ටොන් මිලියන භාගයක් තරම් වූ යකඩ සහ කොන්ක්‍රීට් ප්‍රවාහයකට හසුව දිවි ගලවා ගැනීම ඇත්තෙන්ම හාස්කමකි. ආශ්චර්යයකි. ඔවුන්ගේ දිවි ගැලවුණේ කෙසේද ? ඔවුනට දැනුණ හැඟීම් කෙසේ වන්නට ඇතිද ?
එය දැනගැනීමට අපට වසර එකොළහක් අතීතයට යාමට සිදු වේ. මේ ඔවුන්ගේ කතාවයි.
2001 සැප්තැම්බර් 11, නිව් යෝර්ක් නගරය.
දිනය දුටු ගමන්ම, අටුවා ටීකා ටිප්පණි අනවශ්‍යයයි සිතමි. සිදුවූ ඛේදවාචකය ඔබ සැමගේ මතකයෙන් ගිලිහී නැතුව ඇතැයිද සිතමි. නමුත්, මෙම කතාව ඒ ගැන නොවේ. මේ එහි අතුරු කතාවකි.
~~~~~
කතාව ඇරබෙන්නෙ ඔවුන්ව ප්‍රහාරයට ලක් වූ ලෝක වෙළද මධ්‍යස්ථානයට කැඳවීමෙනි. ඒ, නිව් යෝර්ක් නගරයේ ගිනි නිවන භටයන් ලෙස අන් අයගේ ජීවිත ගැලවීමටය.
ගිනි නිවන භටයන් 235ක් දෙනෙකු එම ස්ථානයට විනාඩි 15ක් ඇතුළත ළඟාවිය. මුලින්ම පැමිණි කණ්ඩායම් අතර කපිතාන් Jay Jonas අණ දුන් Ladder 6 ඒකකයද විය.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
අප එම ස්ථානයට ළඟාවන විට දුටුවේ කිසිදා දැකීමට නොසිතූ දර්ශනයක්. ඒ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ වම් කුළුණෙහි ඉහළ තට්ටු විස්සක් පමණ ගින්නට හසුවී දැවෙන ආකාරයයි. - Capt. Jay Jonas
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Jim McGlynn හා ඔහුගේ කණ්ඩායම එම ස්ථානයට පැමිණෙන විට දුටුවේ, ගොඩනැගිල්ලෙන් බිමට පිනූ සහ පනින මිනිසුන්ගේ දර්ශනයයි.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මම දැක්කා මිනිසුන් ගොඩනැගිල්ලෙන් බිමට පනින ආකාරය. මට ඔවුන්ව පොළොවෙහි ගැටෙන ශබ්දය පවා ඇසුණා. - Jim McGlynn
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
උදෑසන 09:03 ට දෙවන ගුවන් යානය මගින් දකුණු කුළුණට ඒ මාරාන්තික මරාගෙන මැරෙන ප්‍රාහාරය එල්ල කළේය. විනාඩි නවයක් ඇතුළත 3000 කට ආසන්න පුද්ගලයන් සංඛ්‍යාවක් ඝාතනයට ලක්විය. Mickey Kross හා ඔහුගේ ඒකකය එම ස්ථානයට ළඟා වුයේ එවිටම වාගේය.
උදෑසන 09:10 ට සැලකිය යුතු ගිනි නිවීම් ඒකක සංඛ්‍යාවක් එම ස්ථානයට ළඟා වී සිටි අතර සියලු ඒකක පාලනය කළ හැකි, අණ නිකුතු ඒකකයක් වහ වහා උතුරු කුළුණේ ප්‍රවේශ ශාලාවෙහි පිහිටුවන ලදී. Peter Hayden එහි ප්‍රධානියා වූ අතර ඒ ඒ ඒකක විසින් සම්පුර්ණ කළ යුතු කාර්යයන් පැවරීම සිදු කෙරුණේ ඔහු අතිනි.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ඔවුන් පැමිණි පසු අප අදාළ කාර්යයන් පැවරුවා. මෙය ඉතා අවදානම් සහ අපහසු කර්තව්‍යයක් බව ඔවුන්ටම වැටහී ඇති බව හොඳින්ම පෙනෙන්නට තිබුණා. - Peter Hayden
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
" නැවතත් මා එනතුරු බලා සිටි මාගේ භටයන් වෙතට පැමිණියේ මෙසේ කියමිනි, " හරි, මෙන්න අපිට ලැබුන ගනුදෙනුව. ඒක හරි හමන් ගනුදෙනුවක්. අපි ඒක කරන්ඩ ඕනා. " " - Capt. Jay Jonas
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
කපිතාන් Jay Jonas නැවතත් අප වෙත පැමිණෙමින් පැවසු දේ මට කවදාවත් අමතක වෙන්නෑ. " කොල්ලනේ මුන් අපිව මරන්ඩ හදන්නෙ. අපි යමු. " අපිට ඒකට යනවා හැර වෙන විකල්පයක් තිබුනේ නෑ. ඒකට තමා අපිට ගෙවන්නෙ." - Bill Butler
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මෙය නිව් යෝර්ක් ගිනි භටයන්ට සිය ඉතිහාසයේදී මුහුණ දීමට වූ වැඩිම උසකදී ඇතිවූ ගින්නයි. එය මැඩපැවත්වීමට ඔවුනට පිය ගැටපෙළ උපයෝගී කොටගෙන අඩුම වශයෙන් මහල් අනූවක්වත් නැගීමේ දුෂ්කර අභියෝගයට මුහුණ දීමට සිදුවිය.
වේලාව උදෑසන 09:25 යි. වම් කුළුණේ වූ ගින්න ක්‍රමක්‍රමයෙන් වර්ධනය වී පාලනය කළ නොහැකි ලෙස බුර බුරා නැගෙමින් තිබුණි. මේ මොහොත වන විට Josephine Harris හැට වන මහල වෙත ළඟා වී තිබුණි. අනතුරින් ඇයට කිසිදු අනතුරක් වී නොතිබුණද සිය කකුලේ වූ පරණ තුවාලයක් ඇයගේ ගමන ගොළුබෙලි වේගයකට සීමා කළේය.
ජොසපින් හැරිස් එසේ "B" පිය ගැටපෙළ ඔස්සේ පහතට බසිමින් සිටින විට, කපිතාන් Jay Jonas ප්‍රධාන ගිනි භටයන් එම මාර්ගයෙන්ම ඉහළට නගිමින් සිටිනු දක්නා ලදී.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
සෑම තට්ටු හතරකට පහකට සැරයක්ම අප හොඳ හුස්මක් ගැනීම සඳහා විනාඩියකට පමණ නතර වුණා. අපි එකිනෙකාට " දිගටම යන්, දිගටම යන් " කියමින් තමා උඩට නැග්ගේ. ඒ අතර පහතට බසින මිනිසුන් අපට " පරිස්සම් වෙන්න, දෙවි පිහිටයි " කියමින් ආශිර්වාද කළා මතකයි. - Mike Meldrum

ඉහළ මහලයන්හී උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 1300 ක් පමණ දක්වා වැඩිවී තිබුණි. මෙම තත්ත්වය ලෝක වෙළද මධ්‍යස්ථානයේ කුළුණු ද්විත්වයෙහි ආධාරක වානේ රාමුව ඇද කිරීමට සමත්ව තිබුණි. එහෙත් ! ඉහළට යන ගිනි භටයන් ගොඩනැගිල්ල කඩා වැටීමට කෙතරම් ආසන්නදැයි කිසිසේත්ම නොදැන සිටියහ.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
අපිට පැයක් විතර ගියා 31 වෙනි තට්ටුවට එන්න. ඒ වෙලාවෙ අපි නැවත කණ්ඩායම් සැකෙසමින් හිටියේ. හදිසියේම ගොඩනැගිල්ල හිටගන ඉන්න බැරි තරමට හෙලවෙන්ඩ පටන් ගත්තා. එම සෙලවීම නිසා අපි සියලු දෙනාම සිටගෙන සිටීමට නොහැකිව ඇද වැටුණා. Jim McGlynn

ගොඩනැගිල්ල මෙතරම් සෙලවීමකට ලක් කෙරුවේ කුමක්ද ? එය ඒ තුළ සිටි ගිනි භටයනට සිතාගැනීමට අපහසු වූ කාරණයකි. සත්‍යය රුධිරය වතුර කරවන තරම් භයානකය. එය මහල් අනූවකටත් වඩා ඉහළින් පිහිටි ගින්නක් නිවීමට ඉහළට යන ගිනි භටයනට කිසිසේත්ම සුබදායක නොවන ආරංචියකි. ඔවුන්ගේ ගුවන් විදුලි පණිවිඩ සම්ප්‍රේෂණ යන්ත්‍රද ක්‍රියා විරහිතව තිබූ බැවින්, එම සෙලවීම, අසලින් වූ දකුණු ගොඩනැගිල්ල කඩා වැටීම නිසා ඇති වූවක් බව ඔවුන්ට මද වේලාවක් යනතෙක් දැනගැනීමට නොලැබුණි.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
සිහි එළව ගත්ත ගමන්ම මට හිතුණේ අපේ ගොඩනැගිල්ලෙ කොටසක් කඩාවැටුණා කියලා. මම බිලීට කිව්වා, " බිලී ඔයා දකුණු පැත්තෙ ජනෙල් වලින් බලන්න මම උතුර පැත්තෙ ඒවයෙන් බලන්නම්. අපිට බලාගන්ඩ ලැබෙයි මොනවද වුණේ කියලා". මම ජනෙල්ලෙන් බැලුවත් දැඩි දූහුවිල්ල මිසක් වෙන කිසිදෙයක් දැක්කෙ නෑ. මම බිලී දිහා බැලුවා. මට හිතුණෙම ඔහු දැන් ගොඩනැගිල්ල කඩන් වැටුනොත් මොනවා වෙයිද කියලා අහයි කියලා. මා දිහා එක එල්ලෙ බලන් හිටපු ඔහු " දකුණු ගොඩනැගිල්ල මේ දැන් කඩන් වැටුණා" කිව්වා. " - Capt. Jay Jonas
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
එය හිතාගැනීමට අපහසු තරමේ ඛේදවාචකයකි. වෙළද මධ්‍යස්ථානය අවට මංමාවත් අධික දුහුවිල්ලෙන් සහ අබලි ද්‍රව්‍යන්ගෙන් මොහොතකින් වැසී ගියේය. දකුණු ගොඩනැගිල්ලෙ සිරවු ජනතාව සහ ඔවුන් මුදවා ගැනීමට ගිය ගිනි භටයන් සියලු දෙනාම මොහොතකින් මරු වැළදගෙන තිබුණි.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මට දැනුණා අපි මොන තරම් අවධානමකද ඉන්නෙ කියන එක. තවදුරටත් කාලය අපත් සමඟ නෙමේ තිබුණේ. අපි වාසනාවන්ත නම් අපිට මේ මර උගුලෙන් ගැලවෙන්ඩ පුළුවන් වෙයි. මම මගේ පිරිස දිහා බලමින් "කණගාටුයි කොල්ලනේ, අරක කඩන් වැටුණා කියන්නෙ, මේකත් මේකත් කොයිවෙලේද කියන්ඩ බෑ. අපි වහාම මෙතනින් ඉවත් වෙන්ඩ ඕනා" යි කිව්වා. - Capt. Jay Jonas

කපිතාන් Jay Jonas ප්‍රධාන ගිනි භටයන්, සිය ජීවිතය උදෙසා නැවතත් වේගයෙන් පහළට බසින්නට වූහ. දකුණු කුළුණ ඔවුනට ඒ සඳහා ප්‍රමාණවත් අනතුරු හැඟවීමක් කොට තිබුණි.
උදෑසන 10:15 ට, පහළොස් වෙනි මහලේදී ඔවුනට ඉබි ගමනින් පහත බසින ජොසෆින් හැරිස් මහත්මියව හමු වෙයි. ඇයගේ සහයට ඇයගේ කළමනාකාරවරයාද ඇය සමඟ විය. කපිතාන් ජෝනස් කළමනාකාර වරයාට හැරිස් මහත්මිය හැර යන ලෙස උපදෙස් දෙන්නෙ ඇයගේ වගකීම ඔවුන් අතට ගනිමිනි. එය කඩා වැටෙන ගොඩනැගිල්ලකින් ඉවත්වෙන මිනිසුන්ගෙන් බලාපොරොත්තු නොවිය හැකි තරමේ කැප කිරීමකි. නිර්භීත කමකි.
හැරිස් මහත්මිය මේ වනවිට හොඳටම විඩාවට පත්වී සිටියාය. ඇයගේ කකුලේ වූ තුවාලය ගමනේ වේගය තවත් අඩාල කළේය.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මම බිලිට කොඳුරලා කිව්වා බිලී අඩිය ඉක්මන් කරලා යමු කියලා. මම මේක කිව්වෙ බොහොම හිමින්, කලබලයක් නැතිව. ඒත් ඒ මොහොතේ මම ඇතුළෙන් දැවෙමින් හිටියේ. අපි මීට වඩා වේගෙන් නොගියොත් අපිට මේ මර උගුලෙන් ගැලවෙන්ඩ හම්බෙන්නෑ කියන සිතුවිල්ල මට තදින්ම දැනුණා. - Capt. Jay Jonas
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
උදෑසන 10:24 ට ඔවුන් යාන්තමින් සිව්වන මහල වෙතට ළඟා වූහ. ඒ මොහොතවන විට හැරිස් මහත්මියට තව දුරටත් සිටගෙන සිටීමටවත් නොහැකි තත්ත්වයක ඇය පසු වූවාය.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
අපි හතරවෙනි තට්ටුවට එනකොට හැරිස් මහත්මියට තවදුරටත් සිටගෙනවත් ඉන්ඩ පුළුවන් තත්වයක් තිබුණේ නෑ.. ඇය කිව්වා " මාව අතෑරලා ඕගොල්ලො යන්ඩ " කියලා.. අපි කොහොමද ඇයව අතෑරලා යන්නෙ ? - Capt. Jay Jones
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මේ අතර ප්‍රවේශ ශාලවේ, සියලු දෙනාම සිය ජීවිත ගලවා ගැනීම වෙනුවෙන් පිටතට දිවයනවිට, තම සගයකු තවමත් පිය ගැටපෙළෙහි හිරවී ඇති බව වටහා ගත් ලුතිනන් ජිම් මැග්ලේන් ඔහුට සහය පිණිස ඇතුළට දිව යමින් සිටියේය. තමාව අනුගමනය නොකරණ ලෙස ඔහුගේ ඒකකයට නියෝග කළද ජේම්ස් එෆ්තිමියාඩේස් ඇතුළු අනෙකුත් සගයන් එම නියෝගයට අවනත නොවූහ. ඔවුන්ද ඔහු පසු පස වැටිණි.
ජේම්ස් සිය සගයනට සහය පිණිස පිය ගැට පෙළට ඇතුළු වූවා පමණී, ගොඩනැගිල්ල තුළ සිරවී සිටි අයවලුන් තත්පරයකින් හෝ පමාවේවායි පැතූ ඒ අති බිහිසුණු ඛේදවාචකය ඇරබුණි. ගොඩනැගිල්ල තුළ වූවන්ගේ රුධිරය ජලය බවට පත් කරමින්, හද ගැස්මේ වේගය උපරිම කරමින්, ලොමුදැහැගන්වමින්, උතුරු කුලුණ කඩා වැටීමට ඇරබුණි.
මේ ඔවුන්ගේ මරණාසන්න අත්දැකීම්ය.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මම පඩි පෙළට ඇතුළු වුණා පමණයි. මට ඇහුණා ගොඩනැගිල්ල කිරි කිරි ගාන ශබ්දය. මට තේරුණා මේකත් කඩා වැටෙන්ඩ තමා යන්නෙ කියලා. - James Efthimiades
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මෙදා සැරේ ගොඩනැගිල්ල සෙලවෙන කොට වෙන්න යන්නෙ මොකක්ද කියන එකේ සැකයක් තිබුණෙ නෑ. මොකද, අපිට ඇහුණා තට්ටු එක මත එක පතිත වෙමින් ගොඩනැගිල්ල පහළට එන ආකාරය. - Jim McGlynn
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
එක තට්ටුවක් ඊළඟ එකේ වදින වාරයක් පාසා ලොකු ශබ්දයක් සමඟ විශාල දෙදරීමක් ඇති වුණා. කොච්චරද කියනවනම් අපි හිටපු තට්ටුවෙ අපිව ඉහළ පහළ විසිවුණා. ඒ එක්කම කුලුණ ළඟ ළඟම කඩා වැටීගෙන එන ශබ්දය ඇසුණා. - Capt. Jay Jonas
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
" භූම් භූම් භූම් අනුකරණයෙන් තට්ටු එකින් එක හැප්පෙමින් කඩා වැටෙනවා හඬ අපට හොඳින්ම ඇසුණා. මට මතකයි මම හිතනවා අය්යෝ ඒක පටන් අරන්, අපට පැනගන්ඩ බැරි වුණානෙ කියලා." - Sal D'agostino
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මම හිතුවෙ ඊළඟ තත්පර කිහිපයෙදි මාව මැරෙනවා කියලා. ඒක ඉක්මනින්ම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කළා. මට ඕනා වුණේ නෑ අබාධිතයෙක් හැටියට ජීවත් වෙන්ඩ නම්. - Mickey Kross

ඒ තත්පර දහයෙදි මට කල්පනා වුණේ ගෙවිච්ච අවුරුදු තිස්තුනටම මම මොනවද කරලා තියෙන්නෙ කියලා. බොහෝ වෙලාවට වැඩ කිරීමම පමණයි. මගේ බිරිඳ දැන් වැන්දබුවක් වේවි. මගේ අවමගුල් උත්සවයට සියලුදෙනාම, දෙමාපියන්, පවුලේ අය සහභාගි වන ආකරයත් මගෙ කල්පනාවට නැගුණා. - James Eftimiades
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
උතුරු කුළුණේ කඩා වැටීම එහි සිරවූ පුද්ගලයන් 1300 කට අධික පිරිසකට මරු කැඳවීය. එහෙත්,
"B" පියගැටපෙළෙහි සමහර කොන්ක්‍රීට් බිත්ති, ඒ තුළ සිරවූ 14 දෙනෙකුගේ ජීවිත රැකගනිමින් නොසැලී සිටියහ.
තම දෑස් විවර කොට බලන විට ඔවුන් ආශ්චර්යයක් අත් විදිමින් සිටියහ. ජීවිතයේ අවසාන මොහොතට සූදානම් වී දෑස පියාගත් පසු නැවත එම දෑසම විවර කොට මෙලොව දකින්නට ලැබීම කිනම් වූ අත්දැකීමක් වේවිද ? ඔවුන් දැන් මේ විදිමින් සිටිනුයේ ඒ විරල අවස්ථාවයි.
අවටින් ඇසුණ ශබ්ද නිසා, කපිතාන් ජෝනස්ට තමන්ද, සිදුවීමට අපහසු හාස්කමක කොටස් කාරයකු වී ඇති බව තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගත නොවුණි.
ඛේදවාචකයෙන්, සම්පූර්ණ Ladder 6 කණ්ඩායමම සහ ජොසෆින් හැරිස් මහත්මිය දෛවෝපගත ලෙස දිවිගලවාගන තිබුණි. මෙම හාස්කම සිදුවූයේ කෙසේදැයි මුලදී විශේෂඥයන්ව අන්ධ මන්ද කළද, දැන් ඔවුන් ඒ සඳහා ආසන්න හේතුවක් ඉදිරිපත් කොට ඇත. ගොඩනැගිල්ල කඩා වැටීමේදී එහි පිටත කොටස්, ඇතුළත කොටස් වලට වඩා වේගයෙන් කඩා වැටීම හේතුකොටගෙන ගොඩනැගිල්ලෙ පාදම දෙසට වන්නට ආරක්ෂිත අවකාශයක් ඉතිරි වී ඇත. දිවිගලවා ගත්වූවන් සිරවූයේ මෙම කොටසේය.
වෙළද මධ්‍යස්ථානය අවට කලාපයම ඝන දූලි වලාවකින් වැසීගොසිනි. සතර අතින් අනෙකුත් ගොඩනැගිලි මධ්‍යයෙන් දූලිවලාව ගමන් කෙරුවේ කාන්තාර වල ඇතිවෙන වැලි කුණාටුවක් සිහිපත් කරවමිනි. මෙය පිටත සිටි ගිනි භටයනට සිය කාර්යයන් අපහසු කළේය. ගමන් කථන හරහා කෙරුණ සන්නිවේද කටයුතුද ඇන හිටිනි.
දූලි වලාව පහව ගිය වහාම, විදුලි පණිවිඩ සංඥා මගින් දසතින් ඇසෙන්නට වූයේ උපකාර ඉල්ලා නිකුත් කෙරුණ පණිවිඩයි. ( Mayday Messages )
කපිතාන් ජොනස්ද තමන්ගේ Mayday පණිවිඩය ගුවනට මුදා හළේය. එහෙත්, එකවර දසතින් ඇසුණු උපකාර ඉල්ලීම වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණි. ඔහුගේ පණිවිඩයටද ප්‍රතිචාරයක් නොමැත.
කපිතාන් ජෝනස් ඇතුලු Ladder 6 කණ්ඩායම හා ජොසෆින් හැරිස් සිරවී සිටි ස්ථානයට පහළට වන්නට ලුතිනන් ජිම් මැග්ලේන් හා ඔහුගේ කණ්ඩායමද සිරවී සිටියහ. මිකී ක්‍රොස් අන් අයගෙන් හුදකලාවූ වෙනමම ස්ථානයක තනිවම සිරවී සිටියේය. සියලු දෙනාම පසු වූයේ බරපතල අවිනිශ්චිතතාවයක. බාහිර ලෝකය සමඟ තිබු සම්බන්ධය බිඳී තිබුණ හෙයින් පිටත සිදු වන්නේ කුමක්දැයි ඔවුනට අවබෝධයක් නොවුණි. කපිතාන් ජෝනස් දිගින් දිගටම උපකාර ඉල්ලා කෙරෙන පණිවිඩ නිකුත් කරමින් ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් පසු විය. තවමත් ඔහුගේ පණිවිඩ වළට ප්‍රතිචාරයක් නොමැත.
සෙවීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ඇරබුණි. එහෙත්, එය සිතූ තරම් පහසු කටයුත්තක් නොවුණි. ඉතා සෙමෙන් කළයුතුවූ අනතුරුදායක කටයුත්තක් වී තිබුණි. සිය ගණනින් නව ගිනි භටයන් එම ස්ථානයට ළඟා වන විටත් කපිතාන් ජෝනස් සිය උපකාර පණිවිඩ සඳහා ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් පසු විය. ඔහුට වෙන කළ හැකි කිසිවක් නොවුණි.

අපිට තේරුණා මෙතනින් බාහිර උදව් නැතුව ගැලවෙන්ඩ බැරි විත්තිය. ඒක ගිනි භටයකුට ඉතා විශාල මානසික පීඩනයක් ගෙනදෙන කාරණයක්. මොකද අපි නිතරම අන් අයව ගලවා ගැනීමට යන අය. දැන් ඔක්කොම කණපිට හැරිලා, අපිට වෙන කවුරු හරි ඇවිත් අපිව බේර ගන්නකම් බලා ඉන්ඩ වෙලා. - Capt. Jay Jonas

සැප්තැම්බර් 11, මද්‍යහනය වන තුරුත් කපිතාන් ජෝනස්ගේ පණිවිඩ වලට ප්‍රතිචාරයක් නොමැත. පිටත සිටි ගිනි භටයනට ඔවුන් සිරවී සිටින්නේ කෙතරම් ආසන්නයේදැයි අදහසක්ද නොවුණි. කපිතාන් ජෝනස් නැවතත් සිය ගුවන් විදුලි පණිවිඩය මුදා හළේය. මෙවර එය සාර්ථක විය. බලාපොරොත්තු නොවූ ලෙස මෙවර එයට ප්‍රතිචාර දැක්වීය. ඒ ගලවා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධීකරණය කරමින් සිටි Chief Nick Visconti ය.

මට ඇහුණා නික් ගුවන් විදුලි යන්ත්‍රයෙන් අප අමතනවා " Operations to ladder 6, all units stand by, operations to ladder 6, Jay, where are you ? " - Capt. Jay Jones

නමුත් කපිතාන් ජෝනස් සඳහන් කළ ස්ථානය ඔවුනට කිසිසේත්ම විශ්වාසකළ නොහැකි එකක්ම විය. උතුරු කුළුණක් තව දුරටත් නොපැවතුණි. නික් විසින් කිහිප වරක්ම ජෝනස්ගෙන් ස්ථානය පිළිබඳ විමසා සිටියේ මෙම ව්‍යාකූලතාවය මගහරවා ගැනීමටය.

මට ඇහුණා කවුදෝ ගුවන් විදුලියෙන් අහනවා " කොහෙද උතුරු කුළුණ තියෙන්නෙ " කියලා. - Capt. Jay Jones

නික් විස්කොන්ටී විසින් යුහුසුළුව ඔවුන්ව ගලවා ගැනීම සඳහා කණඩායමක් පිටත් කෙරිණ. ග්ලෙන් රෝහන් ප්‍රධාන කණඩායමට එම කාර්යය පැවරිණ. නමුත් මුලින්ම ඔවුනට උතුරු කුළුණේ නටබුන් සොයා ගැනීමේ අභියෝගයට මුහුණ දීමට සිදු විය.

නික් කිහිප වරක්ම මට ගුවන් විදුලියෙන් කතා කළා. ඔහු පැවසූවේ " මම උඹව බේරගන්ඩ එනවා සහෝදරයා. මම එනවා. " - Capt. Jay Jonas

මේ අතර තවත් දෙයක් සිදු විය. පැවති දූලි වලාව පහව ගොස් අවට වාතාශ්‍රය පැහැදිලි වූ විට, තමන්ගේ ගැලවීම් මාර්ගය වැටී ඇත්තේ කොහෙන්දැයි පෙන්වමින් සූර්යයා දිදුලමින් මග පෙන්වන්නට විය. විවරයක් තුළින් සූර්යාලෝකය ඔවුන් සිටි තැනට වැටී තිබුණි.
එම මාර්ගය ඔස්සෙ ඇඳුණු කඹයක් ආධාරයෙන් සමහර භටයන් ඉහළට නැගීම ඇරඹීය. අනෙක් අය සුන් බුන් අතර තව දුරටත් සිරවී සිටියහ. පැය හතරකට අධික කාලයක් නටබුන් අතර සිරවී සිට ගොඩට පැමිණි භටයන් සිය අවට දක්නට ලබුණු විනාශයේ ප්‍රමාණයෙන් විමතියට පත්වූහ.

මම අවට බලද්දි දක්කේ හැමතැනම පැතිරුණු ගින්දර, දුම් සහ නටබුන් විතරයි. හරියට නිකම් න්‍යෂ්ටික බෝම්බයකට අහුවෙලා වගේ. මේකෙන් බේරුණා කියලා මට විශ්වාසකරන්ඩත් බෑ වගේ. - Capt. Jay Jonas

මෙසේ පිරිසක් ගලවා ගැනීමෙන් අනතුරුව, ග්ලෙන් රෝහන් ජොසෆින් හැරිස් මහත්මියව සහ අනෙකුත් භටයන්ව බේරා ගැනීම උදෙසා අදාළ විවරය දිගේ කඹයක් ආධාරයෙන් පහතට බසින්නට විය.

මට මතකයි ඔහු පහළට එනවා. ඒත් ඔහු ආවෙ කඹයකින්. කොහොමද ඔවුන් මාව කඹයක් ආධාරයෙන් ගලව ගන්ඩ යන්නෙ? - Josephine Harris

මම කිව්වා ජොස්ෆින්ට, අපේ තව පිරිස් සහ උපකරණ එනවා. අපි ඔබව මෙතනින් ගලව ගන්නම්. ඒ ගැන බය වෙන්ඩ එපා කියලා. - Glenn Rohan

ජොස්ෆින් හැරිස්ව බේරා ගනීමෙන් අනතුරුව, ග්ලෙන් රෝහන් සිය අවධානය යොමු කෙරුවේ ජිම් මැග්ලේන් අතුළු ඔහුගේ කණ්ඩායම වෙතයි. ජිම් මැග්ලේන් ඔහුට පහතින් සිරවී ඇති සිය සගයන් දෙදෙනා ගලවාගන්නා තුරු එතනින් යාම ප්‍රතික්ෂේප කළේය. පැයක පමණ වූ අති දුෂ්කර ව්‍යායාමයකින් පසුව ග්ලෙන් රෝහන් විසින් පහතින්ම සිරවී සිටි අවසන් භටයන් දෙදෙනාද ගලවා ගන්නා ලදී. "B" පියගැට පෙළෙහි සිරවූ ගිනි භටයන් දාහතර දෙනාවම මෙසේ ගලවා ගන්නා ලදී. පුදුමයකට මෙන් ඔවුන් සියලු දෙනාම බරපතල තුවාල කිසිවක් ලබා නොතිබුණි.

පස්වරු තුනට කපිතාන ජේ ජෝනස්, සිය ආගමනය වාර්තාකිරීම සඳහා අණ නිකුතු ඒකකය සොයාබලන විට Peter Hayden ගිනි නිවීම් රථයක් මත සිට ගලවා ගැනීම මෙහෙයුම් සම්බන්ධීකරණය කරමින් සිටිනු දක්නා ලදී.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ජේ මාවෙත පැමිණ ආචාර කොට " කපිතාන් ජෝනස් සේවයට වාර්තා කරනවා " යි පැවසුවා. - Peter Hayden

ඒක අපි දෙදෙනාටම හරිම හැඟුම් බර මොහොතක්. ඔහු කීවා "ජේ ඔබව දකින්න ලබුන එක හොඳයි" කියා, එතකොට මම කීවා නැවත මෙහි සිටීමට ලැබීමත් හොඳයි කියා. - Capt. Jay Jonas

ඉවතට පැමිණි මිකී ක්‍රොස් සිය ඒකකය සොයන්නට විය. අණ නිකුතු ඒකකයට ආසන්නයේ වූ මේසයක් දුටු මිකී ඒ වෙත ගමන් කෙරිණ.

එම මේසය වෙත ගමන් කොට මම කිවා " මම ලුතිනන් මිකී ක්‍රොස්, Ladder 16 වෙතින්. " එවිට ඔවුන් දීර්ඝ නම් ලයිස්තුවක් පරික්ෂා කොට " ඔබ අතුරුදහන් වූ හෝ මිය ගිය ලෙස මෙහි වාර්ථා වී තිබෙනවා " යි කීවා. " නැහ් නැහ්.. මම මේ ඉන්නවා.. කෝ මගේ කණ්ඩායම " " ඔවුන් සියලු දෙනාම හොඳින් " යි ඔවුන් කීවා - Mickey Kross

මිකී ක්‍රොස් ගේ කණඩායමේ සියලු දෙනාම අනතුරින් දිවි ගලවා ගෙන තිබුණි.
සිය ප්‍රථමදාර අවසන් වූ වහාම ජිම් මැග්ලේන් සිය ඒකකයේ අනෙක් සගයන් ගැන සොයා බලන්නට විය. ඔහුගේ කණ්ඩායමේද සියලු දෙනාම දිවි ගලවා ගැනීමට සමත්ව සිටියහ.
ජේමස් එෆ්තිමියාඩේස් තදබල හුස්ම ගනීමේ අපහසු තාවයකින් පෙළෙන්නට විය. ප්‍රථමාධාර වලින් පසුව ඔහුව වහාම රෝහල කරා යොමු කෙරිණ. ඊට පෙර සිය බිරිඳට කතා කිරීමට ඔහු සමත් විය.

" මම හොඳින් ඉන්නවා. මම දැන් රෝහලට යන්ඩයි යන්නෙ. අම්මටත් කතා කරලා කියන්න මම හොඳින් කියලා. " - James Eftimiades

කපිතාන් ජෝනස් සිතන පරිදි ජොස්ෆින් හැරිස්ගේ භූමිකාව මෙහිදී ඔවුන්ගේ ජීවිත ගැලවීම කෙරෙහි තදින්ම බලපා ඇත.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ජොසෆින් හැරිස්ගේ ජීවිතය ගලවා ගැනීම වෙනුවෙන් නතරවීමට ගත් තීරණය ඇත්තෙන්ම අති විශාල සාධකයක්. අපට මෙන්ම ඇයටත්. අපි ඇයව ගලවා ගැනීමට නතර නොවුණේ නම් මේ වෙනකොට අපි කොහේ ඉඳියිද ? - Capt. Jay Jonas

ඔවුන් එසේ දිවි ගලවා ගැනීමට වාසනාවන්ත වුවද, නිව් යෝර්ක් ගිනි නිවීම් දෙපාර්තමේන්තුවේ භටයන් 343 දෙනෙකු සිය ජීවිතය පූජා කොට තිබුණි. එය නිව් යෝර්ක් ගිනි නිවීම් දෙපාර්තමේන්තුවේ අඳුරු දවසකි.

පසුව සොයා ගත් සිය ගණනකගේ සිරුරු අනුස්මරණීය ලෙස භූමදාන කරන ලදී. එක්දහස් ගණනක් අංශු මාත්‍රයක හෝ සටහනක් නොතබා සුන්බුන් අතර අතුරුදහන්ව සිටියහ.කපිතාන් ජෝනස් සිතන පරිදි ජොස්ෆින් හැරිස්ගේ භූමිකාව මෙහිදී ඔවුන්ගේ ජීවිත ගැලවීම කෙරෙහි තදින්ම බලපා ඇත.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ජොසෆින් හැරිස්ගේ ජීවිතය ගලවා ගැනීම වෙනුවෙන් නතරවීමට ගත් තීරණය ඇත්තෙන්ම අති විශාල සාධකයක්. අපට මෙන්ම ඇයටත්. අපි ඇයව ගලවා ගැනීමට නතර නොවුණේ නම් මේ වෙනකොට අපි කොහේ ඉඳියිද ? - Capt. Jay Jonas
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ඔවුන් එසේ දිවි ගලවා ගැනීමට වාසනාවන්ත වුවද, නිව් යෝර්ක් ගිනි නිවීම් දෙපාර්තමේන්තුවේ භටයන් 343 දෙනෙකු සිය ජීවිතය පූජා කොට තිබුණි. එය නිව් යෝර්ක් ගිනි නිවීම් දෙපාර්තමේන්තුවේ අඳුරු දවසකි.
~~නිමි~~
පසු සටහන් :
1. කිසිත් නැත. වැරදි ඇතොත් කියන්න.