Saturday, December 31, 2011

විජ්ජුලතාවිය


උඳුවප් 31, 2011 / ශනිදා.

මේක සිංදුවක්. කාන්තාව ගැන ලියවිච්ච ගීතයක්. කාන්තාව එක් එක් අවස්ථා වලදී පිරිමියාට සැනසීම සහ වැනසීම ගෙනදෙන එක ගැන තමයි කතා කරන්නේ. ඒ මට හිතෙන හැටි.  ටිකක් අළුත්. සමහරු අහලත් ඇති. ලියුවේ මම දන්න කියන හිතවතෙක්. සුනිමල් විතානගේ. ඔය වීඩියෝ එකේ ගීතය ගැන හැදින්වීමක් කරන්නේ එයා තමා.. පුද්ගලික ආයතනයක ඉහල තනතුරක් හොබවන්නේ. හැබයි සංවේදී හදවතක් තියන පුද්ගලයෙක්. එහෙම නැතුව ඉතින් ගල් හිත් තියන මිනිස්සුන්ට සිංදු ලියන්ඩ බෑ නේද ?

සංගීතය, නව පරපුරේ දක්ෂ සංගීත වේදියෙක්. රංග දසනායක. නැසීගිය ශ්‍රේෂ්ඨ සංගීතඥ D.M. සරත් දසනායකයන්ගේ දෙටු පුත්‍ර රත්නය.. තාත්තගේ හැකියාව නොඅඩුව පිහිටලා තියනවා කියලා හිතෙනවා මේ සිංදුව ඇහුවාම.

ගායකයා ගැන නම් මම අටුවා, ටීකා, ටිප්පනි දෙන්ඩ ගිහිල්ලා නිකන් කිච වෙන්ඩ යන්නෑ. එතුමා එතරම් ජනප්‍රියයි සහ ප්‍රසිද්ධයි. මගෙනුත් කව්රුහරි ඇහුවොත් කව්ද ආසම ගායකයා කියලා එතුමාගේ නම තමා කියන්ඩ වෙන්නේ. සිංදුව දැනටමත් අහලා තියන අය ඉතින් එතුමා ගැන දන්නවා. නැති අය ගීතය අහලාම දැන ගන්ඩකෝ..

වීඩියෝ එක නම් සංස්කරණය කෙරුවේ මම. බලන්ඩකෝ ඒකෙන් ගීතයට සාධාරණයක් ඉෂ්ඨ වෙලාද, එහෙම නැත්නම් නැත්නම් වරිගෙ නහගනද කියලා. පිරිමියා මානසිකව වැටෙන අවස්ථාවලදී, ගැහැණිය ඉදිරිපත්ව ඔහුව ධෛර්‍ය්‍යට පත් කිරීම තමා පෙන්නන්ඩ උත්සහා කරන්නේ. මේක ගීතයේ කථාකරන සමස්ත අර්ථයෙන් එක කොටසක් විතරයි.

( හෙඩ් ෆෝන් එකක්, ෆුල් වොලියුම් දාලා ඇහුවානම්, සංගීත වේදියාගේ හැකියාව උපරිමයෙන් රස විදින්ඩ පුළුවන් වෙයි. )







එහෙනම්, හැමෝටම ලබන්නාවූ 2012 නව වසර, කිරියෙන්, පැණියෙන් ඉතිරෙන, සුබම සුබ නව වසරක් වේවා !!!!!!!!!!


16 comments:

  1. අඩේ.. අදයි ඇහුවේ.හෙන බර වචනනේ තියෙන්නේ.අහන්න දෙයක් නැහැ ගායකයා ගැන.විෂුවල් එකේ මුල් ටික එච්චරම යන්නේ නැහැ වගේ නේද.හැබැයි මැද ඉඳල අන්තිමට වෙනකන් ගැලපෙනවා.(මට තේරෙන විදියට මචන් මං කිවුවේ).

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!.ජයෙන් ජය!!...

    ReplyDelete
  2. හරීම ලස්සනයි... අර කියපු විදියටම රස වින්දා... මේ සින්දුව පුළුවන්කමක් තියෙනව නම් යටින් දානවද.... බොහොම ස්තුතියි...

    සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා...!! ලබන්නා වූ අළුත් අවුරුද්ද සියළු යහපත් සිතුම් පැතුම් ඉටුවන එකක් වේවා....!!!

    ReplyDelete
  3. අසරණයා,

    ස්තූතියි මචන් අදහස් වලට... සමහර වචන මාත් ඇහුවේ ඔය සින්දුවෙන්ම තමා.. මුලටික ගැලපෙන්නෑ වගේද ? බලමු පස්සේ වෙනසක් කරන්ඩ පුළුවන් වෙ‍යිද කියලා.. කොහොමද වෙන්ඩ ඕනා කියලා, අදහසක් තියනවද ?

    උඹටත් සුබ අලුත් අව්රුද්දක් වේවා !!! ජයෙන් ජය!!...

    මියුරු,

    ස්තූතියි, පැමිණීම සහ රස විඳීම ගැන. වචන ටික මම රචකයාගේ අත් අකුරින්ම පස්සේ දාන්නම්. ස්තූතියි අදහසට..

    ඔබටත් සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා !!!

    ReplyDelete
  4. මට වීඩියෝ එක පේන්නැහැනෙ අය්යෙ..
    ඔයාටත් සියලු පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා..

    ReplyDelete
  5. ආ දැන් හරි..හරිම ලස්සන සින්දුවක්..ගොඩාක් ලස්සනයි..ඒ වගේම අයියෙ ඔයාගෙ වීඩියෝ එකත් සුපිරියි.. :-)

    ReplyDelete
  6. ස්තූතියි සිත් රූ සිහින නංගී...

    ReplyDelete
  7. මට එහෙම කියන්න තරම් දැනීමක් නැහැ මචන්..

    ReplyDelete
  8. සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  9. ඔබටත් එසේම වේවා !!!

    ReplyDelete
  10. කතා නැහැ බං. අසරණයා කිව්වේ මේ පැත්තෙ ගිහන් බලපං කියලා,
    ආසම ගායකයෙක්ගේ, සිංදුවකින් අලුත් වසරේ මේ පැත්තට ආවේ..

    ජය ශ්‍රී !

    පලි- දිවුල්ගනේ මහත්තයත් කාන්තාවන් ගැන ගීයක් ගැයුවා මට දැන් ඒක මතක් වෙන්නේ නැහැනේ ෂික්..

    ReplyDelete
  11. මචන්... සුබම සුබ අලුත් අව්රුද්දක් කියන ගමන් උඹව බොහොම සාදරයෙන් පිළිගන්නවා " කුරුන්දට.. "

    තාම අළුත්.. ඉඩපාඩු තියන වෙලාවක මේ පැත්තට ඔලුව දාලා.. ඔහොම නෙමෙයි බොල මෙහෙම කරපිය කියලා ගියොත් හරි වටිනවා..

    අසරණයා මුල ඉඳලම මට සරණක් වෙච්ච එකෙක් තමා.. ස්තූතියි කීවා කියපන්...

    ReplyDelete
  12. සුබ නව වසරක් වේවා සෙන්නටත්, ගෙදර අයටත් !!! ...

    සින්දුවනම් ගෙදර ගිහින් තමා අහන්න වෙන්නෙ ... ඔ‍ෆිස් එකේ ඉදන් දැන් ඕක ඇහුවොත් නව වසරේ මුල්ම දිනයේ රෙසිග්නේශන් දෙන්න තරමට දෙයක් වේවි ... හික්

    ReplyDelete
  13. සම්මානි,

    එසේම වේවායි පතනවා...!!!!

    අපෝ සිංදු අහන්ඩ ගිහින් අළුත් අව්රුද්දේ ලෙඩ දාගන්ඩ එපා.. සිංදුවනම් ඇහුවේ නැතත් කමක් නෑ..

    ReplyDelete
  14. ලස්සන සිංදුවක්..ඇහුවා ලස්සනයි..ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!

    ReplyDelete
  15. ස්තූතියි කුමාරිහාමි, කුරුන්දට ගොඩ වැදුනට.......

    සුබම සුබ අළුත් අව්රුද්දක් වේවා !!!!

    ජය !!!

    ReplyDelete
  16. අමරසිරි පීරිස් මහත්තයාගේ කට හඬ සුපිරි

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog