24.09.2018
අපේ කුඩා කාලයේදී නිවසට ජලය සපය ගත්තු ප්‍රධාන මාර්ග දෙකක් තිබුණා. මාර්ග දෙකක් කිව්වට ඒ දෙයාකාරයක් ගත්තු එකම විදිහේ ජල සැපයුම් මාර්ග. ඒ, බොන ළිඳ සහ නාන ළිඳ. බොන ළිඳ විශාල ගැබුරකින් යුක්ත රවුම් හැඩයට නිර්මාණය කෙරිච්ච, දෙපැත්තෙන් කණු දෙකක් උඩට ගිහින් මැද්දෙන් බොලොක්කයක් සවි කෙරිච්ච, බාල්දියක් සහ කඹයක් සහිත සාම්ප්‍රදායික ළිඳක්. ගෙදර බීමට සහ ඉවුම් පිහුම් කටයුතු වෙනුවෙන් ජලය සම්පාදනය කරගන්නේ මේ ලිඳෙන්. ලිඳෙන් කළයට පුරව ගන්න වතුර තමා නිවසේ ප්‍රයෝජනයට ගන්නේ. ඉඳලා හිටලා වතුර බාල්දි හත අටක් ඇදලා ඇඟට හලා ගන්න එකත් මේ ලිඳෙන් නොවුනාම නෙමේ. සිංහල අවුරුද්දට ගනු දෙනු කෙරුණෙත් මේ ළිඳත් එක්ක තමා.
එතකොට දෙවෙනි ළිඳ තමා නාන ළිඳ. එතරම් ගැඹුර නැති, වැසි කාලයට අතින් ගත්තු පනිට්ටුවෙන් කෙළින්ම වතුර ඇදල ගන්න පුළුවන්, නියං කාලයට වැඩිම වුණොත් මීටරයක් විතර කෙටි කඹ කෑල්ලක් ඕනෑ වෙන, හතරැස් හැඩයෙන් යුක්ත මේ ළිඳ පිහිටලා තිබුණේ වත්ත පල්ලෙහාට වෙන්න. නෑම සහ රෙදි සේදීම යන කටයුතු ඔක්කොම කෙරුණේ මේ ලිඳෙන්. වතුර පනිට්ටු විස්සක්, තිහක් ඇඟේ හලාගෙන මේ ලිඳෙන් නාපු නෑමේ තියන සනීපය, කාක්කො නානවා වගේ Bathroom Shower එකෙන් නාලා ජීවිතේට ලබන්න බැරි බව, ඒ වගේ ළිඳකින් නාපු/නාන අය හොඳටම දන්නවා ඇති.
කාලයාගේ අවැමෙන්, පුංචි ඉඩම් කට්ටි වලට කොටු වුණාට පස්සේ ලිඳ කියන සංකල්පයට ආයුබොවන් කියලා, නිකන් ලැබුණු වතුර ටිකට සල්ලිත් ගෙවලා, ජල සම්පාදන මණ්ඩලයේ වතුර සැපයුම මත යැපෙන්න සිදු වෙලා තියෙන්නෙ දැන්.
මේ සැපයුමත් එකි නෙකා තම තමන්ගේ රුචියට ගැලපෙන පරිදි සකස් කරගන්නවා. සමහරු මණ්ඩලේ සැපයුමෙන් තමන්ගේ ටැංකියක් පුරවගන, එකෙන් තමන්ගේ අවශ්‍යතා සපුරා ගන්නවා. මම පුද්ගලිකව ඔය ක්‍රමයට මනාප නෑ මොකද එතකොට වතුර පීඩනය බොහොම බාල වෙන නිසා. ඒක නිසා මගේ පුද්ගලික මනාපය මණ්ඩලේ සැපයුමෙන් කෙළින්ම නිවසේ පද්ධතියට ජලය ලබාගෙන භාවිතා කිරීමට. එතකොට ප්‍රායෝගික ගැටලුවක් මතු වෙනවා හදිසියෙවත් වතුර කැපුවොත්. ඒ වගේ වෙලාවලට අවශ්‍ය වෙන්න එහෙනම් වතුර ටැංකියක් පුරවගෙන ඉන්න ඕනා. ඕකෙ මම මුහුණ දීපු ප්‍රායෝගික ගැටලු කිහිපයක්ම තිබුණා.
1. සැපයුම මාරු කරන්න වුණාම, අවශය පරිදි Ball Valve එහාට මෙහාට සීරු මාරු කරන්න වෙනවා. සැපයුම විසන්ධි කරණ සෑම වාරයකම දෙපාරක් මේක කරන්න වෙනවා. ඒ, ප්‍රධාන සැපයුමෙන් ටැංකියට. ආයේ වතුර ආපුවම, ටැංකියෙන් ප්‍රධාන සැපයුමට ආදී වශයෙන්. කාන්තා පාර්ශවයට කොච්චර කියලා දුන්නත් ඕක ගැන එච්චර වැටහීමක් නෑ. හැමදාම කෝල් එකක් එනවා දවල් කාලයේ වතුර කැපීමක් සිදු වුණොත්.
2. වතුර සැපයුම ආයෙත් ලැබිලද කියලා, වෑල් කරකවලාම බලන්න ඕනෑ වීම. සමහර වෙලාවට, කෙටි වෙලාවක් ඇතුළත ප්‍රධාන සැපයුම නැවත ලැබුණත්, අපි දිගටම ටැංකියේ වතුර පාවිච්චී කරනවා ඒ ගැන නොදැන. ටැංකියේ වතුර ඉවර වුණාම තමා බලන්නේ වතුර ඇවිල්ලද කියලා.
3. සමහර වෙලාවට ආපහු ටැංකිය පුරව ගන්න අමතක වෙනවා. එතකොට ඊළඟ සැරේ වතුර කපපුවම තමා දන්නේ " ආ වතුර පුරවලා නෑනේ කියලා".
4. අනිත් කාරණය ටැංකියට පිරෙන වතුර ඉබේ නතර වෙන්න ක්‍රමයක් සකසලා තිබුණේ නෑ. ඉතින් වතුර පුරවන හැම වෙලාවකම ටැංකියෙන් වතුර ඉතිරිලා යනකම්ම ඉන්න ඕනා ටැංකිය පිරුණ බව දැන ගන්න. ටැංකියට සැපයුම කපා හරින කාලය වෙනකම් සැලකිය යුතු වතුර ප්‍රමාණයක් අපතේ යනව.
ඔය දුෂ්කරතා මග හරව ගන්න මම ගහපු සැලැස්ම තම ඔය උඩ පින්තූරේ තියෙන්නෙ. පහළ පින්තූරේ තියෙන්නේ ඒක ප්‍රායෝගිකව යථාර්ථයක් වෙච්ච් විදිහ තමා.
මේ ක්‍රමයේදී ප්‍රධාන ජල සැපයුම ක්‍රියාත්මක අවස්ථාවේදී නිවසේ නල පද්ධතියට අවශ්‍ය කරණ වතුර ඒකෙන් කෙළින්ම ලැබෙනවා වගේම ටැංකිය අවශ්‍යය ප්‍රමාණයට පිරිලා නතර වෙනවා. ප්‍රධාන සැපයුම නතර වෙච්ච වහාම ටැංකියෙ සැපයුම ස්වයංක්‍රීයව ක්‍රියත්මක වෙලා නිවසේ පද්ධතියට අවශ්‍ය ජලය එයින් ලැබෙනවා. ආයෙත් ප්‍රධන සැපයුම සක්‍රිය වෙච්ච වහාම ටැංකියේ සැපයුම නතර වෙලා, ජල සැපයුම ප්‍රධාන පද්ධතිය භාර ගන්නවා වගේම ටැංකියත් අවශ්‍ය ප්‍රමාණයට පිරිලා නතර වෙනවා.
මේක තනිකරම මගේ සිතේ ඇඳිච්ච, මමම නිර්මාණය කරපු සැලැස්මක්. මම කියන්නැ මේ සැලැස්ම වෙන තැනක නැතිම වෙයි කියලා. මොකද මේක ජලනළ වැඩ පිළිබඳ හසළ දැනුමක් තියෙන කෙනෙකුට ඒ හැටි අරුමයක් හෝ අපූරු දෙයක් නොවෙන්න පුළුවන්. මම මුහුණදිපු ගැටලුවට මුහුණදීලා විසඳුමක් සොයන කෙනෙකුට ප්‍රයෝජනයක් වෙයි කියන අරමුණෙන් තමා මේ ලිපිය පළකරන්න හිතුවේ.
මේ ක්රමයේ මම දකින එකම දුර්වලතාවය යම් හෙයකින් ප්‍රධාන සැපයුමේ දීර්ඝකාලීන විසන්ධිවීමක් සිදු නොවුණොත් ටැංකියේ පිරිලා තියන ජලය භාවිතා නොවී පල්වීමකට ලක් වෙන්න තියන ඉඩ කඩ. කාට හරි විසඳුමක් තිබේනම් කියන්න කියලා ඉල්ලා සිටිනවා.
"කාලෙකින් වතුර කැපුවේ නෑ" කියලා තමා දැන් අපේ ගෙදර අය කියන්නේ. 😄😄😄😄😄😄😄😄
ලියුවේ;
සෙන්නා / 24.09.2018
සති අන්තයෙදි ගෙදර හෝදන කරන වැඩ ටික කරන වෙලාවට මතක් කරලා මේන් ලයින් එක වහලා ටැංකියෙ වතුර ටික ඉවර කරලා දාලා ඉන්ට. මැනුවලි තමා කොරාන්ට වෙන්නෙ ඉතිං. එතකොට සතියට සැරයක් ටැංකිය සුද්ද වෙනවා..
ReplyDeleteඕකට ටයිමර් එකක් දාන්ට ගියොත් ඉලෙක්ට්‍රොනික් ගැජමැටික් එකක් දාන්ට වෙනවා. එතකොට ඉතිං ඒක මේන්ටේන් කරන්ට ආයෙමත් අමතර මහන්සියක් දරන්ට එපායැ..
බූරා, දැනට කෙරෙන්නේ ඔහොම තමා. ඒත් එකත් එච්චර ප්‍රැක්ටිකල් නෑ බන්. කොච්චර මතක තියන හිටියත් ඕක අමතක වෙනවා... :D
Deleteටයිමර් එකක් දාලා පුළුවන් වෙයිද? එහෙම ටයිමර් ගන්න තියනව ද? සංකීර්ණ ගැජට් එකක් නම්, උඹ කිව්වා වගේ වැඩේට අමතර මහන්සි වෙන්න වෙනවා..
අපේ ගෙදරනං ෂවර් එකට විතරක් ඩිරෙක්ට් ලයින් එකෙන් දීල තියෙනව. අනික්ව එන්නෙ ටැංකියෙන්. ඔය හෝදන වැඩ වලට හයි ප්‍රෙෂර් වතුර ආපුවම අපතෙ යන ප්‍රමාණෙ වැඩි නැද්ද?
ReplyDeleteටැංකිය හිස් කරන එකනං මැනුවලි තමයි කරන්න වෙන්නෙ. නැත්තං වෝට බෝඩ් එකට කියල තියන්න සතියකට දවසක් වතුර කපන්න කියල. හැක්..
උඹ කියන එකෙත් පොඩි පොයින්ට් එකක් තියනවා. ඒත් පුරුදු වුනාම අර හීනියට එන වතුර පාර් මදි මදි වගේ දැනෙනවා බන්..
Deleteඩිරෙක් ෂවර් එකට දීලා, නනා ඉන්නකොට වතුර කැපුවොත් මක්කැයි කොරන්නේ ?
හෙහ් හෙහ්.. ඒකනම් උන්දලා කරලා දෙයි අමාරුවෙන් හරි...
ඉස්සර තිබ්බ ටැංකියෙන් වතුර එන ෂවර් එකත් එහෙමම තියෙනව. වතුර කැපුවොත් ඒකට මාරු වෙන එකයි තියෙන්නෙ. අරක හයිකරන්න ප්‍රධානම හේතුව වතුර ප්‍රෙෂර් එක මදි වගේම හැන්දැ වෙනකොට ටැංකියෙන් එන්නෙ උණු වතුර වීම.
Deleteහොඳ අදහසක්.. මේන් සප්ලයි එකේ ප්‍රෙෂර් එක අඩු උනත් ටැංකියෙන් සප්ලයි එක දෙනවා ඇති නේද?
ReplyDeleteකමියා, ඔවි ටැංකියෙ පෙුෂර් එක වැඩි වුන ගමන් ඒක ඇක්ටිව් වෙනවා...
Deleteඑල අයිඩියා එක මචන්...
ReplyDeleteThank you විභීෂණ..
Deleteඅපි දැන් ඉන්න ගෙදර කුස්සියට ජලසම්පාදනේ වතුර ලයින් එක එනවා.නාන්න කරන්න අනිත් සියලු දේට ළිදෙන් එන වතුර ටැංකියකට පිරිලා එතැනින් තමයි පාවිච්චි වෙන්නේ.මේ විදියට කරලා බලන්න මටත් හිතෙයි.එත් ලිඳත් එච්චර අවුලක් නැති නිසා දැනට යන විදිය ශේප්.
ReplyDeleteළිදෙන් වතුර ගන්නවනම් ඉතිං කොහොමත් ටැංකියට ගහලමනෙ ගන්න වෙන්නේ..අනිත් එක ළිඳක් තියනවනම් මොකට අරුන්ට සල්ලි ගෙවනවද?
Deleteලිඳේ වතුර නාන්න කරන්න අවුලක් නැති උනාට බොන්න තරම් පිරිසුදු මදි ඒකයි.
Deleteමේ හා සමාන ක්‍රමයක් මම පහුගිය දවස් ටිකේ ලංකාවේදී කුලියට අරං හිටපු ගෙදර තිබුනා. හැබැයි එකේ වතුර උතුරලා යන අවුලක් තිබුනා. මට මතක විදියට පාරේ ලයින් එකේ වතුර ප්‍රෙෂර් එක වැඩි වුනාම ඔය සප්ලයි ෆ්‍රොම් ටෑන්ක් කියන බටේ දිගේත් වතුර උඩට යනවද කොහෙද.. කොහොම උනත් තව වෑල්ව් එකක් වහල ඒක කොන්ට්‍රෝල් කරන්න පුළුවන් කම තිබ්බ. සෙන්නට එහෙම ප්‍රශ්නයක් ආවේ නැද්ද?
ReplyDeleteමම එක තේරුම් ගත්තේ එහෙම වෙනවා ඇති කියල. තාවකාලිකව හිටපු නිසා වැඩිය අතපත ගාන්න ගියේ නෑ..
උඩ තියන n/r valve එක හරියට වැඩනම් එහෙම එතනින් උඩට වතුර යන්න විදිහක් නෑ පැතුම්. මම හිතනනෙ, එක්කො ඒගොල්ලන්ගෙ n/r valve එක නැත්නම් floating valve එක හරියට වැඩ නැතුව ඇති.
Deleteමටනම් කිසිම ප්‍රශ්නයක් ආවේ නෑ. Plan කරපු විදිහටම එ්ක වැඩකරනවා...
මම වැඩිදුර හොයන්න ගියේ නෑ සෙන්නා. වතුර උතුරන වෙලාවට එක කරාමයක් වැහුවම වැඩේ හරි. එතනින් එහාට හොයන්න ගියේ නෑ.. මේ වගේ සිස්ටම් එකක් තිබුනේ. සමහර විට වෑල්ව් වල අවුලක් තියෙන්න ඇති.
Deleteහොද වැඩක් තමා. මට නං මේවාව අවශ්‍යම නෑ. වෙන හොර ක්‍රමයක් මං කරන්නේ.. හැකු්
ReplyDeleteලංකාවේ 99.99% ඉන්නේ හොරු තමා.. :D
Delete