Saturday, July 15, 2023

රැක් එක අවුල්....

 

2023.07.15



දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදාගෙන නොගොස්, විශේෂයෙන්ම කඳුකරයට යනවිට එසේ නොගොස් විවිධ අනතුරු වලට මුහුණ දෙති. මම එසේ නොවෙමි. මගේත් අන් අයගේත් ආරක්ෂාව ගැන වෙසෙසින්ම සිතමි. හොඳ අය එසේය.😉

පසු ගිය උඳුවප් මහේ අප ඇල්ලේ සංචාරයක යෙදුනාහ. එයට පෙර වාහනයේ Wheel Alignment (මෙයට සිංහල වචනයක් Chat GPT මහතාගෙන් විමසූ විට " කකුළු සක්‍රය" යනුවෙන් පැවසුවේය. Bard මහතාගේ අදහසට අනුව එය "රෝද එකෙල්ල" වේ. ඔබ මෙයට පෙර මේ වචන අසා ඇතිද? මා නම් නැත. ) සකසා ගැනීමට ටයර් කඩයට ගියෙමි. එතන ඇතිවුන සංවාදය මෙසේය.

"මේකේ රැක් එකේ අවුලක් තියනවා. මේ පේනවද පොඩි ප්ලේ එකක් වගේ එකක් තියනවා මේ පැත්තෙ. මෙහෙම තියාගෙන wheel alignment  කරලා වැඩක් නෑ. මට ඕනනම් කරලා දෙන්න පුළුවන්, ඒත් වැඩක් නෑ."

"එහෙමද? ඔව් මටත් කම්පැනි එකෙන් කිව්ව රැක් එක මාරු කරන්න ඕනා කියලා, ලක්ෂ දෙකක් විතර යයි කිව්වා."

" අපෝ මේක මාරු කරන්න ඕනා නෑ හදන්න පූළුවන්. ඔයා යන්න මීගමුවෙ අහවල් තැනට*, එතන ගලවලා, ලේත් කරලා හොඳටම හදලා දෙනවා. ඕන නම් උපරිම විසි පහක් විතර යයි. බොරුවට ලක්ෂ ගනන් දීලා අලුත් ඒවා දාන්න එපා. කම්පැනි ඉතින් කියන්නෙ එහෙම තමා. ඒ ගොල්ලන්ගෙ බිස්නස් එකනෙ."

"ඔව් නේ. Thank you very much තැන කිව්වට. මම ගිහින් බලන්නම්. අපි හෙට ඇල්ලෙ යන්න ඉන්නෙ. මෙහෙම ගියාට අවුලක් නැති වෙයිද?"

"නෑ එහෙම අවුලක් වෙන්නෑ, ෂේප් එකේ ගිහින් එන්න පුළුවන්. හැබැයි කල් නොදා මේක හදා ගන්න."

නිවැරැදි මග පෙන්වීම පිළිබඳ ඔහුට ස්තූති කොට, ටයර සතරෙහි හුළං තත්ත්වයද පරික්ෂා කරවාගෙන එතනින් නික්මුණි.

ලියුවේ;

සෙන්නා / 15.07.2023

* පසු ලිවීම - මේ කියන අහවල් තැන මීගමුවේ Deemo Motors ය. කාට හරි අවශ්‍ය‍යනම් එතෙනට යන්න පූලුවන්. ඔවුන් බොහොම ප්‍රශස්ත මට්ටමේ සේවයක් සපයනවා. මෙය තෘප්තිමත් පාරිභෝගික ප්‍රතිචාරයක් මිස, ඔවුන් වෙනුවෙන් කළ වෙළඳ ප්‍රචාරණයක් නොවන බව සළකන්න.

12 comments:

  1. ඉතිං ඔය කැඩිච්ච රාක්කෙ අරං වල්ලෙ... සොරි ඇල්ලෙ ගියාද?
    ඒ විස්තරත් දැම්මනං හොඳ නැද්ද මං අහන්නෙ.

    ReplyDelete
    Replies
    1. ගියා නේන්නම්.. ඒ විස්තරේ.කියන්න තමා මේ පෙර වදන...

      Delete
  2. සෙන්නා ආපහු ලියනවා වගේ. මගෙත් මේ දවස් වල එහම් ප්‍රශ්නයක් තියනව. මම උලදී හිතන් හිටියේ Wheel Alignment නිසා ඩෙක ඩෙක සද්දේ කියල. දැන් බලනකොට driver side රැක් එක ගාව කෑල්ලක් ගිහින්. pothole එකකට වැටුන නිසාලු. ලක්ෂ දෙකක්වත් යනවා කීව මෙහෙත්

    ReplyDelete
    Replies
    1. මෙහේට ගෙනල්ලා සෙන්නා කියපු පොට් එකට දාලා හදවා ගමු ලොක්කා

      Delete
    2. ඒක තමා. ටිකක් අඩුවෙන් කර ගත්තේ. ලක්ෂ එකහමාරට අද කරලා ගෙනත් දුන්න කාරෙක.

      Delete
    3. අජිත්, මම ලියන එක නවත්තලම දාලා නෑ. වෙලාව තියන විධිහට ඔය මොන මොනව හරි ලියනවා. දැන් ඉතින් ඉස්සර වගේ වටිනා කියන දේවල් ලියන්න බෑ. මේ වගේ වල් පල් තමා. වෙලාවක් නෑ. ඔහෙ නැද්ද රෙපෙයාර් කරණ තැනක්..

      Delete
  3. පෙර වදන බැලුවා. 😊

    ReplyDelete
  4. අප්සෙට්ම සද්දෙ තමයි සීවී ජොන්ට්ස්වලින් එන්නෙ.
    අවු 5ක්වගේ ඇතුලත ආපු කාර්වල ඒ ප්‍රශ්නෙ එනව අඩුයි. සීවි ජොයින්ට් වෙන විදිහකට ආරක්ෂාවෙනවද? එහෙම නැත්නම් රබර් බූට් වෙනස් විදිහකට හදලද?

    ReplyDelete
    Replies
    1. මට ඔය ගැන තියන දැනුම බින්දුවයි ප්‍රාජේ..

      Delete
  5. රෝද එකෙල්ල හරි

    ReplyDelete
  6. මැකනිකල් වැඩ මමත් නොදනී, බාසා කියන දෙයක් අහල එනවා

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog