Sunday, December 4, 2011

ආයුබෝවන් !!!

උඳුවප් 03, 2011

අද තුන.

තුන් වෙනිදා කියන්නෙ, අපේ ජීවිත වල විශේෂ සිදුවීම් වෙච්ච දවසක්. ඒ අතරිනුත් උඳුවප් තුන විශේෂයි, මොකද අද අපේ විවාහ සංවත්සරය. හය.

ඉතින් ඒ විශේෂ දවසෙම, මට හිතුනා මගේ බ්ලොග් එකත් පටන් ගත්තොත් හොඳයි, කියලා. මේක තමයි, මෙදා සැරේ බිරිඳට ලැබෙන තෑග්ග. හොඳයි නේද.

පටන් ගත්තේ නම්, හැමෝම කරනවා දැකලා මිසක්, කිසිම අරමුණක් ඇතුව නෙමේ. සමහර විට මේකත් තවත් එක FM නාලිකාවක් වගේ වෙන්ඩ පුළුවන්.

දැනට අදහසක් නැහැ අඩු ගානෙ මොනවගේ දේවල්ද ලිවිය යුත්තේවත් කියලා.....

බලමු,

23 comments:

  1. සිංහල බ්ලොග්කරණයේ දිගු ගමනකට සුභ පැතුම් :)

    කාලො අයන්තෙ...........

    ReplyDelete
  2. ගොඩක් ස්තූතියි හසිත. ඔඹගේ මේ වදන් පෙල නවකයකු වූ මාහට සැබෑම ජවයක්.

    ReplyDelete
  3. සිංහල බ්ලොග් ලෝකෙට ආයුබෝවන් මිත්‍රයා !!

    දුර ගමනක් යන්න මම උඹට පොඩි සුබ පැතුමක් දෙන්නම් !

    ජයෙන් ජය ..

    ලියන දේ හිතන්නෙපා මිත්‍රයා ..හිතෙන දේ ලියපං .. අදහස් එයි තව ඉස්සරහට ගෝනි ගනං !!

    මෙන්න මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයිං කරපං මචං කමෙන්ට් කරන්න අමාරුයි !!

    Dashboard > Settings > Coimments
    word verification

    ReplyDelete
  4. මචන්, සඳරු.. ගොඩක් ස්තුතියි.. ලොකු හයියක් මචන්. උපදෙස් වලටත් ගොඩක් ස්තූතියි.. මම ඒක හදන්නම්.

    බ්ලොග් එක පටන් අරන් දවස් දෙකකින්, සිංහල බ්ලොග් ලෝකයේ බොහොම ජනප්‍රිය චරිතයක් වෙච්ච උඹෙන් කමෙන්ට් එකක් ලැබුන එක ඇත්තටම මාර වටිනවා.

    ReplyDelete
  5. එලම කිරි ලොක්ක ඇදගෙන යමු ,, පුළු පුළුවන් විදියට අකුරක් ලියල මමත් සුප් එකක් දෙන්නම් ,, මේ කුරුඳ කිව්වේ අපේ ගමේ කුරුන්දද හැබැට

    ReplyDelete
  6. ස්තුතියි ගින්නා.. ඔව් බන් ඒකම තමයි. දාන්ඩ නමක් හොය හොය ඉන්නකොට මට ඕක ඔළුවට ආවා.. හොඳද.. ? නැත්නම් විහිළුවක් වගේද ?

    බලාගන යනකොට උඹ අසල්වැසියෙක් වගේ.

    ReplyDelete
  7. ඔන්න මගෙනුත් සුභ පැතුම් අයියා..විවාහයයි ඔයාගෙ බ්ලොග් එකයි දෙකම චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා කියල සුභ පතනව..:))

    ReplyDelete
  8. සිත්රූ සිහින නංගී බොහොමත්ම ස්තූතියි... මේ පැත්තේ ඇවිල්ලා බලලා ගිය එකටත් ගොඩක් ස්තූතියි..

    ReplyDelete
  9. එල එල... දිගටම ඇදගන යමු.. ලොක්කත් බ්ලොග් වලට මගේ සමකාලිනයෙක්ද මන්දා.... මාත් බ්ලොග් කෙටිල්ල පටන් අරන් දැන් සති දෙකක් විතර ඇති..

    නෝනට විශ් කළා කියන්න

    ReplyDelete
  10. ස්තූතියි.. ජීනියස්

    ඔව් බන් මාත් තම ආධුනිකයි... යාන්තම් මාසයක්වත් නෑ තවම ලියන්ඩ පටන් අරන්...

    ස්තූතියි.. හැමදේටම.. රට ගියත් ලියන එක නවත්තන්ඩ එපා දිගටම කරපන්... අපිත් පුළුවන් සහයෝගයක් දෙන්නම්..

    ReplyDelete
  11. මොකද මේකට කුරුන්ද කියලා දැම්මෙ?

    ReplyDelete
  12. නමක් හෙව්වා මචන් අහස පොලව ගැටලගන.. හරි හමන් එකක් හම්බුන්නෑ.. සමහර මතක් වෙච්ච ඒවා..සමහරු කලින්ම බදු අරගන.. පස්සේ ඔය වත්ත පිටි පස්සේ තියන කුරුඳු කැලේ මතක් වෙලා ඒකේ නම දැම්ම.. ඔහොමයි මේක කුරුන්ද උනේ..

    අපිට තිබුන ලොකුම කැලේ ඕක තමා.. අලි කොටි නම් නැහැ.. හාවෙක් එහෙම හොයාගන්ඩ පුලුවන් ටිකක් දැගලුවොත්.... හිහ් හිහ්.. ඉඳලා හිටලා නරි කෑගහනවා ඒත් මම කවදාවත් දැකලා නැහැ..

    ReplyDelete
  13. අපිටත් ඇහෙනවා සමහරදාට කුරුන්දෙ නරි කෑගහනවා..අම්මා නම් කියන්නෙ මලගෙවල් ළංවුනාමලු එහෙම කෑගහන්නෙ...

    ReplyDelete
  14. ඔව් එක හරි... මට හොඳට මතකයි අපේ තාත්තා නැතිවෙච්චි දවසේ උන් සෑහෙන කෑගැහුවා..

    උඹ කොහෙද බන් ඉන්නෙ? උඹ කව්ද ?

    ReplyDelete
  15. මම ඊ-මේල් එකට චැට් request එකක් එවලා ඇති.

    ReplyDelete
  16. //සමහර විට මේකත් තවත් එක FM නාලිකාවක් වගේ වෙන්ඩ පුළුවන්.//

    කොහෙත්ම එහෙමවෙලා නැහැ

    ReplyDelete
    Replies
    1. අහ් ඔබ තුමීට මුලටම එන්ඩ හිතිලා නේද.. මමත් ඔය වැඩේ කරන්වා අලුත් බ්ලොග් එකකට ගිය ගමන්.. :-)

      ස්තූතියි..

      Delete
  17. ඔබතුමා පටන් ගත්තෙ මෙහෙමයි එහෙනම්. :ඩී. පුංචි පැලේ දැන් ලොකු වෙලානෙ. :ඩී

    ReplyDelete
  18. ඔන්න මාත් ආව මුල ඉඳන් කියවන්න..

    ReplyDelete
  19. උඹේ ආයුබොවන් එක නිශ්ක්‍රිය කරනවා මම ඒ කාලේ දන්නවනං.

    ReplyDelete
  20. මං ආවේ මේ බ්ලොගේ මේ ගමන පටන් ගත්තේ කොතනින්ද බලන්න.. මල් හතයි ඈ! :D

    ReplyDelete
  21. බැලුවම අපි සමකාලීනයෝනේ.

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog