2012 උඳුවප් මස 03 වනදා
-----------------------------------------------------------
ආයුබෝවන් !!!
උඳුවප් 03, 2011
අද තුන.
තුන් වෙනිදා කියන්නෙ, අපේ ජීවිත වල විශේෂ සිදුවීම් වෙච්ච දවසක්. ඒ අතරිනුත් උඳුවප් තුන විශේෂයි, මොකද අද අපේ විවාහ සංවත්සරය. හය.
ඉතින් ඒ විශේෂ දවසෙම, මට හිතුනා මගේ බ්ලොග් එකත් පටන් ගත්තොත් හොඳයි, කියලා. මේක තමයි, මෙදා සැරේ බිරිඳට ලැබෙන තෑග්ග. හොඳයි නේද.
පටන් ගත්තේ නම්, හැමෝම කරනවා දැකලා මිසක්, කිසිම අරමුණක් ඇතුව නෙමේ. සමහර විට මේකත් තවත් එක FM නාලිකාවක් වගේ වෙන්ඩ පුළුවන්.
දැනට අදහසක් නැහැ අඩු ගානෙ මොනවගේ දේවල්ද ලිවිය යුත්තේවත් කියලා.....
බලමු,
------------------------------------------------------------------------------------
කුරුන්දත් එක්ක මුල ඉඳලම හිටපු අයටනම් ඔය උඩ තියන අකුරු ටිකේ අමුත්තක් නැතුව ඇති. අනිත් අයත් සමහරු සමහර විට ඕක කියවලා ඇති කියලා හිතනවා. ඕක තමා කුරුන්දෙ ආරම්භක සටහන. ඔය සටහන තියද්දිනම් මෙච්චර දුර එන්න, අඩුම ගානෙ අව්රුද්දක් දුර එන්නවත් පුළුවන් වෙයි කියන අදහසක්වත් තිබුණෙ නෑ. ඇත්තම කිව්වොත් කොච්චර දුර යන්න පුළුවන් වෙයිද කියලා මම හිතුවෙ නෑ. ඕනැම දෙයක් සාර්ථක වෙන්නනම් පටන් ගන්න ඕනා කියලා තදින්ම විශ්වාස කරන මම කරපු තවත් ඒ ජාතියෙ පටන් ගැනීමක් තමා මේ. විවාහයෙ හත්වෙනි සංවත්සරය බ්ලොග් එකේ පළමු සංවත්සරය වුණේ ඔහොම තමා.
ඕක ලියලා දවසක් වගේ යනකොට කමෙන්ට් එකක් ලබන්න තරම් මම වාසනාවන්ත වුණා කිව්වොත් නිවැරදියි. ඒ හසිතගෙන්. හසිත කොහොම හොයා ගත්තද කියන එකනම් මට අදටත් ගැටලුවක්. මොකද ඒ වෙනකොට මම සින්ඩි ගැන එහෙම අහලවත් තිබුණෙ නෑ.
ඊට පස්සෙ බ්ලොග් ලෝකයේ නිහතමානී දැවැන්තයා, සඳරුගෙන් කමෙන්ට් එකක් වැටෙනවා කියන්නෙ අලුතෙන්ම බ්ලොග් එකක් පටන් ගත්තු එකෙක්ට ඉහේ මලක් පිපෙන වැඩක් නොවේද ?
සෙන්නාගේ බ්ලොග් ආගමනය:
සෙන්නා කියන්නෙ 2011 මැදක් විතර වෙනකම්ම ඔය එක එක ගොසිප් සයිට් වල රස්තියාදු වෙවී හිටපු එකෙක්. ඒ දවස් වල බ්ලොග් කියලා දෙයක් තියනවද කියලවත් දන්නෙ නෑ. යාන්තම් වගේ අහලා තිබුණත් මොන වගේ ජාතියක්ද කියලා අවබෝධයක්වත් තිබුණෙ නෑ.
දවසක්.. ඒ කියන්නෙ 2011 ජූනි හරි, ජූලි හරි වෙන්න ඕනා හරියට මතක නෑ, අහම්බෙන් වගේ සත්සමුදුර ලියන දිනේෂ් දීපාල් ලංකා සී නිව්ස් එකේ දාලා තිබුණ ලින්ක් එකක ක්ලික් කෙරුවා. අන්න එදා තමයි මුලින්ම සෙන්නා බ්ලොග් ලෝකෙට කඩන් පාත් වුණේ. අනේ ඒත් ඉතින් තාම දන්නෙ නෑ මොකක්ද මේ කියලා. මම හිතන් හිටියෙ සත් සමුදුර කියන්නෙත් තවත් වෙබ් සයිට් එකක්ම තමා කියලා. හැබැයි සත් සමුදුරේ අන්තර්ගතය මාව ඒක්ශනයෙන් ඇද බැද ගත්තා. දෙපාරක් නොහිතාම බුක් මාක් කරගත්තා.
" මචන් මරු වෙබ් සයිට් එකක් තියනවා සත් සමුදුර කියලා, පොඩ්ඩක් ගිහින් බලපන් " කියලා කාමරේ අල්ලපු ඇඳේ හිටපු සගයටත් කියන්න තරම් මම ඒකට ආශක්ත වුණා. මම විතරක් නෙමේ ඊට පස්සෙ ඌත් ඒක දිගටම කියෙව්වා.
ඔන්න ඉතින් දැන් දෙයියනේ කියලා සත් සමුදුර කියෝගන ඉන්නවා. කමෙන්ට් එහෙමත් දානවා. වැඩේ නැගලා යනවා. ඔහොම ටික දවසක් ගියාම තමා මට තේරුණෙ " යකෝ මේකෙ අනිත් කමෙන්ට් කරන උන්ගෙ නම හරි අමුතුයිනෙ ! උන්ගෙ නමේ ක්ලික් කරන්නත් පුළුවන්නෙ !, උන්ට පින්තූරත් තියනවනෙ ! " කියලා. ඇයි මගෙ නමේ ක්ලික් කරන්න බැරි කියන එක මට හරි ගැටලුවක්. හඃ බලමුකො කියලා දවසක් නිකමට වගේ ක්ලික් කළා වෙන කමෙන්ට් එකක් දාපු කෙනෙක්ගෙ නමක. ඒ තමයි "බින්දි" කියලා නෙළුම් මලක රූපයක් එහෙම දාගන හිටපු කෙනා.
හම්මට සිරි මෙන්න ආවෙ නැද්ද වෙබ් සයිට් ලයිස්තුවක්ම. මම හිතුවෙ මේ ඔක්කොම එයා ලියන ඒවා කියලා. ඔන්න ඔතනදි තමා මට තේරුණෙ බ්ලොග් කියලා අමුතුම ජාතියක් තියනවාය, ඒක අමුතුම ලෝකයක්ය කියන එක. ටිකක් වෙලා බින්දිගෙ ප්‍රොෆයිල් එක ස්ටඩි කළාම මට තේරුණා මේ ඔක්කොම මෙයා ලියන ඒවා නෙමේ, මෙයා ලියන්නෙ My Blogs කියලා තියන ටික විතරයි කියලා. නෙළුම් විලට ගොඩ වුණේ ඔහොම තමා. බින්දි ලියන විදිහට සහ ඒකෙ ගිය අපූරු සංවාද හින්දා ඒකත් මට නැගලා ගිය බ්ලොග් සයිට් එකක් වුණා. සිං ගාලා ඇඩ් කළා බුක් මාක් එකට.
දැන් සෙන්නා බ්ලොග් සයිට් දෙකක් කියවන පොරක්. කාලයක්ම ඔය සයිට් දෙක විතරක්ම කියෙව්වා. ඔහොම ඉන්න අතරෙ මටත් හිතුණා මාත් හදා ගන්න ඕනා කියලා ප්‍රොෆයිල් එකක්.. රූපයක් එහෙම දාලා. සත් සමුදුරයි, නෙළුම් විලයි දෙකම බ්ලොගර් කියලා එකකින් තිබුණ හින්දා බ්ලොගර් කියලා ගූගල් කළා. ආපු රිසල්ට් එකේ උඩින්ම තියනවා Blogger: Create your free Blog කියලා. ඔන්න ඒකෙ ක්ලික් කළාම තව පියවරක් වැටහුණා. ඒ කියන්නෙ මේ බ්ලොගර් කියන්නෙ කාලෙක ඉඳන් දන්න කියන ගූගල් කට්ටියෙ එක්කෙනෙක් කියන එක. දෙපාරක් හිතන්නැතුවම තිබුණ G-mail අකවුන්ට් එකෙන් Log-IN වුණා. එතනින් ගිහින් ප්‍රොෆයිල් එක ක්‍රියේට් කරගත්තා.
ඔය 2011 අගෝස්තු විතර. දැන් නිකන් මාත් මොනවා හරි ලියන්න ඕනා අදහස ලාවට හිතේ වැඩ කරමින් තිබුනෙ. බ්ලොග් එකට මුල් ගල තියන්නෙ ඔය කාලෙ තමා. ටෙස්ට් පෝස්ට් දෙක තුනක් එහෙම දාලා, ඒ එක්කම ඒවා මකලා දැම්මා. කවුරුත් දැක්කොත් විනාශයි, ලැජ්ජාවෙ පණ යනවා කියලා හිතලා.
ඔහොම ඉන්නකොට තමා අහම්බෙන් දවසක් සඳරුගෙ "හිස් අහස"ට ගොඩ වෙන්න හම්බුනෙ. ඒ නෙළුම් විල හරහා. අන්න මිනිහා. උගෙ ලිවිල්ල තමා ලිවිල්ල. එක දැකපු මට අර අළු යට ගිනි වගේ තිබුණ ආශාව ඩිං ගාලා ආයෙ උඩට ආව. "මටත් බැරි වෙයිද මොනවා හරි ලියන්න ? " කාමරේ සගයා සුගතුත් ඒකට පොඩි තල්ලුවක් දුන්නා.
ඕනම දෙයක් හරියන්න හරි, වරදින්න හරි පටන් ගන්න ඕනා කියලා තදින්ම විශ්වාස කරන මම, ඕන මගුලක් කියලා අපිට සුබ දවසක් වෙච්ච තුන් වෙනිදා ඔන්න ඔය උඩින් තියන පෝස්ට් එක දාලා වැඩේට බැස්සා.
හසිතගෙයි, සඳරුගෙයි ආගමනයෙන් පස්සෙ ටික ටික කට්ටිය එන්න පටන් ගත්තා. සම්මානි, සිත් රූ සිහින, අසරණයා, මියුරු, සෑමා, සයුරි, ගැමියා, මණ්ඩිපාල, ඩීන් අයියා, හරී, බණ්ඩාර, ඔබා මාමා, චතුරංග, මඩිස්සලේ නිශාන්, වර්ණා, ශානි නොහොත් අනූ, පුංචි කුමාරිහාමි වගේ අය කුරුන්ද මුල් අවදියේ ඉඳන් සෑහෙන සහයෝගයක් දීපු අය. පෝස්ට් එකක් දැම්මොත් අනිවාර්යයෙන් ඇවිත් මොනවා හරි කියලා දිරි ගන්වලා යන්ඩ ඒ ගොල්ලො අමතක කළේ නෑ. මට මතකයි ඩීන් අයියා එහෙම එයාගෙ බ්ලොග් එකේ " අලුතින් හඳුනා ගත් බ්ලොග්, අත දෙමු කියලා කුරුන්දත් දාලා තිබුණා. අසරණයා තමා මට මතක විදිහට සින්ඩි ගැන එහෙම කියලා දුන්නෙ.
"මචන් උබේ අහවල් පෝස්ට් එක බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙල නෑ."
" බ්ලොග් වල පොඩි අවුලක් තියනවා බැකප් අරන් තියාගනින්"
වගේ මේල් කීයක් අසරණය මට එවලා ඇත්ද කියලා මට මතක නෑ. එච්චරට ඌ මට උදව් කරලා තියනවා බ්ලොග් ලොකයේ තැනක් හදා ගන්න.
ඊට පස්සෙ සුමිත් නිරිඇල්ල, විචාරක මහතා, DDT, වින්චැට් කිරිල්ලී, වීයා, අටමා, A.WICKZ, තරියා, චමී, සිරා, සරා, ක්සැන්ඩර්, සරත් ලංකාප්‍රිය, දිනේෂ් දීපාල් වගේ අයත් ඔය ගොඩටම එකතු වෙනවා.
2012 මාර්තු මාසෙ, දුන්නකුයි, ඊතලේකුයි මානගත්තු හරි අපූරු පුද්ගලයෙක් ගොඩ වෙනවා කුරුන්දට. ඒ තමයි අර කෙහෙල් කොටුවෙ චූටි මහත්තයා කියන උන්නැහැ. මෙයා ගැන විශේෂයෙන් සඳහන් කරන්ඩම වෙන එක වලක්වන්ඩම බෑ. අද කුරුන්ද යම් තැනක තියනවද, ඒකට මුන්නැහැ සෑහෙන වග කියන්න ඕනා.
දැකලා නැති අය මේක එහෙම ගිහින් බලන්නකො. මම මේක සලකන්නෙ මට බ්ලොග් කරණයෙන් හම්බෙච්ච සම්මානයක් හැටියට.
බුද්ධිගෙ ආගමනයෙන් පස්සෙ රොත්තක්ම කුරුන්දට එකතු වෙනවා. නම් වශයෙන් කිව්වොත් රූ, බුරතිනෝ, බින්දි, ඉෂාර, ඩූඩ්, පොඩි කුමාරිහාමි, මුහුදු, වෙනි අයියා වගේ අය මට මතක විදිහට කුරුන්ද හඳුනා ගන්නෙ බුද්ධි හින්දා.
මුන්නැහැ පස්සෙ දවසක, කුරුන්ද දරට කපලා ගාමන්ට් එකක් ගහනවා කියපු එක වෙනම කතාවක් හෙහ් හෙහ් :-) :-)
ඔයිට අමතරව ඉඳලා හිටලා තම තමන්ට රුචි ලිපි පල වුණාම ඇවිල්ලා ගිය අයත් හිටියා.
ඉතින් මේ ඔක්කොම කිව්වෙ මේ හැමෝටම මේ ගමන එන්න උදව් කළාට හදවතින්ම ස්තූති කරන්න.
වසරක් ඇතුළත කුරුන්ද ඇවිත් තියෙන්නෙ බොහොම මන්දගාමී ගමනක්. ලිපි 20 යි ( ආරම්භක සටහන හා ඔබා මාමා වෙනුවෙන් ලියවුණ සටහනත් ඇතුළත්ව ) මේ වසර ඇතුළතම මට ලියන්න හම්බෙලා තියෙන්නෙ. හිට්ස් 18300 ගාණක්. මම බොහොම දුර්වල බ්ලොග් කරුවෙක් නොවෙද ?
එහෙනම් හැමෝටම නැවතත් හදවතින්ම ස්තූති කරමින් වර්ෂ පූර්ණ සටහන මෙහෙම නවත්වන්නම්. කාගෙ හරි නමක් මග හැරිලනම් සමාවෙන්න ඕනා. බොහොම පරික්ෂාවෙන් එකින් එක බලමින් තමා නම් ටික සටහන් කෙරුවෙ. ඒත් ඉතින් වරදින්න පුළුවන්නෙ.
අවසාන වශයෙන්, මේ දක්වා කුරුන්දෙහි පළවුණ ලිපි වලින් තමන් වැඩියෙන්ම කැමති ලිපිය මොකක්ද සහ කුරුන්දෙහි ඉදිරි දිශානතිය මොන වගේ වෙන්ඩ ඕනද කියලා පොඩි ඉඟියක් දීලා ගියොත් ගොඩක් වටිනවා.
එහෙනම් හැමෝටම ජය !!!
සත් වසරක් දිවි මගෙහි දුක සැප බෙදා ගත් බිරිඳ, නිදර්ශාට.
~~ සෙන්නා / 03.12.2012
සෙන්නා මචන් සුභ ඇනිවර්සරියක් වේවා !!!
ReplyDeleteඋඹේ කුරුන්දට ආවට අද තමා මුලින්ම කොමෙන්ටුවක් කොටන්නේ මතක හැටියට.
ලියන්න ඉන්න ඔක්කොම හැලි හැලි යනකොට ඔය තරමෙන්වත් පොස්ටුවක් දාන එකට ස්තුතියි මචන්.
ස්තූතියි ශානක. හැබෑටම උඹ කලින් ඇවිත් තියනවද ? කමෙන්ට් නොදාපු නිසා ඉතින් දන්නෙ නෑනෙ බන්. කමෙන්ට් නොදැම්මත් අවුලක් නෑ බන්.. ඇවිල්ලා කියවලා පලයන්.. කියවන්ඩනෙ ලියන්නෙ..
Deleteඅවුරුද්දේ සැමරුමට සුභ පැතුම් සෙන්නා අයියේ..
ReplyDeleteම්ම මේ පැත්තට ආපු කාලය නම් මතක නෑ.. ඒත් ගොඩක් ලිපි කියවලා තියෙනවා.. හැම එකටම කමෙන්ට් නැතත්.. අනාගතයට සුභ පැතුම් අයියේ..
අන්න මට දිනේශ් මල්ලිව මග ඇරිලා. සමාවෙන්න.
Deleteසුබ පැතුමට ස්තූතියි මල්ලී.
සම කාලින බ්ලොග් හිතවතා මචං උඹට මගෙන් උණුසුම් සුභ පැතුම්. බ්ලොගේ උපන්දිනයට සහ දෙන්නගෙම විවාහ සංවසරයක්.
ReplyDeleteමේ කුරුන්දෙන් ගත්තු දැනුම කොමෙන්ට් එකකින් විස්තර කරන්න බැහැ.මොකද ගවේෂණශීලි ලිපි තමා ගොඩාක් තියෙන්නේ.නිකම් ආවට ගියාට දාන්න පුළුවන් පොස්ට් නෙවෙයි.ඒ කැප කිරීම ගොඩාක් අගය කරනවා. මේකේ මම අකමැතිම පොස්ට් එකක් කියන්න එහෙමත් එකක් නැහැ. එත් පෞද්ගලිකව මම හිතනවා TITANIC එක ලියන්න වුන මහන්සිය වෙනත් දෙයකට යෙදවුවානම් හොඳයි කියලා.එත් ඒ පොස්ට් එකෙන් ගොඩාක් දෙනෙක් ප්‍රයෝජනය ගන්න ඇති කියලත් හිතනවා. තව මුල් කාලේ තිබුන පොස්ට් එකක් "මිනිස් ගතිය සහ දේව ගතිය" කියන පොස්ට් එකේ මාර මානුෂිය ගතියක් තියෙනවා.
උඹ බ්ලොග් ගැන දැනගත්තු විදිය ලියපු ක්‍රමේ මාර අමුතු කිතියක් තියෙනවා.
එහෙනම් තවත් මේ වගේ රස දැනුම් සාගරයක් බලාපොරොත්තුවෙනවා.
ජයෙන් ජය
ස්තූතියි අසර්.. උඹ ඉතින් එදා ඉඳලම බොක්කෙන්ම සපොර්ට් එක දීපු එකෙක්නෙ. උඹලා නොහිටින්න මම මේ කෙරුවාව නවත්තලා ගොඩක් කල්..
Deleteහැමදේකටම ස්තූතියි මචන්..
වර්ෂ පූර්ණයට සුභ පැතුම් සෙන්නා... නිතර නොදැක්කට මමත් මේක මුල ඉඳලම කියවලා තියෙනවා..මට මුලින්ම මේක කියවන්න සෙට් උනේ අර සේපාල ඒකනායකගේ කතාවෙන්ද කොහේද..? එයින් පස්සේ අර ගුවන්යානයක් කඩා වැටිලා කට්ටිය බේරෙන සීන් කෝන් එක ගැනත් බොහෝම කැමැත්තෙන් කියෙව්වා... පස්සේ බ්ලොග් එකේ මුල ඉඳන් අගටමත් කියවලා දැම්මා... කමෙන්ට් කලා නොකලා ඉස්සරහටත් එහෙමම තමා...
ReplyDeleteඔහොම යං...
ඔන්න්න බලහන් මාරයෝ මම හිතුවෙ උඹ එදා බුද්ධිගෙන් පාර අහගන ඇවිල්ලා ගියාට පස්සෙ මොන විකාර බ්ලොග් එකක්ද කියලා එපාම වෙලා යන්න ඇති කියලා. ඒකට තවත් හේතුවක් වුනේ මම දැක්කා උඹ දෙතුන් පලකම දාලා තිබුනා උඹ වැඩියෙන් කියවන්න කැමති එදිනෙදා ජීවන සිද්දි අලලා ලියවෙන ඒවා කියලා.. මම හිතුවා මේවා කියවන්න කැමතිම නැතුව ඇති කියලා.. මේ කියනකම් මම හිතන් හිටියෙ එදායින් පස්සෙ පස් පාගන්න නැතුව ඇති කියලා.
Deleteබ්ලොග් ලෝකයේ ජේෂ්ඨයෙක් වෙච්ච උඹ මගේ බ්ලොග් එක කියවනවා කියල අහන්ඩ ලැබෙන එකත් කොච්චර ලොකු දෙයක්ද.. අද ඉඳල මම දන්නවා මාරයා මේ පැත්තටත් ඇහැගහගන ඉන්නෙ කියලා :-)
ස්තූතියි හැම දේකටම. මෙහෙමම යමි.
සෙන්නා මම උබට හදවතින්ම සුභ පතනවා !! විවාහ සංවත්සරේට වගේම බ්ලොග් සංවත්සරෙටත්..
ReplyDeleteඋබේ බ්ලොග් එකේ මම දකින වැදගත්ම දෙ නම් උබ ලියන හැම පොස්ට් එකකම වගේ අද්යාපනික වටිනාකමක් කැටි වෙලා තියෙනවා මම නොදන්නා කරුණු රාශියක් මම උබේ පොස්ට් ටිකකින් ඉගෙන ගෙන තියෙනවා වගේම දැනුවත් වෙලා තියෙනවා ඒකයි කුරුන්ද විශේෂ බ්ලොග් එකක් වෙන්නේ...
තව දීර්ග කාලයක් වටිනා කියන ලිපි වලින් බ්ලොග් ලෝකය බබලවන්න වාසනා මහිමය ලැබේවායි පතමී!!!
ස්තූතියි චමියා.. උඹත් ඉතින් හඳුන ගත්තු දා ඉඳලා පුලුවන් හැම වෙලේකම ඇවිල්ලා තල්ලුවක් දීලා ගිය එකෙක් තමා.
Deleteඇගයීමට ස්තූතියි මචන්..
අයියගේ විවාහ සංවත්සරයට සුබ පැතුම්. ඒ වගේම බ්ලොගයේ උපන්දිනයටත් සුභ පැතුම්. මරු ලිපි තියෙන, ෆට්ට බ්ලොග් එකක්.
ReplyDeleteස්තූතියි මලේ.. මොකෝ නම මාරු කරලා ?
Deleteබිරිඳට මාර තෑග්ගක්නේ දීලා තියෙන්නේ.. හි හි.. අනිත් කට්ටිය නම් නහයෙන් අඬනවා කොයි වෙලාවෙ බැලුවත් කොමිපියුටරේ අස්සේ ඔලුව ඔබාගෙන කියලා.. ඒ අතින් ඔයාගේ බිරිඳට සම්මානයක් දෙන්න වටිනවා...
ReplyDeleteඑහෙනං විවාහ සංවත්සරයටයි බිලොග් වර්ෂ පූර්ණයටයි මගෙනුත් සුබ පැතුම්....
ස්තූතියි හිරූ...
Deleteඅපෝ මේකෙම එල්ලිලා හිටියොත් චුරු චුරුව පටන් ගන්නවා...ඕනැම දෙයක් ඕනෑවට වඩා ඕනැම නැහැල්ලුනෙ..
ආ .... සෙන්නත් දැනක් ලොකු ළමයෙක් නේද? සුබ පැතුම් යාළුවා, විවාහ සමවත්සරයට ඔන්න මුලින්ම සුබ පතනව, ඊට පස්සෙ ඉතිං බ්ලොගේ සංවත්සරයට සුබ පැතුම්.
ReplyDeleteසෙන්නා ලියපු ඒවයින් මගේ විශේෂ කැමැත්තක් තියෙන්නෙ යූරි ගගාරින් ගැන ලියපු ලිපියටයි, ටයිටැනික් ගැන ලියපු ලිපියටයි. අනෙක් මාතෘකාවල හැටියට වෙනසක් තිබුණ නිසාද කොහෙද ‘සැවුලෙකුගේ විලාපය‘ ටත් මම කැමතියි, අතරින්පතර ඒ වගේ ඒවත් ලියනවනම් හොඳයි කියල හිතෙනව, ඔය කෙටි කතාවක් වගේ එකකුත් ලියල දැම්මනම් නරකද? කොහොම හරි බ්ලොගේ වෙන්න ඕන වෙනස්කම් ගැන කිව්වොත් නම් වෙන්න ඕන ලොකුම දේ ටිකක් වැඩිපුර ලියන්න කියන එක තමයි.
ස්තූතියි උඹත් හැමදාම ඇවිල්ලා සහයෝගය දීලා ගිය එකානෙ. කෙටි කතානම් ලියන්ඩ ලොකු හැකියාවක් නෑ බන්.. බලමු පුලු පුලුවන් විදිහකට ඉස්සරහට ගැට ගහගන්ඩ..
Deleteවැඩියෙන් ලියන එකනම් රැකියාවත් එක්ක ලොකු අභියෝගයක් මචන්.. මම මේ ඔක්කොම කෙලි කරන්නෙ දවසට පැය දෙකක් ඇතුලත. සමහර දවස් වලට ඒකත් නෑ.. අනිත් එක වැඩි මනාපය බ්ලොග් කියවලා, කමෙන්ට් දාන එකට.. ඒකටත් ඔය පැය දෙකෙන් සෑහෙන කාලයක් යනවා.
DDT කාරයා දැන් මා එක්ක වැඩිය කතාවක් නැහැ. :/ මේකා මා එක්ක තරහා වෙලාද මංදා.
Deleteමොකෑ ... උඹට අමු කැවිලද නිශානයො? ඇයි මට උඹත් එක්ක මොනව බෙදාගන්න බැරිවෙලාද?
Deleteඅද උඹ පෝස්ට් එකක් දාලා තියෙනව දැක්ක, අද දවල් ඔළුව දාලා ගියාට පස්සෙ දැන් ටිකකට කලින් තමා ආයෙ බ්ලොග් පැත්තෙ ආවෙ, පොඩ්ඩක් හිටහන් රවුමෙ ඇවිදගෙන ඒ පැත්තටත් එනව.
සුබම සුබ ඩබල් අනිවසරියක් වේවා සෙන්නයියේ...
ReplyDeleteබ්ලොග් ලියන්න ආපු හැටි දශමෙන් දශමෙට විස්තර කරලා නොවැ :) මම කුරුන්දේ ගියපු කැමතිම පෝස්ට් එක තමයි අර කුකුලගේ කතාව. ඒක හරිම අපූරු කොහෙවත් නොදැකපු විදියේ ලිපියක්. මේක මන්දගාමි ගමනක් කියලා මමනම් හිතන්නේ නෑ :) මාසෙකට පෝස්ට් දෙකක්වත් දාන්න කියලා ඉල්ලනවා පුලුවන්නම් විතරක්.
ඉදිරි ගමනට ජය වේවා..අප ඔබ සමගයි.
ආ සයුරි නගා.. බොහොම ස්තූතියි ඈ මුල ඉඳන්ම දුන්න සහ යෝගයට..
Deleteකුකුලගෙ කතාව එහෙව් එකක්ද ? ඒක ඇත්ත කතාවක් නිසා තමා අපූරු මම හිතන්නෙ.
මාසෙට පෝස්ට් දෙකක් දමීමේ ඉල්ලීම සළකා බලන්නම්..
// අප ඔබ සමගයි. //
ඈහ් මම ඡන්දෙවත් ඉල්ලුවද !!! :D
නැවතත් ගොඩක් ස්තූතියි සයුරි මුල ඉඳ දීපු සහයෝගයට.
ඕක ලියලා දවසක් වගේ යනකොට කමෙන්ට් එකක් ලබන්න තරම් මම වාසනාවන්ත වුණා කිව්වොත් නිවැරදියි. ඒ හසිතගෙන්. හසිත කොහොම හොයා ගත්තද කියන එකනම් මට අදටත් ගැටලුවක්.
ReplyDeleteහසිත තමයි මටත් උදව් කලේ.. අද ඉඳන් මාත් ඉන්නෝ
වර්ශ පූර්ණයට උණුසුම් සුභ පැතුම්! දිගු ගමනකට ආසිරි!!
ReplyDeleteඔව් සමී හසිත හොඳ හිතින් කරපු ප්‍රාර්ථනයේ ශක්තියත් මේ ගමන එන්න බොහොම රුකුලක් වුනා..
Deleteසාදරයෙන් පිළිගන්නවා කුරුන්දට.. දිගටම එන්න.. මමත් එන්නම්කො ඒ පැත්තෙ..
ගොඩක් ස්තූතියි මචන්..
මට මාර සතුටුයි නේ . සෙන්නා නෙලුම් විලට කොච්චර ආව ගියත් මන් සෙන්නගේ බ්ලොග් එක ගැන දැන ගත්තේ බුද්ධි නිසා තමයි. සෙන්නා කවදාවත් කියල නැහැ බ්ලොග් එකක් ලියනවා කියල . අය්යෝ මොන ලජ්ජාවක්ද . ඕක තමයි කියන්නේ ලින්ක් දැමීමේ වටිනාකම . ප්‍රොෆයිල් එකෙන් ගිහින් බ්ලොග් එකක් ලියනවද කියල බලන්න පුළුවන් කියල මන් ඉගෙන ගත්තෙත් බොහොම පසු කාලෙක.
ReplyDeleteඒ ගැන මගේ සැබෑ කනගාටුව සෙන්නා ...
හරි පසුගිය දේවල් අමතක කරමු ..බලන් ගියහම අපි දෙන්නම සත්සමුදුර නිසා බ්ලොග් ලියන්න සිතුන උදවිය . [ මට නම් ආගිය කතා සහ කතන්දර බ්ලොග් වලිනුත් අදහසක් ආවා ] දිනේෂ් පුද්ගලිකවත් උදව් කළා තාක්ෂණික ගැටළු ගැන .
ඉතින් හාමිනේට මේ වගේ තෑගී දෙන මහත්තුරු කොයිතරම් හොඳද . ඇත්තටම සෙන්නා ලියන ජාතියේ ලිපි ලියන්න අනික් ඒවාට වඩා අමාරුයි. ගවේශනාත්මක ලිපි ලියනවා කියන්නේ බරපතල වැඩක් .
ඉස්සරහටත් කුරුන්දට ජයෙන් ජයම පතනවා . මගේ බ්ලොග් එකට රසවත් කමෙන්ට් දමන මිතුරා ට සහ හාමිනේට සුබම සුබ අනාගතයක් වෙන්නත් මන් හද පතුලෙන්ම පතනවා .
බින්දි සතුටු වෙන්න ඕනා තමා. බින්දි ඇවිල්ලා මගේ නිහඬ බ්ලොග් ගුරුවරිය. ඔයාගෙ ලිවීමේ රටාව තමා මටත් ලිවීමේ මුල්ම සිතුවිල්ල ඇති කළේ..
Deleteමොකට කණගාටු වෙනවද බින්දි. මම ප්‍රතිපත්තියක් වශයෙන් කාටවත්ම, කොහෙදිවත් කිව්වෙ නෑ මම බ්ලොග් එකක් පටන් ගත්තා ඒ පැත්තෙ ඇවිල්ලා යන්න එන්න කියලා. මට අවශ්‍යය වුනේ මම ලියන ඒවා තුලින්ම ඇතිවන පාඨක ආකර්ශණයක් ලබා ගැනීමයි. ඒක මේ තරම් සාර්තක වෙලා තියන එක ගැන මට නිහතමානීව ආඩම්බරයි.
ඇත්තෙන්ම මේ ලිපි ලියන එක ටිකක් අමාරු තමා. ඒත් මට හදිස්සියක් නැති නිසා වෙලාව අරගන පාඩුවෙ ලියනවා. එතකොට ලිපි අතර පරතරය වැඩි වෙනවා තමා. පුලුවන් තරම් වෙලාව අරගන හොඳම දෙයක් දෙන්න තමා මගේ උත්සහය. මට පෝස්ට් ගාන, හිට්ස් ගාන කොහෙත්ම වැදගත් නෑ.. හැබැයි හැමෝම වගේ, කමෙන්ට්ස් වැටෙනවටනම් මාත බොහොම කැමතියි.
හාමිනේට තෑගි දුන්නට උන්දැත් මේවා කියවන්නෑ. :-) ඔය ඉඳලා හිටලා පලවෙන සරල ලිපි වලට තමා එයත් මනාප..
බ්ලොග් වලට මග පෙන්නුවට ගොඩක් ස්තූතියි බින්දි. සුබ පැතුම් වලටත් බොහොම තුති.
සංවත්සර දෙකටම සුබ පැතුම් සෙන්නා..!!
ReplyDeleteගොඩක් ස්තූතියි චන්දන
Delete"එයා දැන් ලොකු ළමයෙක්" :)
ReplyDeleteඅවුරුද්දක්ම ගිහිල්ලා නේද බං, ජය!!
හ්ම්ම් හ්ම්ම් එයා දැන් ලොකු ළමයෙක්...
Deleteඒකනෙ බන්.. මටම පුදුමයි මම අව්රුද්දක් තිස්සෙ ලිව්වා කියන එක ගැන.
කොහොමද උඹේ බ්ලොග් එකේ වැඩේ.. ( බිහිරි අලින්ට වීණා වැයුමකි :-) )
උඹටත් ජය බූරා.
සෙන්නා මට මතක විදියට මගේ බ්ලොග් එකට කාලෙක් ඉඳන් කමෙන්ට් දැම්මත් බුද්ධි අර ටයිටැනික් කෙල්ලව හොයන්නව සෙන්නාට මුහුදේ ගිල්ලවපු කතාවෙ ඉඳන් තමයි දිගටම කියවන්න එකතු උනේ !
ReplyDeleteසැමරුම් වලට අපෙනුත් සුභාශිංසන ඕන් !
වෙනි අයියා ගැන මම දැනගත්තෙ මාරයගෙන්.. ඌ දවසක් මහ බොහොම අසික්කිත කතාවක් කිව්වනෙ.. පර්යේෂණාගාර මීයෙක් වෙන්න ඕනානම් ඒ පැත්තෙ පලයල්ලා කියලා.. මමත් ඉතින් මීයෙක් වෙයිද බලන්ඩ ආවෙ.. මෙන්න මේ යකා දැන් පර්යේෂණාගාරෙ වහලා..
Deleteබුද්ධිය කොරපු වැඩෙන් කීදෙනෙක් මේ පැත්තට ආවද.. අනේ මංදා දැන්නම් ඌ පේන්ඩත් නෑ..
ගොඩක් ස්තූතියි වෙනි අයියා..
අම්මෝ...............මුලටික කියවනකොට මට හිතුනේ බ්ලොග් එක නවත්තන්ඩවත් හදනවද කියලා. එහෙම කලානම් හොඳ ආමි කුණුහබ්බ දෙකක් කියනවා කියලා හිතුනා. :D :D
ReplyDeleteමම දන්නේ නෑනේ සෙන්නගේ බ්ලොග් එකට වයස තවම අවුරුද්දයි කියලා. මම ආදර්ශයට ගන්නා බ්ලොග් වලින් එකක් කුරුන්ද. ඉතින් අවුරුද්දක් තුල ඔබ ලබා තිබෙන දියුණුව, සාර්ථකත්වය, කියවන්නන්ට ලබාදෙන ආදර්ශය, ඔබේ ඥාන ශක්තියෙන්, බුද්ධි බල මහිමයෙන් උපයාගත්, මිල කළ නොහැකි ධනයක් බව අමතක කරන්න එපා.
හෙමින් ඉදිරියට යන ඔබේ මාවත පැහැදිලියි. ඒ නිසාම ඔබව කියවන අය තවත් වැඩිවන බව මට හොඳටම විශ්වාසයි. දිරියටම යන්න මගෙන් සුබපැතුම්.
අසමි දකිමි සොයමි ලියන විචාරක
ආමි කුණුහම්බ ??? බුදු අම්මෝ ඒ මොනවද විචාරක මහත්තයො.. ලියමුකො ඒ ගැන පෝස්ට් එකක්.
Deleteඔබ වැනි ඇසූ පිරූ තැනැත්තෙක් මගෙන් ගන්න ආදර්ශය මොකක්ද විචාරක මහත්තයෝ..
ඔබට ගොඩාක් ස්තූතියි.. හඳුන ගත්දා ඉඳන් හැමදාම ඇවිත් ලෝබ නැතුව දිග කමෙන්ට් එකක් දාලා, ලිපියක අඩු පාඩු තිබුනොත් ඒවා පෙන්නලා දිලා, ඌණ පූරණ එකතු කරලා, ලිපිය අර්තවත් කරලා යන එකට.. ඒවයින් ලද ශක්තිය තමා මෙච්චර දුර එන්න හැකියාව දුන්නෙ.
ආමි කුණුහම්බ ?
Deleteහැබෑට ඒ මොනාද විචාරක මහත්තයො, කියන්ට බැරිද එකක් දෙකක්. :)
කවදාහරි මුණගැහුන දවසක කියන්නම් කන් හිරිවැටෙන්න.
Deleteලියන්නට ලැජ්ජයි...........
අසමි දකිමි සොයමි ලියන විචාරක
විවාහ සංවත්සරේ අමතක වුනානේ. තරහා නැහැ නේද? අතින් කටින් එල්ලගන්න ලැබේවා. මමනම් දැන් හිරේ හිහින් අවුරුදු 31 ක් වෙනවා. බරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වා. :D :D :D
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
මොකට තරහා වෙනවද විචාරක මහතා... ස්තූතියි වැඩි වැඩියෙන් පැතුවට...
Deleteබරපතල වැඩ සහිතව ජීවිතාන්තය තෙක්.. // හෙහ් හෙහ් පව් අසරණයා..
හැපී ඇනවසරි සෙන්නා..
ReplyDeleteඑදා ඉදන් සතුටින් කියවපු, ආවගිය තැනක් මේක. නොනැවතී දුවපං. අපි වතුර ගහන්න එනවා පස්සෙන්..
ජය !
උඹත් එදා ඉඳන්ම සපෝට් එක දීපු උන්ගෙන් එකෙක්නෙ.. ගොඩක් ස්තූතියි සෑමා..
Deleteජයවේවා සෙන්නා .උඹේ ලිපි බොහෝම ආශාවෙන් කියවනවා ..ඉතින් මේ වර්ෂ පූර්ණ සැමරුමට මගේ සුබපැතුම් පිළිගන්න.
ReplyDeleteගොඩක් ස්තූතියි රතු.
Deleteවිවාහ සහ බ්ලොග් සංවත්සරයට සුභ පැතුම්... දිගටම ලියන්න...ජය වේවා
ReplyDeleteගොඩක් ස්තූතියි පැතුම්. පුලුවන් තරම් කාලයක් ලියමි.
Deleteවිවාහ සංවත්සරේටයි, බ්ලොග් සංවත්සරේටයි හදවතින්ම සුභ පතනවා....!!
ReplyDeleteකුරුන්දට මම හැමදාම එන්නේ අධ්‍යාපනික වටිනාකමින් යුතු ළිපි වැඩි හරියක් පළ වන නිසා. මේ වගේ බ්ලොග් හරිම අඩුයි. ඉදිරියටත් මේ වගේ සාර්ථකව කුරුන්ද පවත්වා ගෙන යාමට හැකි වේවායි පතනවා....!!
ගොඩාක්ම ස්තූතීයි සමනළී සුබ පැතුම් වලට..
Deleteමුලින්ම කියන්න ඕනි...උඹගේ අව්‍යාජ පුරෝකථනයට මට මාර සතුටුයි...ඒ තමයි බ්ලොග් ලියන්න ඇවිල්ල මමත් ඕය සමාන අත්දැකීම් , ආසාවල්, සතුටුදායක දේවල් ඔය විදියටම විඳල තියෙනව.
ReplyDeleteතමන්ගෙ බ්ලොග කියවන්න දිනෙන් දින පිරිස එනකොට කොච්චර සතුටුද..ඒ අතීතය නැවත මතක්කරල .
උඹලට පස්සෙ බ්ලොග් ආගමනය උනු අපට උඹල අපේ වැඩිමල් සහොදරයො..මට මතකයි මගේ බ්ලොග හොයාගෙනමයි උඹ ඇතුලු බොහෝ පිරිසක් ආවෙ. සමහර තැන්වලට ගිහින් ඇගිලි ගෙවෙනකං....කමෙන්ට්ස් දැම්මත්...අඩුම තරමේ ෆලෝකරල යන්නවත් බැරි අය අතරෙ උඹ....හොඳමිනිහෙක්..!
ජය වේවා..!
කුරුන්ඳ අතරේ සේපාලිකා මල්ද පිපේවා....!
ස්තූතියි වීයා.. උඹත් දැන්ගත්තු දා ඉඳලා ආව ගිය එකා වෙච්චි.
Deleteඋඹට කියන්න ඔය උඹට වෙච්ච එකේ අනිත් පැත්තත් මට වෙලා තියනවා.. දැන් ඔය අලුත් අය ඇවිල්ලා කමෙන්ට් එකක් එහෙම දාපුවම මචන් මමත් ඉතින් ගිහින් බලලා බ්ලොග් රෝලට එහෙම දාගන උන්ට ඉතින් කමෙන්ට් එකක් එහෙම දීලා පොඩි තල්ලුවක් දෙන්න උත්සහ කරණවා.. මොකද මට මුල මතක නිසා.. අනේ උන් ඒ උනාට ඊට පස්සෙ නිකන්වත් මේ පැත්ත පලාතෙ එන්නෑනෙ බන්.. අනිත් හැම තැනකම ඉන්නවා.. :-) ඒක කොහොමද බන් විග්රහ කරන්ඩ පුලුවන්.. :-)
සීරියස් ගන්ඩ එපා නිකමට කිව්වෙ.. එහෙම දේවලුත් වෙනවා... හෙහ් හෙහ්..
ස්තූතියි වීයා.. සුබපැතුමට.. සේපාලිකා කෙසේ වෙතත් කුරුඳු පොතු ටිකක්වත් ගන්න බැරි වුනොත් මදෑ.. :-)
වාසනා වේවා දිවියට සතුට උදා වේවා...විවාහ සංවත්සරේටයි, බ්ලොග් ඇනිවසරියටයි දෙකටම මගෙනුත් සුභපැතුම්...
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
ගොඩාක් ස්තූතියි රතී.. සුබ පැතුම් පෝලිමක්.... :-)
Deleteවාසනාවන්ත විවාහ දිවියකට වගේම බ්ලොග් ගමනකට ආසිරි!
ReplyDeleteඔයාගේ බ්ලොග් එකේ පලවෙන ලිපි ඔක්කොම ඉතාම වැදගත්, හිතන්න යමක් තියෙන ඒවා. හිමින් ගියත් සාර්ථක දිගු ගමනක පෙරනිමිත්තක් ඒක. ඉක්මනින් දුවලා හති වැටෙනවට වඩා ඒක වටිනවා.
ඔයාගේ බ්ලොග් ආගමනය කියවනකොට මට මතක් උනේ මං ආපු හැටි. මීගමුවේ ප්ලේන් ක්‍රෑෂ් එක හොයන්න ගිහින් මාරයාගේ පොස්ට් එක දැක්කා. එදාම ඒකෙ පන්සල් දිවිය පොස්ට් කියවලා දන්න හැමෝටම කිය කියා ගියා "හාමුදුරු කෙනෙක් බ්ලොග් ලියනවා කියලා". හයියෝ.......
ගොඩක් ස්තූතියි අකමා..
Deleteඅපොයි බන්.. උඹ කරලා තියන දෙයක්..
අයියගේ බ්ලොග් එකට මුලින් දාපු කමෙන්ට් එක අදත් දැම්මාට වැරැද්දක් නැහැ කියලා මගේ අදහස :)
ReplyDelete"..සිංහල බ්ලොග්කරණයේ දිගු ගමනකට සුභ පැතුම් :)
කාලෝ අයන්තේ......... "
මටත් මතක නම් නැහැ කොහොමද අයියාගේ බ්ලොග් එකට ගොඩවැදුණේ කියලා. ඒත් කොහොම හරි ගොඩ වැදුනා. බ්ලොග් පෝස්ට් අඩුගාණක් වුණාට අයියා බෙදා දීපු දැනුම මහ මෙරක් වගේ ඒක නිසා ඒක ගැණ එච්චර හිතන්න දෙයක් නැහැ
ගොඩාක් ස්තූතියි හසිත. හසිත හොඳ හිතින් දීපු ආරම්භය තමා මෙච්චර දුර එන්න මහ මෙරක් වගේ ශක්තියක් වුනේ..
Deleteමම ඒවා ගැන හිතන්නෑ හසිත. මම හැම වෙලේම උත්සහ කරන්නෙ කාට හරි ප්‍රයෝජනවත් දෙයක් දෙන්න. හැබැයි මීට වැඩිය ලියන්න තිබුනනම් හොඳයි කියලා හිතුනා.. ඒත් ඒකට කාලය හරස් වෙනවා. ඒක හින්දා මේ මදෑ.. ඊලඟ අව්රුද්දෙ ලිපි එකක් හරි වැඩියෙන් දාගන්න බලමුකො.
නැවතත් හසිතට ගොඩාක් ස්තූතියි.
වර්ෂ පූර්ණයට අපෙන් සුබ පැතුම්. කුරුන්ද බෙදන දැනුම් සම්බාරයත් එය ඉදිරිපත් කරන විලාශයත් ගොඩාක් සිත්ගත්තා. ඒ කර්තව්‍යය දිගටම කරගෙන යන්න හැකියාව ලැබේවා.
ReplyDeleteකුරුන්දට මුල ඉඳන්ම ශක්තියක් වෙච්ච, බොහොම දිරිගන්වන සුලු කමෙන්ට් වලින් සංග්‍රහ කරපු, ඩීන් අයියාගෙ පැමිණීම මට බොහොම සතුටට කාරණයක්..
Deleteගොඩාක් ස්තූතියි ඩීන් අයියා මුල ඉඳන් දීපු ශක්තියටත් සුබපැතුම් වලටත්.
ජය !!
\\මම බොහොම දුර්වල බ්ලොග් කරුවෙක් නොවෙද ?// තෝව දැඩිව හෙලා දකිනවා මේ වදන ලිව්වට.බ්ලොග් කාරයෙක් හිට් නිසාවත් කොමන්ට් නිසාවත් දුර්වලද නැද්ද කියන එක තීරණය වෙනවා නම් සමහර අය පරිපූර්ණ සර්ව සම්පූර්ණ අයවලුන් විය යුතුයි.
ReplyDeleteබ්ලොග් අවකාශේ ගොඩක් තියෙන්නේ වල් පල්,ට්‍රිප් ගිය ඒවා,කතා,කවි වගේ ජාති වලින් එත් කුරුන්ද කියන්නේ අධ්‍යාපනික අතින් ඉගෙන ගන්න කෙනෙක්ට කොච්චර දේවල් ගන්න තියෙන බ්ලොග් එකක්ද?.සෙන්නා ගැන කියනවා නම්.ඔහේ පෝස්ට් එකක් ලියන්න ඕනවට උඩින් පල්ලෙන් ලියලා දාන එකෙක් නෙවේ.මන් දැකපු එකම දීර්ගම වශයන් තොරතුරු පල කරන බ්ලොග් කරුවා සෙන්නා.ඒ අතින් උඹ බ්ලොග් ලෝකේ ගොඩක් උසස් චරිතයක්.
පෞද්ගලිකවම ගත්තාම සෙන්නා කියන්නේ මට නම් වැඩිහිටියෙක්,මගේම අයියා කෙනෙක් වගේ මගේ ප්‍රශ්න ගැන මම බ්ලොග් එකේ ලියද්දි ඒවාට පිළිතුරු බලාපොරොත්තු වුනේ උඹේනුයි තව දෙන්නෙක්ගෙනුයි විතරයි අයියේ.මට ඒ තරමට උඹලා හිතවත් වගේම විශ්වාසයි.අයිනකින් DDT අයියවත් අමතක කරලා බැරි නිසා ඕන ඔහේ උගේ නමත් කෙටුවා.
කුරුන්දේ ලියන අධ්‍යාපනික ලිපි නිසා දවසක සම්මාන වලින් උනත් පුදන්න සුදුසුයි කුරුන්ද,තව අවුරුදු බර ගානක් ලියන්න ලැබේවා කියලා බොක්කෙන්ම සුබ පතනවා අයියන්ඩි.
ජයම පතනවා.
අමතක වුනානේ හැපී වෙඩින් ඇනිවසරි එකක් වේවා කියලත් පතනවා.
Deleteඅඩෝ නිශානයා...හෙලා ලස්සනයිද බන් ? :-)
Deleteගොඩක් ස්තූතියි මචන්.. මට ඔච්චර ගරු කරන්න දෙයක් නෑ බන්.. උඹ ඉතින් මොනවා හරි ඇහුවම මම ඉතින් මට තේරෙන විදිහට යමක් කිව්වා එච්චරයි. ඒක එච්චර වටින දෙයක් කියලා මටනම් හිතුනෙ නෑ බන් කවදාවත්ම.
උඹත් මුල ඉඳන්ම සහයෝගය දීපු ඈයොන්ගෙන් එකෙක් තමා. හැමදේකටම ගොඩක් ස්තූතියි නිශාන්.
සෙන්නා ගෙන් මම ඉගන ගත්තු පාඩමක්..
ReplyDeleteමම දැක්කා ඔයා වෙන කාට හරි කමෙන්ට් එකක් දාලා තියනවා "කස්ටිය" කියන්නේ ඔයා අකමැතිම වචනයක් කියලා..ටිකක් කල්පනා කරලා බලද්දී මටත් හිතුනා ඒ වචනේ නිකන් කැතයි කැතයි වගේ කියලා :) මමත් ඔය වචනේ ඉඳහිට පාවිච්චි කරපු කෙනෙක්. ඒත් එදා ඉඳලා මමත් ඒක අතඇරලම දැම්මා..
හප්පුච්චියේ .... මමත් ඒක පාවිච්චි කරනව නොවැ, මට ඒකෙ අවුලක් දැනුනෙ නම් නෑ, ඒකෙ මොන වැරැද්දක් ගැනද මේ කියන්නේ ..... ටිකක් හිතල බලන්න ඕන.
Deleteසයුරි,
Deleteඔයාට ඒකත් මතකද ඈහ්.. ??
මම ඕක කිව්වෙ අපේ මියුරු අක්කට.. මම දන්න විදිහට ඔහොම වචනයක් සිංහල භාෂාවෙ නෑ. අනේ අපරාදෙ කියන්ඩ බෑ මියුරු අක්කත් ලොකු ඔලුව නොදා ඒක වැරැද්දක් තමා කියලා පිළිගත්තා. නැතුව මට කිව්වෙ නෑ මූ මේ අද ඊයෙ ඉඳලා බ්ලොග් ලියන්න අරන් අපිට උගන්වන්න එනවා කියලා.
( ශ්ශ්ශ්..... ඔතන කෑ ගහන්න එපා මියුරු අක්කා මේ දවස්වල නිදි.. ආයෙ ඊලඟ සමර් එකට තමා නැගිටින්නෙ.. ) :-) :-)
:)
Deleteඒක තමා මටත් හිතුනේ ඒක නිකන් සිංහල වචනයක් ව්කෘති කරලා හදාගත්ත එකක් කියලා. ඒත් තවත් ඒ වගේ වචන අපි පාවිච්චි කරනවා තමයි..ඉතින් මටත් හිතුනා ඒක පොඩ්ඩක් අවුල් කියලා :)
ආ..DDT ත් මගේ වචනයක් හරිගස්සපු කෙනෙක් තමා. "ටාර්සන්"
මට හිතෙන්නේ "ටාර්සන්" ට "ටාසන්" කිව්වම රයිස් බරෝස් මහත්තයට දුක හිතෙන තරමටම "කට්ටිය" ට "කස්ටිය" කිව්වම සිංහල භාෂාවට දුක හිතෙනවා ඇති නේද? :))
//මියුරු අක්කා මේ දවස්වල නිදි.. ආයෙ ඊලඟ සමර් එකට තමා නැගිටින්නෙ//
Deleteනිදි කුමාරිගේ අවතාරෙවත් වැහිලද මන්දා :-|
අඩේ මාත් ඕක පාවිච්චි කරනවනේ මාත් අතාරිනවා දැන්ම...
Deleteමාත් අතෑරියා, ආයිත් ලියන්නෙ නෑ ඒක.
Deleteබලපන් සෙන්න, ඒ වචනෙ හොඳ නෑ කියල උඹට හිතුන විතරයි, දැන් කී දෙනෙක් ඒ අදහසට එකඟ වුනාද, උත්සාහ කළොත් කරන්න බැරි දෙයක් නෑ.
ඕක මචන්.. බොහොම පරණ සිද්ධියක්. ප්‍රශංසාව හිමිවෙන්ඩ ඕනා සයුරිටයි.. එයා ආයෙ ඕක මතක් කලායින් තමා උඹලා දෙන්නත් මෙහෙම දැන ගන්නෙ. අතාරින්න කලින් තව ටිකක් හොයලා බලන්න. මම පාවිච්චි නොකරන්නෙ එහෙම වචනයක් සිංහල භාෂාවෙ නෑ කියලා හිතෙන නිසා.. සමහර විට මම වැරදි වෙන්ඩත් පුළුවන්. අනිත් එක ඕක ලොකූ අපරාධයකුත් නෙමේ.. ඒත් මටනම් ඒ වචනෙ හරි අපුලයි..
Deleteසෙන්නා ඕක කියපු දවසින් පස්සෙ මං නෙවේ ඒ විදියට ආයෙ ලිව්වෙ.... හැබැයි 'කට්ටිය' කියන වචනෙ ලියැවෙන ඕනම වෙලාවක මට සෙන්නව නම් මතක් වෙනවාමයි...
Deleteසංවත්සර දෙකටම උණුසුම් සුබ පැතුම් සෙන්නා.
ReplyDeleteඅර ඉල්ලීම ගැන නම්, කියන්න තියෙන්නෙ මේකයි.
මේ බ්ලොග් එකේ අන්තර්ගතය සහ ලියන රිද්මය තමයි කුරුන්දෙ රිද්මය.
මම නම් මේ යන විදියට කැමතියි.
අනික "ටිකයි හොඳයි" හොඳ සංකල්පයක්.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ගොඩක් ස්තූතියි ඩූඩ් සුබපැතුමටයි, අදහස් වලටයි... හැමදාම නොවරදවාම ඇවිල්ල දුන්නු සහයටත් ගොඩක් ස්තූතියි.
Deleteසෙන්නා අයියා.... හැපී ඇනිවසරි කිව්වා... කාලෙකින් තමයි ආවෙ.. තරහ නෑනේ... මටත් ගොඩක්ම ආස හිතුණේ "සැවුලෙකුගේ විලාපය" ලිපිය නම් තමයි...
ReplyDeleteමම ඒත් බැලුවා කවුද මේ කියලා.. මේ අනූ නංගිනෙ.. මම මේ ඒත් කල්පනා කළා ඇයි මෙයා කාලෙකින් මුකුත් ලිව්වෙ නැත්තෙ කියලා.. බලද්දි ලියලනෙ.. මම මේ කල්පනා කළේ කොහොමද ඔයාව බ්ලොග් රෝලෙන් හැලුනෙ කියලා.. ආයෙ ඇඩ් කරගන්න ඕනා...
Deleteකිසි තරහක් නැහැ ආවෙ නැහැ කියලා..
ස්තූතියි සුබපැතුමට..
ද්වී සංවත්සරයටම සුබ පැතුම්.....!
ReplyDeleteමම මේකට මුලින්ම ආවෙ, අර රහස් පරීකෂක කතාවෙ පෝස්ට් එකේ ඉදලයි.එතැන් සිට හැමදාම එනවා.
"කුරුන්ද" අධ්‍යාපන වැදගත්කමක් තියෙන හොදම බ්ලොග් එකක්.....
බොහොම ස්තූතියි සුමිත්..
Deleteඔව් මටත් ඒක හොඳට මතකයි, සුමිත් මුලින්ම ආවෙ ඒකක් කියවන්ඩ තමා.. අහඹු ලෙස ඒ ඉන්ස්පෙක්ටර්ගෙ වාසගමත් සුමිත්ගෙ එකම උනානෙ..
ගොඩක් ස්තූතියි සුමිත් මේ ගමන එන්ඩ දුන්නු ධෛර්යයට.
//ඔහොම ඉන්නකොට තමා අහම්බෙන් දවසක් සඳරුගෙ "හිස් අහස"ට ගොඩ වෙන්න හම්බුනෙ. ඒ නෙළුම් විල හරහා. අන්න මිනිහා. උගෙ ලිවිල්ල තමා ලිවිල්ල. එක දැකපු මට අර අළු යට ගිනි වගේ තිබුණ ආශාව ඩිං ගාලා ආයෙ උඩට ආව. "මටත් බැරි වෙයිද මොනවා හරි ලියන්න ? "//
ReplyDeleteමටත් මේක මේ විදියටම කියන්න පුළුවන් අයියේ මේක කියෙව්වම තමයි මටත් මතක් වුනේ අප්පටසිරි මාත් මේ කාලේම නේදෝ බ්ලොග් ලියන්න ගත්තේ කියලා දැන් මේ කොමෙන්ටුව කොටලා මගේ වයස පොඩ්ඩක් බලන්ටෝන....
//වසරක් ඇතුළත කුරුන්ද ඇවිත් තියෙන්නෙ බොහොම මන්දගාමී ගමනක්. ලිපි 20 යි ( ආරම්භක සටහන හා ඔබා මාමා වෙනුවෙන් ලියවුණ සටහනත් ඇතුළත්ව ) මේ වසර ඇතුළතම මට ලියන්න හම්බෙලා තියෙන්නෙ. හිට්ස් 18300 ගාණක්. මම බොහොම දුර්වල බ්ලොග් කරුවෙක් නොවෙද ?//
මට මේකත් කියන්න පුළුවන් හෙහ් හෙහ් ලියන ලිපි ගානට වඩා ඔයාගේ ලිපිවල තියෙන දැවැන්ත අධ්‍යාපන වටිනාකම මිල කරන්න බෑ අයියේ කොයිතරම් දේවල් නම් අපි ඉගෙන ගත්තද ඒකට මේ කරන ස්තූතිය මදි.
අර රහස් පරීක්ෂණ කතාවයි හොල්මන් කතාවයි ලිව්වයින් අපි දන්නවා ඔයාට ප්‍රබන්ධ ලියතෑකි ඒත් හැකියාව හංගන් ඉන්නවා කියලා...
සංවත්සර දෙකටම මගෙන් උණුසුම් සුභ පැතුම් ඈ... මම මුලින්ම ආවේ අර රහස් පරීක්ෂණ කතාව කියවන්න ඊට පස්සේ තමා පහුගිය එව්වයි සේරම කියෙව්වේ ලියන විදියයි ලියන දේවලුයි ගත්තාම මම ආසම තැනක් තමයි මේක.....
දිගටම ලියමු අයියේ ජය වේවා....
ස්තූතියි ගැමියා මලේ.. උඹත් දිගම දිග කමෙන්ට් දාලා අනගි සහයක් දීපු එකෙක් තමා.. ගොඩක් ස්තූත්යි හැම දේකටම.
Deleteබලමු ඉස්සරහට වැඩිපුර ප්‍රබන්ධ කිහිපයක් ලියන්ඩ පුලුවන්ද කියලා...
ඔන්න බං අවුරුද්දකට පස්සේ හරි ආවා නෙව... එහෙනං දිග ගමනක් යමු...
ReplyDeleteඑහෙම හරි ආපු එක මදැයි දේශකයො....යමු යමු... ස්තූතියි..
Deleteසංවත්සර 2ක්ම තියෙන්නේ 2ටම සුබ පැතුම්!ඒ වගේම හැමදාම හොඳ දේ ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලත් පතනවා !
ReplyDeleteබොහොම ස්තූතියි රෙහානි
Deleteපළමු බ්ලොග්වසරියට මගෙන් උණුසුම් සුභ පැතුම්...
ReplyDeleteසෙන්නගෙ කුරුන්දට තාම වයස වසරයි කිව්වම මම පුදුම උනා... වයස වසරක් උනාට ඊට වඩා සෑහෙන්න පරිණතයි මේ කුරුන්ද... ලියන පෝස්ට් ගණනින් වත් හිට් කවුන්ටරේ කැරකෙන වේගෙන්වත් බ්ලොගේ හොද නරක ගැන සුපිරිසුදු විනිශ්චයක් දෙන්න බෑ.... එයයි මගේ අදහස....
මම හිතුවට වඩා සෙන්නා නාකියි නොවැ... බැදලා සෑහෙන කාලයක් නොවැ... අපේ වයසට ළමයිනුත් ඉන්නවද මන්දා...
සිරාගෙ කාමරේ අටවගත්ත මුල්ම කාලෙ ඉදන් සෙන්නා මට දීපු සහයෝගයත් මම මතක් කරන්න කැමතියි... ඒ ගැන වැඩි විස්තර මගේ පළමු බ්ලොග්වසරියේදී ඇද බාන්නම්...
ප්‍රීතිමත් විවාහ සංවත්සරයක් සහ බ්ලොග්වසරියක් වේවා...
බොහොම ස්තූතියි සිරා... සෙන්නා අව්රුදු විස්සෙ කොල්ලෙකුත් නෙමේ... හැබැයි තාම හතලිස් ඇඳිරිය ලබලත් නෑ.. ඔය මොනවා වුනත් සිරා කියන්නෙ අව්රුදු හයක පොඩි එකෙක් කියලා මම නිකමටවත් හිතුවෙ නෑ.. අම්මපා.....:-)
Deleteමට මතක විදිහටනම් කමෙන්ට් එකක් දානවට වැඩිය ලොකු උදව්වක් මම සිරාට කරලා නෑ..
නැවතත් බොහොම ස්තූතියි සිරා..
මුල් කාලෙ මගේ අඩුපාඩු සකසා ගන්න දීපු අත්වැල ගැනයි මම කීවෙ....අර 6ට තව 24 ක් එකතු කලාම සිරාගෙ වයස...
Deleteඅඩේ ... සිරා කොල්ලට පුත්තලන් බූරුවො දෙන්නෙක්ගෙ වයසයි නොවැ. (රහසින් ... මාත් ඔය කිට්ටුවටම එනව බං, ඒත් තව ටිකක් කල් තියෙනව)
Deleteයකෝ මමත් හිතන් හිටියේ මුලින් මගේ වයසේ හරි මට වැඩිය බාලයි කියල හරි. බලන් ගියාම මට වැඩ අවුරුදු 7ක්ම වැඩිමහල් බොල
Deleteමේ දවස් වල උතුර දකුණ මාරු වෙලා හින්දා එන්න දවස් දෙක තුනක් පරක්කු වුනා.
ReplyDeleteඔක්කොම කමෙන්ට් කියෙව්වේ නැතත් අතරින් පතර මේ වැටිලා තියෙන කමෙන්ට් කියෙව්වා. මට මතක හැටියට මම මුලින්ම කුරුන්දට ආවේ facebook එකේ කවුරු හරි කුරුන්ද ෂෙයා කරලා තිබුනු නිසා. මම හිතන්නෙ ඒ මාරයා හෝ හසිත. කව්රු හරි බ්ලොග්කරුවෙක් මුණුපොතේ අලුත් බ්ලොග් එකක් ෂෙයා කරලා තිබුනොත් බොහෝදුරට ඒ මත ක්ලික් වෙන්නෙ ෂෙයා කරපු කෙනා මත විශ්වාසය තියලා. මම හිතන්නෙ මෙතනත් වුනේ ඒකයි. මට මතක හැටියට මාරයද මන්දා ෂෙයා කරලා තිබුනේ. මගේ මතකය නිවැරදි නම් මට කලින් කුරුන්දට ගොඩබැහැලා තියෙන්නෙ මාරයා.
මම මුලින් ම බ්ලොග් ලියන්න ආපු කාලයෙක් මට කලින් බ්ලොග් ලියපු අය මට ප්‍රචාරයක් දීලා තිබුනා. ඒ අයගේ නම් සඳහන් කරන්න මේක වෙලාව නොවුනත් ඔවුන් කළ දේ මටත් කරන්න පුලුවන් අලුත් ක්‍රමයක් ගැන හිතද්දියි සති අන්තයේ කාටුන් එකකින් ඒ වැඩේ කරන්න පුලුවන් කියලා මට හිතුනෙ. ඒ අනුවයි ඔය කාටුන් එක ඇන්දේ.
කුරුන්දේ මම කැමතිම ලිපිය මොකද්ද කියලා ඇහැව්වොත් ඒකට දෙන්න තියෙන්නෙ හරිම ජනප්‍රිය වගේම උදාසීන මුග්ධ උත්තරයක්. ඒක තමා "අනේ මට නම් ඔක්කොම ලිපි එකවගේ මෙයා" කියන එක. නමුත් ඒ අතරිනුත් මම අතිශය කැමති සේපාල ඒකනායක,හිම කතරක අතරමං ව සහ යුරි ගගාරින් ගැන ලියැවුනු ලිපි වලට. (මම මුලින්ම කුරුන්දට ආපු දවසේ මුලු බ්ලොග් එකම කියෝලා ඉවර කලා ඔක්කොම වැඩ නතර කරලා)
කුරුන්ද කියවද්දි ත්‍රාසජනක චිත්‍රපටියක් නරඔනවා වගේ ලොමුඩැහැ ගැන්වෙන විදිහට ලියන්න සෙන්නාට හොඳ හැකියාවක් තියෙනවා කියලා මට හිතෙනවා. ලියලා තියෙන කෙනෙක් හැටියට ඒක ලේසි පාසු වැඩක් නෙමේ කියලත් මම දන්නවා. ඒක සෙන්නාගේ සහජ හැකියාව කියලයි මට හිතෙන්නෙ. [නැත්තං කොහොමද නැව් වල ඉන්න ගොලුබෙල්ලෝ ගලෝන මනුස්සෙයක්ට මෙහෙම ලියන්න හැකියාව ලැබෙන්නෙ.:P]
කුරුන්දේ ඉදිරි ගමන ගැන නම් මට ලොකු දෙයක් කියන්න නෑ. බස් සම්මානය හම්බවුනු වෙලාවේ කිව්වා වගේ අවුරුද්දක් ගිහිල්ලා ලිපියක් දැම්මත් මම නම් කියවන්න එනවා. ඒ චිත්‍රපටියක් කියවලා යන්න. එහෙම කිව්වා කියලා ඒ රාමුවටම කොටුවෙන්න ඕනෙත් නෑ. සමහර විට ඊට වඩා දෙයක් උනත් සෙන්නා තුල හැංගිලා ඇති නොවැ.
දැනට එච්චරයි.
විවාහ සංවත්සරයට සුබ පැතුම්! වැඩි වැඩියෙන් සෙන්නා පැටව් ලැබේවා:) !!!
ආ මේ ඇවිත් තියෙන්නෙ.. උඹ එනකම් තමා මම මේ බලන් හිටියෙ..
Deleteහෙහ් හෙහ්.. මාරයද-බුද්ධිද, බුද්ධිද - මාරයද, කිකිළිද-බිත්තරේද, බිත්තරේද-කිකිළිද ?
මම හිතාගන හිටියෙ බුද්ධිගෙන් පාර අහගන තමා මාරයා ඇතුළු කට්ටිය මෙහෙට ගොඩ බැස්සෙ කියලා. හැබැයි ඔය කට්ටියම ආවෙ එක දවසක.. ඒ අර "හිමකතරක අතරමංව" ලිපිය දාපු දවසට පහු වෙනිදා.. ඔය මාරයගෙ උඩ තියන කමෙන්ට් එක දකිනකම්ම ඇත්තටම හිතන් හිටියෙ මාරයා එදා එදායින් පස්සෙ මේ පැත්තෙ පස් පෑගුවෙ නෑ කියලයි..කවුද දෙවියනේ ඉතින් දන්නෙ !...
කවුරු කොහොම කාට කළින් ආවත් කට්ටියම ඉතින් ලෝබ නැතුව අපි වගේ අංකුර බ්ලොග් කාරයන්ට උදව් කරපු සහ කරණ එක ගැනනම් ඇත්තටම තියෙන්නෙ ලොකු ගෞරවයක්..
බුද්ධිගෙ කාටුන් එකෙන් සෑහෙන පිරිසක් කුරුන්ද හා එකතු නොවුනා කිවොත් ඒක අමූලික බොරුවක් වෙනවා.
// (මම මුලින්ම කුරුන්දට ආපු දවසේ මුලු බ්ලොග් එකම කියෝලා ඉවර කලා ඔක්කොම වැඩ නතර කරලා) //
මෙන්න තවත් සම්මානයක්.. ලියන එකෙක්ට මීට වඩා සම්මානයක් තවත් තියේද ?
හෙහ් හෙහ් ගොළුබෙල්ලො ගලෝන එකත් සහජ හැකියාව නැතුව කරන්න බැරි බව දන්නෙ උන්ව ගලෝන උන්ම තමා... :-)
අවසාන වශයෙන් බුද්ධි නැවත වතාවක් උඹට ගොඩක් ස්තූතියි මේ ගමන එද්දි දීපු අත්වැලට.
අර අන්තිම ප්‍රාර්ථනාවනම් දැනට සාකච්චා මට්ටමේ තියෙන්නෙ.. :-)
මොකක්ද අප්පා මේ ගොලුබෙල්ලෝ ගලෝන කතාව. :-|
Deleteඔය රට්ටු අපහාසෙට කියන කතා නෙව සයුරි... :-)
Deleteසෙන්නා. ඔයාගේ බ්ලොග් එක ගැන මගේ අවංක අදහස කියන්නද?
ReplyDeleteඇත්තටම මට මේක කියනන් වෙන්නේ ඔය අර ලියල තිබුන. දේවල් අනුව පොස්ට් ගැන අඩුයි හිට්ස් ගැන අඩුයි. කියල තියෙන එකට. IT කියන්නේ මගේ සබ්ජෙච්ට් එක උනත් මම බ්ලොගේර් ගැන අහල තිබුනත් ට්‍රයි කරලා තිබුනේ නැහැ. මමත් වැටි වැටි නැගිට්ටේ. මම සිංහලවත් දනන් එකෙක් නෙවෙයි. බ්ලොග් ලිව්වට කවුරු හරි පෑනක් දීල සිංහලෙන් ලියන්න කිව්වොත් මම වැටෙන්නේ ලෝක අමාරුවක. මගේ බ්ලොග් එකෙත් මම වැදගත් යයි කියල කියන්න පුළුවන් ලිපි ලියල තියෙන්නේ තරමක් අඩුවෙන් අනෙක් ඔක්කොම පල් හෑලි තමයි. හැබැයි මම දන්නා දෙයක් වැදගත් දේට වැඩිය අපේ මිනිස්සු උනන්දුවෙන් බලන්නේ කුණුගොඩවල්. හිට්ස් බලාගෙන වැඩේ කරනවානම් හොඳ වල කතා දෙක තුනක් දැම්මනම් කට්ටිය පෝලිමේ ඒවි. ඒ ලංකාවේ හැටි. කොහොම උනත් ඔබගේ සංවත්සර දෙකටම මම හදවතින්ම සුභ පතනවා. මම මුලින්ම ආවේ අර ගුවන් යානා ගැන පොස්ටුව බලන්න. ඉඳලා මම හැම පොස්ටුවක්ම බලනවා. පොස්ට් ගානින් හරවත් බව රසවත් බව මනින්න බැහැ. මගේ බ්ලොගේ පැත්තක තියෙන්නේ මම ආසම බ්ලොග් පිටු කියල මම එතනට දාන්නේ මගේ හිතට ගොඩක් වැදුන නිතර යන එන තැන්. එතනට නොදැ බුක් මාක් කරන බලන ඒවා සෑහෙන්න තියෙනවා. මම ඒ බ්ලොග් රෝල පාවිච්චි කරන්නේ මගේ හිතට වැදුන බ්ලොග් ලියන ඒ බ්ලොග් කරුවන්ට උපහාරයක් විදියට. මට කියන්න සන්තෝසයි ඔබේ බ්ලොග් එකත් එතන තියෙනවා කියන එක. අපෝ යකෝ කොමෙන්ටුව මාගලක් වගේ උනා ආයෙම සැරයක් කිව්වා ජයවේවා. පුළුවන් තරඟ ගවේෂනාත්මකව ලස්සනට ලියපන් අයියේ.
කෝරා,
Deleteමට ඇත්තටම උඹ ගැන ආඩම්බරයි.. රටෙන් පිට පය ගහලා ටික කාලෙකින් සිංහල අමතක වෙන උන් ඉන්න රටේ.. අව්රුදු 21ක්ම පිට රටක හැදුන උඹ මෙහෙම සිංහල භාවිතා කරන එක ගැන අවංකවම සතුටුයි..
මට පේන්නෙ මම ලිපි ගාන ගැනයි, හිට්ස් ගාන ගැනයි ලියපු ටික කට්ටිය වැරදියට වටහාගන වගේ.. හිට්ස් ගැනනම් මගේ කොහෙත්ම තැකීමක් නෑ.. එහෙම බැලුවනම් මම ඔය ලිපියක් ලියන්ඩ යන දීර්ග කාලය ඇතුලත මොන මොනවා හරි ටිකක් දාලා මීටරේ කැරකෙවෙන්ඩ හදනවා.. ඒත් මට එහෙම කරන්ඩ කිසිම උවමනාවක් තිබුනෙ නෑ.. හිට්ස් කීයද කියන එක මම කොහෙත්ම සැළකුවෙ නෑ.. මීටරේ හයිකරන් ඉන්නෙත් ලිපියක් දාපුවම කී දෙනෙක් විතර කියවනවද කියලා ලේසියෙන්ම දළ අදහසක් ගන්න ඕනා නිසා.
ලිපි ගාන අඩු වීම ගැනනම් කණගාටු වෙනවා.. මීට වැඩිය ලියන්න තිබුනනම් හොඳයි කියලා නොහිතුනාත් නෙමේ..
උඹේ ආසම බ්ලොග් පිටු අතර කුරුන්දටත් තැනක් දීපු එක ගැන බොහොම ස්තූතියි.. හැකි සැමවිටම හොඳම දෙයක් දෙන්න උත්සහා කරන්නම්..
ගොඩාක් ස්තූතියි හැමදේකටම.
සුභපැතුම් යාළුවා මම හැමදාම උඹේ ලිපි කියවන්නේ පමාවෙලා. ඒකට එකම හේතුව උඹේ පෝස්ට් කියවන්න ඕන බොහොම හෙමිහිට. නිවාඩු පාඩුවේ. මොකද මට කවදාවත් අහක දාන්න කියවලා හිනවෙලා අමතක කරන්න දේවල් මේකේ හමු වෙලා නැති කම. හැමදාම අධ්‍යාපන වටිනාකමක් තියෙනලිපි තමයි උඹ අතින් ලියවුනේ. ඇතැම් වෙලාවට මම ලිපිය කියවලා ඉවර කරන කොට ලිපිය පලවෙලා හුඟාක් කල්. අඩුවෙන්ම කොමෙන්ට් දාලත් ඇත්තේ මම වෙන්නැති. හැබැයි උඹේ එක ලිපියක්වත් මට මග හැරිලා නම් නෑ. වර්ණනා නොකලට මේ ලිපි ගොඩාක් වටිනවා බං, ඒවා ලියන්න උඹ කන කට්ට අපතේ යන්නේ නෑ,මොකද අපි ඒවා කියවන නිසා ජයවේවා....... උඹට පවුලේ සැමට......!!!
ReplyDeleteස්තූතියි සරා... පමාවෙලා හරි කියවනවනම් එ0ක තමයි ලියන එකාගෙ සතුට නේද ?
Deleteස්තූතියි බන් ගොඩක් අගය කරමින් දිරිමත් කළාට..
කමෙන්ට්ස් දැමිල්ල අඩු වුණත් කියවන්න තරම් වටින දේවල් තියෙන තැනක් විදිහට කාලෙක ඉඳන් මාත් කුරුන්ද අඳුනගෙනයි තිබුණෙ.
ReplyDeleteමේ ආව වගේ ම තව චිරාත් කාලයක් බ්ලොග් ලොව බබළවන්න ඔබට හැකියාව ලැබේවා!!!
ජයෙන් ජය......
ස්තූතියි උදාර.... මට දැන් තමයි තේරෙන්නෙ... කලබලෙන් ලියපු මේ ලිපියෙ මම ගොඩක් වැරදි කරලා.. එයින් එකක් තමයි කියවා කමෙන්ට් නොකර යන අයට ස්තූතියි කියලා කියන්ඩ අමතක වීම.. සමාවන්න..
Deleteස්තූතියි !
මේක මට මඟ ඇරිලනෙ සෙන්නා... දැනුයි දැක්කෙ..
ReplyDeleteමට මතකයි ඉස්සර මේ බ්ලොගේ පෝස්ට් වැටෙනකන් හැමදාම ඇවිත් ගිය හැටි.. ඒත් ඉතින් පෝස්ට් එකක් දාපු දවසට හැමදාම මඟ ඇරෙනවා..
'ඒ රුහුණේ කොල්ලා, මුළු ලෝකෙම හොල්ලා.....' තමයි මේ බ්ලොගයේ පළමුවනි හිට් වෙච්ච ලිපිය.. මම ආවෙත් ඒකෙන්නෙ.. ඒ ලිපිය නියමෙට ලියලා තිබුනා..
'ආයුබෝවන් !!!' ලිපිය කියෙව්වෙ ඊටත් කාලයකට පස්සෙ.. මම මුලින් හිතුවෙ සෙන්නාත් මගේ වයසෙ විතර හෝ ඊට බාල පොරක් කියලා.. ඒකයි අනිත් උන් ඔක්කොටම අයියෙ කියද්දි සෙන්නට සෙන්නා කියවුනෙ.. ඒක ඉතින් තාමත් එහෙමමයිනෙ..
ඉන් පස්සේ ලියවෙච්ච ලිපි බොහොමයක්ම හොඳ සාරගර්භ ඒවා.. ඒ ලිපිවල තිබ්බ කරුණුවලට ආභරණයක් උනේ සෙන්නාගේ භාෂා විලාශය... ඒ හින්දා ඒ කරුණු බලාගෙන හිටියා වගේ හැඟෙනවා..
'නොකැපූ නියපොත්ත' කතාව මම හිතන්නෙ බ්ලොග් අවකාසෙ ලියවෙච්ච පළවෙනි රහස් පරීක්ෂක කතාව.. මම ඕකට පිළිතුරු කතාවක් ලියන්ඩ හිටියෙ.. ඒත් ඉතින් ඒක කාලයේ වැලි තලාවෙන් වැහිලා ගියා.. :)
හිට් මෙච්චරයි ලිපි මෙච්චරයි කියලා තැවෙන්න එපා බන් (හොඳට ඇස් ඇරලා බලපන් 20 නෙමෙයි 25යි).. ලිපි 20කින් කරපු දේවල් මතක නැද්ද? 'ටයිටැනික් - විසි වන සියවසේ නාවික ඛේදවාචකය.' දිගම සිංහල බ්ලොග් ලිපිය වෙද්දි මේ අඩවිය හොඳම අධ්‍යාපනික බ්ලොග් අඩවියත් උනා.. ඒ මදිවට ගුවන් යානයකට නඟිද්දිත් මතක් වෙන්නෙ කාවද?
සුද්දාගේ පැටිකිරිය මම තාම කියෙව්වෙ නෑ..
අවසාන වශයෙන් අවුරුද්දේ සංවත්සරේට වගේම විවාහ සංවත්සරේට දෙන්නාටම සුභ පැතුම්... සුභ අනාගතයක්!
මේ ලිපියට හරීගෙ කමෙන්ට් එකක් නොවැටුනානම් ඒක පරිප්පු නැති හෝටලයක් වෙනවා..ඒක හින්දා මම මේ කමෙන්ට් එක වැටෙනකම් බලාගන හිටිය බව කියන්ඩම ඕනා..
Deleteහරී කියන්නෙ කුරුන්ද කියන බ්ලොග් එකේ යාවජීව සාමාජිකයෙක් විතරක් නෙමේ එදා ඉඳලම හිටිය හොඳම දිරිගන්වන්නගෙන් කෙනෙක්..
මේ තියෙන්නෙ ඒකට උදාහරණයක්..
"මේ වගේ ලිපියක් ලියන්නත් අප්‍රතිහත දහිරියක් තියෙන්න ඕනා..ඒකට හිස නමා ආචාරය...ලිපිය කොච්චර දිග වුනත් අකුරක් නෑර කියෙව්වා...ඔයාට සතුටු ඇති අකුරක් නෑර කියෙව්වා කියන එකට...බ්ලොග් ලියන්නෙකුට අනිත් කෙනෙක් තමුන්ගේ බ්ලොග් කියවනවා කියලා අහන එක තරං සතුටක් නෑ... "
ඔය කමෙන්ට් එක වැටෙන්නෙ ඉතා මහන්සි වෙලා ලියපු ලිපියකට බලාපොරොත්තු නොවුන තරම් ප්‍රතිචාර නොලැබුන වෙලාවක, බ්ලොග් එපාම වෙලා හිටිය මොහොතක.. ඕක වචන ටිකෙන් මට ආපු දහිරිය අප්‍රමාණයි..
මේ හැමදයක්ම වර්ෂ පූර්ණ ලිපියෙ ලියන්න හිටියට සුද්දො පස්සෙ පන්නන්න ගියායින් වෙලා මදි වුනායින් ඔක්කොම මග හැරුනා.. හරී තේරුම් ගනියි කියලා මම හිතනවා..
"ඒ රුහුණේ කොල්ලා..... " ලිපියෙන් තමා හරීව මම මුලින්ම හඳුන ගත්තෙ.. එදා ඉඳලා නොවරදාවාම ආපු පාඨකයෙක් තමයි හරී.
"නොකැපූ නියපොත්ත " සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රථම රහස් පරීක්ෂක කතාව වුනාද කියලනම් මම දැනගෙනම හිටියෙ නෑ.. ඒක එහෙමද ? මම හිතන්නෙ නැතුව ඇති..
හිට් ගැනනම් පොඩ්ඩක්වත් තැවීමක් නෑ.. හරී.. මම ඒක උපුටලා දැක්කුවෙ මම ආපු ගමන කොච්චර මන්දගාමිද කියලා පෙන්නන්ඩ විතරයි.. නෑ නෑ මම කිව්වෙ ලිපි.. පෝස්ට් නෙමේ.. හිට්ස් වගේම තමා මම පෝස්ට් ගනන් ගන්නෙත් නෑ.. පෝස්ට් නම් ඉතින් ඕන තරම් දාන්න පුළුවන්නෙ.. ලිපියක් දාන එක තමා අමාරු..
අවසාන වශයෙන් දැනගත්තු දා ඉඳලා දුන්නු හයියට හද පතුලෙන්ම ස්තූතියි...හරී..
පෝස්ට් දෙක තුනක හරීට ස්තුති කරලා තිබුනා වගේ මතකයි, ලිපියේ “කරෙක්ෂන්“ හැදුවට. හරී ව මම ඒකාලේ ඉදලා දන්න නිසා මම හිතුවේ සෙන්නත් චිරාත් කාලයක ඉදලා ලියන පොරක් කියලා. බුහ්හහ්හා....
Deleteබුහ්හහ්හා.... සෙන්නගෙ ලිවිල්ල මෙසේය... චිරාත් කාලයක සිට නොවේය...
Deleteබුද්ධි දන්නවද.. හරී අපේ ගමේ එකෙක් කියලා මම දැන ගත්තෙත් බ්ලොග් එකෙන්ම කියලා... ඕන්න බලහන් මගෙ වැඩවල හැටි...
අඩේ එහෙමත් එකක් ද? මම හිතුවේ නුවරඑලියේ හරි, මාතලේ හරි කියලා.... පෙනුම ඒවගේ හෙහ් හේ.... එහෙනං මැරියන්ලගේ ගෙවල් පැත්තෙ යද්දි එකගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ටම වැඩේ දුන්නැකි....
Deleteඒ කියන්නෙ මැරියන් නගා අපේ පැත්තෙද ? නැත්තම් අපේ පැත්ත පහු කරලා තව කිලෝමීටර හාරසීයක් විතර යන්ඩ ඕනද ? :-)
Deleteඅල්ලපු වැටේ. උඔට නිසා කිලෝමීටර් 10-12 ක් දාලා දෙඤ්ඤං...!
Delete@ සෙන්නා,
Deleteමම නොදැනුවත්ව හෝ මගේ වචනවලින් දහිරියක් ලැබීම ගැන සතුටුයි සෙන්නා.. තේරුම් ගන්ඩ දෙයක් නෑ.. මගේ නම ඔතන නොලියවුනා මාව මතක් නොකලා කියලා ලතවෙන තරහාගන්නා කෙනෙක් නෙමෙයි මම.. :)
@ බුද්ධි,
සෙන්නලාගෙ අහළ පහළ කියලා මම දන්නෙත් බ්ලොගෙන්ම තමා.. එන්ට එන්ට..
ඔන්න මමත් අද ඉඳල කුරුන්දට ගොඩ වෙලා යන්න එනව.. :D මමත් තාම අළුත් පොඩි එකා. බලමුකො බ්ලොග් අවකාසෙ අනිත් අය මාව පවුලට එකතු කර ගනීවිද කියලා :P
ReplyDeleteසුභපැතුම් සංවත්සර දෙකටම!
සාදරයෙන් පිළිගන්නවා යසිත්... බ්ලොග් අවකාශෙටයි, කුරුන්දටයි..
Deleteඔයා කිව්වා හරි. බ්ලොග් අවකාශෙ ඇවිත් පවුලක් වගේ තමා.. හරිම එකමුතුයි.. ඒවගේම ඉඳලා හිටලා රන්ඩුත් කරගන්නවා.. සහෝදරයො වුනාම එහෙමනෙ.. ඔයත් දැන් ඉතින් මේ පවුලෙ සාමාජිකයෙක්... හැමතිස්සෙම හොඳ දෙයක් දෙන්න බලන්න..
දිගු ගමනකට ශක්තිය පතමි !!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteඑසේම වේවා රජතුමනී !
Deleteපරක්කු වෙලා හරි ඇනිවසරි දෙකටම සුභ පතනවා සෙන්නා... මාවත් මතක් කළාට ගොඩක් ස්තුතියි... මේක දැක්කමයි මතක් උනේ.. මගේ බ්ලොග් ඇනිවසරියත් දන්නෙම නැතුව පහුවෙලා නෙව...
ReplyDeleteහම්මේ... ඇති යන්තම් නැගිටලා... :-)
Deleteස්තූතියි මියුරු.. ඔයත් මුල ඉඳලම තල්ලුව දීපු එක්කෙනෙක් තමා... සංවත්සර මතක් වෙයියෑ.. ඔහොම හයිබනේට් වෙන්න ගත්තම... :-)
ස්තූතියි මියුරු...
ගිය සතියේ මම ලංකාවේ. ඉතින් නෝ නෙට්. තිබ්බත් තිබ්බේ ෆෝන් එකේ. ඒ නිසා පමාවට සමාව ඈ..
ReplyDeleteමම සෙන්න ලිව්ව ලිපි වලින් ගොඩක් කැමති ලිපි තිබ්බා අර ප්ලේන් එකේ කතාව වගේම 9/11 සිද්ධිය ගැන කිව්ව කතාව. ලස්සනම දේ මේ ලිපි එකට එකක් වෙනස්. අපි ලියනවා වගේ නෙවෙයි. අර හොල්මන් කතාව එහෙම :) ඒ නිසා මම කුරුන්දට ගොඩවදින්නේ අලුතින් වෙනස් දෙයක් දකින්න. ඒ දේ ලැබෙනවා මට කියවන්නෙක් විදියට.
ඔබට ජය සෙන්නා..!! දැන් ඉතින් අපි වැඩිමනත්ම කියවන්නෝ හින්දා උඹල ලියන ලිපි එලෝ කෝටියක් වටිනවා.. :)
ගොඩාක් ස්තූතියි ක්සැන්ඩර්... කිසි පරක්කුවක් නෑ බන්.. ඒත් ලංකාවෙ මොකෝ බන් නෙට් නැත්තෙ ? මටනම් මෙහෙට වැඩිය හොඳට තියනවා එහෙ...
Deleteඋඹ නොලියන එක ගැනනම් මාගේ බලවත් විරෝධය.. මම ගොඩක් ආසකරන ලිපි යන තැනක් තමා ක්සැන්ඩරයාගේ කොලම..
ආයේ පටන් ගන්න කියලා ඉල්ලනවා...
මම හැමදාමත් පරක්කු වෙලා තමයි සෙන්නගේ බ්ලොග් එකට ගොඩ වදින්නේ. පුදුමේ කියන්නේ බොහොමයක් සෙන්නගේ බ්ලොග් ලිපි මම බලල තියෙන්නේ උදේ පහමාරත් හයාමාරත් කියන රශ් අවර් එකේ. ඒ කියන්නේ කඩදාසිය ලිපේ හයාමාරට තමයි මම ඔෆිස් යන්න ලැස්ති වෙන්නේ. කියවපු හැම ලිපියම ඉතා ආසාවෙන් කියෙව්වා. මොකද මම කුඩා කාලයේ වැඩියෙන්ම කියෙව්වේ අනුර සී. පෙරේරා ලියපු පොත් නිසා. සෙන්නත් මට ඒ ආකාරයේම කෙනෙක් වුනා. හැම ලිපියටම කමෙන්ට් එකක් එකතු කරන්න බැරි වුනේ අන්තිම ටික අර සයිකල් රේස් එකක වගේ හිටගෙන පාගපු නිසා. ඒ කියන්නේ ලැස්ති වෙන්න නැගිටලා හිටගෙන බලපු නිසා. අනිත් දේ තමයි මේ වෙලාවට මගේ දුව නැගිටලා මම බල බල ඉන්නකොට මගේ උකුලෙන් වාඩි වෙලා වෙනම ටැබ් එකක් ඇරගෙන එයාගේ වැඩ පටන් ගන්න වෙලාව නිසා. මම මේ ටික ලිව්වේ මගේ අතින් සෙන්නගේ බ්ලොග් එකට කමෙන්ට් වැටුනා මදි කියන එකට හේතු දක්වන්න.
ReplyDeleteසෙන්නා ඉඳහිටලා ලිව්වත් ලියන ලිපියේ සාරවත් බව තමා වඩා වටින්නේ. මොකද සමහර බ්ලොග් වල (සමහරවිට මගෙත්) ලිපි කාලීනව වැදගත් වෙන දේවල්. නමුත් සෙන්නගේ ලිපි අකාලික් නොහොත් කාලයත් සමග පරණ නොවෙන ඒවා. ඒ නිසා නිවිහැනහිල්ලේ පස්සේ බලන්න වුනත් පුළුවන් තත්වයේ ඒවා. මම හිතන්නේ වඩා කල් පවතින්නේ සෙන්නගේ ලිපි. අදටත් මම නොබලපු ලිපි ඇති. මම හිතා ගත්තා මේ සේරම නැවත වතාවක් මුල ඉඳන් කියවන්න. එහෙම කියෙව්වත් වරදක් නෑ. තරගෙට වල් පල ලියවෙන බ්ලොග් අවකාශේ සෙන්නා වගේ අය බ්ලොග් ලෝකයට ආදර්ශයක් කියල තමයි මට කියන්න පුළුවන්.
කාන්තාවන් බොහෝ දෙනෙක් කැමති තමන්ගේ විවිධ සංවත්සර තමන්ගේ පෙම්වතා නැත්නම් ස්වාමිපුරුෂයා මතක තියාගෙන ඉන්නවට. ඉතිං සෙන්නා මේ කරලා තියෙන්න ටක්කෙටම හරි යන වැඩක්. දෙකක් එකට වැටුනාම දෙකෙන් කොයි එකෙන් හරි අනික ගොඩ යනවා. මම ආස නෑ මේකට එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරා ගන්නවා වගේ ප්රයෝගකාරී වැඩක් විදියට හංවඩු ගහන්න. මේක අහිංසක උත්සාහයක් කියල කියන එක වඩා හොඳයි.
මොනවා වුනත් මේ සංවත්සර දෙකම සෙන්නාට වැදගත්. ඒ නිසා මම කියනවා පුළුවං තරම් බ්ලොග් සංවත්සර ගන්න ලැබේවා කියලා. එතකොට විවාහ සංවත්සර ගානා +6 නේ. මේ දෙකම සතුටින් සමරන්න ලැබේවා!!!.
ප්‍රමාධ වුවාට සමා වෙන්න.
--- සුදීක ---
තව දෙයක් කියන්න අමතක වුනා. සෙන්න මගේ කිට්ටු සමකාලීනයෙක්. ඒකට හේතුව මම බ්ලොග් ලෝකෙට කඩා වැටුනේ. 2011 දෙසැම්බර් මාසයේ නිසා.
Deleteසමාව ඉල්ලන්න කිසිසේතම් අවශ්‍යය නෑ සුදීක. කිසිම පමාවක් නෑ.. අනිත් එක කමෙන්ට් නොකළා කියලා කිසිම කහටකුත් නෑ.. කමෙන්ට් නොකරන එකේ වැඩේ කියවන අය කවුද කියලා දැන ගන්න නොලැබෙන එකයි.. මෙතනදි අර අටමගෙ තරු තියරි මරු සොයා ගැනීමක්..
Deleteමම එදා ඉස්සෙල්ලම සුදීකගෙ බ්ලොග් එකට ආපු වෙලේ කිව්වා වගේ, සුදීකව මම බ්ලොග් අවකාශයේ නිතර දැකලා තිබුනට " ඇවිද්ද පය" පැත්තට ගොඩ වෙන්න ලැබුනෙ නෑ.. දවසක් අහම්බෙන් ගූගල් සර්ච් එකකින් තමයි මම සුදීකගෙ ලිපියක් කියෙව්වෙ.. එදා ඉඳන් හැමදාම සුදීක ලියපුවා මම ආසාවෙන් කියෙව්වා.. මේ දවස්වල යන ඉන්දියානු සවාරිය මගෙ ආසම එකක්..
ස්තූතියි සුදීක අගය කළාට.. මම ඉතින් ඔහෙ හිමීට යනවා.. කිසිම හදිස්සියක් නෑ මට...
2011 නොවැම්බර් අවසාන කාලෙදි බ්ලොග් එකක් පටන් ගන්න ඕනා කියන සිතුවිල්ල තදින්ම ආපුවම ඒක තුන්වෙනිදා වෙනකම් කල් දැම්මා ඒක අපිට සුබ දවසක් හින්දා.
ස්තූතියි සුදීක.. නිතර කමෙන්ට් නොකළත් මේ විශේෂ අවස්ථාවෙදි ඇවිත්, දිගම කමෙන්ට් එකකින් සංග්‍රහ කරලා ගියාට..
ඔබට ජයම පතමි !!
හම්මේ..මම පරක්කු වැඩි නොවැ..සකේ සකේ..!!
ReplyDeleteම්..සෙන්නාගේ ලිපි වලින් කැමතිම ලිපිය නම් ටයිටැනික් ලිපිය කියල නම් කියන්නම ඕන..
අවුරුද්දක් තිස්සේ මාසයකට සැරයක්වත් අපිට ලිපියක් දායාද කරන එක ගැන නම් මට තියෙන්නෙ දරන්න බැරි සංතෝසයක් අප්පා..කියලා වැඩක් නෑ..
ඇත්තම කියනවා නම් සෙන්නා ඔය හිට්ස් එච්චර ගණන් ගන්න එපා මොකද දන්නවද ඒවායන් බාගයක්ම තියෙන්නෙ ලිපියක් වැටිලද කියලා බලන්න ආපු ඒවා..නැතුව කියවන්න ආව එව්වා නෙවෙයි අනේ..!!
කොහොම වුනත් වැඩ රාජකාරී ගොඩක් මැද්දේ රසගුණ පිරි පෝස්ටු ගොඩක් අපිට තිළිණ කලාට බොහොම ස්තුතියි. ඉස්සරටහටත් ගොඩක් දේවල් අපිත් එක්ක බෙදාගන්න කාලය හැකියාව ලැබෙන්න කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා..
ස්තූතියි රූ....පරක්කු නැත...
Deleteමොකද දන්නවද ඒවායන් බාගයක්ම තියෙන්නෙ ලිපියක් වැටිලද කියලා බලන්න ආපු ඒවා..නැතුව කියවන්න ආව එව්වා නෙවෙයි අනේ..!!//
ReplyDelete+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
මාර දිග වැටක් නොවැ... :-) ඒක නම් වැටක් ගහන්න ඕනා කතාවක් තමා...
Deleteමගේ සුභ පැතුම් සෙන්නා අයියේ, ඉදිරියටත් වැදගත් ලිපි ඔබගෙන් බලාපොරොත්තු වෙන්නෙමු // මං එන්න ට්කක් පරක්කු වුනා :)
ReplyDeleteස්තූතියි ඉමල්ක... හැකි තරම් කාලයක් බලාපොරොත්තු ඉටු කරන්න උත්සහා කරන්නම්.. කිසිම පරක්කුවක් නැත.
Deleteසෙන්නා අයියේ ! සමාවෙයන් !!! මට මේක ඇහැ ගැහුනේ අද... ඇත්තටම බ්ලොග් කියලා ජාතියකුත් ජංජාලේ තියෙනවා කියලා පහුනු මාසෙ අමතක වෙලා උන්නේ...
ReplyDeleteමුලින්ම නිදර්ශා අක්කාගේත්, ඔයාගේත් සත්වැනි විවාහ සැමරුමට සුභ පතන්නම් ! ඔය දෙන්නාගේත් අනාගත සිත්තර පුංචි සෙන්නා ගේත් පුංචි කැදැල්ල ආදරයෙන් ඉතිරේවා !!!
දෙක, කුරුන්දට සුභම සුභ උපන්දිනයක් ! උඹ මට පස්සේ බ්ලොග් කරන්න ආවත්, උඹේ බ්ලොග් එක මටත් ලොකු මොරාල් එකක් වුනා... උඹ මේකෙන් කරන වැඩ ටික දැක්කම ඇත්තටම හිතට මාර ගැම්මක් එනවා... එදා උඹ උඩ පැනගෙන දිනේෂ්ගේ සත් සමුදුර කියෙව්වා වගේ, දැනටමත් ගොඩ දෙනෙක් පිස්සුවෙන් වගේ කුරුන්දට වදින බව සිහි තබා ගනින් !
මේ ආරම්භය විතරයි. අවුරුද්දයි කියන්නේ තාම ඇවිදින්න ගත්තා විතරයි. තව යන්න ගොඩක් දුර තියෙනවා... හැමදාටමත් වගේ උඹ වගේ විවේකය කැප කරන් අනුන්ට දෙයක් කියවන්න දෙන, මහන්සි වෙලා බ්ලොග් ලියන උඹ වගේ බ්ලොග් රචකයන්ට මෙන්න මගෙන් ලොකු සයිස් මල් මිටක් !!!
සෑහෙන අවිවේකයි. සමහර වෙලාවට උදේ වෙලා රෑ වෙනවා දන්නෙත් නෑ... වැඩි විස්තර ටිකක් මගේ බ්ලොගේ මකුළු දැල් ටික කඩලා අහවර වෙලා දැනුම් දෙන්නම්... සදා ජය !!!
චතුරංග, සමවෙයන් බන්.. මට මේ කමෙන්ට් එක එහෙම් පිටින්ම මිස් වෙලා, දැක්කනම් රිප්ලයි නොකර ඉන්නෑ කියලා උඹ දන්නවනෙ..එහෙම වුනේ කොහොමද කියලා මම මේ කල්පනා කළේ.. ඊ-මේල් එකෙන්වත් දැක්කෙ නෑනෙ.. අද මේ නිකන් ඉන්න ගමන් පරණ කමෙන්ට්ස් ටිකක් කියවද්දි තමා මේක ඇහැගැහුනෙ..
Deleteබොහොම ස්තූතියි ඇගයීම වලටත්, සුබ පැතුම් වලටත්.. උඹ ඉතින් දැනගත්තු දා ඉඳලා ලෝබ නැතුව ලොකු කමෙන්ට් එකක් දාලා ධෛරයය දීලා ගිය එකා වෙච්චි..
ඉක්මනට ඔය මකුළුදැල් ටික කඩලා අපිට කියවන්න මොනවා හරි ලැබෙන්න සැලැස්සුවොත් හොඳයි.. :D
නැවතත් සමාවෙයන් පිළිතුරු පමා වුනාට..
උඹලාගෙ චූටි කැදැල්ලටත් ජයම පතමි !!