Saturday, March 31, 2018

යෙහෙළියේ නුඹ කොහිද?

වැනුවෙ අත සදහටද
හඟවන්න වෙන්වීම
නුඹ යමින් බස් රථේ
මම ඉද්දි නැවතුමේ......

එයින් විසි වසකි අද....

එයින් වසරකට පෙර
නුඹේ පෙම මිය ගියා
මිහිතලය වැළඳගෙන
ත්‍රස්තයන් අභිමුවෙහි...

එදා නුඹ හෙලු කඳුළු
ඇත්ත බව මම දනිමි.....

එයින් වසරකට පසු
මගේ පෙම මිය ගියා
කඳුළු වැල් ගලාගෙන
චපල බව අභිමුවෙහි....

හිත හැදෙන වැකි ඔබා
කොළයක්ම පුරවලා
නුඹ එවූ ඒ ලිපිය
සොයමි මම පෙරලලා...

අමාරුම මොහොතකදි
හිනා වෙන දනන් මැද
දැනේ මට තව තවත්
නුඹේ හිත මිතුරු දම...

යෙහෙළියේ නුඹ කොහිද?
ආයෙ ලිපියක් එයිද?

ලියුවේ;
සෙන්නා / 31.03.2018

වහල්ලු..

 අගෝස්තු 21, 2024 "තොපි වහල්ලු"  කෑගසති සකසමින් පා බැඳි යදම් ! ලියුවේ: සෙන්නා / 21.08.2024

Search This Blog