Thursday, June 13, 2013

මුහුදුබත් නොවන්නකුගේ අවසානය....

2013 පොසොන් මස 13වනදා

දැන් වෙලාව 13:15 යි. හය, හත සහ අට අංශ වල සිටි සැවෝම අංශ නවයට විතැන් වුණා. කිසිවකුට ගැලවිය නොහැකි නිසයි අප විසින් මෙම තීරණය ගනු ලැබුවේ. මෙහි 23 දෙනෙකු රැඳී සිටිනවා. මා මෙය ලියන්නෙත් අඳුරේ සිටයි. ලිවීමට නොහැකි තරම්ම මෙහි අඳුරුයි. මම පුරුද්දෙන් ලිවීමට උත්සහා කරනවා. පෙනෙන විදිහට අපට මෙයින් ගැලවීමට නොහැකියි. සමහර විට එය 10-20% වගේ සුළු සම්භාවිතාවක් වේවි. මෙය කවුරුන් හෝ කියවාවියැයි සිතනවා.

අංශ නවයේ රැඳී සිටිමින් දිවිගලවා ගැනීමට උත්සහා කරනා අප 23න් දෙනාගේ නාමයන් මෙසේය.

සියලු දෙනාටම ආයුබෝවන් ! බලාපොරොත්තු කඩකරගත යුතු නොවේ !! 


 Lieutenant-Captain Dmitry Kolesnikov





aaaaaaaaaaaaaaaaaaaaa

ක්‍රි.ව. 2000හේ මාර්තු, ප්‍රථම වතාවට ව්ලැඩිමීර් පුටින් රුසියානු ජනාධිපතිවරයා වශයෙන් තේරීපත්වී තිබුණි. ජාතියේ අභිමානය නගා සිටුවීමටත්, හමුදාවන් ශක්තිමත් කිරීම උදෙසාත්, සීතල යුද සමයේ තිබූ බලවත් තැනට නැවත රට රැගෙන යාම උදෙසාත්, ඔහුට වසර හතරක කාලයක් හිමිව තිබුණි.


ඒ සඳහා පළමු පියවර තබමින්, ඉන් මාස පහකට පසු, 2000හේ අගෝස්තු මාසය ආරම්භයේදී, සෝවියට් යුගයෙන් පසු රුසියාවේ පැවැත්වෙන වැදගත්ම හා දැවැන්තම නාවික අභ්‍යාසයේ ආරම්භය සනිටුහන් විය. නමුත් අවාසනාවකට මෙන් මෙම අභ්‍යාසය, පුටින් ජනාධිපතිවරයාගේ දේශපාලන අනගතය අනතුරේ හෙළිය හැකිවූ සහ ලෝකය තෙවෙනි ලෝක යුද්ධයක් කරා යොමුවීමේ අවස්ථාවක් උදාකරලිය හැකිවූ ඛේදවාචකයකින් අවසන් විය. 

aaaaaaaaaaaaaaaaaaaaa

ඔල්ගා කොලෙස්නිකව් හට 2000හේ අප්‍රේල් මස සිදුවූ සිය විවාහයෙන් පසු කල්නොයවාම සිය සැමියා සබඳකම් පවත්වන අනෙක් ගැහැනිය හමුවීමේ අවස්ථාව උදාවිය. මෙම සබඳතාවය ගැන ඔල්ගාගේ සිතෙහි බලවත් ඊර්ෂ්‍යාවක් වූ බව ඇයගේම වදන් සාක්ෂි දරයි.

"මිටායාට ගැහැණු දෙන්නෙක් හිටියා. එකෙනෙක් මම, අනිත් කෙනා සබ්මැරින් එක. මම ඒ ගැන ඊර්ෂ්‍යාවෙන් හිටියේ."



එය අතළොස්සකට පමණක් ලැබිය හැකිවූ විරල වාසනාවක් විය. දිමිත්‍රි විසින් තමා සේවය කරනා සම්බැරින් යානයෙහි සෑම අස්සක් මුල්ලක් නෑරම ඇයට පෙන්වීය. මෙමගින්, සිය සැමියා තමන්ගෙන් වෙන්ව අනෙක් ගැහැනිය තුරුලේ සිටිනා විට ආරක්ෂිත බව ඇය ප්‍රත්‍යක්ෂයෙන් දැනගත්තාය. ඇයට බියවීමට කිසිඳු කරුණක් නොවුණි. Kursk සබ්මැරීනය එවකට පැවති නවීනම තාක්ෂණයෙන් හෙබි, අති දැවැන්ත, කිසිදා ගිල්ලවිය නොහැකියැයි විරුදාවලිය ලත් සබ්මැරීනයක් විය. 





aaaaaaaaaaaaaaaaaaaaa

සෝවියට් දේශයේ වැටීමෙන් පසු, රුසියාව විසින් පැවැත්වූ විශාලතම නාවික අභ්‍යාසය එයයි. උතුරු රුසියානු බැරන් මුහුදේදී මෙම අභ්‍යාසය පැවැත්වූ අතර සබ්මැරීන්, ප්‍රහාරක ගුවන් යානා, යුද නෞකා ඇතුළු යාත්‍රා තිහකට අධික සංඛ්‍යාවක් සිය දායකත්වය සැපයු අති දැවැන්ත අභ්‍යාසයේ අරමුණු අතර බටහිර බලවතුන්ට රුසියානු යුද ශක්තිය පෙන්වීමද, තමන් තවමත් පෙර මෙන්ම සවිමත් බව ලොවට හඬගෑ කීමද විය. අභ්‍යාසය මෙහෙයවීමේ කටයුත්ත, ප්‍රධාන අණදෙන නෞකාව වූ Pyotr Velikiy ( Peter the great ) මගින් සිදු විය.





මෙයට සහභාගී වු සම්බැරීන් අතර රුසියානු නාවික ඉතිහාසයේ දැවැන්තයකු වූ Kursk සම්බැරීනයද විය.  න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දෙකකින් ක්‍රියාත්මක වන ඇන්ජිමකින් සමන්විත වූ Kursk සම්බැරීනය, Cruise මිසයිල විදීමේ හැකියාවෙන් සමන්විත වූවාය. Kursk, පාපන්දු පිටියක් තරම් විශාල වූ අතර මහල් අටක ගොඩනැගිල්ලක් තරම් උසකින් යුක්ත වූවාය. ඇය සතු බලය සමඟ සැසඳිය හැකිවූ සබ්මැරීනයක් එවකට බටහිර බලවතුන් සතු නොවුණි. Kursk  සතුවූ අති නවීන ආයුධ අතර, සියලු දිශාවන් ඉලක්ක කොට ගත හැකි න්‍යෂ්ටික වෙඩි ශීර්ෂයන්ගෙන් සමන්විත, ස්ව්‍යංක්‍රීය මිසයිල 24 කින් සමන්විත මිසයිල පද්ධතියද විය. මෙම සෑම මිසයිලයක්ම, හිරෝෂීමාහී ඇතිකළ විනාශය මෙන් හතළින් ගුණයක විනාශයක් ඇති කිරීමේ හැකියාවකින් යුක්තය. එයට අමතරව අති ප්‍රබල රොකට් ටෝපීඩෝ විදිනයන් හතරකින්ද ඇය සන්නද්ධ වූවාය."ස්ක්වාල්" නමින් හැදින්වූ මෙම ටෝපිඩෝ, පැයට කි.මි. 320කට අධික වේගයකින් ගමන් කිරීමේ හැකියාවකින් යුක්ත  වූ අතර වැඩි ආයාසයකින් තොරවම නෞකාවක බඳ පසාරු කරගෙන යාම ස්ක්වාල් ටෝපිඩෝවකට දුෂ්කර කාර්‍යයක් නොවුණි. එය ආසන්න වශයෙන්, එවකට බටහිර බලවතුන් සතුවු ඕනෑම ටෝපිඩෝවකට වඩා දසගුණයක වේගයකි.   Kursk සතු විනාශකාරීත්වයේ ප්‍රබලතාවය මෙයින් මොනවට විද්‍යාමානවේ. 

1990 දී, එනම් සෝවියට් පාලනය යටතේදී සැලසුමට අනුමැතිය ලැබීමෙන් පසු, ඉදිකිරීම ඇරඹු Kursk සබ්මැරිනය 1994 දී මුල්ම වරට දියත් කරණ ලදී. දිගින් මීටර 154ක් හා පළලින් මීටර 18.20 ක් වූ සබ්මැරීනය ජලය තුළදී පැයට නාවික සැතපුම් 32ක වේගයෙන් ගමන් කළ හැකිවූ අතර දිය මතුපිටදී නාවික සැතපුම් 16ක වේගයකින් ගමන් කිරීමේ හැකියාවෙන් සමන්විත වූවාය. මීටර 300ත් 500ත් අතර ගැඹුරක කිමිදීමේ හැකියාව ඇය සතු වූවාය. Kursk හී බඳ නිකල් සහ ක්‍රෝමියම් වලින් සමන්විතවූ මල නොබැඳෙන ලෝහයකින් නිර්මිතවී තිබුණි.මෙම විශේෂ ලෝහය නිසා ඇයට චුම්බක අනාවරකයන්ගෙන් සැඟවී සිටිමේ හැකියාවද තිබුණි. Kursk, එදා මෙදා තුර ඉඳිවූ විශාලතම ප්‍රහාරක සබ්මැරීනයයි. 



අභ්‍යාසය ඇරඹීමටත් ප්‍රථමම විදේශීය ඔත්තු යානා බැරන් මුහුදු කලාපයට ඇස ගසා ගෙන සිටි බවට කියවේ. රුසියානු බුද්ධි සේවාවන් හට ඒ පිළිබඳ වැඩිමනක් තොරතුරු වාර්තා වී නොතිබුණි. ඇමෙරිකානු ප්‍රහාරක සබ්මැරීනයන් ද්විත්වයක් වූ USS Memphis සහ USS Toledo, බ්‍රිතාන්‍ය න්‍යෂ්ටික සබ්මැරීනයක්, ඇමෙරිකානු චන්ද්‍රිකා සහ ඔත්තු බැලීමේ ගුවන් යානා සහ නෝර්වේජියානු ඔත්තු බැලීමේ යාත්‍රාවක් වූ "මරියාටා", මෙලෙස අභ්‍යාසය දෙසට ඇස් යොමා සිටි විදේශීය ඔත්තු කරුවන් කිහිප දෙනෙකි.


තවද ඇමෙරිකානු බුද්ධි සේවාවන්ට වාර්තාවී තිබූ ආකාරයට, චීන නිලධාරීන් කිහිප දෙනෙකුටද අභ්‍යාසය නිරීක්ෂණය සඳහා ආරාධනා ලැබී තිබුණි. ආර්ථික සහ දේශපාලනික සංවර්ධනයක් අපේක්ෂා කළ ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රතිසංස්කරණ තුළ ඇමෙරිකාවේ සතුරනට අවි ආයුධ අලෙවියද අන්තර්ගත වී තිබුණි. කලක් ඇමෙරිකානු ඔත්තු කරුවකු වශයෙන් රුසියාවෙහි සේවය කළ Edmond Pope පවසන ආකාරයට රුසියාව විසින් චීනය වෙත "ස්ක්වාල්" ටෝපිඩෝ අලෙවි කළ බවට ඔහුට තොරතුරු ලැබී තිබුණි. 

aaaaaaaaaaaaaaaaaaaaa

අගෝස්තු 12වන ශනිදා, උදෑසන 08:51ට "Kursk" විසින් Pyotr Velikiy නෞකාව වෙත දන්වා සිටියේ තමන් පෙරහුරු ටොපිඩෝ ප්‍රහාරයන් එල්ල කිරීම උදෙසා කිමිදෙමින් සිටින බවයි. උදෑසන 11:28ට Kursk කාර්‍යය මණඩලය ටෝපිඩෝ ප්‍රහාරයන් එල්ල කිරීම සඳහා සියල්ල සූදානම් කොට තිබුණි. එම මොහොතේම සබ්මැරීනයේ ඉදිරිපස වූ ටෝපිඩෝ මැදිරියේ පිපිරීමක් සිදු විය. මෙවැනි හදිසි අවස්ථාවක සාමාන්‍යය ක්‍රියාපටිපාටියනම් තුලන ජලය නිදහස් කොට වහාම සබ්මැරීනය දිය මතු පිටට ගැනීමයි. නමුත් කපිතාන් වරයා එසේ කෙරුවේවත්, අනතුර හැඟවීමට ආපදා ඉපිලුම (Distress Buoy) නිදහස් කෙරුවේවත් නොමැත. ඒ වෙනුවට ඔහු විසින් සබ්මැරීනය උපරිම වේගයෙන් ඉදිරියටම ධාවනය කළේය. පළමු පිපිරුමෙන් විනාඩි දෙකයි තත්පර පහලවක් ඇතුළත දෙවන පිපුරුමක්ද සිදු විය. මෙය විශාල පරිමාණයේ පිපිරුමක් වූ අතර පළමු පිපිරුමට වඩා සිය ගුණයකටත් වැඩි ප්‍රබලතාවයක පිපිරුමකි. දෙවන පිපිරුමෙන් සබ්මැරිනයේ ඉදිරිපස විශාල වශයෙන් ඉරීගොස් විවර වූ අතර සබ්මැරීනය තුළට මුහුදු ජලය ශීඝ්‍රයෙන් කාන්දු වන්නට විය. ගිල්ලවිය නොහැකියැයි විරුදාවලිය ලත් Kursk සබ්මැරීනය මීටර 107ක් ගැඹුරු බැරන් මුහුදු පතුලේ අසරණව පතිත විය. 118ක්වූ කාර්‍යය මණ්ඩලයෙන් ඉතිරිව සිටියේ 23න් දෙනෙකු පමණී. කපිතාන්ද ඇතුළුව බහුතරයක් ක්ෂණිකවම මරු වැළඳගෙන තිබුණි. ඉතිරිව සිටි අයවලුන් විසින් යාත්‍රාවේ ඇන්ජිමට පණදුන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දෙක අක්‍රීය කිරීමට සමත් වූ අතර එමගින් ඔවුන් විය හැකිව තිබූ තවත් චර්නෝබිල් අනතුරක් වළක්වා තිබුණි. ඉතිරිව සිටි 23න් දෙනා සබ්මැරිනයේ පිටුපස, අංශ නවයේ වූ හදිසි ඉවත්වීමේ දොරටු තිබූ කොටසට එක් රැස්වී සිටියේ පිටතින් උදව් ලැබී ගලවා ගන්නා තෙක්ය.

සියලුම රුසියානු යාත්‍රා සහ විදේශීය යාත්‍රා වලට පිපිරුම් ද්විත්වයම සංවේදනය වී තිබුණි. අනතුර පිළිබඳව දැනගැනීමෙන් පසු අභ්‍යාසයේ ප්‍රධාන අණදෙන නිලධාරියා වූ අද්මිරාල් පපාව් විසින් Pyotr Velikiy නෞකාවට වහාම ප්‍රදේශයෙන් ඉවත්වන සේ උපදෙස් දී, හෙලිකොප්ටරයක නැගී ඔහුද ගොඩබිමට පැමිණ හෝරා කිහිපයකට අතුරුදහන් විය. සියල්ල මෙසේ සිදුවන විට, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ක්‍රෙම්ලිනයෙන් පිටත්ව කළු මුහුදේ නිවාඩුවක් ගත කිරීම සඳහා ගොස් සිටියේය. 

සබ්මැරීනය අනතුරට පත්ව තිබුණේ සාපේක්ෂව නොගැබුරු මුහුදකය. සැබවින්ම එය මතුපිට සිට දර්ශනය කිරීමේ හැකියාව පවා විය. එය සිරස් අතට පිහිටියේනම් සබ්මැරිනයේ පසුපස කොටස අඩි 150ක් පමණ දිය මතුපිටට පෙනෙනු ඇත. කරුණු මෙසේ තිබියදීත් සබ්මැරීනය සොයාගැනීමට පැය තිහක් ගතවූ බවට රුසියානු නාවික හමුදාව විසින් ප්‍රකාශයට පත් කෙරිණි.

අනතුරින් දින දෙකකට පසු ඛේදවාචකය පිළිබඳව රුසියානු රූපවාහිනී මගින් මුල්ම ප්‍රචාරය නිකුත් කෙරිණි. රූපවාහිනිය ඔස්සේ පෙනී සිටි නාවික හමුදා මාධ්‍යය ප්‍රකාශකයකු මුල්ම නිල අසත්‍ය වාර්තාව මාධ්‍යයට නිකුත් කළේය. 

"අගෝස්තු 13වන ඉරුදින, සුළු තාක්ෂණික ගැටලුවක් නිසා Kursk සබ්මැරීනය බැරන් මුහුදු පතුලේ සිරවෙයි. සබ්මැරිය මත න්‍යෂ්ටික අවි කිසිත් නොමැත."

මෙම ප්‍රවෘත්තිය පිළිබඳ හාස්‍යය මුසු විමතිය දැනවූ විශේෂඥයන් පැවසුවේ කිසිඳු යුද යාත්‍රාවක් තමන් සතු සාමාන්‍යය අවි කිසිත් නොමැතිව මුහුදට නොයන බවයි.

මේ අතර කාර්‍යය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල්වල උදවිය Kursk  නාවික මූලස්ථානයට රැස්වෙමින් සිටියේ තොරතුරු දැනගැනීමේ අටියෙනි. ඕනෑම න්‍යෂ්ටික සබ්මැරිනයක මෙන්ම Kursk  හීද කාර්‍යය මණ්ඩල දෙකක් වූහ. අනතුර සිදුවූ දින කිනම් කණ්ඩායම සේවයේ නියුක්තව සිටියේදැයි යන්න අනතුරින් දින හතරක් ගෙවී ගිය පසුත් බළධාරීන් විසින් හෙළිකොට නොතිබුණි. අවසානයේදී රුසියානු පුවත්පතක මාධ්‍යවේදියකු විසින්, නාවික නිලධාරියෙකුට ගෙවූ රූබල් 18000ක අල්ලසක් මගින් අදාළ නාම ලේඛනය ලබාගෙන ප්‍රසිද්ධ කිරීමට සමත් විය. 

අනතුරින් දින හතකට පසු පුටින් විසින් නිවාඩු නිකේතනයේ සිට මාධ්‍යවේදීන් ඇමතීය. තත්ත්වය ඉතා බරපතල නමුත් සබ්මැරීනය සහ එහි කාර්‍යය මණ්ඩලය බේරාගැනීම වෙනුවෙන් කළ හැකි සියල්ල කරමින් සිටින බව ඔහු විසින් පවසා සිටියේය. නමුත් අමිහිරි සත්‍යයනම් ඒ වන විටත් කිසිවක්ම සිදුනොවී තිබීමයි. කෝපයට පත්වූ ඥාතීන් මෙවන් බැරෑරුම් අවස්ථාවකත් පුටින් විසින් නිවාඩු ගත කරමින් සිටීම පිළිබඳ සිය විරෝධය පාමින්, උද්ඝෝෂණයන් කරමින්, කාර්‍යය මණ්ඩලය බේරා ගැනීමට කටයුතු කරන මෙන් බලකර සිටියහ.

මාධ්‍ය වෙතින් හා ඥාතීන්ගෙන් එල්ල වූ පීඩනය හමුවේ අවසානයේදී බලධාරීන් විසින් ඥාතීන්ට මුහුණ දීමට එකඟ වූහ. මෙහිදී උප අගමැති ඊලියා ක්ලෙවනෝව් නාවිකයකුගේ මවකගෙන් එල්ල වූ දැඩි වාග් ප්‍රහාරයට ලක්විය. ඉතා ආවේගශීලිව හඩනගා කතාකළ ඇය, දිගට හරහට ඊලියා ක්ලෙවනෝව්ව ප්‍රශ්න කරනාකාරය රුසියානු මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය විය. තම දරුවන් බේරා ගැනීමට කිසිවක් නොකිරීම ගැන අධික කෝපයෙන් දැවෙමින් කෑගසමින් සිටි ඈ අසලට මද වේලාවකින් සිරින්ජයක් සහිත වෛද්‍යවරියක් පැමිණි අතර මොහොතකින් ඇය සිහිමුර්ජා වී ඇද වැටුණාය. ඉන්පසුව සියලුම මාධ්‍යවේදීන් හට අදාළ ස්ථානයෙන් ඉවත්ව යන ලෙස ආවේණික සෝවියට ක්‍රමයට අවධාරණය කෙරුණ අතර පසු දින මෙම සිද්ධියෙහි දර්ශන මාධ්‍යවලින්ද අතුරුදහන් වී තිබුණි. නාවිකයන්ව බේරා ගැනීමට අනුගමනය කළ ඇල්මැරුණු ක්‍රියා පිළිවෙතට අමතරව ඥාතීන්ගේ හඬ යටපත් කිරීමට රුසියානු රජය ගත් මෙම අලජ්ජී ක්‍රියාමාර්‍ගය නිසා ඔවුන් දසතින්ම බරපතල විවේචනයන්ට ගොදුරු වූහ.




මෙලෙස, කාර්‍යය මණ්ඩලය බේරාගැනීමට නිසි ක්‍රියාමාර්‍ගයක් නොගෙන සතියක්ම පසුවී තිබිණි. දේශපාලන ප්‍රයෝග, සෙප්පඩවිජ්ජා හැරුණු කොට මෙම සතිය ඇතුළත ඔවුන්ව බේරාගත හැකි කිසිඳු ඵලදායී ක්‍රියාමාර්‍ගයක් ගැනීමට රුසියානු බලධාරීන් අපොහොසත්වී තිබිණ. මේ අතරවාරයේ, බ්‍රිතාන්‍යය හා නෝර්වේ රජයන් විසින් ගලවා ගැනීමේ කාර්‍යයට සම්බන්ධවීමට පළකළ කැමැත්ත රුසියානු බලධාරීන් විසින් නොතකා ඉවත දැමීය. මෙම ගලවා ගැනීම උදෙසා ඔවුනට බාහිර සහයෝගයක් අනවශ්‍යය බව ඔවුන්ගේ අදහස වූහ. කෙසේවෙතත් බ්‍රිතාන්‍යය විසින් සිය අති නවීන ගලවාගැනීමේ සබ්මැරිනයන්ගෙන් සමන්විත Norman Pioneer නම්වූ නෞකාව අනතුර සිදුවූ ප්‍රදේශයට පිටත් කොට හැරියේය. එම නෞකව අදාළ ස්ථානයට ළඟාවීමට තවත් දින කිහිපයක් ගත විය. අතරවාරයේ නෝර්වේ රාජ්‍යයද සිය පුහුණු කිමිදුම්කරුවන්ගෙන් සමන්විත ගලවාගැනීමේ නෞකාවක් වූ Seaway Eagle නෞකාව පිටත්කොට හැරියේය. මෙම මුලු කාලය පුරාවටම රුසියානු බලධාරීන් විසින් අයහපත් කාලගුණය හා අනතුර විසින් ඇතිකළ හානීය නිසා අනතුරින් දිවිගලවාගෙන සිටින්නන් ඉවතට ගත නොහැකි බව දන්වා සිටියහ.

දිගින් දිගටම මාධ්‍යය වෙතින් හා ඥාතීන්ගෙන් එල්ලවූ දැඩි පීඩනය හමුවේ පුටින් විසින් බ්‍රිතාන්‍යය හා නෝර්වේජියානු ගලවා ගැනීමේ කණ්ඩායම් වලට ගලවා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වීමට අවසර ලබා දුන්නේය. කෙසේ නමුත් ඔවුනට පිපිරුම සිදුවූ සබ්මැරිනයේ ඉදිරිපසට යාමට තහනම් වූ අතර දිවිගලවා ගත් යමෙක් වෙත්නම් ඔවුන්ව ගලවා ගැනීම උදෙසා පිටුපස වූ හදිසි ඉවත්වීමේ දොරටු විවෘත්ත කිරීමට පමණක් ඔවුන්ට අවසර ලැබුණි.


අනතුර නිසා හානිවී විවර කළ නොහැකියැයි රුසියානු බලධාරීන් කී හදිසි ඉවත්වීමේ දොරටු, බ්‍රිතාන්‍යය හා නෝර්වේජියානුවන් එකතුව විනාඩි විසි පහක කාලයකින් විවර කිරීමට සමත් වූහ. ඔවුනට දක්නට ලැබුණේ සම්පුර්ණයෙන්ම මුහුදු ජලයෙන් වැසී ගිය සබ්මැරීනයකි. කාර්‍යය මණ්ඩලයේ වූ 118 දෙනාම සිය ජීවිත පූජාකොට තිබුණි. ඉතිරිවූ කිසිවකුත් නොවූහ. මුලින්ම හමුවූ දිමිත්‍රි කොලස්නිකව්ගේ මළසිරුරේ වූ කබායේ තිබී, ඔහු විසින් සිය බිරිඳට හා බලධාරීන් වෙත ලියූ ලිපියක් හමු විය.

දැන් වෙලාව 13:15 යි. හය, හත සහ අට අංශ වල සිටි සැවෝම අංශ නවයට විතැන් වුණා. කිසිවකුට ගැලවිය නොහැකි නිසයි අප විසින් මෙම තීරණය ගනු ලැබුවේ. මෙහි 23 දෙනෙකු රැඳී සිටිනවා. මා මෙය ලියන්නෙත් අඳුරේ සිටයි. ලිවීමට නොහැකි තරම්ම මෙහි අඳුරුයි. මම පුරුද්දෙන් ලිවීමට උත්සහා කරනවා. පෙනෙන විදිහට අපට මෙයින් ගැලවීමට නොහැකියි. සමහර විට එය 10-20% වගේ සුළු සම්භාවිතාවක් වේවි. මෙය කවුරුන් හෝ කියවාවියැයි සිතනවා.


අංශ නවයේ රැඳී සිටිමින් දිවිගලවා ගැනීමට උත්සහා කරනා අප 23න් දෙනාගේ නාමයන් මෙසේය.

සියලු දෙනාටම ආයුබෝවන් ! බලාපොරොත්තු කඩකරගත යුතු නොවේ !! 

                                                                                             - Lieutenant-Captain Dmitry Kolesnikov


සබ්මැරිනයට සිදුවූයේ කුමක්ද යන්න දෙවෙනි කොටසින් දැනගනිමු.

~~සෙන්නා / 13.06.2013

98 comments:

  1. ....//. මා මෙය ලියන්නෙත් අඳුරේ සිටයි. ලිවීමට නොහැකි තරම්ම මෙහි අඳුරුයි. මම පුරුද්දෙන් ලිවීමට උත්සහා කරනවා. //...
    කලින් පෝස්ට් එකේ මෙතනට එද්දිම මට හිතුණා කර්ස්ක් ගැන වෙන්නැති කියලා. කොහෙද නිදහස් අදහස් ප්‍රකාශනයට ඇති අයිතිය උදුරලා තිබුනනේ.

    හිටු කියෝලා එනකම්. එක වෙන්න ඕනි නිසා මේක දැම්මේ. :D

    උඹ වෙලාවට වැඩ කරන පොරක් නෙව... හික් හික් හික්... (ෂෙඩියුල් ගැන එහෙම අපි දන්නෑ හරිය...)

    ReplyDelete
    Replies
    1. ආ අර කලින් එකේදී හංගල දාපු එක්ස් අකුරු ගැනයි මේකේ දාපු ඒ අකුරු ගැනයි ඔබ තුමාට කුමක්ද ප්‍රකාශ කරන්න තියෙන්නේ?

      Delete
  2. දේශපාලනය කියන්නේ ලෝකෙම වෙලාගත්තු විනාශකාරී බූවල්ලෙක්.
    කර්ස්ක් ගැන මං ඒ දවස්වල නිව්ස් වලින් ඇහුවට මේ වගේ දෙයක් දැනගෙන හිටියේ නෑනේ. මන් හිතාගෙන හිටියේ ගැඹුරු මුහුදේ ගිලිලා, අවට ජල පීඩනය වැඩි නිසා එලියට එන්නවත් බැරුව, මේ තරම් ගැඹුරට යන්න හදපු එකම යාත්‍රාව මේක නිසා බේරාගන්න යන්න කිසිම යාත්‍රාවක්වත් නැතුව අසරණ වෙච්ච සබ්මැරීන් එකක් කියලයි. ඇත්තටම මුහුදෙන් උඩට මතුවෙන්නත් හැකියාවක් තිබුණු එකකටද මෙහෙම උණේ?

    උදවු ලබා නොගත්තෙනම් උඩඟු කමට කියලා හිතා ගත්තහැකි. ඒත් එතකොට පූටින් ඇයි මේ ගැන ඇල් මැරුණු ප්‍රතිපත්තියක් අනුගමනය කළේ?

    ReplyDelete
    Replies
    1. කලින්ම පොඩි ඉඟියක් දුන්නෙ ඉතින් දන්න අයට දැන ගන්න තමා... :D මම නෙමේ බොල ගූගල් ලොක්කා තමා වෙලාවටම වැඩ කරන එකා... එක්ස් අකුරු ගැනනම් කියන්න දෙයක් නෑ බන්.. හංගන්න ඕනා නිසා එක්ස් අකුරු ටිකක් දාලා පාට කළා.

      මමත් ඒ දවස්වල හැමදාම ඕක ගැන ප්‍රවෘත්ති ඇහුවා බන්. මාත් හිතන් හිටියෙ ඔය විදිහටම තමා. දැන් තමා කතන්දරේ හරියටම දැන ගත්තෙ..

      පුටින් ඇයි නිදිමතේ හිටියෙ කියලානම් පැහැදිලි නෑ.. දෙවෙනි කොටසෙ ඉඟියක් තියනවා ඒ ගැන. හිමීට බලමුකො. ( හැබැයි ඔය වගේ කේස් අලදි රුසියානු ප්‍රතිපත්තිය ඕක තමා. හැමදේම ලෝකෙන් හන්ගගෙන කාලෙ මරනවා. )

      Delete
    2. අකමට පොඩි කේස් එකක් තියේ වගේ. මොකද ඌට අගුනයි කියල කව්රු හරි නක්සත්තරයෙක් කිව්වද දන්නැ පෝස්ට් කටු වලට එක පාරට කමෙනකටු තුත බැගින් දාන්නෙයි කියලා.. මේ ටිකේම මේ විදියට පොර එක පාරට තුනක් දානව.. හැක්..

      Delete
  3. මට පෙන්නෙ ඕනකමින් ගිල්වලා වගේ..

    ReplyDelete
    Replies
    1. ඕන කමින්ම කියන්නත් බෑ.. බලමුකො ඉතුරු ටිකත්..

      Delete
  4. ඉතුරු ටික ඉක්මනටම බලමුද

    ReplyDelete
    Replies
    1. පුළුවන් තරම් ඉක්මනට දාන්නම්කො අටමෝ...

      Delete
  5. අයියෝ අර ලියුම දැක්කම හෝස් ගාලා ගියා අප්පා :( අනතුරක් උනාට පස්සේ එහාට මෙහාට අත ගගා ඉන්නේ නැතුව ක්‍රියාත්මක වෙන්න බැරි ආණ්ඩුවකින් වැඩක් තියනවද. පව් අර අසරණ මිනිස්සු.

    අද ලිපිය කෑලි දෙකකට කඩලා. වෙලාව මදි උනාද ලියන්න.?

    ReplyDelete
    Replies
    1. ඕආ තමා කුණු දේශපාලනයේ ප්‍රතිඵල සයුරි. මිනිස් ජීඉත වලට වැඩිය වෙන වෙන අරමුණු ගැන තමා අවධානය යොමුවෙන්නෙ. අපේ යුද්ධෙදිත් කී දාහක් සොල්දාදුවන්ගෙ ජීවිත ජේශපාලන අරමුණු වෙනුවෙන් නිකන්ම බිලිදෙන්න ඇත්ද !

      ලිපිය කෑලි කැඩුවෙ හේතු දෙකක් හින්ද.. එකක් දීර්ඝ ලිපි කියවන්න අකමැති අයට පහසු වෙන්න. අනිත් එක වෙලා මදි වුනා තමා. සෙන්නා ආවනෙ ලංකාවට... :D (ඒත් ලිපිය සම්පූරණකරගත්තත් කොටස් දෙකකට දානවා කියලා කලින්ම තීරණය කරලා තිබුනෙ. )

      Delete
  6. සෙන්නා, මේ නාවික හමුදා අභ්‍යාසයේ තිබුන සැඟවුණු/රහසිගත අරමුණු නිසා තමයි මේ සිද්ධිය මෙහෙම යට ගහන්න හැදුවේ. ඊළඟ කොටසේදී ඒවා එලියට එයි කියා සිතනවා. මේ විදිහටම තමා චර්නොබිල් අනතුරේදීත් ක්‍රියාකළේ. මහ ජරා පාලනයක් තියෙන්නේ. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ.

    හැබැයි තව රහසකුත් තියනවා. වෙන අය 'ප්ලෑන් කරලා වැඩේ දුන්නා' කියලා. හරිම සංකීර්ණ, අදටත් සම්පූර්ණ ඇත්ත හෙළි නොවුන. සිද්ධියක්. මේ ගැන වාර්තා සිය ගණනක් සහ පින්තූරත් මහා ගොඩක් තියනවා.

    ඔබේ ලස්සන රචනා ශෛලිය පෙන්වමින් අපව තවත් දැනුවත් කරන්න ඊළඟ කොටසින්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. "අදටත් සම්පූර්ණ ඇත්ත හෙළි නොවුන. සිද්ධියක්." සෙන්නා ඇත්ත විස්තරේ දැනගෙන.. :))

      Delete
    2. ස්තූතියි විචාරක මහතා. ඊලඟ කොටස ඉක්මනින්ම දාන්නම්කො ඒ විස්තර ටිකත් එක්ක.

      හරී,

      සෙන්න්ත ඇත්ත විස්තරේ දන්නෙ නෑ.. හැමෝටම වගේ උපකල්පන මත පිහිටලා තමා, සෙන්නටත් ලියන්න වෙලා තියෙන්නෙ. :D

      Delete
    3. අන්න ඒකයි බං අවුල.. රාජ්‍ය රහස් කියන ඒවත් කවද හරි එලියට එනවා. එදාට බලමු අදුරු මුල්ලට වෙලා තියෙන සත්‍යය දිලිසෙන අපුරුව..

      Delete
    4. සත්‍ය දිලිහුනාට වැඩක් නැහැ ..බොරු රජ කරලා ඉවරයි ඒ වෙද්දී..එක සතයක් දිළිහෙන්න පටන් ගද්දි වෙන බොරුවක් රජ කරන්න රාජකාරී අරඹලා ඉවරයි...

      Delete
    5. සතේ දිලිසෙන්නේ අළුත් පිට විතරයි.. හැක්..

      Delete
  7. උඹෙ ආවේණික ගතිලක්ෂණයක් නැතිවෙලා, ඒ තමයි දීර්ඝ ගතිය. කොහොම උනත් වෙනදා වගේම රහයි. ඊළඟ කොටසත් ඉක්මණට දාපන්.

    ReplyDelete
    Replies
    1. ඇයි කසකාරයෙක් මුලින්ම ගිය එක. ඒකත් අළුත් දෙයක්. මොකක් උණත් මේ වගේ වාර්තාමය ලිපියක් ලියද්දි තනි කොටසකින් එනවනම් තමා වඩාත් හොඳ. කොච්චර දිග උණත්. ඒ වගේම අපි වගේ උන් කොච්චර බැන්නත්.

      Delete
    2. රත්තෝ,

      හැමදාම දිගට, දිගට ලියන හින්දා, දිග ලිපි කියවන්න අකමැති / වෙලා නැති අයගේ කැමැත්තටත් පොඩ්ඩක් ගරුකරන්න හිතුනා. ඒකයි කොටස් කරේ.. සයුරිට දීපු උත්තරේ බලන්නකො.

      ස්තූතියි උඹට අගය කළාට.

      අකමා,

      කසකාරයා පොඩි එක්ස්පරිමන්ට් එකක්.. මම ඉතින් ඉඳල හිටලා ඔය වගේ විකාරයක් කරලා බලනවා.. ඩූඩ්ගෙ කවුන්ට් ඩෞන් පෝස්ට් එකෙන් තමා මට ඕකට අදහස ආවෙ.. උබ බැලුවද ජෙහාන්ගෙ වීඩියෝ ටික ? :D

      Delete
  8. රුසියානු පාලනය ගැන නම් කතා කරලා තේරුමක් නැහැ, ඒ වගේමයි අවුරුදු 30 ට වගේ වැඩි පිරිසත්..තනිකර යුධ මානසිකත්වෙන් , ඕනෑම මොහොතක යුධ වදින්න බලන්න ඉන්න ජාතියක්..ඔවුන්ගේ ලේ වලට කිඳා බැහැල තියෙන්නේ සියවස් ගණනක අද්දැකීම්...දෙවෙනි ලිපියත් ලියන්නකෝ බලන්න , මම දන්න සිද්දි ටික ඒකෙදි කියන්නම්...

    ReplyDelete
    Replies
    1. රුසියානු පාලනය එහෙම තමා. උන්ට මිනිස් ජීවිත නතිංග්.ඒක හැමදාම එහෙම තමා වෙලා තියෙන්නෙ. දෙවෙනි කොටස හැකි ඉක්මනින් දාන්නම් සහන්.

      Delete
  9. අර විචාරක තුමා කියාපු දේ ගැන උඹ විස්තර දායි කියලා හිතනවා.. විශේෂයෙන්ම කර්ස්ක් සබ් එකට මෙහෙම වෙන්ට හේතුව, USS මෙම්ෆිස් සබ් එකත් එක්ක ඇතිවුනු හදිසි ගැටීමක් නිසාය කියන මතය.. :)

    ReplyDelete
    Replies
    1. බූරා ඔව් ඔව්.. ඒ ටික දෙවෙනි කොටසෙ එනවා..

      Delete
  10. රුසියාව අදත් ක්‍රියා කරන්නේ මේ ආකාරයටමයි ..නේටො පාර්ශවයත් ඊට සරිලන අකාරයට වැඩ කරනව .. මෙයාලගෙ යුද ක්‍රීඩා වලත් ආයුද වෙලඳාමෙත් ඉත්තන් වෙලා රටවල් එකිනෙක එක්කත් තම රට තුලත් යුද වදිනවා. ඒ අතරේ සුව කල නොහැකි යයි සම්මත රෝග ලෝකය වෙලා ගන්නවා අර විනාශකාරී ආයුද වලට වැය කරන මුදලින් සියයට දහයක් වැය කලොත් ලෝකය අර රෝග ව්ලින් මුදවන්න පුලුවන් ඒත් දේස පාලනේ හැමදේටම වඩා ලොකුයිනෙ..

    ReplyDelete
    Replies
    1. සරත් අයියා,

      හරිම කණගාටුදායකයි නේ මේ තත්ත්වය. රටවල් ඇත්තටම යුධ වියදම සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණය දැක්කම ඇස් උඩ යනවා..

      Delete
  11. මටත් හිතුනා උඹ තෙපර බාන්නේ මේකට තමා කියලා. හැක් හැක්.. ඒ උනාට මචෝ පුදුම ආසාවකින් තමා කියෙව්වේ. ඉතිරි කොටස එන කං ඉතිං ලබ් ඩබ් තමා. මොකද ඕක ගිල්ගන්න කුමන්ත්‍රණයක් තිබ්බා කියල ලොකු විවාසයක් තියෙනවා.. ජය ම වේවා.. සෙන්නාට..

    ReplyDelete
    Replies
    1. දේශා,

      හෙහ් හෙහ්.. තෙපර බෑවෙ, කෙකර ගෑවෙ මේකට තමා.. ඩූඩ් එක්ක සබ්මැරින් චාරිකවක යැව්වෙ ඒකනෙ..

      ඉතිරිටිකත් ඉක්මනට දාන්නම්කො. උඹටත් ජයම වේවා !

      Delete
    2. මට නං ජය තමයි. කෝ යකෝ ඉතිරි කොටහ... මේ සතියේ සෙනසුරාදා රෑ හතටද???

      Delete
    3. අපොයි නෑ බොල...සමහර විට ඊලඟ සතියෙත් නෙමේ ඊලඟ සතියෙත් වෙයි...දන්නවනෙ ඇයි කියලා.. :D

      Delete
  12. මෙතන මොකක් හරි අභිරහසක් තියෙන පාටයි , අනිත් කොටසත් දාපන්කෝ බලන්න

    ReplyDelete
    Replies
    1. උඹට එහෙම හිතෙනවද ? එහෙනම් දෙවෙනි කොටසත් කියවපන්කො..

      Delete
  13. හොඳ විස්තරයක්, තව වැදගත් තොරතුරු ඊගාව ලිපියෙන් දැනගන්න පුලුවං වෙයි කියල හිතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න,

      මොකද උනේ කියලා කෙරෙන අනුමාන ගැන ඊලඟ එකේදි කතා කරමුකො..

      Delete
  14. Replies
    1. සන්ජීව,

      හරි මචන්, හැකි ඉක්මනින් දාන්නම්..

      උඹට තාම සිංහලෙන් ලියන වැඩේ අල්ල ගන්න බැරි වුනා නේද ? උදව්වක් ඕනා උනොත් කියහන්..

      Delete
    2. මම හිතුවේ ලියල දෙන්න කියල. මම දාන්නං හැම එකටම. මොකක්ද ඉතිං “ජයවේවා“ ගහන එකනේ තියෙන්නේ.. හැක්.. පාස්වර්ඩ් එක දීපං සන්ජීවගේ.. හැක්

      Delete
  15. කුණු දේශපාලනය ලෝකයම වෙලාගෙන. අපි ඔය සබ්මැරීන් එකට මොකද වෙන්නේ කියලා දවස ගානේ ප්‍රවෘති බල බල හිටියා මතකද සෙන්නා. (ඇයි අර දකුණු අමෙරිකාවේ පතලක හිර වෙච්ච කට්ටියත් ඒ වගේනේ.)

    ඔය ඔක්කොම තියෙද්දිත් ඔය දේශපාලනඥයො අනිත් උන්ට වඩා සාපේක්ෂව හොඳයි කියලා හිතිලද මන්දා නැවත පත්වෙනවනේ.

    Kursk නමින් සුප්‍රසිද්ධ නගරයකුත් රුසියාවේ තියෙනවා. මම හිතන්නේ ඔය සබ්මැරීනය ඒ නමින් නම් කලේ රුසියාවේ සිදුවෙච්ච ඓතිහාසික යුද ටැංකි ගැ‍ටුමක් සිදුවෙච්ච ඒ නගරය නිසා වෙන්නැති.

    අනිත් යාලුවෝ මොනවා කිව්වත් මෙහෙම කොටස් කඩලා දාන එකට මම එකඟයි. සෙන්නෝ පාං කෑල්ලක් වුනත් එකපාර ගිලින්න අමාරුයි, හොදිවල පොඟවලා කෑල්ල කෑල්ල කන එකයි හරි.

    ඊ ලඟ කොටස එනකල් ආසාවෙන් කට අයාගෙන බලාගෙන ඉන්නවා සෙන්නා. උඹේ මහන්සියට සහ ඉදිරිපත් කිරීමේහැකියාවට මගෙන් මල් මිටක්!

    (ඇයි උඹ අර ට්‍රේලර් එක ගලවන්නේ? ඒක එහෙම කරන්න ඕනෙ නෑ. ඒක තියෙන්න ඇරපං.)

    ReplyDelete
    Replies
    1. ඩූඩ්,

      ඕක තමා කුණු දේශපාලනයේ පිළිවෙත. බලපන්කො මිනිස්සුන්ගෙ හඬ යටපත් කරන තුච්ච විදිහ.

      මමත් ඒ දවස් වල මේ ගැන ප්‍රවෘත්ති නොවරදවා ඇහුවා, බැලුවා. ඩූඩ් කියෙව්වද චිලී පතල් සිද්ධිය ගැන මම ලියපු ලිපිය . ඒක සම්පූර්ණයෙන්ම මේකෙ විරුද්ධ පැත්ත.

      ඔව් ඒ නගරෙ නමින් තමා මේකට නම දාලා තියෙන්නෙ ඩූඩ්.

      දීර්ඝ ලිපි කියවන්න අකමැති අයගේ මනාපය ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න හිතුනා ඩූඩ්, ඒකයි ලිපිය දෙකට කැඩුවෙ. හෙහ් පාන් කෑල්ල හොඳ උදාහරණයක්.. :D ඊලඟ කොටස හැකි ඉක්මනින් දාන්නම්. හැබැයි ටිකක් පරක්කු වෙන්න පුලුවන්, සෙන්නා දැන් ඉන්නෙ ලංකාවෙ. නිවාඩු පිට. ඉතින් වැකේශන් මූඩ්, ට්‍රිප් මූඩ් වල තමා ඉන්නෙ. :D :D

      ටේලර් එක ඉතින් වැඩක් නෑනෙ ඩූඩ්.. දැන් ඒක කියවන කෙනෙකුට එකෙන් කිසිම ප්‍රයෝජනයක් නෑනෙ..ඒකයි ගලවන්න හිතුවෙ..

      Delete
    2. සුභ නිවාඩුවක් සෙන්නා. කරන්න හිතාගෙන ආපු සියල්ලම කරගන්න ලැබේවා කියලා පතනවා.
      ඒක නෙවෙයි, කොහොමද මේ කුරුඳු බැක්ග්‍රවුන්ඩ් එක හොයාගත්තේ?

      Delete
    3. ස්තූතියි ඩූඩ්... ඕකනම් ගූගල් දෙවියන්ගෙන් තමා ඉල්ල ගත්තෙ..

      Delete
    4. අඩෝ මේ සෙන්නා ගෙනාපු බෝතලයක් දෙකක් මෙහාට විසි කරපං. උඹ මාර රජෙක් නේ.. පාරෙදි දැකක්ම ඔහොම බකන්නිලාගෙන යනවද

      Delete
    5. බෝතල් විසිකරපුවම බිඳෙනවා බන්...පාරෙදි දැක්කම අදුන ගන්න ලකුණක් කියහන්.. කොයි අඟද දිග වමද, දකුණද ? :D

      Delete
  16. හොඳ ක්‍රමයක් තමා කලින් පෝස්ටුවකින් කුතුහළය අවුස්සලා මේ වගේ වැදගත් දෙයක් ලියන එක. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩ්‍රැකියා. ඒක පොඩි එක්ස්පරිමන්ට් එකක් විතරයි.. ඒක හොඳනම් ඉස්සරහට භාවිතා වේවි..

      උඹටත් ජයම වේවා !!

      Delete
  17. //මෙම සබඳතාවය ගැන ඔල්ගාගේ සිතෙහි බලවත් ඊර්ෂ්‍යාවක් වූ බව ඇයගේම වදන් සාක්ෂි දරයි.//

    ගැහැනු වගේ නෙමේ පිරිමින් තම රාජකාරියට වෙනත් ගැහැනියකට වගේ ආදරේ කරන බව මාත් අහලා තියෙනවා.

    //මෙමගින්, සිය සැමියා තමන්ගෙන් වෙන්ව අනෙක් ගැහැනිය තුරුලේ සිටිනා විට ආරක්ෂිත බව ඇය ප්‍රත්‍යක්ෂයෙන් දැනගත්තාය.//

    මේ කතාවත් අහලා තියෙනවා. ඒ ටික කීවාම මතක් උනේ දේව්දාස්, පල්ලු සහ චන්ද්‍රමුඛීව. (නම් ටික නම් හරිද මන්දා )

    මේ පෝස්ට් එකට දාන්ට ඕනි කමෙන්ට් එකක් නෙමේ මේ. ඒත් මුලින්ම කියවගෙන එනකොට හිතට ආපු දේවල් එහෙමම ලියලා දැම්මා. :D

    ReplyDelete
    Replies
    1. සමහර පිරිමිනම් රාජකාරියට වෙන ගෑණියෙකුට වගේ ආදරය කරනවා තමා පොඩ්ඩි. ඒත් මමනම් එහෙම නෑ, රාජකාරිය මටනම් වධක බාරියක්.. :D

      ඇයි මොකක්දමේ කමෙන්ට් එකේ අවුල? ලිපියෙ ඇති ඕනැම, තමන් සිත්ගත් දෙයක් ගැන ඉතින් පාඨකයට අදහස් දක්වන්න පුළුන්නෙ.

      Delete
  18. දැන් වේලපහින් දන්වලානේ ලිපි පල කරන්නෙ.
    කියවන අයට දැනෙන ලෙසටම සුපුරුදු විදියටම ලියල.
    අපේ රටේ ලොක්ක මුහුද මතු පිට මරු විකල්ලෙන් දගලන අහිංසකයන් දැක දැක හොද අපුරුවට හිටියෙ.
    රු.65'000/=ට චොපර් කුලියට මීඩියා වලට දීල,මළ ගෙවල් වලට යන අයට ගහපු හෙන්චයියලත් ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක පොඩි එක්ස්පරිමන්ට් එකක් කෙන්ජි... ස්තූතියි...

      අපේ උන් ක්‍රියාකරපු විදිහයි, මේකෙයි ලොකු වෙනසක් නෑ නේද ? මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් කරලා නෑ. අර කාළගුනේ ඉන්න හැතිකරේ වෙනදා වගේම නිදි. උන් සුනාමි එද්දිත් නිදි, තාමත් නිදි..

      Delete
  19. මට මතකයි මේ සිද්දිය.ඉතාමත් ම කම්මලියෙක්ගේ චරිතය තමා පුටීන් රඟපෑවෙ. ඒ ජිවිත 118 වඩා වටිනා ලොකු දෙයක් එතන තියෙන්න ඇති.

    දෙවැනි කොටසින් බලමු මොකද ඇත්තටම වුනේ කියල.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසරණය, ජීවිත වලට වැඩිය ලොකු වෙච්ච අරමුණු තිබුනා කියලා තමා පේන්ඩ තියෙන්නෙ.

      ඉතුරු කොටස ඉක්මනින්ම දාන්නම් මචන්.

      Delete
  20. හද පාරවන කතාවක්..
    හිතාගන්න බෑ මේ තරම්තාක්ෂණය දියුනු රටක්මෙලෙස මෙවැනි දෙයක් නොසලකා හැරීම ගැන..!

    ඊයෙම ලිපිය දැක්කත් අදකියෙව්වෙ..උඹ දීර්ඝ ලිපි දානනිසා. ඒත් මෙහෙමයිකියල දන්නව නම් ඊයෙම කියවනව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වීය. තාක්ශණය තිබුනට වැඩක් නෑනෙ උවමනාවක් නැත්තම් නේද මචන්. නැත්තම් මීටර් සීයක් කියන්නෙ මහ ලොකු දුරක්ද, බිලී පිත්තක් දැම්මත් අමුනලා ගොඩට ගන්න තිබුනා. :D

      මමත් දීර්ග ලිපි ලියන අයගෙ ඒවා දැක්ක ගමන් කියවන්නෙ නෑ තමා බන්.. හරි බරි ගැහිලා හොඳ වෙලාවක් බලලා තමා කියවන්න ගන්නෙ. ඉතින් උඹ එහෙම කරපු එක ගැන මට පුදුමයක් නෑ. ලිපිය කොටස කරන්න හිතුනා බන් සයුරිට, ඩූඩ්ට දීපු උත්තර වල හේතුව තියනවා.

      Delete
    2. //බිලී පිත්තක් දැම්මත් අමුනලා ගොඩට ගන්න තිබුනා.//

      සෙන්න බොගේ මොලේ අවුල් වේගෙන එනවා වගේ.. හැක්..

      Delete
    3. අමුතුවෙන් අවුල් වෙන්න දෙයක් නෑ බොල... c-)

      Delete
  21. මන් අද තමා කියෙව්වේ ...සෙන්නා ස්ටයිල් එකට ලිවම ආසයි .

    සංවේගදායක සිද්දියක් ...බල අරගලය තුල 118 ක් කියන්නේ අංකයක් විතරයි. සිතල යුද්දේ ඉවර වුනාට තාම තමන්ගේ හයිය පෙන්නන්න ...එකිනෙකාට පොඩ්ඩක් කොනිත්තන්න කඳවුරු දෙකම කැමතියි ..ඒ මොනවා වුනත් තමන්ගේ රටේම මිනිස්සුන්ට විපතක් වුනහම ගලෝගන්න උත්සාහයක් නොකරන තරමට පහතට වැටෙන එකයි පුදුම

    ඉතුරු ටිකත් කියවන්න බලන් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. හැක් හැක්... අලුත් ඉට්ටැයිල් එකක්ද බින්දි ??

      ඇත්තටම සාමාන්‍යය මිනිස්සුන්ගෙ ජීවිත වලට කිසිම වටිනාකමක් නැද්ද කියලා ආයෙ හිතෙන තරමට මේ බල අරගලයන් සහ දේශපාලණ මගඩි දුෂ්ඨයි..

      හැබැයි චිලී රටේ උන් රුසියාවට ගැහුවෙ කම්මුල් පාරක්. ( බින්දි බොහෝදුරට මේක කියවලා නැතුව ඇති, කුරුන්ද මුල් කාලෙ ලියවිච්ච එකක් මේක. උඩ, ඩූඩ් මතක් කළාම තමා මට මේ කතා දෙකේ තියන පරස්පරභාවය තේරුනේ... )

      ඉතුරු ටික ඉක්මනට දාන්නම්.

      Delete
    2. ලින්ක්වල ෆොන්ට් කලර් එක වෙනස් කරහන්. නැත්නම් පේන්නෑ. වෙලාවට මන් ෆෝන් එකෙන් දැක්කේ.

      සෙන්නා ගම රට බලා ඇවිත් වගේ. ඒත් මං බැළුවා කමෙන්ට් රිප්ලයි පරක්කු මොකද කියලා. ආ.. මං හූණා කිව්වා වගේ කිව්වේ පොඩි සෙන්ස්ට ඇරියස් අල්ලන්න හම්බ වෙයි කියලා. කොහෙ කොහෙද තෝරන් බලන්න යන්නේ? පොඩ්ඩා උඹේ කරේම වෙන්න ඇති නේද දැන්?

      Delete
    3. මොන පාටද හොඳ බන් ?

      ඔව් ඔව් ගමරට බලා ආමි.. උඹ කිව්වා වගේ ඇරියස් කවර් කරන්න හම්බෙයි.. ඒත් සති දෙකයි බන්.. ඒකෙන් දවස් දෙකක් මේ වෙනකොට ඉවරයි.. :(

      Delete
    4. පින් පාට තමයි හොඳම පාට :D

      කාලය ගෙවිලා යනවා ගණන් ගන්න එපා බං. තව දවස් දොළහක්ම (මේ වෙනකොට එකොළහක්ම) ඉතුරුයි නේ. ඒ ගැන හිතහන්.

      සිනා බෝ වේවා!!!

      Delete
  22. කියවන්න සෑහෙන්න ප්‍රමාදයි. සෙන්නාගේ ලිවීමේ ආර කතාව පුරා කුතුහලයෙන් අරන් ගිය ද බලයේ ආධිපත්‍යය හා යටපත් කිරීම ගැන දැනුනේ පිළිකුලක්. බල හස්තයට 118 තවත් ඉලක්කම් තුනක අංකයක්, මස්ගොබ පෙන්වන්න කර සර්කස් එකක් විතරයි. මොන බලවතා වුනත් කරන අඩු වැඩි විජ්ජාව.

    ReplyDelete
    Replies
    1. පරක්කු නෑ ඩීන් අයියා..

      බල අරගලය ඉදිරියේදී, 118ක් යනු තවත් ඉලක්කමක්ම විතරයි තමා. ඕක 1118ක් වුනත් ඔය සන්තෑසියම තමා වෙන්නෙ.

      ස්තූතියි ඩීන් අයියා.

      Delete
  23. මේවැනි ලිපියක් කොටස් 2 කැඩීම ගැන මාගේ බලවත් විරෝධය.:/

    මේ වගේ ලිපි බලන්න තියෙන තවත් එකක් තමයි දිනේෂ්ගේ "සත්සමුදුර" බ්ලොග් එක.

    කොහොම උනත් රුසියාව ලෝකෙට පෙන්වන සැබැ මුහුණ මේක නෙමෙයිනේ.අනික පුටින් ජනාධිපතිවරයා මේ තරම් මේ සිදුවීම ගැන අලසව ඉදලත් තාමත් රුසියාවේ ජනප්‍රියම නායකයා වෙලා ඉන්නේ ඒහේ ඉන්නෙත් අපේ වගේ දේශහිතේෂින් වෙන්න ඇති නේද...?:D

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      කොටස් කිරීම නිසා ඇතිවූ අපහසුතාවය පිළිබඳ බලවත් කණගාටුව ප්‍රකාශ කොට සමාව අයදිමි.

      සත්සමුදුර කියන්නෙ මගේ බ්ලොග්කරණයට ගුරුවෙච්ච බ්ලොග් එක මනෝජ.

      පුටින් මේ සිද්ධියෙදි මෙහෙම ක්‍රියා කළාට සමස්තයක් වශයෙන්, යෙල්ට්සින්ග් යුගයෙදි අනාත වෙල තිබුන ( වේලක් හොයාගන්න ඇඟ විකුනන්න වුන තත්ත්වෙකුත් තිබුනා කියලා මම අහලා තියනවා ) රට ගොඩ ගන්න සමත් වෙලා තියනවා. මට හමුවුන හුඟක් රුසියානුවො පුටින්ට කැමතියි. අමෙරිකාව ඇතුලු බටහිර බලවතුන්ව පයිසෙකට ගනන් නොගෙන සිරියාවට ආයුධ දෙන්න තරම් අද රුසියාව ආපසු බලගතුයි.

      Delete
    2. නැත,නැත සමාව අයදිය යුතු නැත.:)

      යෙල්ට්සින්ග් කියන්නේ ඇමරිකන්ගැතියෙක් කියලා අහලා තියෙනවා.:-?

      කොහොම උනත් මේ වාගේ වෙලාවක පුටින්ගේ හැසිරීම පිළිගන්න බැ.
      බලමුකෝ මීලගට වෙන්නේ මොකෝ කියලා.

      Delete
    3. යෙල්ට්සිංග් ගැන එහෙමත් කියවෙනවා තමා නේද ? මේ සම්බන්ධයෙන් පුටින් ක්‍රියා කළ පිළිවෙතනම් හරි නෑ තමා.

      බලමුකො ඊලඟ කොටස....

      Delete
  24. බලමුකො ඊලඟ කොටස.. ඊට කලින් මට කලින් කොටස කියවන්නත් තියනව නෙ.. :)

    ReplyDelete
    Replies
    1. ආ කලින් කොටසේ තියන්නේ මේකෙ පූර්ව ප්‍රචාරක පටය නේ.. :)

      Delete
    2. කලින් කොටසක් නෑ චන්දන..ඒක නිකම් ඇඩ් එකක් විතරයි... :D

      Delete
  25. ඉතාම ලස්සනට ලියලා තියෙනවා සෙන්නා.

    බොහෝවිට මේ වගේ වෙලාවට රුසියානු ප්‍රතිපත්තිය මේක නේද.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයිලාෂ්..

      ඔව්, රුසියානු විතරක් නෙමේ චීන ප්‍රතිපත්තියත් බොහෝ විට මේ වගේ තමා..

      Delete
  26. ඒ කාලේ දිනපතා විදෙස් ප්‍රවෘත්ති බැලුවා රුසියන් කාරයෝ මේ ගොල්ලන්ව බේරගනිවි කියලා. කාලගුණය හොඳ නෑ කියලා තමා නිතරම කිව්වේ. අර විනාඩි 20 කින් දොර ඇරියයි කිව්වා නේද - හැබැයි ඒ දවස් වල නිවුස් වලට කිව්වේ නෝවේ කාරයන්ටත් දොර ඇරගන්න බැරි තරම් රුසියන් තාක්ශණය දියුණු නිසා දොර නොවේ කාරයෝ කපලා ගත්තා කියලා. ඒ වගේම මේ කට්ටියට දීලා තියෙන්නේ බොහොම අඩු වැටුපක්. ඒ කාලේ හැටියට ලංකාවේ සල්ලි වලින් රු3500/- කියලා තමා පත්තරවල තිබුනේ. බලද්දි රුසියන් කාරයෝ පුංචි අපිවත් අන්දලානේ... අපරාදේ!

    ඊලග කොටසින් මේකට වුනේ මොකද්ද කියලා විතරක් නෙමේ - ඇයි බේරගන්න උනන්දු නොවුනේ කියලත් දැනගන්න ඕනේ අපිට.

    ReplyDelete
    Replies
    1. බුද්ධි,

      තාක්ෂණේ හොඳනම් දොර ඇරගන්න බැරිවෙන්න හදලා වැඩක් නෑ කියලයි මටනම් හිතෙන්නෙ..හොඳ තාක්ෂණෙන් හදන්න ඕනා ඔය වගේ වෙලාවට නිකන්ම ඇර ගන්න පුළුවන් දොරක්. රුසියන් කාරයො බයිලයක් ගහන්න ඇති කියලා තමා මටනම් හිතෙන්නෙම.. මමත් ඒ කාලේ දිනපතා මේ ගැන ප්‍රවෘත්ති ඇහුවා මතකයි.. මමත් හිතන් හිටියෙම මේක මරියානා ආගාදේ තරම් ගැඹුරක ගිලිලා තියෙන්න ඇති කියලා, මෙච්චර අමාරු වෙන්න.

      ඒ ගොල්ලන්ට පඩිය ඩොලර් පනහයි කියලා අර මල පැනපු අම්මත් කිව්වා..

      බලමු දෙවෙනි කොටසින් මොනවද දෙන්න පුළුවන් කියලා..

      ඒක නෙමේ, උඹේ ෆෝන් එකට මොකෑ වෙලා තියෙන්නෙ ? අර අක්කා මට හතර පාරක්ම බැන්නා උඹට කිසිම චාරයන් නෑ කතා කරන්ඩ එහෙම එපා කියලා.

      Delete
  27. දේශපාලන ප්‍රයෝග නිසා අසරණ මිනිස්සු කී ලක්ෂයක් දිවි දීලා ඇත්ද දේශපාලකයන්ගේ මෝඩ තකතීරු වැඩ මොන රටෙත් එකයි

    ReplyDelete
    Replies
    1. ඒවා ගැන කතාකරලා වැඩක්නෑ බන් මලේ..

      Delete
  28. මචං සෙන්නෝ...
    සබ්මැරීනයට වූ දෙය දැනගන්නට (දෙවන කොටසට).. පමා නොවී පැමිණීමට තරයේ සිතට ගත්තෙමි...:D
    (පුංචි ඉරිසියාවකුත් මෝදු වුණා... :( .. නිවාඩුවකට ලංකා‍තවේ ගිය බව දැනගත්තාම) :D

    බොහෝම ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. එහෙම හිතට ගත්තනම් බොහොම හොඳයි... :D

      ඊරිසියා කරන්න දෙයක් නෑ බන්.. සති දෙකයි, තව දවස් හයයි.. :D

      Delete
  29. මේ වගේ උන් ලංකාවට එන එක මහ නැහැදිච්චි වැඩක්. ඇයි අප්පා අපි කට ඇරං බලන් ඉන්නවා. උං ආතල් එකේ ට්‍රිප් යනවා සැප ගන්නවා.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. කතාවක දෙවෙනි කොටසක් ලියන්න තියනවා කියලා එකපාට්ටම මතක් වෙලා හීන් දාඩිය දැම්මා බොල. පොඩ්ඩක් ඉවසලා හිටු. :D

      Delete
  30. කොලස්නිකොව් කියලා AK47 ටත් කියනවා නේද ? ඒ මේ කොලස්නිකොව් හින්දා දාපු නමක්ද ? නැත්නම් කලින් දාපු එකක්ද ?

    ReplyDelete
    Replies
    1. සුදීක,

      කොලස්නිකව් කියන නම රුසියාවෙ පොදු ජනප්‍රිය නමක් ( වාසගමක් ) බව තමා මටනම් හිතෙන්නෙ. AK47 එක මීට බොහොම කාලෙකට කලින්නෙ හඳුන්වා දුන්නෙ, ඉතින් ඒ වෙන කොලස්නිකව් කෙනෙක් වෙන්න ඕනා. කාලෙකට කලින් විචාරක මහත්මයා ඔය ගැන ලිපි පෙලක් ලියුවා. පොඩ්ඩක් එතන බලන්න. සමාවෙන්න මේ වෙලාවෙ මට ඒ ලින්ක් එක හොයා ගන්න බෑ.

      Delete
  31. කාලෙකට පස්සෙ බ්ලොග් පැත්තට හරියට ආවේ. විභාග හින්දා වෙලාවක් තිබ්බේ නෑ, ඉඳලා හිටලා එකක් දෙකක් කියෙව්වා. මේකත් පෝස්ට් එක දාපු දවසෙම කියෙව්වත් කමෙන්ට් කරන්න බැරිවුනා.

    වෙනදා වගේම ලස්සනට ලියලා තියෙනවා. ඔය සිද්ධිය කාලේ ඕක ප්‍රවෘත්ති වල ප්‍රධාන මාතෘකාවක් වෙලා තිබ්බේ. ඒ දවස් වල මේ ගැන බැලුවත්, ඇත්තටම මොකද වුනේ කියලා හොයලා බලන්න ඊට පස්සේ බැරිවුනා. දෙවෙනි කොටසෙන් ඒ ගැන දැනගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදරතුමා. විබාගෙ හොඳින් කරන්න ඇති කියලා හිතනවා.

      දෙවෙනි කොටස ටිකක් පරක්කු වෙන එක ගැන සමාවෙන්න ඕනා..

      Delete
  32. දිමිත්‍රිගේ ලියුම දැක්කම හරි දුක හිතුනා. එයාගේ වයිෆ්ට මොනා හිතෙන්න ඇද්ද? ඒ මිනිස්සුන්ව යස අගේට බේරා ගන්න තිබ්බනේ.... අපරාදේ....

    ReplyDelete
    Replies
    1. සමනළී, සමාවෙන්න ඕනා පිළිතුරු පමා වුනාට..

      බේරගන්න පුළුවන් වුනාට, ඕන කමක් තිබිලා නෑ වගේ නේද ? පව් නේන්නම් බැඳලා මාස හතරයි..

      Delete
  33. සබ්මැරිනයට සිදුවූයේ කුමක්ද?

    ReplyDelete
    Replies
    1. අපි මේ හංදියේ පාටිය ගෙනල්ලා ජැටියට වෙලා ඉන්නවා - සබ්මැරින් එක ගොඩ දාන්න. මෙන්න මේ යකා කඩේ වහලා ගෙදර ගිහිල්ලා......

      Delete
    2. කට්ටියම සමාවෙන්න ඕනා.. මේ වෙච්ච ප්‍රමාදයට.. දෙවෙනි කොටස ලියවෙමින්.. ( ආයේ කිසි දිනෙක මුලු කතාවම ලියා නැත්නම් පළවෙනි කොටසක් පලනොකරන බවට අලුත් නීතියක් ස්ව්යං බ්ලොග්කරණ නීති මාලවට ඕන් අතුලත් කර ගත්තා. )

      Delete
  34. (ඒ පැත්ත බලමින්...) බෝතලේද......
    (මේ පැත්ත බලමින්..) රුසියාවද......
    (ඒ පැත්ත බලමින්...) බෝතලේද......
    (මේ පැත්ත බලමින්..) රුසියාවද......

    (ඒ පැත්ත බලමින්...) බෝතලේද......
    (මේ පැත්ත බලමින්..) රුසියාවද......
    (ඒ පැත්ත බලමින්...) බෝතලේද......
    (මේ පැත්ත බලමින්..) රුසියාවද......

    ක්‍රීස්.. කරස්... චිරි චිරි.. ක්රෑස්.... අයියෝ මගේ බෙල්ලෙ පොට........

    ReplyDelete
    Replies
    1. බලන්න දෙයක් නෑ.. රුසියාව තමා.. පමාවට සමාවෙන සේක්වා !! ( දෙවෙනි කොටස දිව හපාගෙන ලියමින් සිටිමි ) :D

      Delete
  35. රැසියාවට ඕන උනා වෙන්න බැරිද සබ්මැරීනයත් එක්කම ඒකෙ යුධ ශක්තිය පිටට යන එක නවත්වන්න. ඒකට සබ්මැරීනයත් එක්කම කාර්යමණ්ඩලය බිලි දෙන්න ඇති කියලයි මට නම් හිතෙන්නෙ

    ReplyDelete
    Replies
    1. එහෙමද කියන්ඩත් බෑ....ඒත් යුධ ශක්තිය පිට වෙන එක එහෙනම් අනිත් කර්‍යය මණ්ඩලයෙනුත් වෙන්න පුළුවන්නෙ.. යුධ ශක්තිය රැකගන්න ඕනානම් වහාම ගොඩට ගන්න එකයි කරන්න ඕනා කියලා මටනම් හිතෙන්නෙ..

      Delete
  36. ස්තුතියි විස්තරයට.

    ReplyDelete
    Replies
    1. එය සතුටක්.. ස්තූතියි කමෙන්ට් එකට.

      Delete
  37. සොරි කමෙන්ට් කරන්න පරක්කු වුනාට. කලින් ඇවිත් ලිපිය බාගයක් බැලුව. ඒත් හිමීට කියවන්න ඕන නිසා කමෙන්ට් නොකර ගියා. අද කොටස් දෙකම කියවනව. හරි දුකයි නැවියන්ගෙ ඉරනම ගැන. මම පොතක් කියෙව්ව මේ වගේ නැවක හිරවෙලා මැරුන අය ගැන. කතාව හරි සිත් ඇද ගන්නා සුලුයි.

    ReplyDelete
    Replies
    1. සොරි කියන්න දෙයක් නෑ නිල් මානෙල්.. බ්ලොග් ලියන්නෙ, කියවන්නෙ වෙලා තියන හැටියට කියලා මම ඉතින් නොදන්නවයෑ..

      ඔබට ස්තූතියි කියවලා ප්‍රතිචාරයක් දාලා ගියාට. ඔන්න ප්‍රමාදයේ වාසියකුත් තියනවා.. දැන් දෙවෙනි කොටස වෙනුවෙන් බලන් ඉන්න ඕනා නෑ.. ( අනිත් අයට මාසයක්ම ඉන්න වුනා )

      Delete
  38. පළමු කොටස කියවලා ඉවරයි. මේක නොසැළකිල්ලෙන් වුණු දෙයක්ද නැත්නම් අත්වැරැද්දක්ද මන්දා. ඒ කොහොම වුණත් ඔබේ කතා ශෛලියෙ සාර්ථකත්වය නිසා මා එක දිගටම කතාව කියවගෙන ගියෙමි. ලෙප්ටිනන්ගෙ ලිපිය කියවන්න කමෙන්ට්ස් නතර කලා.ස්තූතියි ඔබට

    ReplyDelete
    Replies
    1. ඔබ දෙවනි කොටසත් කියවපු හින්දා මොකක්ද වුනේ කියලා දැන් අදහසක් ඇතැයි කියලා හිතනවා..

      මේ කෑල්ල මට තේරුන්නෑ.
      "ලෙප්ටිනන්ගෙ ලිපිය කියවන්න කමෙන්ට්ස් නතර කලා."

      ඔබටත් ස්තූතියි..

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog