeleteමේ චිත්‍ර පුතා කැමැත්තෙන් එයාටම හිතිල ඇන්ද නම් හුඟක් හොඳයි, සමහරක්ව මොන්ටිසෝරියෙදි ඇඳපුව කියල හිතෙනව. ගෙදරදි උනත් එයා කැමති නම් දිගටම අඳින්න දෙන්න. එයා ඒ දක්‍ෂතාවය තවත් දියුණු කරගනියි කාලයත් එක්ක.
පුතාගෙ අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙල වාසනාවන්ත අනාගතයක් උදාවෙන්න කියල මමත් සුබ පතනවා.
ස්තූතියි DDT,
Deleteහැම පොඩි එකෙක්ම ඔය වගේ දේවල් අදිනවනෙ පොඩි කාලෙ.. ඒවා අපිට නොතේරුනාට.. ලොකු ගැඹුරු අර්ත තියනවලු බන්.. සමහර වෙලාවට ළමයින්ට හැදිලා තියන මානසික ලෙඩ එහෙම හොයා ගන්නෙ චිත්‍ර අදින්න දීලා කියලා මම අහලා තියනවා..
මේ සමහර ඒවා එයාම හිතලා ඇඳපුවා, සමහර ඒවා කවුරු හරි මග පෙන්නලා ඇඳපුවා. සමහර ඒවා මොන්ටිසෝරියෙදි ඇඳපුවා.. බල කරන්නෑ බන ඒයාට ඕනා වෙලාවට එයා අඳිනවා.. ඔය එහෙම කාලයක් තිස්සෙ ඇඳපු ඒවා වගයක්..
සුබ පැතුමට ස්තූතියි DDT.
පුතාගෙ අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙල වාසනාවන්ත අනාගතයක් උදාවෙන්න කියල මමත් සුබ පතනවා.
ReplyDeleteගොඩක් ස්තූතියි සහන්..
Delete//මේකත් පෙර පාසලෙන් උගත් දෙයක්.. පැහැදිලි මදි//
ReplyDeleteපැහැදිලි මදි කියන එක හරි නෑ වගේ නේද. අපට තේරෙන්නෙ නෑ කියමු
මම අදහස් කළේ පැහැදිලි කරගන්න අමාරුයි කියන එක.... ඒත් ඔබ කියන එක හරි.. ඒක නිවැරදි කරන්නම්..
Deleteළමා ලෝකය තේරුම් ගන්න ඉතිං ආයෙත් අපිට ළමයෙක් වෙන්නම වෙනවා... අපිත් ඒ කලේ ඔය වගේ වෙන්න ඇති. අපේ අම්මලට තේරෙන්නේ නැතුව ඇති අපි අදින ඒවා... ඒත් මේ චිත්‍ර හරිම සුන්දරයි. ලොකු කෙනෙක් ඇදපු ඒවාට වඩා... බලන් ඉන්න ආසයි.කාගෙවත් බලපෑමක් නැතුව, එයාල අහල දැකල තියන විදියට, එයාලගේ හිතේ තියෙන විදියට, නිදහසෙනේ ඔය නිර්මාණ කරන්නේ...... ළමා ලෝකය හරිම සුන්දරයි කියන්නේ ඒකනේ.... :)
ReplyDeleteපොඩි සෙන්නට හදවතින්ම සුභ පතනවා එයාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියල......!!!!
ගොඩක් ස්තූතියි සමනළී.. ඔව් ළමා ලෝකය ඇත්තෙන්ම හරිම සුන්දරයි.. මේ චිත්‍ර ටික දැමීමෙන් මම නොහිතුව අරමුණක් ඉටු වෙලා තියනවා කියලා හිතෙනවා...
Deleteස්තූතියි සමනළී සුබ පැතුවට..
ඇතැම් ඒවානම් තේරුනා. එත් ගොඩාක් ඒවා තේරුම් ගන්න බැහැ බන්.හරියට A/L ෆිසික්ස් ප්‍රශ්න වගේ හෙන අමාරුයි.. ඉස්සර මං ගිටාර් ගහද්දි මේ වගේලු.මම ගහන්නේ මොකක්ද කියල ළඟ ඉන්න කෙනාට කියන්න ඕනෙලු.නැත්නම් බර බර සද්දයක් විතරි පිට වෙන්නේ. එයාල කියන්නේනම් එහෙමයි.
ReplyDeleteහෙහ් හෙහ්...AL ෆිසික්ස්......
Deleteඋඹ ගිටාර් ගහපු විදිහ ගැන ලියපන්කො බන් ලිපියක්..
බෝඩිමට ගංවතුර ආපු පොස්ට් එකේ තියෙනවා ටිකක් ඒ ගැන..
Deleteපුංචි සිත්තරාගෙ නමත් කිව්වා නම් තමයි හොද... පුංචි පුතාට සුභම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා...
ReplyDeleteමම කැමතිම හරකා ඇදපු චිත්‍රයට... අපිත් මේ වගේ චිත්‍ර ඇන්ද කාලෙ තමයි මතකු වුනේ... ලස්සන පෝස්ටුවක් සෙන්නා...
සිත්තරාගෙ නම සමහර සිත්තර වල තියනව සිරා.. ඒත් අහපු හින්දා කියන්නම්කො... සිත්තරාගෙ නම තමා "නිඛිල"
Deleteමේකෙන් කට්ටියව නැවත ළමා කාලෙට එක්කන් යන්න හම්බෙයි කියලා මට හිතුනෙම නෑ බන්..
3 නම් ගෙදර දකින විදිහ වෙන්න ඇති පුංචි පුතා.
ReplyDelete26 නම් පිටසක්වල ගැන පොඩි එකාට අහන්න ලැබුන දේවල් වෙන්න ඕන පියාඹන පීරිසි ගැන වගේ.
මම නම් තාමත් අඳින්නේ ඔය වගේනේ චිත්‍ර.
26 මල්වත්තක්ලු බං... හෙහ් හෙහ්.. ඔය ප්‍රොෆයිල් එකේ තියෙන්නෙ උඹ ඇඳපු එකක්ද ?
Deleteඒලියන්ස්ලවත් ඇඳලනේ! මම මුලින් ම හිතුවේ ඔය පින්තූරෙ ඉන්න කෙනයි බ්ලොග් එක ලියන්නෙ කියලා. බලද්දි එයාගේ තාත්තනේ ලියන්නෙ...... චිත්‍ර ටික ලස්සනයි. විචාරයක් දෙන්නම් කොල්ලා දැක්ක දවසට!!!!!! :D
ReplyDeleteඒලියන්ස්ලා..... බුදු අම්මේ !!! කෝ කොහෙද ?
Deleteඅපි පොඩි කාලෙ කලර් ෆොටෝ තිබුනෙ නැද්ද කොහෙද.. ඒ නැතත් මගෙ ෆොටෝ එකක් දැම්මනම් මේ කියවන්ඩ එන දෙතුන් දෙනත් නැති වෙනවා බන්.. හැහ් හැහ්..
හම්බෙමුකො යථාකාලයේදී.
දරුවෙක් ලෝකය දිහා බලන්නේ ස්වාධීනව, නිදහස්ව සහ අවංකවයි. ඒ දරුවාගේ ලෝකය විනාශ කරන්නේ වැඩිහිටි අපියි. ඒ දරුවාගේ චර්යාව අවුල් කරන්නේ අපියි. දරුවන්ගේ හැකියා අගය නොකර අපිට අවශ්‍ය විදිහට ඒ අයව බලහත්කාරයෙන් හැඩගස්වන්න යාමේ ප්‍රතිඵලය තමා මොට්ටපාල කෙනෙක් බිහිවීම. ඊළඟට අපිම ඒ දරුවට බනිනවා මොට්ටයා කියලා.
ReplyDeleteඅපි අතර තියන ලොකුම වැරදි අවබෝධය තමයි දරුවෙක් කියන්නේ පුංචි මිනිහෙක් කියා විශ්වාස කිරීම. දරුවන් වදනවාට වඩා අමාරු හරියට හදන එකයි. අද ඉන්න සමහර දෙමව්පියන්, ආපහු මොන්ටිසෝරියට යැව්වොත් හොඳයි කියලා හිතෙන අවස්ථා තියනවා.
අසමි දකිමි සොයමි ලියන විචාරක
මුකුත් නොකියමි.. 100% එකඟයි..
Deleteමගේ අරමුණ එයාට පුළුවන් තරම් ළමා කාලය විදින්න පුලුවන් පරිසරයක් හදල දෙන එක.. තරුණ, මහලු වියට ගිය පසු ආසාවෙන් සිහි කරන්ඩ පුලුවන් ළමා කාලයක්..
දරුවො වගේම දරුවන් දකින දේවලුත් සුන්දරයි..සියුමැලියි... නිදහසේ හැඟීම් පාවිච්චි කරලා තියෙන නිර්මාණ හරිම නිර්මාණශීලීයි... පුංචි සිත්තරාට අපෙන් සුබ පැතුම් !
ReplyDeleteස්තූතියි ළිහිණි...
Deleteදරුවගේ චිත්‍ර ටික සෑහෙන ලස්සනයි නේ.. එකින් එක නැවතිල්ලේ බැළුවා.. දරුවට ඔන්න දිනේෂ් මාමත් සුභ පැතුවා කියන්න...
ReplyDeleteස්තූතියි දිනේෂ් මාමා...
Deleteමේ පොඩ්ඩා නේද ප්‍රොෆයිල් ෆොටෝ එකේ ඉන්නේ. ෂෝක්..
ReplyDeleteසමහර චිත්‍ර හිතා ගන්න අමාරුයි. පොඩ්ඩෝ ඉතින් උන්ගේ පුංචි හිතට දැනෙන විදිහට නේ අඳින්නේ. මට මතක් උනේ අපේ අක්කගේ පොඩි එකා ගෙදර බිත්ති පුරාම චිත්‍ර ඇඳලා තිබ්බ හැටි. එයා ටිකක් ලොකු වෙනකල් ඒවා අයින් කලෙත් නෑ. මේ ලඟදි තමා ඒ ටික අයින් කරලා ආයේ පේන්ට් කලේ.
13 මට පේන්නේ කුරුමිනියෙක් වගේ. 17 ගඟක් වගේ. 3 සහ 12 දිහා සෑහෙන වෙලාවක් බලා හිටිය. හිතාගන්න අමාරුයි. 12 අපේ රටේ හැඩය වගේ පැත්තෙන් බලපුවම. වටේට මුහුද. නැත්නම් මාලුවෙක්. අපි බලන්නේ ඉතින් අපේ මට්ටමෙන් නේ.
පුංචි පුතාට මමත් සුබ පතනවා!!
ඔව් චන්දන මෙයා තමයි...
Deleteසුබ පැතුමට ස්තූතියි
22 නම් බොහොම අපූරුයි. පොඩි සෙන්නටත් සුභ පැතුවා මමත් ඔන්න..!!
ReplyDeleteරස්තියාදුකාරයා,
Deleteස්තූතියි සුබ පැතුවට..
ඒයි සෙන්නා අන්න උඔලගේ පැත්තෙන් ලෝක විනාසේ පටන් අරගෙන.... වැහැලා වැහැලා දණක් උඩට වතුර. මම දැක්කා දඩුගම පාලමේ පැත්තක ඉඳගෙන කොන්ඩේ කල් හරී වගේ හාදයෙක් වතුරේ පාවෙලා එන බඩු හොයනවා.....:D
ReplyDeleteමොනාද බන් මේ දාන කමෙන්ට්... :) මම ඔෆිස් එකේදි මේ කමෙන්ට් එක දැකලා හිතුවා අද නම් ගෙදර ගිහින් ඉවරයි කියලා.. කොහෙද දණහිසට තියා වතුර පොදක් නෑනෙ..
Deleteහැහ් හැහ්.. හරියා වැඩට යනවා කියලා මගුරො කොටන්ඩ ගිහින් මාට්ටු...
Deleteවෛවර්ණ සුන්දර ලමා ලෝකය.
ReplyDeleteපුංචි සෙන්නාට සුබ පතනවා.
ස්තූතියි ඩීන් අයියා..
Deleteමටත් පොඩි කාලේ මතක් වුණා
ReplyDeleteඑහෙමද හසිත... මට නිකන්වත් හිතුන්නෑ මේ චිත්‍ර දැක්කම කට්ටියට පොඩිකාලෙ මතක් වෙයි කියලනම්..
Deleteහලේ ගොවියාගේ උදැල්ල තමයි මරු :) හරිම හුරතල් පින්තුර ටික. පොඩි සෙන්නගේ පින්තුරේ දැම්මේ පොඩි සෙන්නගෙන් අහලද? මුලින් ලොකු සෙන්නගේ එකක් දාලා හිටියොත් නරකද? :)
ReplyDeleteස්තූතියි සයුරි මිස්... පොඩි සෙන්නගෙ අවසරයනම් ගත්තෙ නෑ.. තාම ඉතින් ඒ අවසරය අපේ යටතෙමනෙ තියෙන්නෙ...
Deleteලොකු සෙන්නගෙ පින්තූරෙ නොදාන හේතුව අන්න බුද්ධිට කියලා තියනවා... හෙහ් හෙහ්...
@ සයුරි,
Deleteඅපිටත් සයුරි කියලා හැමදාම ජපන් කෙල්ලෙක්ගෙ මූණ බලන්න බෑ අයියෝ..
ethakota ha ha harii muna pennanne nadda? :p
Deleteමොකද කියන්නෙ ? කට්ටියම ඇත්ත මූණු දාමුද ?
Deletekattiyama payakata withara muunu tika dammanam hari :D
Deleteහරිම ශෝක් සෙන්නා :)
ReplyDeleteහරිම ලස්සනයි පුංචි සෙන්න පැටියගෙ චිට්‍ර. අර කුකුල් චිත්‍රෙ නං හරිම සම්භාව්යයි :D
මට නං හොඳ්ම එක ඒක. හී හී :D
පොඩි සෙන්නාට සුභම සුභ අනාගතයක්!!!! :)
ස්තූතියි සමී..
Deleteපුංචි අයගෙ ලෝකය කොයිතරම් සරලද සුන්දරද.. පුංචිකාලෙට ගියා.. අපේ ගෙදර බිත්තියක ඒ කාලෙ උසේ හැටියට මං ඉරපායනවා ඇඳලා තිබ්බා..
ReplyDelete13 වෙනි චිත්‍රයනම් මට මතක හැටියට දිය සායම් වගේ එක පැත්තකට දාලා පිටුව නමලා ආයෙ දිග අරින්න කියනවා.
පුංචි සිත්තරාට සුබම සුබ අනාගතයක්..!!!
ගොඩාක් ස්තූතියි නන්ඳු
Deleteම්..සිත්තර ටික නම් අපූරුයි..
ReplyDeleteවිදෙස් සිත්තරා විශ්‍රාම ගිය නිසා පොඩි සෙන්නට පුළුවන් වේවි වගේ ඒ තැන ගන්න..
සුභ පැතුම් සිත්තරාට..
ස්තූතියි රූ... විදෙස් සිත්තරා එහෙම ගියාද ?
Deleteමොනවා කියන්නද බං ලෙසටම තියෙනවා. පොඩි සෙන්නට සුභ අනාගතයක්. මුල පින්තූරේ දකින කොටම මට හිතුනා කතන්දරේ මෙයාගේ වෙන්න ඇති කියලා.
ReplyDeleteස්තූතියි සරා
Deleteමරු චිත්‍ර ටිකනේ.අර විසිහය වෙනි චිත්‍රෙට තමයි මගෙ නම් වැඩිපුරම හිත ගියේ.මල්ලි පැටියට වාසනාවන්ත අනාගතයකට සුබ පතනවා.
ReplyDeleteස්තූතියි Rain girl...
Deleteපුතා කවදා හරි අප්පච්චිට වඩා හපනෙක් වෙනවා.
ReplyDeleteදාර්ශනිකයෙක් වෙන බවට ලකුනු හැම චිත්‍රයකින්ම පේනවා...
පොඩි සෙන්නා මාර කියුට් නේද? :-)
හැම අප්පච්චියෙක්ගෙම සිහිනය ඒක තමා නේද පොඩ්ඩි ? මගේ වෑයම හොඳ මිනිසෙක් කරන්නයි..
Deleteසිත්තරා කියනවා කියුට් කිව්වට, තැක්කූ කියලා. :-)
ඒ දකිද්දිත් ආසයි බන්..අපිත් පොඩි කාලේ ඔහොම අඳින්ඩ ඇති මතක නැති උනාට.
ReplyDeleteඅල්ල භාවිතයෙන් ඇඳපු කුරුල්ලෙක් හිතට ඇල්ලුව.ඌ හොඳ විදියකට අල්ල පාවිච්චි කරලා තියෙනවා
පොඩි එකාට සුබ අනාගතයක් කියලා ගැටයා මාමා කිවුවාය කියපන්
පොඩි කාලෙ නෙමේ බන් මම තාමත් අඳින්නෙ ඔහොම තමා.. ( කාටවත් කියන්න එපා.. :-) )
Deleteගැටයා මාමට ස්තූතියි..
හම්මියෝ සෙල්ලං නෑ පොඩි එව්වෝ එක්ක කතා කරද්දිත් අහන ප්‍රස්න වලට වැඩිහිටියෝ කොරවෙන කොරවිල්ලට මේ චිත්‍ර ටික මදෑ මොලේ වයර් ටික සෝට් කරවන්න...
ReplyDeleteයටින් තියෙන මාතෘකාව කියෙව්වේ නැත්තං මේ එකක්වත් හිතාගන්න සෑහෙන්න අමාරුවෙන්න තිබ්බා(චිත්‍රය ඇතුලෙත් නම ගහලා නොතිබුනානම්)
27 වෙනි චිත්‍රය නම් මම හිතන්නේ අනිවාර්යෙන්ම මී හරකෙක්මයි කියලා... මොකද පොඩි එව්වන්ට දකින්න වල් ඌරෝ නෑනේ වැඩිය...
සුන්දර ලෝකයක් තමා ලමා ලෝකය කියන්නේ ඒ කාලේ ලමයි හිතන පතන දේවල් කොහොම හරි මතකේ තියාගන්න තිබ්බනං ලොකු වුනාම කියතෑකිනේ ඉස්සර මෙහෙමයි දැන් මෙහෙමයි කියලා... මං නං මගේ චිත්‍ර පොත හැටියට පාවිච්චි කලේ ගෙදර බිත්ති ටික.. සෙල්ලං කාරෙකක් හම්බුනත් ඒකේ ටයර් වල පාට ගාලා කොහොම හරි බිත්තියෙ ටයර් පාර තියන්න මම ට්‍රයි කරලා තියෙනවලු... උසේ මට්ටමට බිත්තියේ චිත්‍ර ඇඳපු මං පල්ලෙහා ඇඳලා ඇති වුනාම පුටුවක් තියලා තවත් උඩට අඳින්න ගිහිල්ලා හොම්බත් තලාගත්තලු... ඒ වෙලාවේ දාපු පැච් එක තාමත් කටේ තියෙනවනේ ඕං ඒ වැටෙන හැටිනම් මතකයි... අම්මා ළඟට ඇවිත් ඇහුවේ
//ඊළඟ පාරවත් අම්මා කියන එක අහලා එපා කියන වැඩ කරන්නැතිව ඉන්නවද// කියලා හිහි
ඒත් ඉතිං එපා කියන වැඩමනේ කොරන්න ආසා හිතෙන්නේ
සුභ නව වසරක් වේවා අයියන්ඩි...
Deleteගැමියා, ඒ කාලෙනම් ඉස්තරම් තමා.. ඒවා මතක තියනවනම් තවත් ඉස්තරම්.. ගැමියත් පොඩි කාලෙ හොඳ හොඳ අඩවු අල්ලලා තියනවා කියලා තමා මේ කමෙන්ට් එක දැක්කම මට හිතුනෙ.
Deleteසුබ අළුත් අවුරුද්ද වේවා ගැමියා මලේ !!!
චිත්‍ර ටික දකිද්දීම මන් හිතුවා . කොලු පුන්චෙක් ගේ කියල ...
ReplyDeleteඩයිනොසර්ලා ...රොබෝලා අඳින්නේ කොල්ලෝ . හරිම හුරතල් පුතෙක් . පුතාට ජය
ස්තූතියි බින්දි... හැබෑටම කෙලි පැංචො මොනවද අදින්නෙ ඈ.. ?
Deleteචිත්‍ර ගැන විශ්ලේෂණය කරන්න නොයන්නෙ අනිත් යාලුවො ඒක නියමෙට කරලා තියෙන නිසා. නමුත් හැමට් පොඩි එකෙක්ම ඉපදෙනකොට චිත්‍රශිල්පියෙක්, පිහිණුම් කරුවෙක්. ඒ හැකියාවල් විනාශ කරන්නෙ වැඩිහිටියෝ.
ReplyDeleteචූටි පැටියාට සුභ අනාගතයක්.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඔබ හරි ඩූඩ්.. හුඟක් වැඩිහිටියො ළමයින්ගෙ සැබෑ දක්ෂතා හඳුනා නොගෙන, තමන්ට ඕනා දේවල් ළමයි ලවා කරව ගන්න ගිහින් ඒ ළමයින්ගෙ හැකියාවල් විනාශ කරලා දානවා..
Deleteසුබ පැතුමට ස්තූතියි ඩූඩ්..
කොල්ලා නම් පට්ට දක්ෂයෙක් . . .
ReplyDeleteඅනාගතේ දී හොඳ නිර්මාණශීලී දරුවෙක් වෙන ලකුනු හොඳින්ම පේනවා . .
සුභ අනාගතයක් පුතේ . . (අර ලොකු මාමගේ එක නෙමේ හැබෑ එක)
දුකා මාමව දෑත් එකතු කරලා ආයුබොවන් කියලා කුරුන්දට පිළිගන්නවා..
Deleteස්තූතියි සිත්තරාට සැබෑ එකෙන් සුබ අනාගතයක් පැතුවට !!
සෙන්නා, උඹට මගේ ගෙදර උන්දෑ හදන සපත්තු වල ගිෆ්ට් වවුචර් එකක් හම්බ උනා නේද?
Deleteමොකෝ ඒක රිඩීම් කරන්නේ නැතිය? :D
ඒ මොකක්ද බන් ඒ ? උඹේ ගෙදර උන්දෑ හදන් සපත්තු ? ගිෆ්ට් වවුචර් ? ඔන්න උඹ මාව කරකෝලා අතෑරියා...
DeleteVirooz ආයතනය වෙත,
Deleteදෙසැම්බර් මාසයේ 27 වනදා දී සහතික බෙදා දීම පවත්වයි...
එබැවින් 20 වනදාට පෙර ඔබේ ත්‍යාග අපට ලැබීමට සලස්වන්නේ නම් එය අපගේ කාර්යයන් සඳහා පහසුවක් වේ...
කාංචනා අමිලානි කරුණාමුනි ලියන - හිතනලන්තය
ගැමියාගේ පත් ඉරුව ලියන - ගැමියාගේ පත් ඉරුව
ඇල්කෙමියා ලියන - ඇල්කෙමියාගේ දිනපොත
කාලිදාසගේ සුපුන් සුදාරක ලියන - සුදාරකගේ අන්තර්ජාල සටහන
සෙන්නා ලියන - කුරුන්ද
රත්ගමයා ලියන - රත්ගමයා
The Modern Patriot ලියන - Modern Patriot
ඒ ජී යසිරු උදාන රත්සර ලියන - හෙළයේ ඉතිහාසය
කෝච්චියා ලියන - අඟුරුකකා වතුර බිබි
නම් ලැයිස්තුව ඉහත දක්වා ඇත
ස්තුතයි!
මෙයට
බ්ලොග් සම්මාන සංවිධායක මණ්ඩලය
මේ අපිට ආපු ඊමේල් එක
අපි මේ උත්සවය ස්පෝන්සර් කලානේ ජයග්‍රාහීන්ට ගිෆ්ට් වවුචර් 10ක් දීලා . .උඹේ නමත් ලිස්ට් එකේ තිබේ ඒකයි ඇහුවේ
ඔහෝ.. දනුයි තේරුනේ...
Deleteඅනේ මට ඒකට යන්න හම්බුනේ නෑ මචන්.. ලිපිනය ඉල්ලගත්තා..පස්සෙ එවයි.
ස්තූතියි ආ අපිට තෑගි දුන්නට.. :-)
හෙ හේ එල එල
Deleteඔය 13 වෙනි චිත්‍රයේ විදියෙ ඒවා මාත් ඉස්සර කරනවා. පොඩි කාලේ. ඒ කිව්වෙ සා.පේ කරල ගෙදර ඉන්න කාලේ වගේ.. හික් හික්.. කොල්ලගේ නිර්මාණශීලි කම නැති වෙන විදියේ නීතී රීති සදාචාර වැඩිය ඔලුවට දාන්නේ නැතුව නිදහසේ හැදෙන්න ඉඩ දුන්නොත් අනාගතේ සිරා පොරක් වෙයි. ගෙයි බිත්ති පුරාම චිත්‍ර අඳින්න දුන්නත් කමක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ..
ReplyDeleteස්තූතිය් පැතුම්.. බිත්තිනම් දැනටම ඉවරයි...
Deleteපොඩි සෙන්නගෙ වැඩ නම් මරු. හැකිනම් පොඩි එකාගෙන් අහලා පින්තුරෙ විස්තරයක් දාන්න. පොඩි එකා ලෝකෙ දැක්ක හැටි ලස්සනට විස්තර කරයි. ඇත්ත්ටම මේක පොඩි පොස්ටුවක් නෙමෙයි හරිම හරි දිග එකක්
ReplyDeleteස්තූතිය් ලොකු ජෝන්.. බලමු එහෙම අහලා දාන්න පුලුවන්ද කියලා... සමහර ඒවා එයාටත් දැන් මතක නැතිව ඇති..
Deleteපොඩි කොල්ලා එසේ මෙසේ එකෙක් නෙමෙයි ජෝන්! ටුවෙල් ටෙන් ලොරිය තනි අතින් උස්සනවා... හෙහ් හේ..... ඉවසලා ඉන්ඩ පොටෝ එකක් දාන්නම් සාක්කි හැටියට......
Delete:D
Deleteඅඩේ ... බුද්ධි දැක්ක කල්. මේකා කොහේ ගිහිල්ලද මන්ද, චිත්තරයක් ඇඳන් ජොලියෙ ඉන්නෙ නැතුව.
Deleteඩීඩීටී, ලැපේ පවර් ඇඩප්ටරෙයි, චාජරෙයි දෙකම පිච්චිලා හදාගන්න කල් එහෙම් මෙහෙන් තමා
Deleteසෙන්නෝ, ඔය කමෙන්ට් කොට කොට ඇවිදින්නෙ මේකෙත් මොකවත් කෙටුවොත් නරකෙයි.
ReplyDeleteකොටනවා බොල.. පොඩ්ඩක් ඉවසලා හිටහන්...බුරහස්පතින්දා දිහාට එකක් දාන්න කියලා දිව හපගන කොටනවා මේ දවස් වල..
Delete